යතුරු: J next ayah · K පෙර ayah
- 1
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ وَيْلٌۭ لِّلْمُطَفِّفِينَ
අක්ෂර පරිවර්තනය: Wailul lil mutaffifeen
මිණුමෙහි වංචා කරන්නන්ට විනාශයයි!
- 2
ٱلَّذِينَ إِذَا ٱكْتَالُوا۟ عَلَى ٱلنَّاسِ يَسْتَوْفُونَ
අක්ෂර පරිවර්තනය: Allazeena izak taaloo 'alan naasi yastawfoon
ඔවුන් මිනිසුන් වෙතින් මැණ ලබා ගන්නේ නම්, පිරෙන්නට මැණ ගන්නාහ.
- 3
وَإِذَا كَالُوهُمْ أَو وَّزَنُوهُمْ يُخْسِرُونَ
අක්ෂර පරිවර්තනය: Wa izaa kaaloohum aw wazanoohum yukhsiroon
ඔවුන් අන් අයට මැණ ලබා දෙන්නේ නම් අඩු කර, (ඔවුන්ට පාඩු කර) දමන්නාහ.
- 4
أَلَا يَظُنُّ أُو۟لَٰٓئِكَ أَنَّهُم مَّبْعُوثُونَ
අක්ෂර පරිවර්තනය: Alaa yazunnu ulaaa'ika annahum mab'oosoon
ශ්‍රේෂ්ඨ වූ දිනකදී
- 5
لِيَوْمٍ عَظِيمٍۢ
අක්ෂර පරිවර්තනය: Li Yawmin 'Azeem
නියත වශයෙන්ම ඔවුන්ට (පණ දී) නැගිට්ටවනු ලබන්නාහ යන්න ඔවුන් විශ්වාස කළේ නැද්ද?
- 6
يَوْمَ يَقُومُ ٱلنَّاسُ لِرَبِّ ٱلْعَٰلَمِينَ
අක්ෂර පරිවර්තනය: Yawma yaqoomun naasu li Rabbil 'aalameen
එදිනදී මිනිසුන් සියල්ලන්ම ලෝකයන්හි දෙවියන් ඉදිරියේ (විනිශ්චය සඳහා) සිටගෙන සිටිනු ඇත.
- 7
كَلَّآ إِنَّ كِتَٰبَ ٱلْفُجَّارِ لَفِى سِجِّينٍۢ
අක්ෂර පරිවර්තනය: Kallaaa inna kitaabal fujjaari lafee Sijjeen
එහෙත් නියත වශයෙන්ම පාපතරයින්ගේ ලයිස්තුව සිජ්ජීන්හි ඇත්තේය.
- 8
وَمَآ أَدْرَىٰكَ مَا سِجِّينٌۭ
අක්ෂර පරිවර්තනය: Wa maa adraaka maa Sijjeen
(නබියේ!) සිජ්ජීන් යනු කිමෙක්දැයි ඔබ දන්නෙහිද?
- 9
كِتَٰبٌۭ مَّرْقُومٌۭ
අක්ෂර පරිවර්තනය: Kitaabum marqoom
(එය එක්තරා සටහන්) පොතකි. (දඬුවම් කරනු ලැබිය යුතු අයගේ නම් සියල්ල එහි) සටහන් කරනු ලැබ ඇත්තේය.
- 10
وَيْلٌۭ يَوْمَئِذٍۢ لِّلْمُكَذِّبِينَ
අක්ෂර පරිවර්තනය: Wailuny yawma'izil lil mukazzibeen
(මෙය) බොරු කරන්නන්ට එදිනදී විනාශයයි!
- 11
ٱلَّذِينَ يُكَذِّبُونَ بِيَوْمِ ٱلدِّينِ
අක්ෂර පරිවර්තනය: Allazeena yukazziboona bi yawmid deen
ඔවුන් (මෙය පමණක්ද බොරු කරන්නේ?) ඵලවිපාක ලබා දෙන දිනයද බොරු කරන්නාහ.
