සියලුම සූරත

සූරතය 80

He Frowned

سُورَةُ عَبَسَ

Abasa · මක්කන්

යතුරු: J next ayah · K පෙර ayah

ශ්රව්ය උපකරණ
  1. 1

    بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ عَبَسَ وَتَوَلَّىٰٓ

    අක්ෂර පරිවර්තනය: 'Abasa wa tawallaa.

    (අපගේ නබිවරයා වන) ඔහු කෝපයෙන් වෙව්ලූවේය. ප්‍රතික්ෂේප කළේය. (කුමක් සඳහාද?)

  2. 2

    أَن جَآءَهُ ٱلْأَعْمَىٰ

    අක්ෂර පරිවර්තනය: An jaa-ahul 'a-maa

    තමන් වෙත එක් අන්ධයෙකු පැමිණි නිසාය.

  3. 3

    وَمَا يُدْرِيكَ لَعَلَّهُۥ يَزَّكَّىٰٓ

    අක්ෂර පරිවර්තනය: Wa maa yudreeka la'allahu yaz zakkaa.

    (නබියේ! ඔබ වෙත පැමිණි) ඔහු, පරිශුද්ධවන්තයෙකු බවට පත් විය හැකිය යන්න ඔබ දන්නෙහිද?

  4. 4

    أَوْ يَذَّكَّرُ فَتَنفَعَهُ ٱلذِّكْرَىٰٓ

    අක්ෂර පරිවර්තනය: Au yaz zak karu fatanfa 'ahuz zikraa.

    නැතහොත් (ඔබගේ හොඳ ඔවදන) ඔහු සිතා, හොඳ ඔවදන මගින් ඔහු ප්‍රයෝජනයක් අත් කර ගත හැකිය යන්න ඔබ දන්නෙහිද?

  5. 5

    أَمَّا مَنِ ٱسْتَغْنَىٰ

    අක්ෂර පරිවර්තනය: Amma manis taghnaa

    (එසේ තිබියදී ඔහුව ඔබ කුමක් නිසා කෝපයෙන් වෙව්ලා ප්‍රතික්ෂේප කළෙහිද? නබියේ! ධර්මය) කවුරුන් නොසළකා හරින්නේද,

  6. 6

    فَأَنتَ لَهُۥ تَصَدَّىٰ

    අක්ෂර පරිවර්තනය: Fa-anta lahu tasaddaa

    ඔහු දෙසටම ඔබගේ අවධානය යොමු කරන්නෙහිය.

  7. 7

    وَمَا عَلَيْكَ أَلَّا يَزَّكَّىٰ

    අක්ෂර පරිවර්තනය: Wa ma 'alaika allaa yaz zakka.

    ඔහු පරිශුද්ධවන්තයෙකු බවට පත් නොවුවහොත් ඒ ගැන ඔබ කෙරෙහි කිසිම වැරැද්දක් නැත (නොවෙද!)

  8. 8

    وَأَمَّا مَن جَآءَكَ يَسْعَىٰ

    අක්ෂර පරිවර්තනය: Wa amma man jaa-aka yas'a

    කවුරුන් (තමන් විසින්ම) ඔබ වෙත දිව එන්නේද,

  9. 9

    وَهُوَ يَخْشَىٰ

    අක්ෂර පරිවර්තනය: Wahuwa yakhshaa,

    ඔහුම (අල්ලාහ්ට) බිය වන්නෙකි.

  10. 10

    فَأَنتَ عَنْهُ تَلَهَّىٰ

    අක්ෂර පරිවර්තනය: Fa-anta 'anhu talah haa.

    එහෙත් ඔබ ඔහුව නොසලකා හරින්නෙහිය.

  11. 11

    كَلَّآ إِنَّهَا تَذْكِرَةٌۭ

    අක්ෂර පරිවර්තනය: Kalla innaha tazkirah

    එසේ කිරීම හොඳක් නොව. (ශුද්ධ වූ කුර්ආනය වන) මෙය ඇත්තෙන්ම හොඳ ඔවදනකි.

  12. 12

    فَمَن شَآءَ ذَكَرَهُۥ

    අක්ෂර පරිවර්තනය: Faman shaa a zakarah

    කවුරුන් (ඍජු මාර්ගයෙහි යාමට) කැමති වන්නේද, ඔහු මෙයට (සවන් දී) මතකයේ තබා ගන්නේය.

  13. 13

    فِى صُحُفٍۢ مُّكَرَّمَةٍۢ

    අක්ෂර පරිවර්තනය: Fi suhufim mukar rama,

    මෙම අල්කුර්ආනය ඉතාමත් ගෞරවණීය පුස්තකයකි,

  14. 14

    مَّرْفُوعَةٍۢ مُّطَهَّرَةٍۭ

    අක්ෂර පරිවර්තනය: Marfoo'atim mutah hara,

    ඉතාමත් ශ්‍රේෂ්ඨය, පරිශුද්ධය (ලව්හුල් මහ්ෆූල් නමැති)

  15. 15

    بِأَيْدِى سَفَرَةٍۢ

    අක්ෂර පරිවර්තනය: Bi'aidee safara

    ඉතාමත් ගෞරවණීය හොඳ අය වන ලියන්නන්ගේ අත්වලින් (ලියන ලදී)

  16. 16

    كِرَامٍۭ بَرَرَةٍۢ

    අක්ෂර පරිවර්තනය: Kiraamim bararah.

