යතුරු: J next ayah · K පෙර ayah
- 1
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ وَٱلضُّحَىٰ
අක්ෂර පරිවර්තනය: Wad duhaa
පෙරවරුවේ (ආලෝකය) මත සත්තකින්ම!
- 2
وَٱلَّيْلِ إِذَا سَجَىٰ
අක්ෂර පරිවර්තනය: Wal laili iza sajaa
සඟවා ගන්නා (අන්ධකාර) රාත්‍රිය මත සත්තකින්ම!
- 3
مَا وَدَّعَكَ رَبُّكَ وَمَا قَلَىٰ
අක්ෂර පරිවර්තනය: Ma wad da'aka rabbuka wa ma qalaa
(නබියේ!) ඔබගේ දෙවියන් ඔබව අත්හැර දැමුවේද නැත. (ඔබව) පිළිකුල් කළේද නැත.
- 4
وَلَلْءَاخِرَةُ خَيْرٌۭ لَّكَ مِنَ ٱلْأُولَىٰ
අක්ෂර පරිවර්තනය: Walal-aakhiratu khairul laka minal-oola
(ඔබගේ) පසු තත්වය පෙර තත්වයට වඩා නියත වශයෙන්ම ඔබට ඉතාමත් උසස් වශයෙන් ඇත්තේය.
- 5
وَلَسَوْفَ يُعْطِيكَ رَبُّكَ فَتَرْضَىٰٓ
අක්ෂර පරිවර්තනය: Wa la sawfa y'uteeka rabbuka fatarda
ඔබගේ දෙවියන් නැවත (නැවතත් විවිධ උසස් පදවීන්) ඔබට ලබා දෙනු ඇත. (එමගින්) ඔබ තෘප්තියට පත් වන්නෙහිය.
- 6
أَلَمْ يَجِدْكَ يَتِيمًۭا فَـَٔاوَىٰ
අක්ෂර පරිවර්තනය: Alam ya jidka yateeman fa aawaa
අනාථයෙකු වශයෙන් ඔබව දුටු ඔහු (ඔබට) වාසස්ථානයක් (ලබා දී අනුග්‍රහය) දැක්වූවේ නැද්ද?
- 7
وَوَجَدَكَ ضَآلًّۭا فَهَدَىٰ
අක්ෂර පරිවර්තනය: Wa wa jadaka daal lan fahada
යමක් කර කියා ගත නොහැකිව ඔබ සිටිනු දුටු ඔහු ඍජු මාර්ගයෙහි (ඔබව) ඇතුළු කළේය.
- 8
وَوَجَدَكَ عَآئِلًۭا فَأَغْنَىٰ
අක්ෂර පරිවර්තනය: Wa wa jadaka 'aa-ilan fa aghnaa
දිළිඳුකමින් සිටි ඔබව දුටු ඔහු, (ඔබව) ධනවතෙකු බවට පත් කර හැරියා (නොවෙද?)
- 9
فَأَمَّا ٱلْيَتِيمَ فَلَا تَقْهَرْ
අක්ෂර පරිවර්තනය: Fa am mal yateema fala taqhar
(එබැවින් (මේවාට කෘතඥ වනු පිණිස) ඔබ අනාථයින් සමග කෝප නොවනු.
- 10
وَأَمَّا ٱلسَّآئِلَ فَلَا تَنْهَرْ
අක්ෂර පරිවර්තනය: Wa am mas saa-ila fala tanhar
හිඟමන් ඉල්ලන්නාව එළවා නොදමනු.
- 11
وَأَمَّا بِنِعْمَةِ رَبِّكَ فَحَدِّثْ
අක්ෂර පරිවර්තනය: Wa amma bi ni'mati rabbika fahad dith
(ඔබව දැන සිටින) ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන් (අන් අයට) දැනුම් දී (ඔහුට කෘතඥ වෙමින්) සිටිනු මැනව!
පරිවර්තන සංස්කරණය: si.naseemismail
ශ්‍රව්‍ය පදය: මිෂාරි රෂීඩ් ඇලෆාසි (128kbps islamic.network CDN හරහා).
පෙළ සහ පරිවර්තන: api.alquran.cloud · Uthmani Arabic.
ayah හි තේරුම අපැහැදිලි නම්, සුදුසුකම් ලත් ගුරුවරයෙකුගෙන් විමසන්න - විශේෂයෙන්ම නීතිමය සහ විශ්වාස කටයුතු සඳහා.