සියලුම සූරත

සූරතය 81

The Overthrowing

سُورَةُ التَّكۡوِيرِ

At-Takwir · මක්කන්

යතුරු: J next ayah · K පෙර ayah

ශ්රව්ය උපකරණ
  1. 1

    بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ إِذَا ٱلشَّمْسُ كُوِّرَتْ

    අක්ෂර පරිවර්තනය: Izash shamsu kuwwirat

    (යුග අවසානය සඳහා) සූර්යයාගේ ආලෝකය මැකී යන විට-

  2. 2

    وَإِذَا ٱلنُّجُومُ ٱنكَدَرَتْ

    අක්ෂර පරිවර්තනය: Wa izan nujoomun kadarat

    තාරකාවන්ගේ දීප්තිමත් ආලෝකය සිඳී කඩා වැටෙන විට-

  3. 3

    وَإِذَا ٱلْجِبَالُ سُيِّرَتْ

    අක්ෂර පරිවර්තනය: Wa izal jibaalu suyyirat

    කඳු තල්ලූ කර, පාවෙන්නට සලස්වන විට-

  4. 4

    وَإِذَا ٱلْعِشَارُ عُطِّلَتْ

    අක්ෂර පරිවර්තනය: Wa izal 'ishaaru 'uttilat

    (දස මස්) ගැබ්බර ඔටු දෙනුන් සලකන්නට කෙනෙකු නොමැතිව (බැඳ ඇති දැය ලෙහී) ඒ මේ අත විසිරී යන්නට අත්හැර දමන විට-

  5. 5

    وَإِذَا ٱلْوُحُوشُ حُشِرَتْ

    අක්ෂර පරිවර්තනය: Wa izal wuhooshu hushirat

    කැලේ සතුන් (ගම්වල) ඒකරාශී කරනු ලබන විට-

  6. 6

    وَإِذَا ٱلْبِحَارُ سُجِّرَتْ

    අක්ෂර පරිවර්තනය: Wa izal bihaaru sujjirat

    මුහුදු උතුරා (ගොද ගොද ගා) නටන්නට සලස්වන විට-

  7. 7

    وَإِذَا ٱلنُّفُوسُ زُوِّجَتْ

    අක්ෂර පරිවර්තනය: Wa izan nufoosu zuwwijat

    ජීවීන්ව ඒකරාශී කරනු ලබන විට-

  8. 8

    وَإِذَا ٱلْمَوْءُۥدَةُ سُئِلَتْ

    අක්ෂර පරිවර්තනය: Wa izal maw'oodatu su'ilat

    පණපිටින් වළලනු ලැබූ ගැහැනු දරුවන්ට

  9. 9

    بِأَىِّ ذَنۢبٍۢ قُتِلَتْ

    අක්ෂර පරිවර්තනය: Bi ayyi zambin qutilat

    “කුමන වරදක් සඳහා ඔබව (පණපිටින් වළලනු ලැබ) ඝාතනය කරනු ලැබුවෙහුද?”යි විමසනු ලබන්නාහ.

  10. 10

    وَإِذَا ٱلصُّحُفُ نُشِرَتْ

    අක්ෂර පරිවර්තනය: Wa izas suhufu nushirat

    (විනිශ්චය සඳහා මිනිසුන්ගේ) ක්‍රියාකාරකම් ලේඛන දිගහරිනු ලබන විට

  11. 11

    وَإِذَا ٱلسَّمَآءُ كُشِطَتْ

    අක්ෂර පරිවර්තනය: Wa izas samaaa'u kushitat

    අහස (පැළී) ඈත් කරනු ලබන විට-

  12. 12

    وَإِذَا ٱلْجَحِيمُ سُعِّرَتْ

    අක්ෂර පරිවර්තනය: Wa izal jaheemu su'-'irat

    නිරය දවනු ලබන විට-

  13. 13

    وَإِذَا ٱلْجَنَّةُ أُزْلِفَتْ

    අක්ෂර පරිවර්තනය: Wa izal jannatu uzlifat

    ස්වර්ගය (අලංකාරවත් කරනු ලැබ), සමීපයට ගෙන එනු ලබන විට-

  14. 14

    عَلِمَتْ نَفْسٌۭ مَّآ أَحْضَرَتْ

    අක්ෂර පරිවර්තනය: 'Alimat nafsum maaa ahdarat

    සෑම ආත්මයක්ම (පින් හෝ පව් හෝ) තම ඉදිරියේ තිබීම හොඳින් දැන ගනු ඇත.

  15. 15

    فَلَآ أُقْسِمُ بِٱلْخُنَّسِ

    අක්ෂර පරිවර්තනය: Falaaa uqsimu bil khunnas

    (මිනිසුනේ!) වේගයෙන් දිව ගොස් සැඟවී යා හැකි මාර්ගයේම-

  16. 16

    ٱلْجَوَارِ ٱلْكُنَّسِ

    අක්ෂර පරිවර්තනය: Al jawaaril kunnas

    නැවත නැවතත් ගමන් කරන ග්‍රහයන් මත සත්තකින්ම!

