සියලුම සූරත

සූරතය 84

The Sundering

سُورَةُ الانشِقَاقِ

Al-Inshiqaaq · මක්කන්

යතුරු: J next ayah · K පෙර ayah

ශ්රව්ය උපකරණ
  1. 1

    بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ إِذَا ٱلسَّمَآءُ ٱنشَقَّتْ

    අක්ෂර පරිවර්තනය: Izas samaaa'un shaqqat

    අහස පැළී දෙකඩ වී යන විට,

  2. 2

    وَأَذِنَتْ لِرَبِّهَا وَحُقَّتْ

    අක්ෂර පරිවර්තනය: Wa azinat li Rabbihaa wa huqqat

    තම දෙවියන්ගේ නියෝගයට සවන් දී, එයට නියම කර ඇති පරිදි -

  3. 3

    وَإِذَا ٱلْأَرْضُ مُدَّتْ

    අක්ෂර පරිවර්තනය: Wa izal ardu muddat

    භූමියද දිග හැරෙන විට,

  4. 4

    وَأَلْقَتْ مَا فِيهَا وَتَخَلَّتْ

    අක්ෂර පරිවර්තනය: Wa alqat maa feehaa wa takhallat

    තමන් වෙත ඇති දැය සියල්ල වීසි කර, හිස් එකක් බවට පත් කරන විට,

  5. 5

    وَأَذِنَتْ لِرَبِّهَا وَحُقَّتْ

    අක්ෂර පරිවර්තනය: Wa azinat li Rabbihaa wa huqqat

    තම දෙවියන්ගේ නියෝගයට සවන් දී එයට නියම කර ඇති පරිදි (යුග අවසානය හමු වනු ඇත).

  6. 6

    يَٰٓأَيُّهَا ٱلْإِنسَٰنُ إِنَّكَ كَادِحٌ إِلَىٰ رَبِّكَ كَدْحًۭا فَمُلَٰقِيهِ

    අක්ෂර පරිවර්තනය: Yaaa ayyuhal insaanu innaka kaadihun ilaa Rabbika kad han famulaaqeeh

    මිනිසාණෙනි! ඔබ ඔබගේ දෙවියන් වෙත යන තුරු (හොඳ හෝ නරක හෝ විවිධ වැඩ කටයුතු වල නිරත වී) අමාරුවෙන් උත්සාහ කරමින්ම සිටින්නෙහිය. පසුව (විනිශ්චය දිනදී) ඔබ ඔහුව හමු වන්නෙහිය.

  7. 7

    فَأَمَّا مَنْ أُوتِىَ كِتَٰبَهُۥ بِيَمِينِهِۦ

    අක්ෂර පරිවර්තනය: Fa ammaa man ootiya kitaabahoo biyameenih

    එබැවින් (එදිනදී) කවුරුන්ගේ දකුණු අතෙහි ඔහුගේ ක්‍රියාකාරම් සටහන ලබා දෙනු ලැබ ඇත්තේද,

  8. 8

    فَسَوْفَ يُحَاسَبُ حِسَابًۭا يَسِيرًۭا

    අක්ෂර පරිවර්තනය: Fasawfa yuhaasabu hi saabai yaseeraa

    ඔහුගෙන් ඉතාමත් පහසුවෙන් ප්‍රශ්න ගණනය විමසනු ලබන්නේය.

  9. 9

    وَيَنقَلِبُ إِلَىٰٓ أَهْلِهِۦ مَسْرُورًۭا

    අක්ෂර පරිවර්තනය: Wa yanqalibu ilaaa ahlihee masrooraa

    ඔහු සතුටට පත් වූවෙකු වශයෙන් (ස්වර්ගයෙහි සිටින) තමන්ගේ පවුලේ උදවිය වෙත ආපසු හැරෙන්නේය.

  10. 10

    وَأَمَّا مَنْ أُوتِىَ كِتَٰبَهُۥ وَرَآءَ ظَهْرِهِۦ

    අක්ෂර පරිවර්තනය: Wa ammaa man ootiya kitaabahoo waraaa'a zahrih

    කවුරුන්ගේ ක්‍රියාකාරකම් සටහන ඔහුගේ පිට කොන්ද පැත්තෙන් දෙනු ලබන්නේද,

  11. 11

    فَسَوْفَ يَدْعُوا۟ ثُبُورًۭا

    අක්ෂර පරිවර්තනය: Fasawfa yad'oo subooraa

    ඔහු (තමන්ට) විනාශයයි යයි කෑගසමින්ම -

  12. 12

    وَيَصْلَىٰ سَعِيرًا

    අක්ෂර පරිවර්තනය: Wa yaslaa sa'eeraa

    දැවෙන ගින්න සහිත නිරයට ඇතුළු වන්නේය.

  13. 13

    إِنَّهُۥ كَانَ فِىٓ أَهْلِهِۦ مَسْرُورًا

    අක්ෂර පරිවර්තනය: Innahoo kaana feee ahlihee masrooraa

    මන්දයත් නියත වශයෙන්ම ඔහු (මෙලොව සිටි කාලය පුරා පරලොව අමතක කර දමා) තම පවුලේ උදවිය සමග ඉතාමත් ආනන්ද ජනකව සිටියේය.

