යතුරු: J next ayah · K පෙර ayah
- 1
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ وَٱلنَّٰزِعَٰتِ غَرْقًۭا
අක්ෂර පරිවර්තනය: Wan naazi 'aati gharqa
(පාපතරයින්ගේ ආත්මය) තදින් උදුරා ගන්නා අය මත සත්තකින්ම!
- 2
وَٱلنَّٰشِطَٰتِ نَشْطًۭا
අක්ෂර පරිවර්තනය: Wan naa shi taati nashta
(හොඳ අයගේ ආත්මය පහසුවෙන්) අත්පත් කර ගන්නා අය මත සත්තකින්ම!
- 3
وَٱلسَّٰبِحَٰتِ سَبْحًۭا
අක්ෂර පරිවර්තනය: Wass saabi-haati sabha
(අහසෙහිද, මුහුදෙහිද) අධි වේගයෙන් (පියාඹා) පිහිනා යන අය මත සත්තකින්ම!
- 4
فَٱلسَّٰبِقَٰتِ سَبْقًۭا
අක්ෂර පරිවර්තනය: Fass saabi qaati sabqa
(දෙවියන්ගේ නියෝගය ඉටු කිරීමට) තරඟ කරමින් ඉදිරියට යන අය මතද සත්තකින්ම!
- 5
فَٱلْمُدَبِّرَٰتِ أَمْرًۭا
අක්ෂර පරිවර්තනය: Fal mu dab-bi raati amra
සියලූ කාරණාවන්ම (දෙවියන්ගේ නියෝගයට අනුව) පරිපාලනය කරන අය මතද සත්තකින්ම!
- 6
يَوْمَ تَرْجُفُ ٱلرَّاجِفَةُ
අක්ෂර පරිවර්තනය: Yawma tarjufur raajifa
(දරුණු භූමි කම්පාවෙන් භූමිය) දැඩි ලෙස චලනය වන දිනදී,
- 7
تَتْبَعُهَا ٱلرَّادِفَةُ
අක්ෂර පරිවර්තනය: Tatba'u har raadifa
(නැවත) නැවතත් ඉන් පසුවද නොකඩවා (බොහොමයක් භූමි චලනයන්) පැමිණෙන (දින අනිවාර්යයෙන්ම යුග අවසානය සිදු වන්නේය).
- 8
قُلُوبٌۭ يَوْمَئِذٍۢ وَاجِفَةٌ
අක්ෂර පරිවර්තනය: Quloobuny-yau maaiziw-waaji-fa
එදිනදී හෘදයන් සියල්ල තිගැස්සී වෙව්ලමින් තිඛෙණු ඇත.
- 9
أَبْصَٰرُهَا خَٰشِعَةٌۭ
අක්ෂර පරිවර්තනය: Absaa ruhaa khashi'ah
ඔවුන්ගේ බැල්ම නම්, (බියෙන්) පහත හෙළමින් තිඛෙණු ඇත.
- 10
يَقُولُونَ أَءِنَّا لَمَرْدُودُونَ فِى ٱلْحَافِرَةِ
අක්ෂර පරිවර්තනය: Ya qoo loona a-inna lamar doo doona fil haafirah
(මෙසේ තිබියදී ප්‍රතික්ෂේප කරන්නන් මෙය ප්‍රතික්ෂේප කර) “අපි (මරණයට පත් වූ පසු) ඇත්තෙන්ම (පණ ලබා දී) කළින් තිබූ තත්වයට ආපසු ගෙන එනු ලබන්නෙමුද?”
- 11
أَءِذَا كُنَّا عِظَٰمًۭا نَّخِرَةًۭ
අක්ෂර පරිවර්තනය: Aizaa kunna 'izaa man-nakhirah
“(එයත්) අපි දිරා පත් වී ඇට කටු බවට පත් වූ පසුද, (පණ ලබා දී නැගිට්ටවනු ලබන්නෙමුද?)” යයි පවසන්නාහ.
- 12
قَالُوا۟ تِلْكَ إِذًۭا كَرَّةٌ خَاسِرَةٌۭ
අක්ෂර පරිවර්තනය: Qaalu tilka izan karratun khaasirah.
“එසේ නම්, එය ඉමහත් අලාභ සහිත ආපසු ගැනීමකි” යයිද ඔවුන් (සමච්චලයෙන් මෙන්) පවසන්නාහ.
