සියලුම සූරත

සූරතය 90

The City

سُورَةُ البَلَدِ

Al-Balad · මක්කන්

යතුරු: J next ayah · K පෙර ayah

ශ්රව්ය උපකරණ
  1. 1

    بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ لَآ أُقْسِمُ بِهَٰذَا ٱلْبَلَدِ

    අක්ෂර පරිවර්තනය: Laaa uqsimu bihaazal balad

    (නබියේ! ආරක්ෂාව සපයන) මෙම නගරය මත දිව්රන්නෙමි!

  2. 2

    وَأَنتَ حِلٌّۢ بِهَٰذَا ٱلْبَلَدِ

    අක්ෂර පරිවර්තනය: Wa anta hillum bihaazal balad

    එයත් ඔබ මෙම නගරයෙහි රැඳී සිටිය හැකි අවස්ථාවේදී-

  3. 3

    وَوَالِدٍۢ وَمَا وَلَدَ

    අක්ෂර පරිවර්තනය: Wa waalidinw wa maa walad

    (මනුෂ්‍යයාගේ) දෙමව්පියන් (වන ආදම් අෙලෙහිස්සලාම්) මතද, ඔහු බිහි කළ දරුවන් මතද සත්තකින්ම!

  4. 4

    لَقَدْ خَلَقْنَا ٱلْإِنسَٰنَ فِى كَبَدٍ

    අක්ෂර පරිවර්තනය: Laqad khalaqnal insaana fee kabad

    ඇත්තෙන්ම අපි මිනිසාව අමාරුකමෙහි (ගැලී සිටින්නෙකු වශයෙන්ම) උත්පාදනය කර ඇත්තෙමු.

  5. 5

    أَيَحْسَبُ أَن لَّن يَقْدِرَ عَلَيْهِ أَحَدٌۭ

    අක්ෂර පරිවර්තනය: Ayahsabu al-lai yaqdira 'alaihi ahad

    (එසේ තිබියදී) ඔහු තමන්ව යටපත් කිරීමට කිසිවෙකුටත් නොහැකි යයි අදහස් කළේද?

  6. 6

    يَقُولُ أَهْلَكْتُ مَالًۭا لُّبَدًا

    අක්ෂර පරිවර්තනය: Yaqoolu ahlaktu maalal lubadaa

    “බොහෝ වස්තූන් මා (හරිහම්බ කර වියදම් කර) විනාශ කර දැමුවෙමි” යයි ඔහු (උඞඟූ වී ආඩම්බර බස්) ෙදාඩන්නේය.

  7. 7

    أَيَحْسَبُ أَن لَّمْ يَرَهُۥٓ أَحَدٌ

    අක්ෂර පරිවර්තනය: Ayahsabu al lam yarahooo ahad

    (මෙසේ ආඩම්බර බස් ෙදාඩණ) ඔහුව කිසිවෙකුත් දැක්කේ නැතැයි ඔහු සිතා ගත්තෙහිද?

  8. 8

    أَلَمْ نَجْعَل لَّهُۥ عَيْنَيْنِ

    අක්ෂර පරිවර්තනය: Alam naj'al lahoo 'aynayn

    (බැලිය හැකි) ඇස් දෙකක්ම අපි ඔහුට ලබා දුන්නේ නැද්ද?

  9. 9

    وَلِسَانًۭا وَشَفَتَيْنِ

    අක්ෂර පරිවර්තනය: Wa lisaananw wa shafatayn

    (එසේ තිබියදී සත්‍යය ඔහු දුටුවේ නැත. කතා කළ හැකි) දිවක්ද, තොල් දෙකක්ද, (අපි ඔහුට ලබා දුන්නේ නැද්ද? ඒවා ඉබේම ඔහු අත් කර ගත්තේද?) නැත.

  10. 10

    وَهَدَيْنَٰهُ ٱلنَّجْدَيْنِ

    අක්ෂර පරිවර්තනය: Wa hadaynaahun najdayn

    (පින්, පව්) මාර්ගයන් දෙකම අපි ඔහුට වෙන්කර දැනුම් දුන්නෙමු.

  11. 11

    فَلَا ٱقْتَحَمَ ٱلْعَقَبَةَ

    අක්ෂර පරිවර්තනය: Falaq tahamal-'aqabah

    එහෙත් (මෙතෙක්) ඔහු ‘අකබා’ව තරනය කළේ නැත.

