සියලුම සූරත

සූරතය 87

The Most High

سُورَةُ الأَعۡلَىٰ

Al-A'laa · මක්කන්

යතුරු: J next ayah · K පෙර ayah

ශ්රව්ය උපකරණ
  1. 1

    بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ سَبِّحِ ٱسْمَ رَبِّكَ ٱلْأَعْلَى

    අක්ෂර පරිවර්තනය: Sabbihisma Rabbikal A'laa

    (නබියේ!) ඉතාමත් ශ්‍රේෂ්ඨ ඔබ දෙවියන්ගේ ශුද්ධ වූ නාමය ඔබ ප්‍රශංසා කර සුවිශුද්ධ කරනු මැනව!

  2. 2

    ٱلَّذِى خَلَقَ فَسَوَّىٰ

    අක්ෂර පරිවර්තනය: Allazee khalaqa fasawwaa

    ඔහුම (සියලූ උත්පාදනයන්ම) උත්පාදනය කර (ඒවා නියමිත අන්දමට) සැලසුම් කළ අයයි.

  3. 3

    وَٱلَّذِى قَدَّرَ فَهَدَىٰ

    අක්ෂර පරිවර්තනය: Wallazee qaddara fahadaa

    ඔහුව (ඒවාට අවශ්‍ය සියලූ දැය) මනක්කල්පිත කර (ඒවා ලැබිය හැකි) මාර්ගයන්ද (ඒවාට) දැනුම් දුන්නේය.

  4. 4

    وَٱلَّذِىٓ أَخْرَجَ ٱلْمَرْعَىٰ

    අක්ෂර පරිවර්තනය: Wallazeee akhrajal mar'aa

    ඔහුම (ගමේ සතුන්ට) උලෑ කෑමට අවශ්‍ය දැයද ඉකුත් කරන්නේය.

  5. 5

    فَجَعَلَهُۥ غُثَآءً أَحْوَىٰ

    අක්ෂර පරිවර්තනය: Faja'alahoo ghusaaa'an ahwaa

    පසුව ඒවා වියළී ගිය පඞරැල් බවට පත් කරන්නේය.

  6. 6

    سَنُقْرِئُكَ فَلَا تَنسَىٰٓ

    අක්ෂර පරිවර්තනය: Sanuqri'uka falaa tansaaa

    (නබියේ! මෙම කුර්ආනය) අපි ඔබට සමුදීරණය කිරීමට උගන්වන්නෙමු. අල්ලාහ් අදහස් කළහොත් මිස, (එහි කිසිම දැයක්) ඔබ අමතක කරන්නේ නැත.

  7. 7

    إِلَّا مَا شَآءَ ٱللَّهُ ۚ إِنَّهُۥ يَعْلَمُ ٱلْجَهْرَ وَمَا يَخْفَىٰ

    අක්ෂර පරිවර්තනය: Illaa maa shaaa'al laah; innahoo ya'lamul jahra wa maa yakhfaa

    නියත වශයෙන්ම ඔහු සැඟවී ඇති දැයද, පිටත පෙනුමට ඇති දැයද හොඳින් දන්නේය.

  8. 8

    وَنُيَسِّرُكَ لِلْيُسْرَىٰ

    අක්ෂර පරිවර්තනය: Wa nu-yassiruka lilyusraa

    පහසු වූ (ධර්මය) අපි ඔබට පහසු කර ලබා දෙන්නෙමු.

  9. 9

    فَذَكِّرْ إِن نَّفَعَتِ ٱلذِّكْرَىٰ

    අක්ෂර පරිවර්තනය: Fazakkir in nafa'atizzikraa

    එබැවින් හොඳ ඔවදන් (ජනයාට) ප්‍රයෝජනවත් වන තුරු ඔබ දේශනා කරමින්ම සිටිනු.