- 12
وَمَا يُكَذِّبُ بِهِۦٓ إِلَّا كُلُّ مُعْتَدٍ أَثِيمٍ
අක්ෂර පරිවර්තනය: Wa maa yukazzibu biheee illaa kullu mu'tadin aseem
සීමාව ඉක්මවූ පාපතරයින් සියල්ලන්ම හැර (වෙන කිසිවෙකුත්) එය බොරු කරන්නේ නැත.
- 13
إِذَا تُتْلَىٰ عَلَيْهِ ءَايَٰتُنَا قَالَ أَسَٰطِيرُ ٱلْأَوَّلِينَ
අක්ෂර පරිවර්තනය: Izaa tutlaa'alaihi aayaatunaa qaala asaateerul awwaleen
ඔහුට අපගේ ආයාවන් කියවා පෙන්වනු ලැබුවහොත් මෙය පෙර සිටියවුන්ගේ ප්‍රබන්ධ කතා යයි ඔහු පවසන්නේය.
- 14
كَلَّا ۖ بَلْ ۜ رَانَ عَلَىٰ قُلُوبِهِم مَّا كَانُوا۟ يَكْسِبُونَ
අක්ෂර පරිවර්තනය: Kallaa bal raana 'alaa quloobihim maa kaanoo yaksiboon
නියත වශයෙන්ම එසේ නොව. ඔවුන් කරමින් සිටි (නපුරු) ක්‍රියාවන්ම ඔවුන්ගේ හෘදයන්හි මලකඩ කැලලක් මෙන් පතිත විය. (එබැවින්ම මෙසේ පවසන්නාහ).
- 15
كَلَّآ إِنَّهُمْ عَن رَّبِّهِمْ يَوْمَئِذٍۢ لَّمَحْجُوبُونَ
අක්ෂර පරිවර්තනය: Kallaaa innahum 'ar Rabbihim yawma'izil lamah jooboon
(විනිශ්චය සඳහා ගෙන එනු ලබන) එදිනදී නියත වශයෙන්ම ඔවුන් තම දෙවියන්ගේ (වරප්‍රසාදයන්)ගෙන් ඈත්ව වළක්වනු ලබන්නාහ.
- 16
ثُمَّ إِنَّهُمْ لَصَالُوا۟ ٱلْجَحِيمِ
අක්ෂර පරිවර්තනය: Summa innahum lasaa lul jaheem
පසුව නියත වශයෙන්ම මොවුන් නිරයෙහි වැටෙනු ඇත.
- 17
ثُمَّ يُقَالُ هَٰذَا ٱلَّذِى كُنتُم بِهِۦ تُكَذِّبُونَ
අක්ෂර පරිවර්තනය: Summa yuqaalu haazal lazee kuntum bihee tukazziboon
පසුව (මොවුන්ට) “ඔබ බොරු කරමින් සිටි දැය මෙයයි” යයි කියනු ලැබේ.
- 18
كَلَّآ إِنَّ كِتَٰبَ ٱلْأَبْرَارِ لَفِى عِلِّيِّينَ
අක්ෂර පරිවර්තනය: Kallaaa inna kitaabal abraari lafee'Illiyyeen
නියත වශයෙන්ම පින් කරන අයගේ ලැයිස්තුව ඉල්ලියියූන් නමැති (උසස්) ස්ථානයෙහි ඇත්තේය.
- 19
وَمَآ أَدْرَىٰكَ مَا عِلِّيُّونَ
අක්ෂර පරිවර්තනය: Wa maaa adraaka maa 'Illiyyoon
(නබියේ!) ඉල්ලියියූන් යනු කිමෙක්දැයි යන්න ඔබට දැනුම් දෙන්නේ කුමක්ද?
