යතුරු: J next ayah · K පෙර ayah
- 1
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ هَلْ أَتَىٰكَ حَدِيثُ ٱلْغَٰشِيَةِ
අක්ෂර පරිවර්තනය: Hal ataaka hadeesul ghaashiyah
(නබියේ! සියල්ලන්වම) වටකර ගත හැකි (විනිශ්චය දිනය ගැන වූ) පුවත ඔබට ලැබුනේද?
- 2
وُجُوهٌۭ يَوْمَئِذٍ خَٰشِعَةٌ
අක්ෂර පරිවර්තනය: Wujoohuny yawma 'izin khaashi'ah
එදිනදී සමහර මුහුණු අවමානයට ලක්ව-
- 3
عَامِلَةٌۭ نَّاصِبَةٌۭ
අක්ෂර පරිවර්තනය: 'Aamilatun naasibah
බියෙන් මළානික වී දුබළව තිඛෙණු ඇත.
- 4
تَصْلَىٰ نَارًا حَامِيَةًۭ
අක්ෂර පරිවර්තනය: Taslaa naaran haamiyah
දළු ලා දැවෙන ගින්නට ඒවා යනු ඇත.
- 5
تُسْقَىٰ مِنْ عَيْنٍ ءَانِيَةٍۢ
අක්ෂර පරිවර්තනය: Tusqaa min 'aynin aaniyah
(ඔවුන්ට පිපාසය ඇති වුවහොත්) උණු වී නටන එක් උල්පතක ජලය බොන්නට සලස්වනු ඇත.
- 6
لَّيْسَ لَهُمْ طَعَامٌ إِلَّا مِن ضَرِيعٍۢ
අක්ෂර පරිවර්තනය: Laisa lahum ta'aamun illaa min daree'
එහි ඔවුන්ට (තිත්ත අත්තන) කටු හැර, වෙන කිසිවක් ආහාර වශයෙන් ලැඛෙන්නේ නැත.
- 7
لَّا يُسْمِنُ وَلَا يُغْنِى مِن جُوعٍۢ
අක්ෂර පරිවර්තනය: Laa yusminu wa laa yughnee min joo'
(එමගින් ඔවුන්ගේ ශරීරය) වැඩෙන්නේද නැත. (ඔවුන්ගේ) කුස ගින්න නිවෙන්නේද නැත.
- 8
وُجُوهٌۭ يَوْمَئِذٍۢ نَّاعِمَةٌۭ
අක්ෂර පරිවර්තනය: Wujoohuny yawma 'izin naa'imah
(එහෙත්) එදිනදී වෙනත් සමහර මුහුණු නම්, ඉතාමත් ප්‍රබෝදමත්ව ඇත්තේය.
- 9
لِّسَعْيِهَا رَاضِيَةٌۭ
අක්ෂර පරිවර්තනය: Lisa'yihaa raadiyah
(මෙලොවදී) තමන් කළ (හොඳ) කාරණාවන් ගැන තෘප්තියට පත්ව-
- 10
فِى جَنَّةٍ عَالِيَةٍۢ
අක්ෂර පරිවර්තනය: Fee jannatin 'aaliyah
උසස් වූ ස්වර්ගයෙහි සිටිනු ඇත.
- 11
لَّا تَسْمَعُ فِيهَا لَٰغِيَةًۭ
අක්ෂර පරිවර්තනය: Laa tasma'u feehaa laaghiyah
එහි කිසිම පුහු වදනකට සවන් දෙන්නේ නැත.
- 12
فِيهَا عَيْنٌۭ جَارِيَةٌۭ
අක්ෂර පරිවර්තනය: Feehaa 'aynun jaariyah
එහි (මොවුන්ට පානය කිරීමට) සදාකල් ගලමින් ඇති (පැහැදිලි) එක් උල්පතක් ඇත.
- 13
فِيهَا سُرُرٌۭ مَّرْفُوعَةٌۭ
අක්ෂර පරිවර්තනය: Feehaa sururum marfoo'ah
එහි (මොවුන්ට වාඩි වීමට) උසස් ආසනයන් ඇත.
- 14
وَأَكْوَابٌۭ مَّوْضُوعَةٌۭ
අක්ෂර පරිවර්තනය: Wa akwaabum mawdoo 'ah
(විවිධ වර්ගයේ පානයන් පිරි) බඳුන් (මොවුන් ඉදිරියේ) තිඛෙනු ඇත.
- 15
وَنَمَارِقُ مَصْفُوفَةٌۭ
අක්ෂර පරිවර්තනය: Wa namaariqu masfoofah
(මොවුන්ට හාන්සි වී සිටීමට) පුළුන් කොට්ට පේළියට තබන්නට යෙදී තිඛෙණු ඇත.
- 16
وَزَرَابِىُّ مَبْثُوثَةٌ
අක්ෂර පරිවර්තනය: Wa zaraabiyyu mabsoosah
උසස් ඇතිරිළි (මොවුන්ගේ යටින්) අතුරා තිඛෙණු ඇත. (මෙවැනි සැප සම්පත් වලින් යුත් ස්ථානයන්හි හොඳ වහලූන් සිටිනු ඇත).
