යතුරු: J next ayah · K පෙර ayah
- 1
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ إِنَّآ أَرْسَلْنَا نُوحًا إِلَىٰ قَوْمِهِۦٓ أَنْ أَنذِرْ قَوْمَكَ مِن قَبْلِ أَن يَأْتِيَهُمْ عَذَابٌ أَلِيمٌۭ
අක්ෂර පරිවර්තනය: Innaaa arsalnaa Noohan ilaa qawmihee an anzir qawmaka min qabli any yaatiyahum 'azaabun aleem
නියත වශයෙන්ම නූහුව ඔහුගේ ජනතාව වෙත (අපගේ) දූතයා වශයෙන් යවා (ඔහුට), “ඔබ, ඔබගේ ජනතාවට වේදනා ගෙන දෙන දඬුවම පැමිණීමට පෙරම ඔවුන්ට (ඒ ගැන) බියගන්වා අනතුරු අඟවනු” යයි නියෝග කළෙමු.
- 2
قَالَ يَٰقَوْمِ إِنِّى لَكُمْ نَذِيرٌۭ مُّبِينٌ
අක්ෂර පරිවර්තනය: Qaala yaa qawmi innee lakum nazeerum mubeen
(ඔහුද ඒ අන්දමටම ඔවුන්ට) “මගේ ජනතාවෙනි! නියත වශයෙන්ම මා ඔබට ප්‍රසිද්ධියේම බියගන්වා අනතුරු අඟවන්නෙමි.
- 3
أَنِ ٱعْبُدُوا۟ ٱللَّهَ وَٱتَّقُوهُ وَأَطِيعُونِ
අක්ෂර පරිවර්තනය: Ani'udul laaha watta qoohu wa atee'oon
අල්ලාහ් එක් කෙනෙකුවම ඔබ නමදිනු. ඔහුටම ඔබ බිය වනු. මා හට ඔබ අවනත වී කටයුතු කරනු.
- 4
يَغْفِرْ لَكُم مِّن ذُنُوبِكُمْ وَيُؤَخِّرْكُمْ إِلَىٰٓ أَجَلٍۢ مُّسَمًّى ۚ إِنَّ أَجَلَ ٱللَّهِ إِذَا جَآءَ لَا يُؤَخَّرُ ۖ لَوْ كُنتُمْ تَعْلَمُونَ
අක්ෂර පරිවර්තනය: Yaghfir lakum min zunoobikum wa yu'akhkhirkum ilaaa ajalim musammaa; innaa ajalal laahi izaa jaaa'a laa yu'akhkhar; law kuntum ta'lamoon
(එසේ ඔබ කටයුතු කළහොත් අල්ලාහ්) ඔබගේ වැරදිවලට ඔබට සමාව දී නියමිත කාලයක් දක්වා ඔබව (සමාදානයෙන් ජීවත් වීමට) අත්හැර තබනු ඇත. නියත වශයෙන්ම (දඬුවම සඳහා නියම කරන ලද) අල්ලාහ්ගේ වාරය පැමිණෙන අවස්ථාවේදී, එය පොඩියක් හෝ ප්‍රමාද වන්නේ නැත. (මෙය) ඔබ දැන ගත යුතු නොවේද?”යි පැවසුවේය.
- 5
قَالَ رَبِّ إِنِّى دَعَوْتُ قَوْمِى لَيْلًۭا وَنَهَارًۭا
අක්ෂර පරිවර්තනය: Qaala rabbi innee da'awtu qawmee lailanw wa naharaa
(එසේ ඔහු කොපමණදෝ කාලයක් තිස්සේ පැවසුවද, ඔවුන් එයට විරුද්ධ වී ඔහුව ප්‍රතික්ෂේප කර දැමූ වහාම ඔහු තම දෙවියන්ට) “මගේ දෙවියනේ! නියත වශයෙන්ම මා මගේ ජනයාව (ඔබගේ මාර්ගයෙහි) රෑ දහවල් තිස්සේ ආරාධනා කළෙමි.
- 6
فَلَمْ يَزِدْهُمْ دُعَآءِىٓ إِلَّا فِرَارًۭا
අක්ෂර පරිවර්තනය: Falam yazid hum du'aaa 'eee illaa firaaraa
වේගයෙන් දිව යාම මිස, (වෙන කිසිවක්) මගේ ආරාධනාවෙන් ඔවුන්ට අධික කළේ නැත.
