සියලුම සූරත

සූරතය 92

The Night

سُورَةُ اللَّيۡلِ

Al-Lail · මක්කන්

යතුරු: J next ayah · K පෙර ayah

ශ්රව්ය උපකරණ
  1. 1

    بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ وَٱلَّيْلِ إِذَا يَغْشَىٰ

    අක්ෂර පරිවර්තනය: Wallaili izaa yaghshaa

    (සියල්ල) සඟවා ගන්නා (අන්ධකාර) රාත්‍රිය මත සත්තකින්ම!

  2. 2

    وَٱلنَّهَارِ إِذَا تَجَلَّىٰ

    අක්ෂර පරිවර්තනය: Wannahaari izaa tajalla

    ආලෝකමත් දහවල මත සත්තකින්ම!

  3. 3

    وَمَا خَلَقَ ٱلذَّكَرَ وَٱلْأُنثَىٰٓ

    අක්ෂර පරිවර්තනය: Wa maa khalaqaz zakara wal unthaa

    පිරිමි, ගැහැනුන්ව උත්පාදනය කළ අය මත සත්තකින්ම!

  4. 4

    إِنَّ سَعْيَكُمْ لَشَتَّىٰ

    අක්ෂර පරිවර්තනය: Inna sa'yakum lashattaa

    (මිනිසුනේ!) නියත වශයෙන්ම ඔබගේ උත්සාහයන් විවිධ අන්දමට ඇත්තේය.

  5. 5

    فَأَمَّا مَنْ أَعْطَىٰ وَٱتَّقَىٰ

    අක්ෂර පරිවර්තනය: Fa ammaa man a'taa wattaqaa

    එබැවින් (ඔබගෙන්) කවුරුන් දානමාන කර, (අල්ලාහ්ට) බිය වී-

  6. 6

    وَصَدَّقَ بِٱلْحُسْنَىٰ

    අක්ෂර පරිවර්තනය: Wa saddaqa bil husnaa

    (මෙම ධර්මයෙහි ඇති) හොඳ කාරණාවන්ද (හොඳ යයි) සත්‍යය කර තබන්නේද-

  7. 7

    فَسَنُيَسِّرُهُۥ لِلْيُسْرَىٰ

    අක්ෂර පරිවර්තනය: Fasanu yassiruhoo lilyusraa

    ඔහුට (ස්වර්ගයට අයත් ඍජු) මාර්ගය අපි පහසුවෙන් ලබා දෙන්නෙමු.

  8. 8

    وَأَمَّا مَنۢ بَخِلَ وَٱسْتَغْنَىٰ

    අක්ෂර පරිවර්තනය: Wa ammaa mam bakhila wastaghnaa

    කවුරුන් මසුරුකම් කර, (අල්ලාහ්වද) නොසලකා-

  9. 9

    وَكَذَّبَ بِٱلْحُسْنَىٰ

    අක්ෂර පරිවර්තනය: Wa kazzaba bil husnaa

    (මෙම ධර්මයෙහි ඇති) හොඳ කාරණාවන්ද බොරු කර තබන්නේද-

  10. 10

    فَسَنُيَسِّرُهُۥ لِلْعُسْرَىٰ

    අක්ෂර පරිවර්තනය: Fasanu yassiruhoo lil'usraa

    ඔහුට අමාරුකමට අයත් (නිරයෙහි) මාර්ගයම අපි පහසු කර තබන්නෙමු.

  11. 11

    وَمَا يُغْنِى عَنْهُ مَالُهُۥٓ إِذَا تَرَدَّىٰٓ

    අක්ෂර පරිවර්තනය: Wa maa yughnee 'anhu maaluhooo izaa taraddaa

    ඔහු (නිරයෙහි) වැටෙන විට ඔහුගේ වස්තුව, ඔහුට (කිසිම) ප්‍රයෝජනයක් අත් කර දෙන්නේ නැත.