- 17
أَفَلَا يَنظُرُونَ إِلَى ٱلْإِبِلِ كَيْفَ خُلِقَتْ
අක්ෂර පරිවර්තනය: Afalaa yanzuroona ilalibili kaifa khuliqat
(නබියේ! මෙම ප්‍රතික්ෂේප කරන්නන් - තමන් වෙත ඇති) ඔටුවා හෝ (ඔවුන් අවධානය කළ යුතු නොවේද?) එය කෙසේ නම් උත්පාදනය කර ඇත්තේද?
- 18
وَإِلَى ٱلسَّمَآءِ كَيْفَ رُفِعَتْ
අක්ෂර පරිවර්තනය: Wa ilas samaaa'i kaifa rufi'at
(ඔවුන්ට ඉහළින් ඇති) අහසද, (ඔවුන් අවධානය කළ යුතු නොවේද?) එය කෙසේ නම්, උඩට ඔසවා ඇත්තේද?
- 19
وَإِلَى ٱلْجِبَالِ كَيْفَ نُصِبَتْ
අක්ෂර පරිවර්තනය: Wa ilal jibaali kaifa nusibat
(ඔවුන් ඉදිරියේ දිස්වන) කඳුද (ඔවුන් අවධානය කළ යුතු නොවේද?) ඒවා කෙසේ නම් සිටවනු ලැබ ඇත්තේද?
- 20
وَإِلَى ٱلْأَرْضِ كَيْفَ سُطِحَتْ
අක්ෂර පරිවර්තනය: Wa ilal ardi kaifa sutihat
(ඔවුන් වාසය කරන) භූමියද (ඔවුන් අවධානය කළ යුතු නොවේද?) එය කෙසේ නම් දිග හරිනු ලැබ ඇත්තේද?
- 21
فَذَكِّرْ إِنَّمَآ أَنتَ مُذَكِّرٌۭ
අක්ෂර පරිවර්තනය: Fazakkir innama anta Muzakkir
එබැවින් (නබියේ! මේවා ඔවුන්ට ගෙනහැර දක්වා මේවා උත්පාදන කළ අයගේ වරප්‍රසාදයන් ඔවුන්ට ඔබ පවසා) හොඳ ඔවදන් දෙනු මැනව! (මෙමගින් ඔවුන් හොඳ වැටහීමක් ලබා නොගතහොත් ඒ වෙනුවෙන් ඔබ කණගාටු නොවනු. මන්දයත්) නියත වශයෙන්ම ඔබ ඔවුන්ට හොඳ ඔවදන් ලබා දෙන කෙනෙකි.
- 22
لَّسْتَ عَلَيْهِم بِمُصَيْطِرٍ
අක්ෂර පරිවර්තනය: Lasta 'alaihim bimusaitir
(ඒ අන්දමටම කටයුතු කරන මෙන්) ඔවුන්ට ඔබ බල කරන්නට හැකි කෙනෙකු නොව.
- 23
إِلَّا مَن تَوَلَّىٰ وَكَفَرَ
අක්ෂර පරිවර්තනය: Illaa man tawallaa wa kafar
එහෙත් කවුරුන් ඈත් වී ප්‍රතික්ෂේප කරන්නේද-
- 24
فَيُعَذِّبُهُ ٱللَّهُ ٱلْعَذَابَ ٱلْأَكْبَرَ
අක්ෂර පරිවර්තනය: Fa yu'azzibuhul laahul 'azaabal akbar
ඔහුට අල්ලාහ් ඉමහත් දඬුවම් දෙනු ඇත.
- 25
إِنَّ إِلَيْنَآ إِيَابَهُمْ
අක්ෂර පරිවර්තනය: Innaa ilainaaa iyaabahum
නියත වශයෙන්ම ඔවුන් සියල්ලන්ම අප වෙතම පැමිණිය යුතුව ඇත්තේය.
- 26
ثُمَّ إِنَّ عَلَيْنَا حِسَابَهُم
අක්ෂර පරිවර්තනය: Summa inna 'alainaa hisaabahum
පසුව නියත වශයෙන්ම ඔවුන්ගෙන් ප්‍රශ්න ගණනය කිරීමද අපගේ යුතුකමක් වශයෙන් ඇත්තේය.
පරිවර්තන සංස්කරණය: si.naseemismail
ශ්‍රව්‍ය පදය: මිෂාරි රෂීඩ් ඇලෆාසි (128kbps islamic.network CDN හරහා).
පෙළ සහ පරිවර්තන: api.alquran.cloud · Uthmani Arabic.
ayah හි තේරුම අපැහැදිලි නම්, සුදුසුකම් ලත් ගුරුවරයෙකුගෙන් විමසන්න - විශේෂයෙන්ම නීතිමය සහ විශ්වාස කටයුතු සඳහා.