සියලුම සූරත

සූරතය 85

The Mansions of the Stars

سُورَةُ البُرُوجِ

Al-Burooj · මක්කන්

යතුරු: J next ayah · K පෙර ayah

ශ්රව්ය උපකරණ
  1. 1

    بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ وَٱلسَّمَآءِ ذَاتِ ٱلْبُرُوجِ

    අක්ෂර පරිවර්තනය: Wassamaaa'i zaatil burooj

    ග්‍රහ මණ්ඩල වලින් පිරි අහස මතද,

  2. 2

    وَٱلْيَوْمِ ٱلْمَوْعُودِ

    අක්ෂර පරිවර්තනය: Wal yawmil maw'ood

    පොරොන්දු දෙන ලද (විනිශ්චය) දිනය මතද,

  3. 3

    وَشَاهِدٍۢ وَمَشْهُودٍۢ

    අක්ෂර පරිවර්තනය: Wa shaahidinw wa mashhood

    සාක්ෂීන් මතද, සාක්ෂි දැරීම මතද, සත්තකින්ම!

  4. 4

    قُتِلَ أَصْحَٰبُ ٱلْأُخْدُودِ

    අක්ෂර පරිවර්තනය: Qutila as haabul ukhdood

    අගල් කැපූවන්ව විනාශ කර දමනු ලැබූහ. (එසේම මෙම මක්කාවාසීන්වද, විනාශ කරනු ලබන්නාහ).

  5. 5

    ٱلنَّارِ ذَاتِ ٱلْوَقُودِ

    අක්ෂර පරිවර්තනය: Annaari zaatil waqood

    දර දමා දල්වනු ලබන ගින්දර වල

  6. 6

    إِذْ هُمْ عَلَيْهَا قُعُودٌۭ

    අක්ෂර පරිවර්තනය: Iz hum 'alaihaa qu'ood

    ඒ මත ඔවුන් වාඩි වී සිටි අවස්ථාවේදී-

  7. 7

    وَهُمْ عَلَىٰ مَا يَفْعَلُونَ بِٱلْمُؤْمِنِينَ شُهُودٌۭ

    අක්ෂර පරිවර්තනය: Wa hum 'alaa maa yaf'aloona bilmu 'mineena shuhood

    විශ්වාසවන්තයින්ව (වේදනා) කිරීම ඔවුන් (විනෝදයක් වශයෙන්) බලමින් සිටියහ.

  8. 8

    وَمَا نَقَمُوا۟ مِنْهُمْ إِلَّآ أَن يُؤْمِنُوا۟ بِٱللَّهِ ٱلْعَزِيزِ ٱلْحَمِيدِ

    අක්ෂර පරිවර්තනය: Wa maa naqamoo minhum illaaa aiyu'minoo billaahil 'azeezil Hameed

    (විශ්වාසය තැබූ) ඔවුන්ගෙන් යම්කිසි වැරැද්දක්ද ඔවුන් දුටුවේ නැත. එහෙත් ඉතාමත් ප්‍රශංසාවට අයත් අයද, (සියල්ලන්ටම) බලසම්පන්නයෙකුද වන අල්ලාහ්ව ඔවුන් විශ්වාස කළා මිස. (මෙයම ඔවුන් වැරද්දක් වශයෙන් දුටුවහ).

  9. 9

    ٱلَّذِى لَهُۥ مُلْكُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۚ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍۢ شَهِيدٌ

    අක්ෂර පරිවර්තනය: Allazee lahoo mulkus samaawaati wal ard; wallaahu 'alaa kulli shai 'in Shaheed

    අහස් හා භූමියෙහි පාලනය ඔහුටම අයත්ය! (ඔහුව විශ්වාස කිරීම නිසාම ඔවුන්ව වේදනා කළහ). අල්ලාහ් නම්, (මොවුන් කළ) සියල්ලටම සාක්ෂි වශයෙන් සිටින්නේය.

  10. 10

    إِنَّ ٱلَّذِينَ فَتَنُوا۟ ٱلْمُؤْمِنِينَ وَٱلْمُؤْمِنَٰتِ ثُمَّ لَمْ يَتُوبُوا۟ فَلَهُمْ عَذَابُ جَهَنَّمَ وَلَهُمْ عَذَابُ ٱلْحَرِيقِ

    අක්ෂර පරිවර්තනය: Innal lazeena fatanul mu'mineena wal mu'minaati summa lam yatooboo falahum 'azaabu Jahannama wa lahum 'azaabul hareeq

    ඔවුන් විශ්වාසය තැබූ පිරිමින්වද, ගැහැනුන්වද, මෙසේ වේදනා කර, පසුව (ඒ ගැන) ඔවුන් (පසුතැවිලි වී) සමාව ඉල්ලා නොසිටියෙද ඔවුන්ට නිරයේ වේදනාවද පිළිස්සෙන ගින්නෙන් වේදනාවද හිමිවේ.