- 13
فَإِنَّمَا هِىَ زَجْرَةٌۭ وَٰحِدَةٌۭ
අක්ෂර පරිවර්තනය: Fa inna ma hiya zajratuw-waahida
(මෙය එසේ සිදු විය හැකි දැයක් නොව යයි ඔවුන්ට දැනෙන්නට ඉඩ ඇත. එහෙත් අපට නම්) එය එක්තරා භයානක චලනයක්, (එක්තරා බලපෑමක් හා භයානක ශබ්දයක්) පමණකි.
- 14
فَإِذَا هُم بِٱلسَّاهِرَةِ
අක්ෂර පරිවර්තනය: Faizaa hum biss saahirah
එවෙලේම ඔවුන් (සියල්ලන්ම පණ ලැබී නැගිට විත්) එක්තරා ස්ථානයක ඒකරාශී වන්නාහ.
- 15
هَلْ أَتَىٰكَ حَدِيثُ مُوسَىٰٓ
අක්ෂර පරිවර්තනය: Hal ataaka hadeethu Musaa
(නබියේ!) මූසාගේ පුවත ඔබට ළඟා වූවේද?
- 16
إِذْ نَادَىٰهُ رَبُّهُۥ بِٱلْوَادِ ٱلْمُقَدَّسِ طُوًى
අක්ෂර පරිවර්තනය: Iz nadaahu rabbuhu bil waadil-muqad dasi tuwa
‘තුවා’ නමැති පරිශුද්ධ වූ ඇළට ඔහුගේ දෙවියන් ඔහුව කැඳවා,
- 17
ٱذْهَبْ إِلَىٰ فِرْعَوْنَ إِنَّهُۥ طَغَىٰ
අක්ෂර පරිවර්තනය: Izhab ilaa fir'auna innahu taghaa.
“නියත වශයෙන්ම ෆිර්අව්න් සීමාව ඉක්මවා ගියේය.
- 18
فَقُلْ هَل لَّكَ إِلَىٰٓ أَن تَزَكَّىٰ
අක්ෂර පරිවර්තනය: Faqul hal laka ilaa-an tazakka.
ඔබ ඔහු වෙත ගොස් (ඔහුට “පාපයන්ගෙන් ඈත්ව) ඔබ පරිශුද්ධවන්තයෙකු බවට පත් වීමට කැමැත්තෙහිද?”
- 19
وَأَهْدِيَكَ إِلَىٰ رَبِّكَ فَتَخْشَىٰ
අක්ෂර පරිවර්තනය: Wa ahdi yaka ila rabbika fatakh sha
“(එසේ නම්) ඔබ දෙවියන් දෙසට යා හැකි මාර්ගය මා ඔබට දැනුම් දෙන්නෙමි. ‘ඔහුට ඔබ බිය වනු’යි පවසනු” (යයි මූසාට දෙවියන් නියෝග කළේය).
- 20
فَأَرَىٰهُ ٱلْءَايَةَ ٱلْكُبْرَىٰ
අක්ෂර පරිවර්තනය: Fa araahul-aayatal kubra.
(මූසා ඔහු වෙත ගොස් එසේ පවසා) විශාල ප්‍රාතිහාර්යයක්ද ඔහුට පෙන්වූවේය.
- 21
فَكَذَّبَ وَعَصَىٰ
අක්ෂර පරිවර්තනය: Fa kazzaba wa asaa.
එහෙත් ඔහු නම්, (එය) බොරු කර, (ඔහු කියූ දැයට) වෙනස්කම් කළේය.
- 22
ثُمَّ أَدْبَرَ يَسْعَىٰ
අක්ෂර පරිවර්තනය: Thumma adbara yas'aa.
පසුව (ඔහුව) ප්‍රතික්ෂේප කර, (ඔහුට විපත් කිරීමටද) උත්සාහ කළේය.
- 23
فَحَشَرَ فَنَادَىٰ
අක්ෂර පරිවර්තනය: Fa hashara fanada.
මේ වෙනුවෙන් (තම ජනතාව) ඒකරාශී කර, (ඔවුන්ට) නිවේදනයක්ද නිකුත් කළේය.
- 24
فَقَالَ أَنَا۠ رَبُّكُمُ ٱلْأَعْلَىٰ
අක්ෂර පරිවර්තනය: Faqala ana rabbu kumul-a'laa.
(ඔවුන්ට) “මමයි ඔබට උසස් දෙවියන්” යයිද පැවසුවේය.
