සියලුම සූරත

සූරතය 78

The Tidings

سُورَةُ النَّبَإِ

An-Naba · මක්කන්

යතුරු: J next ayah · K පෙර ayah

ශ්රව්ය උපකරණ
  1. 1

    بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ عَمَّ يَتَسَآءَلُونَ

    අක්ෂර පරිවර්තනය: 'Amma Yatasaa-aloon

    (නබියේ!) කුමක් ගැන ඔවුන් කෙනෙකුට කෙනෙකු විමසා ගන්නෙහුද?

  2. 2

    عَنِ ٱلنَّبَإِ ٱلْعَظِيمِ

    අක්ෂර පරිවර්තනය: 'Anin-nabaa-il 'azeem

    අති ශ්‍රේෂ්ඨ වූ පුවත ගැන (නොවේද?)

  3. 3

    ٱلَّذِى هُمْ فِيهِ مُخْتَلِفُونَ

    අක්ෂර පරිවර්තනය: Allazi hum feehi mukh talifoon

    ඒ ගැන ඔවුන් පරස්පර විරෝධී (අදහස් දරමින්) සිටින්නාහ.

  4. 4

    كَلَّا سَيَعْلَمُونَ

    අක්ෂර පරිවර්තනය: Kallaa sa y'alamoon

    (නොඑසේය). ඉතා ඉක්මනින් ඔවුන් (සත්‍යය) හොඳින් දැන ගන්නාහ.

  5. 5

    ثُمَّ كَلَّا سَيَعْلَمُونَ

    අක්ෂර පරිවර්තනය: Thumma kallaa sa y'alamoon

    අනිවාර්යයෙන්ම ඉතා ඉක්මනින් (එහි සත්‍යය) හොඳින් දැන ගන්නාහ.

  6. 6

    أَلَمْ نَجْعَلِ ٱلْأَرْضَ مِهَٰدًۭا

    අක්ෂර පරිවර්තනය: Alam naj'alil arda mihaa da

    (මෙතරම් විශාල) භූමිය අපි (ඔබට) තොටිල්ලක් වශයෙන්ද,

  7. 7

    وَٱلْجِبَالَ أَوْتَادًۭا

    අක්ෂර පරිවර්තනය: Wal jibaala au taada

    කඳු, සවි කරන ලද ඇණ වශයෙන්ද නිර්මාණය කළේ නැද්ද?

  8. 8

    وَخَلَقْنَٰكُمْ أَزْوَٰجًۭا

    අක්ෂර පරිවර්තනය: Wa khalaq naakum azwaaja

    ජෝඩු ජෝඩු වශයෙන් ඔබව අපිම උත්පාදනය කර ඇත්තෙමු.

  9. 9

    وَجَعَلْنَا نَوْمَكُمْ سُبَاتًۭا

    අක්ෂර පරිවර්තනය: Waja'alnan naumakum subata

    අපිම ඔබගේ නින්ද, (ඔබට) විරාමයක් බවට පත් කළෙමු.

  10. 10

    وَجَعَلْنَا ٱلَّيْلَ لِبَاسًۭا

    අක්ෂර පරිවර්තනය: Waja'alnal laila libasa

    අපිම රාත්‍රිය (ඔබට) පොරවණයක් බවට පත් කළෙමු.

  11. 11

    وَجَعَلْنَا ٱلنَّهَارَ مَعَاشًۭا

    අක්ෂර පරිවර්තනය: Waja'alnan nahara ma 'aasha

    අපිම දහවල (ඔබගේ) ජීවනෝපාය (සොයා ගන්නා කාලය) බවට පත් කළෙමු.

  12. 12

    وَبَنَيْنَا فَوْقَكُمْ سَبْعًۭا شِدَادًۭا

    අක්ෂර පරිවර්තනය: Wa banaina fauqakum sab 'an shi daada

    ඔබට ඉහළින් ඇති ශක්තිමත් අහස් හතද අපිම නිර්මාණය කළෙමු.

  13. 13

    وَجَعَلْنَا سِرَاجًۭا وَهَّاجًۭا

    අක්ෂර පරිවර්තනය: Waja'alna siraajaw wah haaja

    එහි (සූර්යයා) ආලෝකය විහිදුවන (මිණි) පහනක් වශයෙන්ද නිර්මාණය කළෙමු.