    ඔවුහු ගෞරවාන්විතය පිරිසිදුය.

  17. 17

    قُتِلَ ٱلْإِنسَٰنُ مَآ أَكْفَرَهُۥ

    අක්ෂර පරිවර්තනය: Qutilal-insanu maa akfarah.

    (පාපයන් කරන) මිනිසාට විනාශයයි! ඔහු කොපමණ කෙළෙහිගුණ නොදන්නෙකු වශයෙන් සිටින්නේද!

  18. 18

    مِنْ أَىِّ شَىْءٍ خَلَقَهُۥ

    අක්ෂර පරිවර්තනය: Min aiyyi shai-in Khalaq

    කුමක් මගින් ඔහුව උත්පාදනය කරනු ලැබ ඇත්තේද (යන්න ඔහු අවධානය කළෙහිද?)

  19. 19

    مِن نُّطْفَةٍ خَلَقَهُۥ فَقَدَّرَهُۥ

    අක්ෂර පරිවර්තනය: Min nutfah; khalaqahu faqad-darah.

    එක් ඉන්ද්‍රිය බිඳක් මගින්ම ඔහුව උත්පාදනය කර, (ඔහු සිටින මේ ආකාරයටම, ඔහුව මිනිසා වශයෙන් නිර්මාණය කර), ඔහුව සැලසුම් කළේය.

  20. 20

    ثُمَّ ٱلسَّبِيلَ يَسَّرَهُۥ

    අක්ෂර පරිවර්තනය: Thummas sabeela yas-sarah

    පසුව ඔහු (කරනු ලබන පව් පින්වලට අයත්) මාර්ගය ඔහුට පහසු කර තැබුවේය.

  21. 21

    ثُمَّ أَمَاتَهُۥ فَأَقْبَرَهُۥ

    අක්ෂර පරිවර්තනය: Thumma amatahu fa-aqbarah

    පසුව ඔහුව මරණයට පත් වීමට සලස්වා, සොහොනෙහි ඔහුව ඇතුළු කර හරින්නේය.

  22. 22

    ثُمَّ إِذَا شَآءَ أَنشَرَهُۥ

    අක්ෂර පරිවර්තනය: Thumma iza shaa-a ansharah

    පසුව ඔහු කැමති අවස්ථාවක (පණ දී) ඔහුව නැගිට්ටවන්නේය.

  23. 23

    كَلَّا لَمَّا يَقْضِ مَآ أَمَرَهُۥ

    අක්ෂර පරිවර්තනය: Kalla lamma yaqdi maa amarah.

    එහෙත් නියත වශයෙන්ම ඔහු, ඔහුගේ නියෝගයන් ඉටු කරන්නේ නැත.

  24. 24

    فَلْيَنظُرِ ٱلْإِنسَٰنُ إِلَىٰ طَعَامِهِۦٓ

    අක්ෂර පරිවර්තනය: Falyanzuril insanu ilaa ta-amih

    තවද මිනිසා තමන්ගේ ආහාරය, (එය කොහි සිට, කෙසේ නම් පැමිණෙන්නේද යන්න පොඩියක්) අවධානය කර බැලිය යුතුය.

  25. 25

    أَنَّا صَبَبْنَا ٱلْمَآءَ صَبًّۭا

    අක්ෂර පරිවර්තනය: Anna sabab nalmaa-a sabba.

    නියත වශයෙන්ම අපිම බොහෝ ජලය වසින්නට සලස්වා-

  26. 26

    ثُمَّ شَقَقْنَا ٱلْأَرْضَ شَقًّۭا

    අක්ෂර පරිවර්තනය: Thumma sha qaqnal-arda shaqqa.

    පසුව භූමියද, පුපුරා (පැළෙන්නට සලස්වා)-

  27. 27

    فَأَنۢبَتْنَا فِيهَا حَبًّۭا

    අක්ෂර පරිවර්තනය: Fa ambatna feeha habba

    පසුව එයින් බීජයන් පැළවී වැඩෙන්නට සලස්වන්නෙමු.

