සියලුම සූරත

සූරතය 95

The Fig

سُورَةُ التِّينِ

At-Tin · මක්කන්

යතුරු: J next ayah · K පෙර ayah

ශ්රව්ය උපකරණ
  1. 1

    بِّسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ وَٱلتِّينِ وَٱلزَّيْتُونِ

    අක්ෂර පරිවර්තනය: Wat teeni waz zaitoon

    අත්තික්කා මතද, සෙයිතූන් (ඔලිව්) මතද, සත්තකින්ම!

  2. 2

    وَطُورِ سِينِينَ

    අක්ෂර පරිවර්තනය: Wa toori sineen

    සිනායි කන්ද මතද සත්තකින්ම!

  3. 3

    وَهَٰذَا ٱلْبَلَدِ ٱلْأَمِينِ

    අක්ෂර පරිවර්තනය: Wa haazal balad-il ameen

    (මක්කාව වන) ආරක්ෂාව ලබා දෙන මෙම නගරය මතද සත්තකින්ම!

  4. 4

    لَقَدْ خَلَقْنَا ٱلْإِنسَٰنَ فِىٓ أَحْسَنِ تَقْوِيمٍۢ

    අක්ෂර පරිවර්තනය: Laqad khalaqnal insaana fee ahsani taqweem

    නියත වශයෙන්ම අපි මිනිසාව ඉතාමත් අලංකාරවත් හැඩයකට උත්පාදනය කර ඇත්තෙමු.

  5. 5

    ثُمَّ رَدَدْنَٰهُ أَسْفَلَ سَٰفِلِينَ

    අක්ෂර පරිවර්තනය: Thumma ra dad naahu asfala saafileen

    (ඔහුගේ නපුරු ක්‍රියාවන්හි හේතුවෙන්) පසුව ඔහුව දීනවූවන්ගෙනුත් දීන වූවෙකු බවට අපි පත් කර හරින්නෙමු.

  6. 6

    إِلَّا ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ فَلَهُمْ أَجْرٌ غَيْرُ مَمْنُونٍۢ

    අක්ෂර පරිවර්තනය: Ill-lal lazeena aamanoo wa 'amilus saalihaati; falahum ajrun ghairu mamnoon

    එහෙත් කවුරුන් විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කරමින් සිටින්නෝද, ඔවුන් හැර. (ඔවුන් උසස් ගතිගුණයන්ගෙන් යුතුව සිටින අතර) ඔවුන්ට (සදාකල්ම) නොවැළැක්වෙන (හොඳ) ඵලවිපාක ඇත.

  7. 7

    فَمَا يُكَذِّبُكَ بَعْدُ بِٱلدِّينِ

    අක්ෂර පරිවර්තනය: Fama yu kaz zibuka b'adu bid deen

    මෙම තීන්දුවෙන් පසු (නබියේ!) ඔබව කවුරුන්ට නම් බොරු කළ හැකිද?

  8. 8

    أَلَيْسَ ٱللَّهُ بِأَحْكَمِ ٱلْحَٰكِمِينَ

    අක්ෂර පරිවර්තනය: Alai sal laahu bi-ahkamil haakimeen

    විනිශ්චය කරන්නන් සියල්ලගෙන් අල්ලාහ් ඉතාමත් උසස් විනිශ්චයකරුවා නොවෙද?

පරිවර්තන සංස්කරණය: si.naseemismail

ශ්‍රව්‍ය පදය: මිෂාරි රෂීඩ් ඇලෆාසි (128kbps islamic.network CDN හරහා).

පෙළ සහ පරිවර්තන: api.alquran.cloud · Uthmani Arabic.

ayah හි තේරුම අපැහැදිලි නම්, සුදුසුකම් ලත් ගුරුවරයෙකුගෙන් විමසන්න - විශේෂයෙන්ම නීතිමය සහ විශ්වාස කටයුතු සඳහා.