  14. 14

    وَأَنزَلْنَا مِنَ ٱلْمُعْصِرَٰتِ مَآءًۭ ثَجَّاجًۭا

    අක්ෂර පරිවර්තනය: Wa anzalna minal m'usiraati maa-an saj-jaaja

    ඝන වලාකුළෙන් ඉමහත් වර්ෂාව වසින්නට සලස්වන්නෙමු.

  15. 15

    لِّنُخْرِجَ بِهِۦ حَبًّۭا وَنَبَاتًۭا

    අක්ෂර පරිවර්තනය: Linukh rija bihee habbaw wana baata

    එමගින් ධාන්‍යයද, පැළෑටිද, ගස් කොළන්ද පැළවෙන්නට සලස්වන්නෙමු.

  16. 16

    وَجَنَّٰتٍ أَلْفَافًا

    අක්ෂර පරිවර්තනය: Wa jan naatin alfafa

    අතුවලින් ගහණ වූ උයන් වතුද (උත්පාදනය කරන්නෙමු).

  17. 17

    إِنَّ يَوْمَ ٱلْفَصْلِ كَانَ مِيقَٰتًۭا

    අක්ෂර පරිවර්තනය: Inna yaumal-fasli kana miqaata

    නියත වශයෙන්ම (මොවුන් තර්ක කර, ප්‍රතික්ෂේප කරමින් සිටින) එම විනිශ්චය දිනයම (විනිශ්චය කිරීමට) නියමිත කාලය වන්නේය.

  18. 18

    يَوْمَ يُنفَخُ فِى ٱلصُّورِ فَتَأْتُونَ أَفْوَاجًۭا

    අක්ෂර පරිවර්තනය: Yauma yun fakhu fis-soori fataa toona afwaaja

    (ඒ වෙනුවෙන්) සූර් (නමැති හොරණෑව කවදා හෝ) පිඹිනු ලබන දිනදී ඔබ සමූහ සමූහ වශයෙන් පැමිණෙනු ඇත.

  19. 19

    وَفُتِحَتِ ٱلسَّمَآءُ فَكَانَتْ أَبْوَٰبًۭا

    අක්ෂර පරිවර්තනය: Wa futiha tis samaa-u fakaanat abwaaba

    අහස විවර කරනු ලැබ, (එහි) විවිධ මාර්ගයන් ඇති වන්නේය.

  20. 20

    وَسُيِّرَتِ ٱلْجِبَالُ فَكَانَتْ سَرَابًا

    අක්ෂර පරිවර්තනය: Wa suyyi raatil jibaalu fa kaanat saraaba

    කඳු (තම ස්ථානයෙන් බැහැර වී) තල්ලූ කරනු ලැබ, සුණු විසුණු වී (පාවී) යනු ඇත.

  21. 21

    إِنَّ جَهَنَّمَ كَانَتْ مِرْصَادًۭا

    අක්ෂර පරිවර්තනය: Inna jahan nama kaanat mirsaada

    නියත වශයෙන්ම නිරය (මෙම පාපතරයන්ගේ පැමිණීම) බලාපොරොත්තුවෙන් සිටින්නේය.

  22. 22

    لِّلطَّٰغِينَ مَـَٔابًۭا

    අක්ෂර පරිවර්තනය: Lit taa gheena ma aaba

    (පාපතරයන් වන) මෙම සීමාව ඉක්මවූවන්ගේ වාසස්ථානය එයයි.

  23. 23

    لَّٰبِثِينَ فِيهَآ أَحْقَابًۭا

    අක්ෂර පරිවර්තනය: Laa bitheena feehaa ahqaaba

    එහි ඔවුන් කල්ප කල්පාන්තයක් රැඳී සිටිනු ඇත.

  24. 24

    لَّا يَذُوقُونَ فِيهَا بَرْدًۭا وَلَا شَرَابًا

    අක්ෂර පරිවර්තනය: Laa ya zooqoona feeha bar daw walaa sharaaba

    ඔවුන් (වෙනත් කිසිම) පානයක් හෝ සිසිළක් හෝ සුවය විඳින්නේ නැත,

  25. 25

    إِلَّا حَمِيمًۭا وَغَسَّاقًۭا

    අක්ෂර පරිවර්තනය: Illa hamee maw-wa ghas saaqa

    එහි උතුරණ ලෝදියත්, සැරවත් මිස.