  12. 12

    وَمَآ أَدْرَىٰكَ مَا ٱلْعَقَبَةُ

    අක්ෂර පරිවර්තනය: Wa maaa adraaka mal'aqabah

    (නබියේ!) අකබා යනු කිමෙක්දැයි ඔබ දන්නෙහිද?

  13. 13

    فَكُّ رَقَبَةٍ

    අක්ෂර පරිවර්තනය: Fakku raqabah

    (එය) එක් වහලෙකු නිදහස් කිරීමයි.

  14. 14

    أَوْ إِطْعَٰمٌۭ فِى يَوْمٍۢ ذِى مَسْغَبَةٍۢ

    අක්ෂර පරිවර්තනය: Aw it'aamun fee yawmin zee masghabah

    නැතහොත් දරිධ්‍රතාවයෙන් කුස ගින්නෙන් පෙළෙන කෙනෙකුට හෝ

  15. 15

    يَتِيمًۭا ذَا مَقْرَبَةٍ

    අක්ෂර පරිවර්තනය: Yateeman zaa maqrabah

    ඥාතීන්ගෙන් වූ කුස ගින්නෙන් පෙළෙන එක් අනාථයෙකුට හෝ

  16. 16

    أَوْ مِسْكِينًۭا ذَا مَتْرَبَةٍۢ

    අක්ෂර පරිවර්තනය: Aw miskeenan zaa matrabah

    නැතහොත් දරිධ්‍රතාවයෙන් පොලොව කාගෙන සිටින එක් දුප්පතෙකුට (කුස ගින්නෙන් වූ) එක් දිනක ආහාර ලබා දීම වන්නේය.

  17. 17

    ثُمَّ كَانَ مِنَ ٱلَّذِينَ ءَامَنُوا۟ وَتَوَاصَوْا۟ بِٱلصَّبْرِ وَتَوَاصَوْا۟ بِٱلْمَرْحَمَةِ

    අක්ෂර පරිවර්තනය: Summa kaana minal lazeena aamanoo wa tawaasaw bissabri wa tawaasaw bilmarhamah

    (මීට අමතරව) විශ්වාසය තබා කෙනෙකුට කෙනෙකු ඉවසීම මගින් හොඳ ඔවදන් දෙමින්ද, අනුකම්පාව මගින් කෙනෙකුට කෙනෙකු හොඳ ඔවදන් දෙමින්ද සිටින්නන්ගෙන්ද වීම වන්නේය.

  18. 18

    أُو۟لَٰٓئِكَ أَصْحَٰبُ ٱلْمَيْمَنَةِ

    අක්ෂර පරිවර්තනය: Ulaaa'ika As-haabul maimanah

    මෙවැන්නන්ම දකුණු පාර්ශවයේ සිටින්නන්ය.

  19. 19

    وَٱلَّذِينَ كَفَرُوا۟ بِـَٔايَٰتِنَا هُمْ أَصْحَٰبُ ٱلْمَشْـَٔمَةِ

    අක්ෂර පරිවර්තනය: Wallazeena kafaroo bi aayaatinaa hum as-haabul Mash'amah

    තවද කවුරුන් අපගේ ආයාවන් ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන්ම වම් පාර්ශවයේ වූ අයයි.

  20. 20

    عَلَيْهِمْ نَارٌۭ مُّؤْصَدَةٌۢ

    අක්ෂර පරිවර්තනය: Alaihim naarum mu'sadah

    ඔවුන්ව නිරයෙහි දමා (සියලූ මාර්ගයන්) වසා දමනු ලැබේ.

පරිවර්තන සංස්කරණය: si.naseemismail

ශ්‍රව්‍ය පදය: මිෂාරි රෂීඩ් ඇලෆාසි (128kbps islamic.network CDN හරහා).

පෙළ සහ පරිවර්තන: api.alquran.cloud · Uthmani Arabic.

ayah හි තේරුම අපැහැදිලි නම්, සුදුසුකම් ලත් ගුරුවරයෙකුගෙන් විමසන්න - විශේෂයෙන්ම නීතිමය සහ විශ්වාස කටයුතු සඳහා.