- 7
وَإِنِّى كُلَّمَا دَعَوْتُهُمْ لِتَغْفِرَ لَهُمْ جَعَلُوٓا۟ أَصَٰبِعَهُمْ فِىٓ ءَاذَانِهِمْ وَٱسْتَغْشَوْا۟ ثِيَابَهُمْ وَأَصَرُّوا۟ وَٱسْتَكْبَرُوا۟ ٱسْتِكْبَارًۭا
අක්ෂර පරිවර්තනය: Wa inee kullamaa da'awtuhum litaghfira lahum ja'alooo asaabi'ahum fee aazaanihim wastaghshaw siyaabahum wa asaarroo wastakbarus tikbaaraa
ඔබ ඔවුන්ට සමාව දීමට (ඔබ දෙසට) මා ඔවුන්ව ආරාධනා කළ සෑමවිටම, තමන්ගේ කණ්වල තමන්ගේ ඇඟිලි දමා වසාගෙන, (මාව නොබලා) තමන්ගේ ඇඳුම් මගින්ද තමන්ව ආවරණය කර ගත්හ. ඉමහත් අහංකාරයෙන් (තමන්ගේ වැරදි කෙරෙහිම හිතුවක්කාරකමින්) ස්ථීරව සිටියහ.
- 8
ثُمَّ إِنِّى دَعَوْتُهُمْ جِهَارًۭا
අක්ෂර පරිවර්තනය: Summa innee da'aw tuhum jihaara
තවද නියත වශයෙන්ම මා ඔවුන්ව ශබ්ද නගාද (බල කරමින්ද) අ`ඩගැසුවෙමි.
- 9
ثُمَّ إِنِّىٓ أَعْلَنتُ لَهُمْ وَأَسْرَرْتُ لَهُمْ إِسْرَارًۭا
අක්ෂර පරිවර්තනය: Summaa inneee a'lantu lahum wa asrartu lahum israaraa
“තවද මා ඔවුන්ට ප්‍රසිද්ධියේද පැවසුවෙමි. රහසින්ද ඔවුන්ට පැවසුවෙමි.
- 10
فَقُلْتُ ٱسْتَغْفِرُوا۟ رَبَّكُمْ إِنَّهُۥ كَانَ غَفَّارًۭا
අක්ෂර පරිවර්තනය: Faqultus taghfiroo Rabakam innahoo kaana Ghaffaaraa
“ඔබගේ දෙවියන් වෙත සමාව අයදිනු. නියත වශයෙන්ම ඔහු ඉතාමත් සමාවෙන් යුත්තෙකි” යයි පැවසුවෙමි.
- 11
يُرْسِلِ ٱلسَّمَآءَ عَلَيْكُم مِّدْرَارًۭا
අක්ෂර පරිවර්තනය: Yursilis samaaa'a 'alaikum midraaraa
“(එසේ කරන්නෙහු නම්, වළක්වන ලද) වර්ෂාව ඔබට නොකඩවා වසින්නට සලස්වනු ඇත.
- 12
وَيُمْدِدْكُم بِأَمْوَٰلٍۢ وَبَنِينَ وَيَجْعَل لَّكُمْ جَنَّٰتٍۢ وَيَجْعَل لَّكُمْ أَنْهَٰرًۭا
අක්ෂර පරිවර්තනය: Wa yumdidkum bi am waalinw wa baneena wa yaj'al lakum Jannaatinw wa yaj'al lakum anhaaraa
වස්තුවද, දරුවන්ද ලබා දී ඔබට උදව් කරනු ඇත. ඔබට වතුද උත්පාදනය කර, (ඒවායෙහි) ගංඟාවන්ද ඔබ වෙනුවෙන් ගළන්නට සලස්වනු ඇත.
- 13
مَّا لَكُمْ لَا تَرْجُونَ لِلَّهِ وَقَارًۭا
අක්ෂර පරිවර්තනය: Maa lakum laa tarjoona lillaahi waqaaraa
ඔබට කුමක් සිදු වී ඇත්තේද? අල්ලාහ්ගේ ශ්‍රේෂ්ඨත්වය ඔබ සිතුවේ නැද්ද?”
- 14
وَقَدْ خَلَقَكُمْ أَطْوَارًا
අක්ෂර පරිවර්තනය: Wa qad khalaqakum at waaraa
“ඔබව විවිධවද ඔහු උත්පාදනය කර ඇත්තේය.
- 15
أَلَمْ تَرَوْا۟ كَيْفَ خَلَقَ ٱللَّهُ سَبْعَ سَمَٰوَٰتٍۢ طِبَاقًۭا
අක්ෂර පරිවර්තනය: Alam taraw kaifa khalaqal laahu sab'a samaawaatin tibaaqaa
අහස් හතද, තට්ටු මත තට්ටුව වශයෙන් කෙසේ නම් අල්ලාහ් උත්පාදනය කර ඇත්තේද, යන්න ඔබ අවධානය කළේ නැද්ද?
