සියලුම සූරත

සූරතය 91

The Sun

سُورَةُ الشَّمۡسِ

Ash-Shams · මක්කන්

යතුරු: J next ayah · K පෙර ayah

ශ්රව්ය උපකරණ
  1. 1

    بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ وَٱلشَّمْسِ وَضُحَىٰهَا

    අක්ෂර පරිවර්තනය: Wash shamsi wa duhaa haa

    සූර්යයා මතද, එහි ආලෝකය මතද-

  2. 2

    وَٱلْقَمَرِ إِذَا تَلَىٰهَا

    අක්ෂර පරිවර්තනය: Wal qamari izaa talaa haa

    (එය අවරට ගිය) පසු එය පසුපස උදා වන චන්ද්‍රයා මතද-

  3. 3

    وَٱلنَّهَارِ إِذَا جَلَّىٰهَا

    අක්ෂර පරිවර්තනය: Wannahaari izaa jallaa haa

    (සූර්යයා) ආලෝකවත් වන දහවල මතද-

  4. 4

    وَٱلَّيْلِ إِذَا يَغْشَىٰهَا

    අක්ෂර පරිවර්තනය: Wallaili izaa yaghshaa haa

    (එය) වසා ගන්නා රාත්‍රිය මතද අහස මතද-

  5. 5

    وَٱلسَّمَآءِ وَمَا بَنَىٰهَا

    අක්ෂර පරිවර්තනය: Wassamaaa'i wa maa banaahaa

    එය උත්පාදනය කළ අය මතද-

  6. 6

    وَٱلْأَرْضِ وَمَا طَحَىٰهَا

    අක්ෂර පරිවර්තනය: Wal ardi wa maa tahaahaa

    භූමිය මතද එය දිග හැරූ අය මතද-

  7. 7

    وَنَفْسٍۢ وَمَا سَوَّىٰهَا

    අක්ෂර පරිවර්තනය: Wa nafsinw wa maa sawwaahaa

    ආත්මය මතද, එය (මිනිසා වශයෙන්) නිර්මාණය කළ අය මතද-

  8. 8

    فَأَلْهَمَهَا فُجُورَهَا وَتَقْوَىٰهَا

    අක්ෂර පරිවර්තනය: Fa-alhamahaa fujoorahaa wa taqwaahaa

    එහි හොඳ නරක එයට දැනුම් දුන් අය මතද සත්තකින්ම!

  9. 9

    قَدْ أَفْلَحَ مَن زَكَّىٰهَا

    අක්ෂර පරිවර්තනය: Qad aflaha man zakkaahaa

    කවුරුන් (පාපයන්ගෙන් ඈත් වී) තමන්ව පරිශුද්ධ කර ගත්තේද, ඔහු නියත වශයෙන්ම ජයග්‍රහණය කළේය.

  10. 10

    وَقَدْ خَابَ مَن دَسَّىٰهَا

    අක්ෂර පරිවර්තනය: Wa qad khaaba man dassaahaa

    කවුරුන් එය (පාපයෙහි) වළලා දැම්මේද, ඔහු නියත වශයෙන්ම පරාජය අත් කර ගත්තේය.

  11. 11

    كَذَّبَتْ ثَمُودُ بِطَغْوَىٰهَآ

    අක්ෂර පරිවර්තනය: Kazzabat Samoodu bi taghwaahaaa

    සමූද් නමැති සමූහය (සාලිහ් නබිව) තමන්ගේ අපරාධය මගින් බොරුකාරයා කළහ.

  12. 12

    إِذِ ٱنۢبَعَثَ أَشْقَىٰهَا

    අක්ෂර පරිවර්තනය: Izim ba'asa ashqaahaa

    ඔවුන්ගෙන් වූ එක් අභාග්‍යවන්තයෙකු ඉදිරියට පැමිණි විට-

  13. 13

    فَقَالَ لَهُمْ رَسُولُ ٱللَّهِ نَاقَةَ ٱللَّهِ وَسُقْيَٰهَا

    අක්ෂර පරිවර්තනය: Faqaala lahum Rasoolul laahi naaqatal laahi wa suqiyaahaa

    අල්ලාහ්ගේ දූතයා (වන සාලිහ් නබි) ඔවුන්ට “(මෙය) අල්ලාහ්ගේ ඔටු දෙනකි. (මෙයට වේදනා නොකරද) මෙයට වතුර බීම (වළක්වා නොකරද) අත්හැර දමනු” යයි පැවසුවේය.

  14. 14

    فَكَذَّبُوهُ فَعَقَرُوهَا فَدَمْدَمَ عَلَيْهِمْ رَبُّهُم بِذَنۢبِهِمْ فَسَوَّىٰهَا

    අක්ෂර පරිවර්තනය: Fakazzaboohu fa'aqaroohaa fadamdama 'alaihim Rabbuhum bizambihim fasaw waahaa

    එහෙත් ඔවුන් ඔහුව බොරුකර, උගේ කකුලේ නහරය කපා දැමූහ. එබැවින් ඔවුන්ගේ දෙවියන් ඔවුන්ගේ මෙම පාපයෙහි හේතුවෙන් ඔවුන් කෙරෙහි දඬුවම පහළ කර, ඔවුන් සියල්ලන්වම (බිමට) සමතලා කර දැමුවේය.

  15. 15

    وَلَا يَخَافُ عُقْبَٰهَا

    අක්ෂර පරිවර්තනය: Wa laa yakhaafu'uqbaahaa

    මෙම තීරණය ගැන (තමන්ව පළි ගනු ලබාවිදෝ යයි) ඔහු බිය වූවේ නැත.

පරිවර්තන සංස්කරණය: si.naseemismail

ශ්‍රව්‍ය පදය: මිෂාරි රෂීඩ් ඇලෆාසි (128kbps islamic.network CDN හරහා).

පෙළ සහ පරිවර්තන: api.alquran.cloud · Uthmani Arabic.

ayah හි තේරුම අපැහැදිලි නම්, සුදුසුකම් ලත් ගුරුවරයෙකුගෙන් විමසන්න - විශේෂයෙන්ම නීතිමය සහ විශ්වාස කටයුතු සඳහා.

The Sun — Islam Word