  12. 12

    إِنَّ عَلَيْنَا لَلْهُدَىٰ

    අක්ෂර පරිවර්තනය: Inna 'alainaa lal hudaa

    නියත වශයෙන්ම ඍජු මාර්ගය පෙන්වීමම අපගේ යුතුකම වන්නේය.

  13. 13

    وَإِنَّ لَنَا لَلْءَاخِرَةَ وَٱلْأُولَىٰ

    අක්ෂර පරිවර්තනය: Wa inna lanaa lal Aakhirata wal oolaa

    නියත වශයෙන්ම මෙලොවද, පරලොවද අපගේමය.

  14. 14

    فَأَنذَرْتُكُمْ نَارًۭا تَلَظَّىٰ

    අක්ෂර පරිවර්තනය: Fa anzartukum naaran talazzaa

    (මක්කාවාසීනී!) දළු ලා දැවෙන ගින්න ගැන මා ඔබට බිය ගන්වා අනතුරු අඟවන්නෙමි!

  15. 15

    لَا يَصْلَىٰهَآ إِلَّا ٱلْأَشْقَى

    අක්ෂර පරිවර්තනය: Laa yaslaahaaa illal ashqaa

    ඉතාමත් අභාග්‍යවන්තයෙකු මිස, (වෙන කිසිවෙකුත්) ඒ තුළට ඇතුළු වන්නේ නැත.

  16. 16

    ٱلَّذِى كَذَّبَ وَتَوَلَّىٰ

    අක්ෂර පරිවර්තනය: Allazee kazzaba wa tawallaa

    ඔහු (අපගේ ආයාවන්) බොරු කර, ප්‍රතික්ෂේප කර දමනු ඇත.

  17. 17

    وَسَيُجَنَّبُهَا ٱلْأَتْقَى

    අක්ෂර පරිවර්තනය: Wa sa yujannnabuhal atqaa

    භය භක්තිකයාම එයින් බේරෙනු ඇත.

  18. 18

    ٱلَّذِى يُؤْتِى مَالَهُۥ يَتَزَكَّىٰ

    අක්ෂර පරිවර්තනය: Allazee yu'tee maalahoo yatazakkaa

    ඔහු (පාපයන්ගෙන් තමන්ව) පරිශුද්ධ කර ගැනීම පිණිස තමන්ගේ වස්තුව (දානමාන වශයෙන්) දෙනු ඇත.

  19. 19

    وَمَا لِأَحَدٍ عِندَهُۥ مِن نِّعْمَةٍۢ تُجْزَىٰٓ

    අක්ෂර පරිවර්තනය: Wa maa li ahadin 'indahoo min ni'matin tujzaaa

    ඔහු පිළිතුරු වශයෙන් දිය හැකි අන්දමට කිසිවෙකුගේ කෘතඥභාවයක් ඔහු කෙරෙහි නොතිබියදී-

  20. 20

    إِلَّا ٱبْتِغَآءَ وَجْهِ رَبِّهِ ٱلْأَعْلَىٰ

    අක්ෂර පරිවර්තනය: Illab tighaaa'a wajhi rabbihil a 'laa

    ඉතාමත් උසස් තම දෙවියන්ගේ ශුද්ධ වූ බාර ගැනීම කැමති වී (දානමාන කරනු ඇත).

  21. 21

    وَلَسَوْفَ يَرْضَىٰ

    අක්ෂර පරිවර්තනය: Wa lasawfa yardaa

    (දෙවියන් ඔහුට ලබා දෙන වරප්‍රසාදයන් ගැන) පසුව ඔහුද තෘප්තියට පත් වන්නේය.

පරිවර්තන සංස්කරණය: si.naseemismail

ශ්‍රව්‍ය පදය: මිෂාරි රෂීඩ් ඇලෆාසි (128kbps islamic.network CDN හරහා).

පෙළ සහ පරිවර්තන: api.alquran.cloud · Uthmani Arabic.

ayah හි තේරුම අපැහැදිලි නම්, සුදුසුකම් ලත් ගුරුවරයෙකුගෙන් විමසන්න - විශේෂයෙන්ම නීතිමය සහ විශ්වාස කටයුතු සඳහා.