  26. 26

    جَزَآءًۭ وِفَاقًا

    අක්ෂර පරිවර්තනය: Jazaa-aw wi faaqa

    (එය ඔවුන්ගේ ක්‍රියාවන්ට) සරිලන ඵලවිපාක වන්නේය.

  27. 27

    إِنَّهُمْ كَانُوا۟ لَا يَرْجُونَ حِسَابًۭا

    අක්ෂර පරිවර්තනය: Innahum kaanu laa yarjoona hisaaba

    (මන්දයත්) නියත වශයෙන්ම ඔවුන් (විනිශ්චය දින) ප්‍රශ්න ගණනය කිරීම විශ්වාස කළේම නැත.

  28. 28

    وَكَذَّبُوا۟ بِـَٔايَٰتِنَا كِذَّابًۭا

    අක්ෂර පරිවර්තනය: Wa kazzabu bi aayaa tina kizzaba

    අපගේ ආයාවන් බොරු කරමින්ම සිටියහ.

  29. 29

    وَكُلَّ شَىْءٍ أَحْصَيْنَٰهُ كِتَٰبًۭا

    අක්ෂර පරිවර්තනය: Wa kulla shai-in ahsai naahu kitaa ba

    එහෙත් මේ සියල්ල අපි (අපගේ සටහන්) පොතෙහි සටහන් කර ගත්තෙමු.

  30. 30

    فَذُوقُوا۟ فَلَن نَّزِيدَكُمْ إِلَّا عَذَابًا

    අක්ෂර පරිවර්තනය: Fa zooqoo falan-nazee dakum ill-laa azaaba

    එබැවින් (විනිශ්චය දිනදී ඔවුන්ට) “දඬුවම මිස, අපි ඔබට (වෙන කිසිවක්) අධික නොකරන්නෙමු. එබැවින් (මෙය) විඳ බලනු” (යයි පවසන්නෙමු).

  31. 31

    إِنَّ لِلْمُتَّقِينَ مَفَازًا

    අක්ෂර පරිවර්තනය: Inna lil mutta qeena mafaaza

    (නමුත්) භය භක්තියෙන් යුත් අයට නම්, නියත වශයෙන්ම ඉමහත් භාග්‍යයන් ඇත.

  32. 32

    حَدَآئِقَ وَأَعْنَٰبًۭا

    අක්ෂර පරිවර්තනය: Hadaa-iqa wa a'anaa ba

    (වාසය කිරීමට) උයන් වතුද, (අනුභවයට) මිදි පලතුරුද,

  33. 33

    وَكَوَاعِبَ أَتْرَابًۭا

    අක්ෂර පරිවර්තනය: Wa kaawa 'iba at raaba

    (භාර්යයාවන් වශයෙන්) සම වයසෙන් යුත් (රූපලාවන්‍යයෙන් පිරි) කන්‍යාවන්ද,

  34. 34

    وَكَأْسًۭا دِهَاقًۭا

    අක්ෂර පරිවර්තනය: Wa ka'san di haaqa

    (පානයන්ගෙන්) පිරි කුසලානද, (ඔවුන්ට ලැඛෙණු ඇත).

  35. 35

    لَّا يَسْمَعُونَ فِيهَا لَغْوًۭا وَلَا كِذَّٰبًۭا

    අක්ෂර පරිවර්තනය: Laa yasma'oona fiha lagh waw walaa kizzaba

    එහිදී ඔවුන් කිසිම පුහු වදනක් හෝ බොරුවක් හෝ සවන් නොදෙන්නාහ.

  36. 36

    جَزَآءًۭ مِّن رَّبِّكَ عَطَآءً حِسَابًۭا

    අක්ෂර පරිවර්තනය: Jazaa-am mir-rabbika ataa-an hisaaba

    (මේවා සියල්ල මොවුන්ගේ පින් වලට) සරිලන ඵලවිපාක වශයෙන්ම (ලැඛෙණු ඇත. ඊට අමතරව) ඔබ දෙවියන්ගේ සන්නිධානයෙන් පරිත්‍යාග වශයෙන්ද, (තවත් බොහොමයක්ද ඔවුන්ට ලැඛෙණු ඇත).