- 16
وَجَعَلَ ٱلْقَمَرَ فِيهِنَّ نُورًۭا وَجَعَلَ ٱلشَّمْسَ سِرَاجًۭا
අක්ෂර පරිවර්තනය: Wa ja'alal qamara feehinna nooranw wa ja'alash shamsa siraajaa
ඔහුම ඒවායෙහි චන්ද්‍රයාව (පරාවර්ථනය වන) ආලෝකයක් වශයෙන්ද, සූර්යයා එක් (දීප්තිමත්) පහණක් වශයෙන්ද නිර්මාණය කළේය”.
- 17
وَٱللَّهُ أَنۢبَتَكُم مِّنَ ٱلْأَرْضِ نَبَاتًۭا
අක්ෂර පරිවර්තනය: Wallaahu ambatakum minal ardi nabaataa
“අල්ලාහ්ම ඔබව (ගස් කොළන් මෙන්) භූමියෙහි වැඩෙන්නට සැලැස්සුවේය.
- 18
ثُمَّ يُعِيدُكُمْ فِيهَا وَيُخْرِجُكُمْ إِخْرَاجًۭا
අක්ෂර පරිවර්තනය: Summa yu'eedukum feehaa wa ukhrijukum ikhraajaa
තවද එහිම ඔබව (මරණයට පත් කිරීමටද සලස්වා එහි) ඒකරාශී කර හරින්නේය. (එයින්ම) තවත් වරක්ද ඔබව ඉකුත් කරන්නේය.
- 19
وَٱللَّهُ جَعَلَ لَكُمُ ٱلْأَرْضَ بِسَاطًۭا
අක්ෂර පරිවර්තනය: Wallaahu ja'ala lakumul arda bisaataa
අල්ලාහ්ම ඔබට භූමිය පලස් ඇතිරිල්ලක් වශයෙන් නිර්මාණය කළේය.
- 20
لِّتَسْلُكُوا۟ مِنْهَا سُبُلًۭا فِجَاجًۭا
අක්ෂර පරිවර්තනය: Litaslukoo minhaa subulan fijaajaa
එහි (විවිධ ප්‍රදේශයන්ට) ඔබ සංචාරය කරනු පිණිස පළල්වූ මංමාවත්ද නිර්මාණය කළේය (යනුවෙන් ඔහු තම ජනතාවට පැවසුවේය).
- 21
قَالَ نُوحٌۭ رَّبِّ إِنَّهُمْ عَصَوْنِى وَٱتَّبَعُوا۟ مَن لَّمْ يَزِدْهُ مَالُهُۥ وَوَلَدُهُۥٓ إِلَّا خَسَارًۭا
අක්ෂර පරිවර්තනය: Qaala Noohur Robbi innahum 'asawnee wattaba'oo mal lam yazid hu maaluhoo wa waladuhooo illaa khasaara
(නැවතත් නූහු නබි තම දෙවියන්ට) “මගේ දෙවියනේ! නියත වශයෙන්ම ඔවුන් මට වෙනස්කම් කරන්නාහ. තවද වස්තූන්ද, දරුවන්ද කවුරුන් හට අමාරුකම මිස, (වෙන කිසිවක්) අධික කළේ නැද්ද, ඔවුන්වම අනුගමනය කරන්නාහ.
- 22
وَمَكَرُوا۟ مَكْرًۭا كُبَّارًۭا
අක්ෂර පරිවර්තනය: Wa makaroo makran kubbaaraa
අති විශාල කුමන්ත්‍රණද (මට) කරන්නාහ.
- 23
وَقَالُوا۟ لَا تَذَرُنَّ ءَالِهَتَكُمْ وَلَا تَذَرُنَّ وَدًّۭا وَلَا سُوَاعًۭا وَلَا يَغُوثَ وَيَعُوقَ وَنَسْرًۭا
අක්ෂර පරිවර්තනය: Wa qaaloo laa tazarunna aalihatakum wa laa tazarunna Waddanw wa laa Suwaa'anw wa laa Yaghoosa wa Ya'ooqa wa Nasraa
තවද (ඔවුන්ගෙන් වූ අය තමන්ගෙන් වූ අන් අයට) ‘ඔබ, ඔබගේ දෙවිවරුන්ව අත්හැර නොදමනු. ‘වද්’ (නමැති පිළිරුව)ද (අත්හැර නොදමනු). ‘සුවාඋ, යඌස, නස්ර්’ (ආදී පිළිරූ)ද අත්හැර නොදමනු” යයි ඔවුන් පවසා-
- 24
وَقَدْ أَضَلُّوا۟ كَثِيرًۭا ۖ وَلَا تَزِدِ ٱلظَّٰلِمِينَ إِلَّا ضَلَٰلًۭا
අක්ෂර පරිවර්තනය: Wa qad adalloo kasee ranw wa laa tazidiz zaalimeena illaa dalaalaa
“නියත වශයෙන්ම බොහොමයක් දෙනාව මාර්ගය වැරද යාමට සැලැස්වූහ. (එබැවින් මගේ දෙවියනේ!) මෙම අපරාධකාරයින්ට දුර්මාර්ගයම මිස, ඔබ අධික කර නොතබනු!” (යයිද ප්‍රාර්ථනා කළේය).