- 20
كِتَٰبٌۭ مَّرْقُومٌۭ
අක්ෂර පරිවර්තනය: Kitaabum marqoom
එය එක්තරා සටහන් පොතකි. එහි (හොඳ අයගේ නම් සියල්ල) සටහන් වී ඇත්තේය.
- 21
يَشْهَدُهُ ٱلْمُقَرَّبُونَ
අක්ෂර පරිවර්තනය: Yashhadu hul muqarra boon
මුකර්රබ් වන මලායිකාවරුන් එය (රැක) බලාගෙන සිටින්නාහ.
- 22
إِنَّ ٱلْأَبْرَارَ لَفِى نَعِيمٍ
අක්ෂර පරිවර්තනය: Innal abraara lafee Na'eem
එබැවින් නියත වශයෙන්ම හොඳ අය (එදිනදී) ස්වර්ගයේ සුව සැපයෙහි-
- 23
عَلَى ٱلْأَرَآئِكِ يَنظُرُونَ
අක්ෂර පරිවර්තනය: 'Alal araaa'iki yanzuroon
(උසස් ආසනයන් මත) හාන්සි වී (ස්වර්ගයෙහි සිදුවීම්) බලමින් සිටිනු ඇත.
- 24
تَعْرِفُ فِى وُجُوهِهِمْ نَضْرَةَ ٱلنَّعِيمِ
අක්ෂර පරිවර්තනය: Ta'rifu fee wujoohihim nadratan na'eem
(නබියේ!) ඔවුන්ගේ මුහුණු මගින්ම ඔවුන්ගේ ස්වභාවයේ සශ්‍රීකත්වය ඔබ දැනගන්නෙහිය.
- 25
يُسْقَوْنَ مِن رَّحِيقٍۢ مَّخْتُومٍ
අක්ෂර පරිවර්තනය: Yusqawna mir raheeqim makhtoom
මුද්‍රා තබනු ලැබ ඇති කළවම් නොවුන මිදි යුෂ ඔවුන්ට පානය කිරීමට සලස්වනු ලැබේ.
- 26
خِتَٰمُهُۥ مِسْكٌۭ ۚ وَفِى ذَٰلِكَ فَلْيَتَنَافَسِ ٱلْمُتَنَٰفِسُونَ
අක්ෂර පරිවර්තනය: Khitaamuhoo misk; wa fee zaalika falyatanaafasil Mutanaafisoon
එය කස්තුරි වලින් මුද්‍රා තබනු ලැබ ඇත. (පානය කිරීමට) උත්සාහ දරන්නන් එයම උත්සාහ කරත්වා!
- 27
وَمِزَاجُهُۥ مِن تَسْنِيمٍ
අක්ෂර පරිවර්තනය: Wa mizaajuhoo min Tasneem
එහි තස්නීම් නමැති පානයද කළවම් කර තිඛෙණු ඇත.
- 28
عَيْنًۭا يَشْرَبُ بِهَا ٱلْمُقَرَّبُونَ
අක්ෂර පරිවර්තනය: 'Ainaiy yashrabu bihal muqarraboon
(තස්නීම් යනු පෞද්ගලිකව අල්ලාහ්ට) සමීපස්තයන්ගේ පානය සඳහා යයි ඇති වී තිඛෙණ එක්තරා උල්පතක ජලය වන්නේය.
- 29
إِنَّ ٱلَّذِينَ أَجْرَمُوا۟ كَانُوا۟ مِنَ ٱلَّذِينَ ءَامَنُوا۟ يَضْحَكُونَ
අක්ෂර පරිවර්තනය: Innal lazeena ajramoo kaanoo minal lazeena aamanoo yadhakoon
නියත වශයෙන්ම වැරදිකරුවන් නම්, (අද දින) විශ්වාසය තැබූවන්ව දැක සිනාසෙන්නාහ.