  37. 37

    رَّبِّ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَا ٱلرَّحْمَٰنِ ۖ لَا يَمْلِكُونَ مِنْهُ خِطَابًۭا

    අක්ෂර පරිවර්තනය: Rabbis samaa waati wal ardi wa maa baina humar rahmaani laa yam likoona minhu khi taaba

    ඔහුම අහස් හා භූමිය ආදී මේවා අතරේ ඇති සියල්ලේ අයිතිකරුය. අසීමිත දයාබරවන්තයෙකි. එහෙත් (එදිනදී කිසිවෙකුත්) ඔහු ඉදිරියේ කතා කිරීමට ශක්තියක් අත් කර නොගන්නාහ.

  38. 38

    يَوْمَ يَقُومُ ٱلرُّوحُ وَٱلْمَلَٰٓئِكَةُ صَفًّۭا ۖ لَّا يَتَكَلَّمُونَ إِلَّا مَنْ أَذِنَ لَهُ ٱلرَّحْمَٰنُ وَقَالَ صَوَابًۭا

    අක්ෂර පරිවර්තනය: Yauma yaqoo mur roohu wal malaa-ikatu saf-fal laa yata kalla moona illa man azina lahur rahmaanu wa qaala sawaaba

    (ජිබ්රීල් නමැති පරිශුද්ධ) ආත්මයද, මලායිකාවරුන්ද, කණ්ඩායම් කණ්ඩායම් වශයෙන් සිටින එදිනදී කිසිවෙකුත් ඔහු ඉදිරියේ කතාද නොකරන්නාහ. එහෙත් කවුරුන් රහ්මාන්ගේ අනුමැතිය ලබා ගත් අතර සත්‍යය (පමණක්) කියන්නේද, ඔහු හැර.

  39. 39

    ذَٰلِكَ ٱلْيَوْمُ ٱلْحَقُّ ۖ فَمَن شَآءَ ٱتَّخَذَ إِلَىٰ رَبِّهِۦ مَـَٔابًا

    අක්ෂර පරිවර්තනය: Zaalikal yaumul haqqu faman shaa-at ta khaaza ill-laa rabbihi ma-aaba

    මෙවැනි දින (පැමිණීම) නියතය! එබැවින් කැමති අය තම දෙවියන් වෙතම වාසස්ථානය සොයා ගත යුතුය.

  40. 40

    إِنَّآ أَنذَرْنَٰكُمْ عَذَابًۭا قَرِيبًۭا يَوْمَ يَنظُرُ ٱلْمَرْءُ مَا قَدَّمَتْ يَدَاهُ وَيَقُولُ ٱلْكَافِرُ يَٰلَيْتَنِى كُنتُ تُرَٰبًۢا

    අක්ෂර පරිවර්තනය: In naa anzar naakum azaaban qareebaiy-yauma yan zurul marr-u maa qaddamat yadaahu wa ya qoolul-kaafiru yaa lai tanee kuntu turaaba

    නියත වශයෙන්ම ඔබට සමීපවුණු එක් දඬුවමක් ගැන අපි අනතුරු අඟවන්නෙමු. එදිනදී සෑම මිනිසෙකුම තම දෑතින් (සිදු කර) යැවූ දැය (තම දෑසින්) දැක ගන්නේය. ප්‍රතික්ෂේප කරන්නන් නම්, තමන් පස් බවට පත්වීම සිටියා නම් අගනේය නොවේදයි දෝඩවන්නාහ!

පරිවර්තන සංස්කරණය: si.naseemismail

ශ්‍රව්‍ය පදය: මිෂාරි රෂීඩ් ඇලෆාසි (128kbps islamic.network CDN හරහා).

පෙළ සහ පරිවර්තන: api.alquran.cloud · Uthmani Arabic.

ayah හි තේරුම අපැහැදිලි නම්, සුදුසුකම් ලත් ගුරුවරයෙකුගෙන් විමසන්න - විශේෂයෙන්ම නීතිමය සහ විශ්වාස කටයුතු සඳහා.