- 25
مِّمَّا خَطِيٓـَٰٔتِهِمْ أُغْرِقُوا۟ فَأُدْخِلُوا۟ نَارًۭا فَلَمْ يَجِدُوا۟ لَهُم مِّن دُونِ ٱللَّهِ أَنصَارًۭا
අක්ෂර පරිවර්තනය: Mimmaa khateee' aatihim ughriqoo fa udkhiloo Naaran falam yajidoo lahum min doonil laahi ansaaraa
එබැවින් ඔවුන් කරමින් සිටි පාපයන්හි හේතුවෙන් (ජල ගැල්මෙහි) ඔවුන්ව ගිල්වා දමනු ලැබ, පසුව නිරයෙහිද ඇතුළු කරනු ලැබූහ. අල්ලාහ් හැර, ඔවුන්ට උදව් කරන්නන්ව ඔවුන් දුටුවේ නැත.
- 26
وَقَالَ نُوحٌۭ رَّبِّ لَا تَذَرْ عَلَى ٱلْأَرْضِ مِنَ ٱلْكَٰفِرِينَ دَيَّارًا
අක්ෂර පරිවර්තනය: Wa qaala Noohur Rabbi laa tazar 'alal ardi minal kaafireena daiyaaraa
නැවතත් නූහු (නබි තම දෙවියන්ට) “මගේ දෙවියනේ! භූමියෙහි එම ප්‍රතික්ෂේප කරන්නන්ගෙන් කිසිවෙකුවත් වාසය කිරීමට ඔබ අත්හැර නොදමනු!
- 27
إِنَّكَ إِن تَذَرْهُمْ يُضِلُّوا۟ عِبَادَكَ وَلَا يَلِدُوٓا۟ إِلَّا فَاجِرًۭا كَفَّارًۭا
අක්ෂර පරිවර්තනය: Innaka in tazarhum yudil loo 'ibaadaka wa laa yalidooo illaa faajiran kaffaaraa
ඔබ ඔවුන්ව අත්හැර දමා තබන්නේ නම්, ඔබගේ (අනිත්) වහලූන්වද නියත වශයෙන්ම ඔවුන් මාර්ගය වැරද යාමටම සලස්වන්නාහ. පාපතරයන්වද, ප්‍රතික්ෂේප කරන්නන්වද මිස, (වෙන කිසිවෙකුත් දරුවන් වශයෙන්) ඔවුන් ප්‍රසූත කරන්නේද නැත.
- 28
رَّبِّ ٱغْفِرْ لِى وَلِوَٰلِدَىَّ وَلِمَن دَخَلَ بَيْتِىَ مُؤْمِنًۭا وَلِلْمُؤْمِنِينَ وَٱلْمُؤْمِنَٰتِ وَلَا تَزِدِ ٱلظَّٰلِمِينَ إِلَّا تَبَارًۢا
අක්ෂර පරිවර්තනය: Rabbigh fir lee wa liwaa lidaiya wa liman dakhala baitiya mu'minanw wa lil mu'mineena wal mu'minaati wa laa tazidiz zaalimeena illaa tabaaraa
මගේ දෙවියනේ! මගේ දෙමව්පියන්ටද, විශ්වාසය තැබූවන් වශයෙන් මගේ නිවසෙහි ඇතුළු වූ අයටද, (නිවසෙහි ඇතුළු නොවූ අනිත්) විශ්වාසය තැබූ පිරිමින්ටද, විශ්වාසය තැබූ ගැහැනුන්ටද, ඔබ සමාව දෙනු මැනව! මෙම අපරාධකාරයින්ට විනාශයම මිස, ඔබ අධික නොකරනු මැනව!” (යයිද ප්‍රාර්ථනා කළේය).
පරිවර්තන සංස්කරණය: si.naseemismail
ශ්‍රව්‍ය පදය: මිෂාරි රෂීඩ් ඇලෆාසි (128kbps islamic.network CDN හරහා).
පෙළ සහ පරිවර්තන: api.alquran.cloud · Uthmani Arabic.
ayah හි තේරුම අපැහැදිලි නම්, සුදුසුකම් ලත් ගුරුවරයෙකුගෙන් විමසන්න - විශේෂයෙන්ම නීතිමය සහ විශ්වාස කටයුතු සඳහා.