සියලුම සූරත

සූරතය 86

The Nightcommer

سُورَةُ الطَّارِقِ

At-Taariq · මක්කන්

යතුරු: J next ayah · K පෙර ayah

ශ්රව්ය උපකරණ
  1. 1

    بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ وَٱلسَّمَآءِ وَٱلطَّارِقِ

    අක්ෂර පරිවර්තනය: Wassamaaa'i wattaariq

    අහස මතද, අළුයම් තාරකාව මතද, සත්තකින්ම!

  2. 2

    وَمَآ أَدْرَىٰكَ مَا ٱلطَّارِقُ

    අක්ෂර පරිවර්තනය: Wa maaa adraaka mattaariq

    (නබියේ!) අළුයම් තාරකාව කිමෙක්දැයි ඔබ දන්නෙහිද?

  3. 3

    ٱلنَّجْمُ ٱلثَّاقِبُ

    අක්ෂර පරිවර්තනය: Annajmus saaqib

    (එය) ගිණි දැල් විහිදුවන තාරකාවකි.

  4. 4

    إِن كُلُّ نَفْسٍۢ لَّمَّا عَلَيْهَا حَافِظٌۭ

    අක්ෂර පරිවර්තනය: In kullu nafsil lammaa 'alaihaa haafiz

    සෑම මිනිසෙකු වෙතම (අප විසින් ඇති කරන ලද) අවධානය කළ හැකි කෙනෙකු නැත්තේ නොවේ.

  5. 5

    فَلْيَنظُرِ ٱلْإِنسَٰنُ مِمَّ خُلِقَ

    අක්ෂර පරිවර්තනය: Fal yanzuril insaanu mimma khuliq

    එබැවින් මිනිසා (තමන්) කුමක් නිසා උත්පාදනය කරනු ලැබ ඇත්තේදැයි පොඩියක් අවධානය කර බැලිය යුතුය.

  6. 6

    خُلِقَ مِن مَّآءٍۢ دَافِقٍۢ

    අක්ෂර පරිවර්තනය: Khuliqa mim maaa'in daafiq

    (ඈතට) පනිමින් ඉකුත් වන එක් ජල බිඳක් මගින්ම උත්පාදනය කරනු ලැබුවේය.

  7. 7

    يَخْرُجُ مِنۢ بَيْنِ ٱلصُّلْبِ وَٱلتَّرَآئِبِ

    අක්ෂර පරිවර්තනය: Yakhruju mim bainissulbi wat taraaa'ib

    එය කොඳු ඇටවලටද, ඉළ ඇටවලටද මධ්‍යයෙන් ඉකුත් වන්නේය.

  8. 8

    إِنَّهُۥ عَلَىٰ رَجْعِهِۦ لَقَادِرٌۭ

    අක්ෂර පරිවර්තනය: Innahoo 'alaa raj'ihee laqaadir

    (මෙසේ උත්පාදනය කරනු ලබන) ඔහු, (මොහු මරණයට පත් වූ පසු මොහුට පණ දී) නැවත පණ ගැන්වීමටද, නියත වශයෙන්ම ඔහු බලසම්පන්නයෙකි!

  9. 9

    يَوْمَ تُبْلَى ٱلسَّرَآئِرُ

    අක්ෂර පරිවර්තනය: Yawma tublas saraaa'ir

    කුමන දිනකදී සියලූ ගුප්ත දැයද එළිදරව් වී යන්නේද-

  10. 10

    فَمَا لَهُۥ مِن قُوَّةٍۢ وَلَا نَاصِرٍۢ

    අක්ෂර පරිවර්තනය: Famaa lahoo min quwwatinw wa laa naasir

    (එදිනදී) මිනිසාට කිසිම ශක්තියක් ඇත්තේ නැත. උදව් කරන්නන්ද ඇත්තේ නැත.

  11. 11

    وَٱلسَّمَآءِ ذَاتِ ٱلرَّجْعِ

    අක්ෂර පරිවර්තනය: Wassamaaa'i zaatir raj'

    වර්ෂාව වසිනා අහස මතද,

  12. 12

    وَٱلْأَرْضِ ذَاتِ ٱلصَّدْعِ

    අක්ෂර පරිවර්තනය: Wal ardi zaatis sad'

    (පැළෑටි, ගස්වැල් ආදිය වැඩෙන්නට) පුපුරණ භූමිය මතද,

  13. 13

    إِنَّهُۥ لَقَوْلٌۭ فَصْلٌۭ

    අක්ෂර පරිවර්තනය: Innahoo laqawlun fasl

    සත්තකින්ම! ඇත්තෙන්ම මෙය (පින් පව් දෙක) වෙන්කර දැන්විය හැකි පොරොන්දුවකි.

  14. 14

    وَمَا هُوَ بِٱلْهَزْلِ

    අක්ෂර පරිවර්තනය: Wa maa huwa bil hazl

    මෙය පුහු සමච්චල් (වදනක්) නොව.

  15. 15

    إِنَّهُمْ يَكِيدُونَ كَيْدًۭا

    අක්ෂර පරිවර්තනය: Innahum yakeedoona kaidaa

    (නබියේ!) නියත වශයෙන්ම ඔවුන් (ඔබට විරුද්ධව) කුමන්ත්‍රණයක් කරන්නාහ.

  16. 16

    وَأَكِيدُ كَيْدًۭا

    අක්ෂර පරිවර්තනය: Wa akeedu kaidaa

    මමද (ඔවුන්ට විරුද්ධව) කුමන්ත්‍රණයක් කරන්නෙමි.

  17. 17

    فَمَهِّلِ ٱلْكَٰفِرِينَ أَمْهِلْهُمْ رُوَيْدًۢا

    අක්ෂර පරිවර්තනය: Famahhilil kaafireena amhilhum ruwaidaa

    එබැවින් මෙම ප්‍රතික්ෂේප කරන්නන්ට (එතෙක්) ඔබ අවකාශයක් ලබා දෙනු. (අධික වශයෙන් නොව). ඉතාමත් සුළු අවකාශයක් ලබා දෙනු.

පරිවර්තන සංස්කරණය: si.naseemismail

ශ්‍රව්‍ය පදය: මිෂාරි රෂීඩ් ඇලෆාසි (128kbps islamic.network CDN හරහා).

පෙළ සහ පරිවර්තන: api.alquran.cloud · Uthmani Arabic.

ayah හි තේරුම අපැහැදිලි නම්, සුදුසුකම් ලත් ගුරුවරයෙකුගෙන් විමසන්න - විශේෂයෙන්ම නීතිමය සහ විශ්වාස කටයුතු සඳහා.