යතුරු: J next ayah · K පෙර ayah
- 1
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ وَٱلْفَجْرِ
අක්ෂර පරිවර්තනය: Wal-Fajr
අළුයම් කාලය මතද-
- 2
وَلَيَالٍ عَشْرٍۢ
අක්ෂර පරිවර්තනය: Wa layaalin 'ashr
රාත්‍රීන් දහයක් මතද-
- 3
وَٱلشَّفْعِ وَٱلْوَتْرِ
අක්ෂර පරිවර්තනය: Wash shaf'i wal watr
ඔත්තේ ඉරත්තේ (සලාතයන්) මතද-
- 4
وَٱلَّيْلِ إِذَا يَسْرِ
අක්ෂර පරිවර්තනය: Wallaili izaa yasr
ගමන් ගන්නා රාත්‍රිය මතද, සත්තකින්ම! (ප්‍රශ්න ගණනය කරන දිනය අනිවාර්යයෙන්ම පැමිණෙන්නේය).
- 5
هَلْ فِى ذَٰلِكَ قَسَمٌۭ لِّذِى حِجْرٍ
අක්ෂර පරිවර්තනය: Hal fee zaalika qasamul lizee hijr
මෙහි බුද්ධිය ඇති අයට (විශ්වාසය ලබා දිය හැකි) විශාල සත්‍යයක් ඇත්තේය නොවෙද?
- 6
أَلَمْ تَرَ كَيْفَ فَعَلَ رَبُّكَ بِعَادٍ
අක්ෂර පරිවර්තනය: Alam tara kaifa fa'ala rabbuka bi'aad
(නබියේ!) ආද් ජනයාව ඔබගේ දෙවියන් කෙසේ නම් (දඬුවම්) කළේද යන්න ඔබ අවධානය කළේ නැද්ද?
- 7
إِرَمَ ذَاتِ ٱلْعِمَادِ
අක්ෂර පරිවර්තනය: Iramaa zaatil 'imaad
උස් වූ කුළුණු වලින් යුත් ඉරම් වාසීන්ය.
- 8
ٱلَّتِى لَمْ يُخْلَقْ مِثْلُهَا فِى ٱلْبِلَٰدِ
අක්ෂර පරිවර්තනය: Allatee lam yukhlaq misluhaa fil bilaad
ඔවුන් වැනි (ශක්තිවන්තයින් ලොවෙහි ඇති) නගරයන්හි (කිසි තැනක) උත්පාදනය කරනු ලැබුවේ නැත.
- 9
وَثَمُودَ ٱلَّذِينَ جَابُوا۟ ٱلصَّخْرَ بِٱلْوَادِ
අක්ෂර පරිවර්තනය: Wa samoodal lazeena jaabus sakhra bil waad
එහෙත් සමූද් නමැති ජනයාව (ඔබගේ දෙවියන් කෙසේ නම් දඬුවම් කළේද යන්න ඔබ අවධානය කළේ නැද්ද?) මොවුන් කඳු පාවුලෙහි ගල් පර්වත හාරා (එහි වාසය කරමින්) සිටියහ.
- 10
وَفِرْعَوْنَ ذِى ٱلْأَوْتَادِ
අක්ෂර පරිවර්තනය: Wa fir'awna zil awtaad
එහෙත් සේනාංකයන් හිමි ෆිර්අව්න්ව (ඔබගේ දෙවියන් කෙසේ නම් දඬුවම් කළේද යන්න ඔබ අවධානය කළේ නැද්ද?)
- 11
ٱلَّذِينَ طَغَوْا۟ فِى ٱلْبِلَٰدِ
අක්ෂර පරිවර්තනය: Allazeena taghaw fil bilaad
මොවුන් සියල්ලන්ම භූමියෙහි සීමාව ඉක්මවාම කටයුතු කළහ.
- 12
فَأَكْثَرُوا۟ فِيهَا ٱلْفَسَادَ
අක්ෂර පරිවර්තනය: Fa aksaroo feehal fasaad
එහිදී ඔවුන් ඉතාමත් අධික වශයෙන්ම අපරාධ කරමින්ම සිටියහ.
- 13
فَصَبَّ عَلَيْهِمْ رَبُّكَ سَوْطَ عَذَابٍ
අක්ෂර පරිවර්තනය: Fasabba 'alaihim Rabbuka sawta 'azaab
එබැවින් ඔබගේ දෙවියන් ඔවුන් කෙරෙහි දඬුවමේ කසයන් මගින් (පහරක් මත පහරක් වශයෙන්) පහර දුන්නේය.