- 25
فَأَخَذَهُ ٱللَّهُ نَكَالَ ٱلْءَاخِرَةِ وَٱلْأُولَىٰٓ
අක්ෂර පරිවර්තනය: Fa-akha zahul laahu nakalal aakhirati wal-oola.
එබැවින් අල්ලාහ් ඔහුව මෙලොව හා පරලොව දඬුවම මගින් අල්ලා ගත්තේය.
- 26
إِنَّ فِى ذَٰلِكَ لَعِبْرَةًۭ لِّمَن يَخْشَىٰٓ
අක්ෂර පරිවර්තනය: Inna fee zaalika la'ibratal limaiy-yaksha
ඇත්තෙන්ම බිය වන්නන්ට මෙහි එක්තරා හොඳ පාඩමක් ඇත්තේය.
- 27
ءَأَنتُمْ أَشَدُّ خَلْقًا أَمِ ٱلسَّمَآءُ ۚ بَنَىٰهَا
අක්ෂර පරිවර්තනය: A-antum a shaddu khalqan amis samaa-u banaaha.
(මිනිසුනේ! හැඩරුව) නිර්මාණයෙහි ඔබ බලවන්තයින්ද? නැතහොත් ඔහු උත්පාදනය කළ අහසද?
- 28
رَفَعَ سَمْكَهَا فَسَوَّىٰهَا
අක්ෂර පරිවර්තනය: Raf'a sam kaha fasaw waaha
ඔහුම එහි මුදුන ඔසවා එය සැලසුම් කළේය.
- 29
وَأَغْطَشَ لَيْلَهَا وَأَخْرَجَ ضُحَىٰهَا
අක්ෂර පරිවර්තනය: Wa aghtasha lailaha wa akhraja duhaaha.
එබැවින් එහි රාත්‍රිය අන්ධකාර කර, (සූර්යයා මගින්) දහවල එළියට ගෙන, (ආලෝකමත්) කළේය.
- 30
وَٱلْأَرْضَ بَعْدَ ذَٰلِكَ دَحَىٰهَآ
අක්ෂර පරිවර්තනය: Wal arda b'ada zaalika dahaaha.
මින් පසුව ඔහුම භූමිය දිග හැරියේය.
- 31
أَخْرَجَ مِنْهَا مَآءَهَا وَمَرْعَىٰهَا
අක්ෂර පරිවර්තනය: Akhraja minha maa-aha wa mar 'aaha.
ඔහුම එයින් ජලයද, තණ (බිම්)ද ඉකුත් කරන්නේය.
- 32
وَٱلْجِبَالَ أَرْسَىٰهَا
අක්ෂර පරිවර්තනය: Wal jibala arsaaha.
කඳුද ඔහුම එහි ස්ථීරවත් කළේය.
- 33
مَتَٰعًۭا لَّكُمْ وَلِأَنْعَٰمِكُمْ
අක්ෂර පරිවර්තනය: Mataa'al lakum wali an 'aamikum.
ඔබටද ඔබගේ සතුන්ටද ප්‍රයෝජනවත් විය හැකි දැයද (එහි නිර්මාණය කළේය).
- 34
فَإِذَا جَآءَتِ ٱلطَّآمَّةُ ٱلْكُبْرَىٰ
අක්ෂර පරිවර්තනය: Fa-izaa jaaa'atit taaam matul kubraa.
(විනිශ්චය දින) ඉමහත් වූ විපත පැමිණියහොත්-
- 35
يَوْمَ يَتَذَكَّرُ ٱلْإِنسَٰنُ مَا سَعَىٰ
අක්ෂර පරිවර්තනය: Yauma Yata zakkarul insaanu ma sa'aa.
මිනිසා කළ සෑම දැයක්ම එදිනදී ඔහුගේ මතකයට නැගෙනු ඇත.
- 36
وَبُرِّزَتِ ٱلْجَحِيمُ لِمَن يَرَىٰ
අක්ෂර පරිවර්තනය: Wa burrizatil-jaheemu limany-yaraa.
බලන්නෙකුට (පෙණෙන අන්දමට) නිරය ඉදිරියට ගෙනැවිත් තබනු ඇත.
- 37
فَأَمَّا مَن طَغَىٰ
අක්ෂර පරිවර්තනය: Fa ammaa man taghaa.