  14. 14

    إِنَّهُۥ ظَنَّ أَن لَّن يَحُورَ

    අක්ෂර පරිවර්තනය: Innahoo zanna al lai yahoor

    ඇත්තෙන්ම ඔහු (තම දෙවියන් වෙත) ආපසු එන්නේම නැත යයිද අදහස් කරමින් සිටියේය.

  15. 15

    بَلَىٰٓ إِنَّ رَبَّهُۥ كَانَ بِهِۦ بَصِيرًۭا

    අක්ෂර පරිවර්තනය: Balaaa inna Rabbahoo kaana bihee baseeraa

    එය නිවැරදි නොව. නියත වශයෙන්ම ඔහුගේ දෙවියන් ඔහුව අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන්ම සිටියේය.

  16. 16

    فَلَآ أُقْسِمُ بِٱلشَّفَقِ

    අක්ෂර පරිවර්තනය: Falaaa uqsimu bishshafaq

    සවස් කාලයේ රත් පැහැති අහස මත සත්තකින්ම!

  17. 17

    وَٱلَّيْلِ وَمَا وَسَقَ

    අක්ෂර පරිවර්තනය: Wallaili wa maa wasaq

    රාත්‍රිය මතද, එය සැඟවී ඇති දැය මතද සත්තකින්ම!

  18. 18

    وَٱلْقَمَرِ إِذَا ٱتَّسَقَ

    අක්ෂර පරිවර්තනය: Walqamari izat tasaq

    පූරණ සඳ මතද සත්තකින්ම!

  19. 19

    لَتَرْكَبُنَّ طَبَقًا عَن طَبَقٍۢ

    අක්ෂර පරිවර්තනය: Latarkabunna tabaqan 'an tabaq

    (එක තත්වයක සිට තවත් තත්වයකට) නියත වශයෙන්ම ඔබ ක්‍රම ක්‍රමයෙන් පසුකර යා යුතුව ඇත.

  20. 20

    فَمَا لَهُمْ لَا يُؤْمِنُونَ

    අක්ෂර පරිවර්තනය: Famaa lahum laa yu'minoon

    එබැවින් (මෙය ප්‍රතික්ෂේප කරමින් සිටින) ඔවුන්ට කුමක් නම් සිදු වී ඇත්ද? ඔවුන් මෙය විශ්වාස කරන්නේ නැත.

  21. 21

    وَإِذَا قُرِئَ عَلَيْهِمُ ٱلْقُرْءَانُ لَا يَسْجُدُونَ ۩

    අක්ෂර පරිවර්තනය: Wa izaa quri'a 'alaihimul Quraanu laa yasjudoon

    ඔවුන්ට මෙම කුර්ආනය කියවා පෙන්වනු ලැබූවා වුවද, (දෙවියන්ව) ඔවුන් හිස බිම තබා නමදින්නේ නැත.

  22. 22

    بَلِ ٱلَّذِينَ كَفَرُوا۟ يُكَذِّبُونَ

    අක්ෂර පරිවර්තනය: Balil lazeena kafaroo yukazziboon

    එපමණක්ද? මෙම ප්‍රතික්ෂේප කරන්නන් (මෙම කුර්ආනයම) බොරු කරන්නාහ.

  23. 23

    وَٱللَّهُ أَعْلَمُ بِمَا يُوعُونَ

    අක්ෂර පරිවර්තනය: Wallaahu a'lamu bimaa yoo'oon

    එහෙත් මොවුන් (තම මනසෙහි) එක්රැස් කර (සඟවා) තබා ඇති දැය අල්ලාහ් හොඳින් දැනගෙනම සිටින්නේය.

  24. 24

    فَبَشِّرْهُم بِعَذَابٍ أَلِيمٍ

    අක්ෂර පරිවර්තනය: Fabashshirhum bi'azaabin aleem

    එබැවින් (නබියේ!) වේදනා ගෙන දෙන දඬුවම මගින් ඔවුන්ට ඔබ ශුභාරංචි පවසනු මැනව!

  25. 25

    إِلَّا ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ لَهُمْ أَجْرٌ غَيْرُ مَمْنُونٍۭ

    අක්ෂර පරිවර්තනය: Illal lazeena aamanoo wa 'amilus saalihaati lahum ajrun ghairu mamnoon

    එහෙත් මොවුන්ගෙන් කවුරුන් විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන්ට (සදාකල්) අවසන් නොවන (හොඳ) ඵලවිපාකම ඇත.

පරිවර්තන සංස්කරණය: si.naseemismail

ශ්‍රව්‍ය පදය: මිෂාරි රෂීඩ් ඇලෆාසි (128kbps islamic.network CDN හරහා).

පෙළ සහ පරිවර්තන: api.alquran.cloud · Uthmani Arabic.

ayah හි තේරුම අපැහැදිලි නම්, සුදුසුකම් ලත් ගුරුවරයෙකුගෙන් විමසන්න - විශේෂයෙන්ම නීතිමය සහ විශ්වාස කටයුතු සඳහා.