- 30
وَإِذَا مَرُّوا۟ بِهِمْ يَتَغَامَزُونَ
අක්ෂර පරිවර්තනය: Wa izaa marroo bihim yataghaamazoon
ඔවුන් ළඟින් ගියහොත් (සමච්චලයෙන් මෙන් තමන් තුළ) කෙනෙකුට කෙනෙකු ඇසි පිළ්ලම් ගසා ඉඟි කර ගන්නාහ.
- 31
وَإِذَا ٱنقَلَبُوٓا۟ إِلَىٰٓ أَهْلِهِمُ ٱنقَلَبُوا۟ فَكِهِينَ
අක්ෂර පරිවර්තනය: Wa izan qalabooo ilaaa ahlihimun qalaboo fakiheen
(ඔවුන්ගෙන් ඈත් වී) තමන්ගේ පවුලේ උදවිය වෙත ගියා වුවද, (නැවතත්) ඔවුන්ගේ කාරණාවෙහි (සමච්චල් කර කතා කරමින්) සතුටට පත් වන්නාහ.
- 32
وَإِذَا رَأَوْهُمْ قَالُوٓا۟ إِنَّ هَٰٓؤُلَآءِ لَضَآلُّونَ
අක්ෂර පරිවර්තනය: Wa izaa ra awhum qaalooo inna haaa'ulaaa'i ladaaal loon
(අතර මගදී) ඔවුන් මොවුන්ව දුටුවහොත් (මොවුන්ව ගෙනහැර දක්වා) “නියත වශයෙන්ම මොවුන් මාර්ගය වැරද ගියහ” යයිද පවසන්නාහ.
- 33
وَمَآ أُرْسِلُوا۟ عَلَيْهِمْ حَٰفِظِينَ
අක්ෂර පරිවර්තනය: Wa maaa ursiloo 'alaihim haafizeen
(විශ්වාසවන්තයින් ගැන කුමක් නිසා නම් මොවුන් මෙතරම් දුක් වන්නෙහුද?) මොවුන් ඔවුන් කෙරෙහි ආරක්ෂකයින් වශයෙන් යවනු ලැබුවේ නැත නොවෙද!
- 34
فَٱلْيَوْمَ ٱلَّذِينَ ءَامَنُوا۟ مِنَ ٱلْكُفَّارِ يَضْحَكُونَ
අක්ෂර පරිවර්තනය: Fal yawmal lazeena aamanoo minal kuffaari yadhakoon
එහෙත් (විනිශ්චය දිනය වන) අද දින විශ්වාසය තැබූවන් එම ප්‍රතික්ෂේප කරන්නන්ව දැක සිනාසෙන්නාහ.
- 35
عَلَى ٱلْأَرَآئِكِ يَنظُرُونَ
අක්ෂර පරිවර්තනය: 'Alal araaa'iki yanzuroon
(ස්වර්ගයෙහි ඇති උසස්) ආසනයන් මත (හාන්සි වී) සිටිමින් (මෙම පාපතරයින් විඳින දඬුවම) බලමින්-
- 36
هَلْ ثُوِّبَ ٱلْكُفَّارُ مَا كَانُوا۟ يَفْعَلُونَ
අක්ෂර පරිවර්තනය: Hal suwwibal kuffaaru maa kaanoo yaf'aloon
“(විනිශ්චය දිනය) ප්‍රතික්ෂේප කළ මොවුන්ට, මොවුන්ගේ ක්‍රියාවන්ට සරිලන ඵලවිපාක දෙනු ලැබුවේද?” (යයිද විමසනු ඇත).
පරිවර්තන සංස්කරණය: si.naseemismail
ශ්‍රව්‍ය පදය: මිෂාරි රෂීඩ් ඇලෆාසි (128kbps islamic.network CDN හරහා).
පෙළ සහ පරිවර්තන: api.alquran.cloud · Uthmani Arabic.
ayah හි තේරුම අපැහැදිලි නම්, සුදුසුකම් ලත් ගුරුවරයෙකුගෙන් විමසන්න - විශේෂයෙන්ම නීතිමය සහ විශ්වාස කටයුතු සඳහා.