- 14
إِنَّ رَبَّكَ لَبِٱلْمِرْصَادِ
අක්ෂර පරිවර්තනය: Inna Rabbaka labil mirsaad
නියත වශයෙන්ම ඔබගේ දෙවියන් (මෙම පාපතරයින්ගේ පැමිණීම) බලාපොරොත්තුවෙන්ම සිටින්නේය.
- 15
فَأَمَّا ٱلْإِنسَٰنُ إِذَا مَا ٱبْتَلَىٰهُ رَبُّهُۥ فَأَكْرَمَهُۥ وَنَعَّمَهُۥ فَيَقُولُ رَبِّىٓ أَكْرَمَنِ
අක්ෂර පරිවර්තනය: Fa ammal insaanu izaa mab talaahu Rabbuhoo fa akramahoo wa na' 'amahoo fa yaqoolu Rabbeee akraman
එබැවින් මිනිසාව ඔහුගේ දෙවියන් පිරික්සුමට ලක් කර, ඔහුට දයාව පහළ කර, ඔහුව උසස් කළහොත් ‘මගේ දෙවියන් මාව ගෞරව කළේය’ යයි (ආඩම්බරයෙන්) පවසන්නේය.
- 16
وَأَمَّآ إِذَا مَا ٱبْتَلَىٰهُ فَقَدَرَ عَلَيْهِ رِزْقَهُۥ فَيَقُولُ رَبِّىٓ أَهَٰنَنِ
අක්ෂර පරිවර්තනය: Wa ammaaa izaa mabtalaahu faqadara 'alaihi rizqahoo fa yaqoolu Rabbeee ahaanan
එහෙත් (දෙවියන්) ඔහුව පිරික්සුමට ලක් කර, ඔහුගේ වස්තුව ඔහුට අඩු කර හැරියහොත් ‘මගේ දෙවියන් මාව අවමන් කර හැරියේය’ යයි (ෙදාස්) කියන්නේය.
- 17
كَلَّا ۖ بَل لَّا تُكْرِمُونَ ٱلْيَتِيمَ
අක්ෂර පරිවර්තනය: Kalla bal laa tukrimooo nal yateem
(කාරණාව නම්) එසේ නොව. ඔබ අනාථයින්ව ගෞරව කළේද නැත.
- 18
وَلَا تَحَٰٓضُّونَ عَلَىٰ طَعَامِ ٱلْمِسْكِينِ
අක්ෂර පරිවර්තනය: Wa laa tahaaaddoona 'alaata'aamil miskeen
(ඔබ) දුප්පතුන්ට ආහාර (සැපයූවේද නැති අතර වෙන කිසිවෙකුත්) ලබා දෙන මෙන් පෙළඹුවේද නැත.
- 19
وَتَأْكُلُونَ ٱلتُّرَاثَ أَكْلًۭا لَّمًّۭا
අක්ෂර පරිවර්තනය: Wa taakuloonat turaasa aklal lammaa
(අන් අයට) උරුම වූ වස්තුවද අධික තන්හාවෙන් (උදුරාගෙන) ගිල දමන්නෙහුය.
- 20
وَتُحِبُّونَ ٱلْمَالَ حُبًّۭا جَمًّۭا
අක්ෂර පරිවර්තනය: Wa tuhibboonal maala hubban jammaa
ඔබ ඉතාමත් සීමාව ඉක්මවා ගිය තරමට වස්තුවට ආශා කරන්නෙහුය.
- 21
كَلَّآ إِذَا دُكَّتِ ٱلْأَرْضُ دَكًّۭا دَكًّۭا
අක්ෂර පරිවර්තනය: Kallaaa izaaa dukkatil ardu dakkan dakka
එබැවින් භූමිය කුඩේ කුඩු කර (දූවිලි) බවට තලා දමනු ලබන අවස්ථාවේදී-
- 22
وَجَآءَ رَبُّكَ وَٱلْمَلَكُ صَفًّۭا صَفًّۭا
අක්ෂර පරිවර්තනය: Wa jaaa'a Rabbuka wal malaku saffan saffaa
ඔබගේ දෙවියන්ද පැමිණෙනු ඇත. මලායිකාවරුන්ද කණ්ඩායම් කණ්ඩායම් වශයෙන් පැමිණෙනු ඇත.