  10. 10

    سَيَذَّكَّرُ مَن يَخْشَىٰ

    අක්ෂර පරිවර්තනය: Sa yazzakkaru maiyakhshaa

    නියත වශයෙන්ම කවුරුන් (අල්ලාහ්ට) බිය වන්නේද, ඔහු (මෙමගින්) හොඳ දැනුමක් අත් කර ගන්නේය.

  11. 11

    وَيَتَجَنَّبُهَا ٱلْأَشْقَى

    අක්ෂර පරිවර්තනය: Wa yatajannabuhal ashqaa

    අභාග්‍යවන්තයා නම්, මෙයින් ඈත් වී යන්නේය.

  12. 12

    ٱلَّذِى يَصْلَى ٱلنَّارَ ٱلْكُبْرَىٰ

    අක්ෂර පරිවර්තනය: Allazee yaslan Naaral kubraa

    (එහෙත්) ඔහු (නිරයේ) ඉමහත් ගින්න අත් කර ගන්නේය.

  13. 13

    ثُمَّ لَا يَمُوتُ فِيهَا وَلَا يَحْيَىٰ

    අක්ෂර පරිවර්තනය: Summa laa yamootu feehaa wa laa yahyaa

    පසුව එහි ඔහු මරණයට පත් වන්නේද නැත. (සැපසේ) ජීවත් වන්නේද නැත.

  14. 14

    قَدْ أَفْلَحَ مَن تَزَكَّىٰ

    අක්ෂර පරිවර්තනය: Qad aflaha man tazakkaa

    කවුරුන් (පාපයන්ගෙන් ඈත් වී) පරිශුද්ධවන්තයෙකු වන්නේද, ඔහු නියත වශයෙන්ම ජයග්‍රහණය කළේය.

  15. 15

    وَذَكَرَ ٱسْمَ رَبِّهِۦ فَصَلَّىٰ

    අක්ෂර පරිවර්තනය: Wa zakaras ma Rabbihee fasallaa

    ඔහු තම දෙවියන්ගේ ශුද්ධ වූ නාමය සුවිශුද්ධ කරමින්ද, නමදිමින්ද සිටින්නේය.

  16. 16

    بَلْ تُؤْثِرُونَ ٱلْحَيَوٰةَ ٱلدُّنْيَا

    අක්ෂර පරිවර්තනය: Bal tu'siroonal hayaatad dunyaa

    එහෙත් ඔබ නම්, (පරලොව අත්හැර දමා) මෙලොව ජීවිතය තෝරා ගත්තෙහුය.

  17. 17

    وَٱلْءَاخِرَةُ خَيْرٌۭ وَأَبْقَىٰٓ

    අක්ෂර පරිවර්තනය: Wal Aakhiratu khairunw wa abqaa

    පරලොව ජීවිතයම ඉතාමත් උසස් හා ස්ථීරවත් එකක්ද වන්නේය.

  18. 18

    إِنَّ هَٰذَا لَفِى ٱلصُّحُفِ ٱلْأُولَىٰ

    අක්ෂර පරිවර්තනය: Inna haazaa lafis suhu fil oolaa

    නියත වශයෙන්ම මෙය පෙර තිබූ ආගම්වලද-

  19. 19

    صُحُفِ إِبْرَٰهِيمَ وَمُوسَىٰ

    අක්ෂර පරිවර්තනය: Suhufi Ibraaheema wa Moosaa

    ඉබ්රාහීම් හා මූසාගේ ආගම්වලද ඇත්තේය.

පරිවර්තන සංස්කරණය: si.naseemismail

ශ්‍රව්‍ය පදය: මිෂාරි රෂීඩ් ඇලෆාසි (128kbps islamic.network CDN හරහා).

පෙළ සහ පරිවර්තන: api.alquran.cloud · Uthmani Arabic.

ayah හි තේරුම අපැහැදිලි නම්, සුදුසුකම් ලත් ගුරුවරයෙකුගෙන් විමසන්න - විශේෂයෙන්ම නීතිමය සහ විශ්වාස කටයුතු සඳහා.