  11. 11

    إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ لَهُمْ جَنَّٰتٌۭ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ ۚ ذَٰلِكَ ٱلْفَوْزُ ٱلْكَبِيرُ

    අක්ෂර පරිවර්තනය: Innal lazeena aamanoo wa 'amilus saalihaati lahum Jannaatun tajree min tahtihal anhaar; zaalikal fawzul kabeer

    නියත වශයෙන්ම විශ්වාස කර දැහැමි ක්‍රියාවන් වල නිරත අයට යටින් දිය දහරා ගලා බසිනා ස්වර්ගයද හිමිවේ. එය ඉතාමත් ශ්‍රේෂ්ඨය.

  12. 12

    إِنَّ بَطْشَ رَبِّكَ لَشَدِيدٌ

    අක්ෂර පරිවර්තනය: Inna batsha Rabbika lashadeed

    (නබියේ! මෙම අපරාධකාරයින් ගැන ඔබ දුක් නොවනු. මන්දයත්) නියත වශයෙන්ම ඔබ දෙවියන්ගේ ග්‍රහණය ඉතාමත් දරුණුය. (එයින් ඔවුන්ට බේරෙන්නටම නොහැක).

  13. 13

    إِنَّهُۥ هُوَ يُبْدِئُ وَيُعِيدُ

    අක්ෂර පරිවර්තනය: Innahoo Huwa yubdi'u wa yu'eed

    නියත වශයෙන්ම ඔහුම (ඔවුන්ව) උත්පාදනය කළේය. (ඔවුන් මරණයට පත් වූ පසුද ඔවුන්ව) ඔහුම පුනරුත්ථානය කරන්නේය.

  14. 14

    وَهُوَ ٱلْغَفُورُ ٱلْوَدُودُ

    අක්ෂර පරිවර්තනය: Wa Huwal Ghafoorul Wadood

    ඔහු (විශ්වාසය තැබූවන්ව) ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා ආදරය කරන්නෙකු වශයෙන් සිටින්නේය.

  15. 15

    ذُو ٱلْعَرْشِ ٱلْمَجِيدُ

    අක්ෂර පරිවර්තනය: Zul 'Arshil Majeed

    (ඔහුම) අති ශ්‍රේෂ්ඨ අර්ෂ්හි හිමිය. පරාර්ථකාමී ගතිගුණ ඇත්තෙකි.

  16. 16

    فَعَّالٌۭ لِّمَا يُرِيدُ

    අක්ෂර පරිවර්තනය: Fa' 'aalul limaa yureed

    තමන් කැමති දැය කළ හැකි අයෙකි.

  17. 17

    هَلْ أَتَىٰكَ حَدِيثُ ٱلْجُنُودِ

    අක්ෂර පරිවර්තනය: Hal ataaka hadeesul junood

    (නබියේ!) එම සේනාවන්ගේ පුවත ඔබට ළඟා වූවේද?

  18. 18

    فِرْعَوْنَ وَثَمُودَ

    අක්ෂර පරිවර්තනය: Fir'awna wa Samood

    (ඒ කවුරුන්ගේ සේනාවන්ද?) ෆිර්අව්න්, සමූද්ගේ (සේනාවන්ය).

  19. 19

    بَلِ ٱلَّذِينَ كَفَرُوا۟ فِى تَكْذِيبٍۢ

    අක්ෂර පරිවර්තනය: Balil lazeena kafaroo fee takzeeb

    එහෙත් මෙම ප්‍රතික්ෂේප කරන්නන් (ශුද්ධ වූ කුර්ආනය) බොරු කිරීමෙහිම (ගැලී) සිටින්නාහ.

  20. 20

    وَٱللَّهُ مِن وَرَآئِهِم مُّحِيطٌۢ

    අක්ෂර පරිවර්තනය: Wallaahu minw waraaa'ihim muheet

    අල්ලාහ් නම්, ඔවුන්ව සම්පූර්ණයෙන්ම වට කරගෙන සිටින්නේය.

  21. 21

    بَلْ هُوَ قُرْءَانٌۭ مَّجِيدٌۭ

    අක්ෂර පරිවර්තනය: Bal huwa Quraanum Majeed

    (මෙම ප්‍රතික්ෂේප කරන්නන් බොරු කරන) මෙම උසස් ශුද්ධ වූ කුර්ආනය-

  22. 22

    فِى لَوْحٍۢ مَّحْفُوظٍۭ

    අක්ෂර පරිවර්තනය: Fee Lawhim Mahfooz

    ලව්හුල් මව්ෆූල්හිද (සටහන් කරනු ලැබ) ඇත්තේය. (මෙය මොවුන් ප්‍රතික්ෂේප කිරීමෙන් සිදු විය හැක්කේ කුමක්ද?)

පරිවර්තන සංස්කරණය: si.naseemismail

ශ්‍රව්‍ය පදය: මිෂාරි රෂීඩ් ඇලෆාසි (128kbps islamic.network CDN හරහා).

පෙළ සහ පරිවර්තන: api.alquran.cloud · Uthmani Arabic.

ayah හි තේරුම අපැහැදිලි නම්, සුදුසුකම් ලත් ගුරුවරයෙකුගෙන් විමසන්න - විශේෂයෙන්ම නීතිමය සහ විශ්වාස කටයුතු සඳහා.

The Mansions of the Stars — Islam Word