- 23
وَجِا۟ىٓءَ يَوْمَئِذٍۭ بِجَهَنَّمَ ۚ يَوْمَئِذٍۢ يَتَذَكَّرُ ٱلْإِنسَٰنُ وَأَنَّىٰ لَهُ ٱلذِّكْرَىٰ
අක්ෂර පරිවර්තනය: Wa jeee'a yawma'izim bi jahannnam; Yawma 'iziny yatazakkarul insaanu wa annaa lahuz zikraa
(පාපතරයින් වෙනුවෙන්) නිරය ගෙන එනු ලබන එදිනදී මිනිසාට හොඳ බුද්ධිය උදා වනු ඇත. එහෙත් ඒ අවස්ථාවේදී (උදා වන) බුද්ධියෙන් ඔහුට කුමන ප්‍රයෝජනයක්ද?
- 24
يَقُولُ يَٰلَيْتَنِى قَدَّمْتُ لِحَيَاتِى
අක්ෂර පරිවර්තනය: Yaqoolu yaa laitanee qaddamtu lihayaatee
“මගේ (පරලොව) ජීවිතය වෙනුවෙන් මා පින් ඇති දැය කර යවා තිබිය යුතු නොවේද!” යයි ප්‍රලාප ෙදාඩවනු ඇත.
- 25
فَيَوْمَئِذٍۢ لَّا يُعَذِّبُ عَذَابَهُۥٓ أَحَدٌۭ
අක්ෂර පරිවර්තනය: Fa Yawma izil laa yu'azzibu 'azaabahooo ahad
එදිනදී (පාපතරයින්ව) ඔහු කරන දඬුවම මෙන් වෙන කිසිවෙකුත් (කිසිවෙකුටත්) කරන්නේ නැත. (එතරම් දරුණු ලෙස ඔහු දඬුවම් කරන්නේය).
- 26
وَلَا يُوثِقُ وَثَاقَهُۥٓ أَحَدٌۭ
අක්ෂර පරිවර්තනය: Wa laa yoosiqu wasaaqa hooo ahad
(පාපතරයින්ව) ඔහු බැඳ දමන්නාක් මෙන් (තදින්) වෙන කිසිවෙකුත් බඳින්නේද නැත. (එතරම් තදින් ඔහු බඳිනු ඇත).
- 27
يَٰٓأَيَّتُهَا ٱلنَّفْسُ ٱلْمُطْمَئِنَّةُ
අක්ෂර පරිවර්තනය: Yaaa ayyatuhan nafsul mutma 'innah
(එහෙත් එදිනදී හොඳ වහලූන්ට) “ඕ තෘප්තියට පත් ආත්මය!
- 28
ٱرْجِعِىٓ إِلَىٰ رَبِّكِ رَاضِيَةًۭ مَّرْضِيَّةًۭ
අක්ෂර පරිවර්තනය: Irji'eee ilaa Rabbiki raadiyatam mardiyyah
ඔබ, ඔබගේ දෙවියන් දෙසට යනු! ඔහු මඟින් ඔබ තෘප්තියට පත් වනු! ඔබ ගැන ඔහු තෘප්තියට පත් වී ඇත්තේය.
- 29
فَٱدْخُلِى فِى عِبَٰدِى
අක්ෂර පරිවර්තනය: Fadkhulee fee 'ibaadee
ඔබ මගේ හොඳ වහලූන් සමග එකතු වී-
- 30
وَٱدْخُلِى جَنَّتِى
අක්ෂර පරිවර්තනය: Wadkhulee jannatee
මගේ ස්වර්ගයෙහිද ඔබ ඇතුළු වනු!” (යයිද පවසනු ඇත).
පරිවර්තන සංස්කරණය: si.naseemismail
ශ්‍රව්‍ය පදය: මිෂාරි රෂීඩ් ඇලෆාසි (128kbps islamic.network CDN හරහා).
පෙළ සහ පරිවර්තන: api.alquran.cloud · Uthmani Arabic.
ayah හි තේරුම අපැහැදිලි නම්, සුදුසුකම් ලත් ගුරුවරයෙකුගෙන් විමසන්න - විශේෂයෙන්ම නීතිමය සහ විශ්වාස කටයුතු සඳහා.