සියලුම සූරත

සූරතය 82

The Cleaving

سُورَةُ الانفِطَارِ

Al-Infitaar · මක්කන්

යතුරු: J next ayah · K පෙර ayah

ශ්රව්ය උපකරණ
  1. 1

    بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ إِذَا ٱلسَّمَآءُ ٱنفَطَرَتْ

    අක්ෂර පරිවර්තනය: Izas samaaa'un fatarat

    (යුග අවසානයේදී) අහස පුපුරා-

  2. 2

    وَإِذَا ٱلْكَوَاكِبُ ٱنتَثَرَتْ

    අක්ෂර පරිවර්තනය: Wa izal kawaakibun tasarat

    තාරකාවන් සී සීකඩ වී-

  3. 3

    وَإِذَا ٱلْبِحَارُ فُجِّرَتْ

    අක්ෂර පරිවර්තනය: Wa izal bihaaru fujjirat

    මුහුදු ඉවත් කරනු ලැබ-

  4. 4

    وَإِذَا ٱلْقُبُورُ بُعْثِرَتْ

    අක්ෂර පරිවර්තනය: Wa izal qubooru bu'sirat

    සොහොන්ද විවර කරනු ලැබුවහොත් (මරණයට පත් වූවන්ට පණ ලැබී නැගිට)-

  5. 5

    عَلِمَتْ نَفْسٌۭ مَّا قَدَّمَتْ وَأَخَّرَتْ

    අක්ෂර පරිවර්තනය: 'Alimat nafsum maa qaddamat wa akhkharat

    සෑම ආත්මයක්ම තමන් (ලොවෙහි) පෙර (සිදු කර) එවන ලද දැයද, (ලොවෙහි) තමන් අත්හැර දමා තිබූ දැයද හොඳින් දැන ගනු ඇත.

  6. 6

    يَٰٓأَيُّهَا ٱلْإِنسَٰنُ مَا غَرَّكَ بِرَبِّكَ ٱلْكَرِيمِ

    අක්ෂර පරිවර්තනය: Yaaa ayyuhal insaaanu maa gharraka bi Rabbikal kareem

    මිනිසාණෙනි! ඔබගේ ගෞරවණීය දෙවියන් ගැන ඔබව රවටා දැමුවේ කිමෙක්ද?

  7. 7

    ٱلَّذِى خَلَقَكَ فَسَوَّىٰكَ فَعَدَلَكَ

    අක්ෂර පරිවර්තනය: Allazee khalaqaka fasaw waaka fa'adalak

    ඔහුම ඔබව උත්පාදනය කර, උසස් අන්දමට හැඩරුව නිර්මාණය කර, ඉතාමත් නියමිත ආකාරයට සකස් කළේය.

  8. 8

    فِىٓ أَىِّ صُورَةٍۢ مَّا شَآءَ رَكَّبَكَ

    අක්ෂර පරිවර්තනය: Feee ayye sooratim maa shaaa'a rakkabak

    ඔහුම තමන් කැමති (ඉතාමත් අලංකාරවත්) හැඩයකින් ඔබව (ඔබගේ අවයවයන්) සවි කළේය.

  9. 9

    كَلَّا بَلْ تُكَذِّبُونَ بِٱلدِّينِ

    අක්ෂර පරිවර්තනය: Kalla bal tukazziboona bid deen

    එහෙත් (මිනිසුනේ!) ඵලවිපාක දෙන දිනය ඔබම බොරු කරන්නෙහුය.

  10. 10

    وَإِنَّ عَلَيْكُمْ لَحَٰفِظِينَ

    අක්ෂර පරිවර්තනය: Wa inna 'alaikum lahaa fizeen

    නියත වශයෙන්ම ඔබ කෙරෙහි ආරක්ෂකයින් පත් කරනු ලැබ ඇත්තේය.

  11. 11

    كِرَامًۭا كَٰتِبِينَ

    අක්ෂර පරිවර්තනය: Kiraaman kaatibeen

    ඔවුන් (මලායිකාවරුන්ගෙන් වූ) ගෞරවණීය ලියන්නන් දෙදෙනෙකි.

  12. 12

    يَعْلَمُونَ مَا تَفْعَلُونَ

    අක්ෂර පරිවර්තනය: Ya'lamoona ma taf'aloon

    ඔබ කරන දැය සියල්ල ඔවුන් (නිවැරදිව) දැන (ලියා) ගන්නාහ.

  13. 13

    إِنَّ ٱلْأَبْرَارَ لَفِى نَعِيمٍۢ

    අක්ෂර පරිවර්තනය: Innal abraara lafee na'eem

    එබැවින් නියත වශයෙන්ම හොඳ අය (ස්වර්ගයෙහි) ඉමහත් සතුටු සුවයෙන් සිටිනු ඇත.

  14. 14

    وَإِنَّ ٱلْفُجَّارَ لَفِى جَحِيمٍۢ

    අක්ෂර පරිවර්තනය: Wa innal fujjaara lafee jaheem

    නියත වශයෙන්ම පාපතරයින් නිරයෙහිම සිටිනු ඇත.

  15. 15

    يَصْلَوْنَهَا يَوْمَ ٱلدِّينِ

    අක්ෂර පරිවර්තනය: Yaslawnahaa Yawmad Deen

    ඵලවිපාක දෙන දිනදී එයම ඔවුන් අත්කර ගන්නාහ.

  16. 16

    وَمَا هُمْ عَنْهَا بِغَآئِبِينَ

    අක්ෂර පරිවර්තනය: Wa maa hum 'anhaa bighaaa 'ibeen

    ඔවුන් එයින් සැඟවී (බේරී දිව) යන්නට නොහැක.

  17. 17

    وَمَآ أَدْرَىٰكَ مَا يَوْمُ ٱلدِّينِ

    අක්ෂර පරිවර්තනය: Wa maaa adraaka maa Yawmud Deen

    (නබියේ!) ඵලවිපාක ලබා දෙන එදින කිමෙක්දැයි ඔබ දන්නෙහිද?

  18. 18

    ثُمَّ مَآ أَدْرَىٰكَ مَا يَوْمُ ٱلدِّينِ

    අක්ෂර පරිවර්තනය: Summa maaa adraaka maa Yawmud Deen

    ඵලවිපාක ලබා දෙන එදින කිමෙක්දැයි ඔබට දැනුම් දෙන්නේ කිමෙක්ද?

  19. 19

    يَوْمَ لَا تَمْلِكُ نَفْسٌۭ لِّنَفْسٍۢ شَيْـًۭٔا ۖ وَٱلْأَمْرُ يَوْمَئِذٍۢ لِّلَّهِ

    අක්ෂර පරිවර්තනය: Yawma laa tamliku nafsul linafsin shai'anw walamru yawma'izil lillaah

    එදිනදී කිසියම් ආත්මයක් වෙනත් ආත්මයකට යම්කිසි උදව්වක් කිරීමට ශක්තියක් ලබන්නේ නැත. බලයද එදිනදී සම්පූර්ණයෙන්ම අල්ලාහ්ටම ඇත්තේය.

පරිවර්තන සංස්කරණය: si.naseemismail

ශ්‍රව්‍ය පදය: මිෂාරි රෂීඩ් ඇලෆාසි (128kbps islamic.network CDN හරහා).

පෙළ සහ පරිවර්තන: api.alquran.cloud · Uthmani Arabic.

ayah හි තේරුම අපැහැදිලි නම්, සුදුසුකම් ලත් ගුරුවරයෙකුගෙන් විමසන්න - විශේෂයෙන්ම නීතිමය සහ විශ්වාස කටයුතු සඳහා.