සියලුම සූරත

සූරතය 96

The Clot

سُورَةُ العَلَقِ

Al-Alaq · මක්කන්

යතුරු: J next ayah · K පෙර ayah

ශ්රව්ය උපකරණ
  1. 1

    بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ ٱقْرَأْ بِٱسْمِ رَبِّكَ ٱلَّذِى خَلَقَ

    අක්ෂර පරිවර්තනය: Iqra bismi rab bikal lazee khalaq

    (නබියේ! සියල්ලම) උත්පාදනය කළ ඔබ දෙවියන්ගේ ශුද්ධ වූ නාමයෙන් (මගේ නියෝගයන් අඩංගු ශුද්ධ වූ කුර්ආනය) ඔබ සමුදීරණය කරනු මැනව!

  2. 2

    خَلَقَ ٱلْإِنسَٰنَ مِنْ عَلَقٍ

    අක්ෂර පරිවර්තනය: Khalaqal insaana min 'alaq

    ඔහුම මිනිසාව ලේ කැටියෙන් උත්පාදනය කළේය.

  3. 3

    ٱقْرَأْ وَرَبُّكَ ٱلْأَكْرَمُ

    අක්ෂර පරිවර්තනය: Iqra wa rab bukal akram

    (නබියේ! නැවතත්) ඔබ සමුදීරණය කරනු (මැනව!) ඔබගේ දෙවියන් අති විශාල දානපතියෙකි.

  4. 4

    ٱلَّذِى عَلَّمَ بِٱلْقَلَمِ

    අක්ෂර පරිවර්තනය: Al lazee 'allama bil qalam

    ඔහුම පෑනක් මගින් (ලිවීමට) ඉගැන්වූවේය.

  5. 5

    عَلَّمَ ٱلْإِنسَٰنَ مَا لَمْ يَعْلَمْ

    අක්ෂර පරිවර්තනය: 'Al lamal insaana ma lam y'alam

    තවද (එමගින්) මිනිසා නොදන්නා දැය සියල්ල ඔහුට උගන්වා දෙන්නේය.

  6. 6

    كَلَّآ إِنَّ ٱلْإِنسَٰنَ لَيَطْغَىٰٓ

    අක්ෂර පරිවර්තනය: Kallaa innal insaana layatghaa

    (මෙසේ තිබියදී) මිනිසා (ඔහුට කෘතඥ වීම වෙනුවට) ඇත්තෙන්ම-

  7. 7

    أَن رَّءَاهُ ٱسْتَغْنَىٰٓ

    අක්ෂර පරිවර්තනය: Ar-ra aahus taghnaa

    තමන්ට (දෙවියන්ගෙන්) අවශ්‍යතාවයක් නොමැත්තෙකු යයි අදහස් කරමින් ඔහුට වෙනස්කම් කරන්නේය.

  8. 8

    إِنَّ إِلَىٰ رَبِّكَ ٱلرُّجْعَىٰٓ

    අක්ෂර පරිවර්තනය: Innna ilaa rabbikar ruj'aa

    නියත වශයෙන්ම ඔබගේ දෙවියන් වෙතම (ඔහු) නැවත පැමිණිය යුතුව ඇත්තේය.

  9. 9

    أَرَءَيْتَ ٱلَّذِى يَنْهَىٰ

    අක්ෂර පරිවර්තනය: Ara-aital lazee yanhaa

    (නබියේ!) වළක්වා දමන්නාව ඔබ (අවධානය කර) බැලූවෙහිද?

  10. 10

    عَبْدًا إِذَا صَلَّىٰٓ

    අක්ෂර පරිවර්තනය: 'Abdan iza sallaa

    එක් වහලෙකු සලාත් කරන විට

  11. 11

    أَرَءَيْتَ إِن كَانَ عَلَى ٱلْهُدَىٰٓ

    අක්ෂර පරිවර්තනය: Ara-aita in kana 'alal hudaa

    ඔහු ඍජු මාර්ගයෙහි සිටිමින් හෝ

  12. 12

    أَوْ أَمَرَ بِٱلتَّقْوَىٰٓ

    අක්ෂර පරිවර්තනය: Au amara bit taqwaa

    පරිශුද්ධභාවය අණ කරමින් සිටියදී (ඔහුව, ඔහු වළක්වා හැරීම) ඔබ (අවධානය කර) බැලූවෙහිද?

  13. 13

    أَرَءَيْتَ إِن كَذَّبَ وَتَوَلَّىٰٓ

    අක්ෂර පරිවර්තනය: Ara-aita in kaz zaba wa ta walla

    ඔහු, (ඔහුව) බොරු කර ප්‍රතික්ෂේප කර හැරීමද ඔබ අවධානය කළෙහිද?

  14. 14

    أَلَمْ يَعْلَم بِأَنَّ ٱللَّهَ يَرَىٰ

    අක්ෂර පරිවර්තනය: Alam y'alam bi-an nal lahaa yaraa

    (ඔහු කරන මෙම නපුරු කාරණාවන්) නියත වශයෙන්ම අල්ලාහ් බලන්නේය යන්න ඔහු දැන ගත්තේ නැද්ද?

  15. 15

    كَلَّا لَئِن لَّمْ يَنتَهِ لَنَسْفَعًۢا بِٱلنَّاصِيَةِ

    අක්ෂර පරිවර්තනය: Kalla la illam yantahi la nasfa'am bin nasiyah

    (මෙසේ ඔහු කටයුතු කිරීම) සුදුසු නැත. (මෙම නපුරු ක්‍රියාවන්ගෙන්) ඔහු ඈත් නොවුවහොත් අපි නළල් කෙස් රොදින් අල්ලා අදින්නෙමු.

  16. 16

    نَاصِيَةٍۢ كَٰذِبَةٍ خَاطِئَةٍۢ

    අක්ෂර පරිවර්තනය: Nasiyatin kazi batin khaatiyah

    එනම් වැරදි කරන එම බොරුකාරයාගේ ඉදිරි කෙස් වහල්ලෙන්

  17. 17

    فَلْيَدْعُ نَادِيَهُۥ

    අක්ෂර පරිවර්තනය: Fal yad'u naadiyah

    එබැවින් ඔහු (තම උදව්වට) තම සභාවේ අයව කැඳවිය යුතුය.

  18. 18

    سَنَدْعُ ٱلزَّبَانِيَةَ

    අක්ෂර පරිවර්තනය: Sanad 'uz zabaaniyah

    අපිද (ඔහුව නිරයට යැවීමට නිරයෙහි) ආරක්ෂකයින්ව කැඳවන්නෙමු.

  19. 19

    كَلَّا لَا تُطِعْهُ وَٱسْجُدْ وَٱقْتَرِب ۩

    අක්ෂර පරිවර්තනය: Kalla; la tuti'hu wasjud waqtarib

    එබැවින් (නබියේ!) නියත වශයෙන්ම ඔබ ඔහුට අවනත නොවනු. (ඔබගේ දෙවියන්ට) හිස නවා නැමද (සුජූද් කර ඔහු වෙත) ළං වනු මැනව!

පරිවර්තන සංස්කරණය: si.naseemismail

ශ්‍රව්‍ය පදය: මිෂාරි රෂීඩ් ඇලෆාසි (128kbps islamic.network CDN හරහා).

පෙළ සහ පරිවර්තන: api.alquran.cloud · Uthmani Arabic.

ayah හි තේරුම අපැහැදිලි නම්, සුදුසුකම් ලත් ගුරුවරයෙකුගෙන් විමසන්න - විශේෂයෙන්ම නීතිමය සහ විශ්වාස කටයුතු සඳහා.

The Clot — Islam Word