  17. 17

    وَٱلَّيْلِ إِذَا عَسْعَسَ

    අක්ෂර පරිවර්තනය: Wallaili izaa 'as'as

    ගමන් කරන රාත්‍රිය මතද සත්තකින්ම!

  18. 18

    وَٱلصُّبْحِ إِذَا تَنَفَّسَ

    අක්ෂර පරිවර්තනය: Wassubhi izaa tanaffas

    උදා වන අළුයම මත සත්තකින්ම!

  19. 19

    إِنَّهُۥ لَقَوْلُ رَسُولٍۢ كَرِيمٍۢ

    අක්ෂර පරිවර්තනය: Innahoo laqawlu rasoolin kareem

    නියත වශයෙන්ම (ශුද්ධ වූ කුර්ආනය නමැති) මෙය ඉතාමත් ගෞරවණීය (ජිබ්රීල් නමැති) දේව දූතයෙකු මගින් පවසනු ලැබූවක් වන්නේය.

  20. 20

    ذِى قُوَّةٍ عِندَ ذِى ٱلْعَرْشِ مَكِينٍۢ

    අක්ෂර පරිවර්තනය: Zee quwwatin 'inda zil 'arshi makeen

    ඔහු ඉතාමත් බලසම්පන්නයෙකි. අර්ෂ්හි හිමි වෙතින් ඉමහත් පදවි අයත් කෙනෙකි.

  21. 21

    مُّطَاعٍۢ ثَمَّ أَمِينٍۢ

    අක්ෂර පරිවර්තනය: Mutaa'in samma ameen

    (ඔහු එහි සිටින මලායිකාවරුන්-ගෙන්) ප්‍රධානියාය. තවද ඉතාමත් විශ්වාසවන්තයෙකි.

  22. 22

    وَمَا صَاحِبُكُم بِمَجْنُونٍۢ

    අක්ෂර පරිවර්තනය: Wa maa saahibukum bimajnoon

    (මක්කාවාසීනී! අපගේ දූතයා වන) ඔබගේ මිතුරා පිස්සෙකු නොවන්නේය.

  23. 23

    وَلَقَدْ رَءَاهُ بِٱلْأُفُقِ ٱلْمُبِينِ

    අක්ෂර පරිවර්තනය: Wa laqad ra aahu bilufuqil mubeen

    නියත වශයෙන්ම ඔහු (ජිබ්රීල් වන) ඔහුව පැහැදිලි වූ පහළ අහසෙහි ඇත්තෙන්ම දුටුවේය.

  24. 24

    وَمَا هُوَ عَلَى ٱلْغَيْبِ بِضَنِينٍۢ

    අක්ෂර පරිවර්තනය: Wa maa huwa 'alal ghaibi bidaneen

    ඔහු (ඒ අවස්ථාවේ දුටු) සැඟවුණු දැය (දැනුම් දීමෙහි) මසුරුකම් කරන්නෙකු නොව.

  25. 25

    وَمَا هُوَ بِقَوْلِ شَيْطَٰنٍۢ رَّجِيمٍۢ

    අක්ෂර පරිවර්තනය: Wa maa huwa biqawli shaitaanir rajeem

    තවද මෙය එළවන ලද ෂෙයිතාන්ගේ වදනක්ද නොව.

  26. 26

    فَأَيْنَ تَذْهَبُونَ

    අක්ෂර පරිවර්තනය: Fa ayna tazhaboon

    එබැවින් (මෙය අත්හැර) ඔබ කොහේ නම් දුවන්නෙහුද?

  27. 27

    إِنْ هُوَ إِلَّا ذِكْرٌۭ لِّلْعَٰلَمِينَ

    අක්ෂර පරිවර්තනය: In huwa illaa zikrul lil'aalameen

    මෙය ලෝකයන් සියල්ලට ඔවදනක්ම මිස, වෙන කිසිවක් නැත.

  28. 28

    لِمَن شَآءَ مِنكُمْ أَن يَسْتَقِيمَ

    අක්ෂර පරිවර්තනය: Liman shaaa'a minkum ai yastaqeem

    ඔබගෙන් කවුරුන් ඍජු මාර්ගයෙහි යාමට කැමති වන අයටද

  29. 29

    وَمَا تَشَآءُونَ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ رَبُّ ٱلْعَٰلَمِينَ

    අක්ෂර පරිවර්තනය: Wa maa tashaaa'oona illaaa ai yashaaa 'al laahu Rabbul 'Aalameen

    එහෙත් ලෝකයන්ගේ දෙවියන් වන අල්ලාහ් අදහස් කළහොත් මිස, ඔබ (හොඳ වැටහීමක් ලබා ගැනීමට) කැමති නොවන්නෙහුය.

පරිවර්තන සංස්කරණය: si.naseemismail

ශ්‍රව්‍ය පදය: මිෂාරි රෂීඩ් ඇලෆාසි (128kbps islamic.network CDN හරහා).

පෙළ සහ පරිවර්තන: api.alquran.cloud · Uthmani Arabic.

ayah හි තේරුම අපැහැදිලි නම්, සුදුසුකම් ලත් ගුරුවරයෙකුගෙන් විමසන්න - විශේෂයෙන්ම නීතිමය සහ විශ්වාස කටයුතු සඳහා.

The Overthrowing — Islam Word