  28. 28

    وَعِنَبًۭا وَقَضْبًۭا

    අක්ෂර පරිවර්තනය: Wa 'inabaw-wa qadba

    (මෙසේ) මිදි (පලතුරු) ද (වෙනත්) එළවළුද,

  29. 29

    وَزَيْتُونًۭا وَنَخْلًۭا

    අක්ෂර පරිවර්තනය: Wa zaitoonaw wanakh la'

    සෙයිතූන් (ඔලිව්)ද, ඉඳිද,

  30. 30

    وَحَدَآئِقَ غُلْبًۭا

    අක්ෂර පරිවර්තනය: Wa hadaa-iqa ghulba

    ඝනට වැඩුණු අතුවලින් පිරි වතුද,

  31. 31

    وَفَٰكِهَةًۭ وَأَبًّۭا

    අක්ෂර පරිවර්තනය: Wa faki hataw-wa abba.

    පලතුරු වර්ගද, තණ, ගස්වැල් ආදියද, ,

  32. 32

    مَّتَٰعًۭا لَّكُمْ وَلِأَنْعَٰمِكُمْ

    අක්ෂර පරිවර්තනය: Mata'al-lakum wa li-an'amikum.

    ඔබටද ඔබගේ සතුන්ටද, ප්‍රයෝජනවත් වන සේ ඉකුත් කරන්නෙමු.

  33. 33

    فَإِذَا جَآءَتِ ٱلصَّآخَّةُ

    අක්ෂර පරිවර්තනය: Faiza jaa-atis saakhah.

    (යුග අවසන් වන විට) කණ් බිහිර වන තරමට (භයානක) ශබ්දයක් ඇති වන්නේ නම්,

  34. 34

    يَوْمَ يَفِرُّ ٱلْمَرْءُ مِنْ أَخِيهِ

    අක්ෂර පරිවර්තනය: Yauma yafir-rul mar-u min akheeh

    එදිනදී මිනිසා (තිගැස්සී) තම සහෝදරයාගෙන්ද,

  35. 35

    وَأُمِّهِۦ وَأَبِيهِ

    අක්ෂර පරිවර්තනය: Wa ummihee wa abeeh

    තම මවගෙන්ද, තම පියාගෙන්ද,

  36. 36

    وَصَٰحِبَتِهِۦ وَبَنِيهِ

    අක්ෂර පරිවර්තනය: Wa sahi batihee wa baneeh.

    තම භාර්යයාවගෙන්ද, තම දරුවන්ගෙන්ද ඈත් වී වේගයෙන් දුවන්නේය.

  37. 37

    لِكُلِّ ٱمْرِئٍۢ مِّنْهُمْ يَوْمَئِذٍۢ شَأْنٌۭ يُغْنِيهِ

    අක්ෂර පරිවර්තනය: Likul limri-im-minuhm yaumaa-izin shaa nuy-yughneeh

    එදිනදී ඔවුන්ගෙන් සෑම මිනිසෙකුටම අන් අයව සලකන්නට නොහැකි තත්වයක් ඇති වනු ඇත.

  38. 38

    وُجُوهٌۭ يَوْمَئِذٍۢ مُّسْفِرَةٌۭ

    අක්ෂර පරිවර්තනය: Wujoo huny-yauma-izim-musfira;

    (එහෙත්) එදිනදී සමහර මුහුණු අලෝකමත්ව ඇති ඒවා වශයෙන්ද-

  39. 39

    ضَاحِكَةٌۭ مُّسْتَبْشِرَةٌۭ

    අක්ෂර පරිවර්තනය: Dahi katum mustab shirah

    සන්තෝෂයෙන් සිනහමුසු ඒවා වශයෙන්ද ඇත.

  40. 40

    وَوُجُوهٌۭ يَوْمَئِذٍ عَلَيْهَا غَبَرَةٌۭ

    අක්ෂර පරිවර්තනය: Wa wujoohuy yauma-izin 'alaiha ghabar a

    එදිනදී වෙනත් සමහර මුහුණු මත දූවිලි වැදී තිඛෙණු ඇත.

  41. 41

    تَرْهَقُهَا قَتَرَةٌ

    අක්ෂර පරිවර්තනය: Tarhaquha qatarah.

    (ශෝකයෙන්) අන්ධකාර වී තිඛෙණු ඇත.

  42. 42

    أُو۟لَٰٓئِكَ هُمُ ٱلْكَفَرَةُ ٱلْفَجَرَةُ

    අක්ෂර පරිවර්තනය: Ulaa-ika humul-kafa ratul-fajarah.

    මොවුන්ම (විනිශ්චය දිනය) ප්‍රතික්ෂේප කර, පාපයන් කරන්නන්ය.

පරිවර්තන සංස්කරණය: si.naseemismail

ශ්‍රව්‍ය පදය: මිෂාරි රෂීඩ් ඇලෆාසි (128kbps islamic.network CDN හරහා).

පෙළ සහ පරිවර්තන: api.alquran.cloud · Uthmani Arabic.

ayah හි තේරුම අපැහැදිලි නම්, සුදුසුකම් ලත් ගුරුවරයෙකුගෙන් විමසන්න - විශේෂයෙන්ම නීතිමය සහ විශ්වාස කටයුතු සඳහා.