කවුරුන් සීමාව ඉක්මවා (විනිශ්චය දිනය ප්‍රතික්ෂේප කර)
- 38
وَءَاثَرَ ٱلْحَيَوٰةَ ٱلدُّنْيَا
අක්ෂර පරිවර්තනය: Wa aasaral hayaatad dunyaa
මෙලොව ජීවිතය තෝරා ගත්තේද
- 39
فَإِنَّ ٱلْجَحِيمَ هِىَ ٱلْمَأْوَىٰ
අක්ෂර පරිවර්තනය: Fa innal jaheema hiyal maawaa.
නියත වශයෙන්ම ඔහු රැදෙන ස්ථානය නිරයයි.
- 40
وَأَمَّا مَنْ خَافَ مَقَامَ رَبِّهِۦ وَنَهَى ٱلنَّفْسَ عَنِ ٱلْهَوَىٰ
අක්ෂර පරිවර්තනය: Wa ammaa man khaafa maqaama Rabbihee wa nahan nafsa 'anil hawaa
කවුරුන් තම දෙවියන්ගේ සන්නිධානයෙහි (ප්‍රශ්න කිරීම සඳහා නැගී සිටීම) ගැන බිය වී (පහත් වර්ගයේ ශරීර) ආශාවන්ගෙන් ඈත්ව තමන්ව වළක්වා ගත්තේද-
- 41
فَإِنَّ ٱلْجَنَّةَ هِىَ ٱلْمَأْوَىٰ
අක්ෂර පරිවර්තනය: Fa innal jannata hiyal maawaa
නියත වශයෙන්ම ඔහු රැදෙන ස්ථානය ස්වර්ගයයි.
- 42
يَسْـَٔلُونَكَ عَنِ ٱلسَّاعَةِ أَيَّانَ مُرْسَىٰهَا
අක්ෂර පරිවර්තනය: Yas'aloonaka 'anis saa'ati ayyaana mursaahaa
(නබියේ!) විනිශ්චය දිනය ගැන එය කවදා එන්නේදැයි ඔබගෙන් ඔවුන් විමසන්නාහ.
- 43
فِيمَ أَنتَ مِن ذِكْرَىٰهَآ
අක්ෂර පරිවර්තනය: Feema anta min zikraahaa
ඒ ගැන ඔබ මතක් කර (දීම මිස, පවසන්නට) ඇත්තේ කුමක්ද?
- 44
إِلَىٰ رَبِّكَ مُنتَهَىٰهَآ
අක්ෂර පරිවර්තනය: Ilaa Rabbika muntahaa haa
එහි අවසානය නම්, ඔබ දෙවියන් වෙතම ඇත්තේය.
- 45
إِنَّمَآ أَنتَ مُنذِرُ مَن يَخْشَىٰهَا
අක්ෂර පරිවර්තනය: Innamaaa anta munziru maiy yakshaahaa
ඒ ගැන බිය වන්නන්ට නියත වශයෙන්ම ඔබ බියගන්වා අනතුරු අඟවන්නෙකු (මිස, වෙන කිසිවෙකු නොව. එය පැමිණෙන සමයද, කාලයද දැන්වීම ඔබගේ යුතුකමක් නොව).
- 46
كَأَنَّهُمْ يَوْمَ يَرَوْنَهَا لَمْ يَلْبَثُوٓا۟ إِلَّا عَشِيَّةً أَوْ ضُحَىٰهَا
අක්ෂර පරිවර්තනය: Ka annahum Yawma yarawnahaa lam yalbasooo illaa 'ashiyyatan aw duhaahaa
එය ඔවුන් (දෑසින්) දකින දිනදී සවස හෝ නැතහොත් උදේ හෝ එක අල්ප මොහොතක් මිස, (මෙලොවදී) රැඳී සිටියේ නැත යයිම ඔවුන්ට දැනෙනු ඇත.
පරිවර්තන සංස්කරණය: si.naseemismail
ශ්‍රව්‍ය පදය: මිෂාරි රෂීඩ් ඇලෆාසි (128kbps islamic.network CDN හරහා).
පෙළ සහ පරිවර්තන: api.alquran.cloud · Uthmani Arabic.
ayah හි තේරුම අපැහැදිලි නම්, සුදුසුකම් ලත් ගුරුවරයෙකුගෙන් විමසන්න - විශේෂයෙන්ම නීතිමය සහ විශ්වාස කටයුතු සඳහා.