යතුරු: J next ayah · K පෙර ayah
- 1
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ قُلْ أُوحِىَ إِلَىَّ أَنَّهُ ٱسْتَمَعَ نَفَرٌۭ مِّنَ ٱلْجِنِّ فَقَالُوٓا۟ إِنَّا سَمِعْنَا قُرْءَانًا عَجَبًۭا
අක්ෂර පරිවර්තනය: Qul oohiya ilaiya annna hustama'a nafarum minal jinnni faqaalooo innaa sami'naa quraanan 'ajabaa
(නබියේ!) ඔබ මෙසේ පවසනු: වහී මගින් මා හට දැනුම් දෙන ලදී. ඇත්තෙන්ම ජින්වරුන්ගෙන් සමහරක් (මෙම ධර්මයට) සවන් දී (තමන්ගේ වාර්ගිකයින් වෙත ගොස් ඔවුන්ට) “නියත වශයෙන්ම අපි ඉතාමත් පුදුමාකාර එක් කුර්ආනයකට සවන් දුන්නෙමු”.
- 2
يَهْدِىٓ إِلَى ٱلرُّشْدِ فَـَٔامَنَّا بِهِۦ ۖ وَلَن نُّشْرِكَ بِرَبِّنَآ أَحَدًۭا
අක්ෂර පරිවර්තනය: Yahdeee ilar rushdi fa aamannaa bihee wa lan nushrika bi rabbinaaa ahadaa
“එය ඍජු මාර්ගය දැනුම් දෙන්නේය. එබැවින් එය අපි විශ්වාස කළෙමු. (මින්පසු) අපි අපගේ දෙවියන්ට කිසිවෙකුත් සමානයන් වශයෙන් නොතබන්නෙමු”.
- 3
وَأَنَّهُۥ تَعَٰلَىٰ جَدُّ رَبِّنَا مَا ٱتَّخَذَ صَٰحِبَةًۭ وَلَا وَلَدًۭا
අක්ෂර පරිවර්තනය: Wa annahoo Ta'aalaa jaddu Rabbinaa mat takhaza saahibatanw wa la waladaa
“නියත වශයෙන්ම අපගේ දෙවියන්ගේ ශ්‍රේෂ්ඨත්වය ඉතාමත් උසස්ය. ඔහු කිසිවෙකුත් (තමන්ගේ) භාර්යයාවන් වශයෙන් හෝ දරුවන් වශයෙන් හෝ ඇර ගත්තේ නැත” යයි පැවසූහ.
- 4
وَأَنَّهُۥ كَانَ يَقُولُ سَفِيهُنَا عَلَى ٱللَّهِ شَطَطًۭا
අක්ෂර පරිවර්තනය: Wa annahoo kaana yaqoolu safeehunaa 'alal laahi shatataa
(නැවතත් ඔවුන් මෙසේ පැවසූහ): “නියත වශයෙන්ම අපගෙන් වූ මෝඩයින් අල්ලාහ් කෙරෙහි (ඔහුගේ පරිශුද්ධභාවයට) සුදුසු නැති කාරණාවන් පවසන්නාහ”.
- 5
وَأَنَّا ظَنَنَّآ أَن لَّن تَقُولَ ٱلْإِنسُ وَٱلْجِنُّ عَلَى ٱللَّهِ كَذِبًۭا
අක්ෂර පරිවර්තනය: Wa annaa zanannaaa al lan taqoolal insu wal jinnu 'alal laahi kazibaa
“මිනිසුන්ද, ජින්වරුන්ද නියත වශයෙන්ම අල්ලාහ් කෙරෙහි බොරු ගොතා පවසන්නේ නැත යයි ඇත්තෙන්ම (මෙතෙක්) අපි අදහස් කරමින් සිටියෙමු”.
- 6
وَأَنَّهُۥ كَانَ رِجَالٌۭ مِّنَ ٱلْإِنسِ يَعُوذُونَ بِرِجَالٍۢ مِّنَ ٱلْجِنِّ فَزَادُوهُمْ رَهَقًۭا
අක්ෂර පරිවර්තනය: Wa annahoo kaana rijaa lum minal insi ya'oozoona birijaalim minal jinni fazaa doohum rahaqaa
“මිනිසුන්ගෙන් වූ පිරිමින් බොහොමයක් දෙනා, ජින්වරුන්ගෙන් වූ පිරිමින් බොහොමයක් දෙනා වෙත ඇත්තෙන්ම (තමන්ව) බේරා ගන්නා මෙන් ඉල්ලා සිටින්නාහ. මෙමගින් ඔවුන්ගේ උඞඟූභාවය වැඩි වී ගියේය”.
- 7
وَأَنَّهُمْ ظَنُّوا۟ كَمَا ظَنَنتُمْ أَن لَّن يَبْعَثَ ٱللَّهُ أَحَدًۭا
අක්ෂර පරිවර්තනය: Wa annahum zannoo kamaa zanantum al lany yab'asal laahu ahadaa
“ඔබ අදහස් කරන අන්දමටම ඔවුන්ද (මරණයට පත් වූ පසු) අල්ලාහ් කිසිවෙකුවත් (පණ දී) නැගිට්ටවනු ලබන්නේ නැත යයි නියත වශයෙන්ම අදහස් කර ගත්හ”.
- 8
وَأَنَّا لَمَسْنَا ٱلسَّمَآءَ فَوَجَدْنَٰهَا مُلِئَتْ حَرَسًۭا شَدِيدًۭا وَشُهُبًۭا
අක්ෂර පරිවර්තනය: Wa annaa lamasnas sa maaa'a fa wajadnaahaa muli'at harasan shadeedanw wa shuhubaa
“නියත වශයෙන්ම අපි අහස අතගා බැලූවෙමු. එය දැඩි මුරකාවල් වලින්ද, දැවෙන තාරකාවන්ගෙන්ද පුරවනු ලැබ ඇති බව අපි දුටුවෙමු”.
- 9
وَأَنَّا كُنَّا نَقْعُدُ مِنْهَا مَقَٰعِدَ لِلسَّمْعِ ۖ فَمَن يَسْتَمِعِ ٱلْءَانَ يَجِدْ لَهُۥ شِهَابًۭا رَّصَدًۭا
අක්ෂර පරිවර්තනය: Wa annaa kunnaa naq'udu minhaa maqaa'ida lis'sam'i famany yastami'il aana yajid lahoo shihaabar rasada
“(කළින්) එහි (සිදු වන කාරණාවන්) සවන් දිය හැකි විවිධ ස්ථානයන්හි අපි වාඩි වී සිටින්නෙමු. දැන් නම්, (ඒවාට) සවන් දීමට කවුරුන් හෝ ගියහොත් ගින්නෙහි ගිනි සැර ඔහුට (පහර දීමට) බලාපොරොත්තුවෙන් සිටිනු ඔහු දකිනු ඇත”.
- 10
وَأَنَّا لَا نَدْرِىٓ أَشَرٌّ أُرِيدَ بِمَن فِى ٱلْأَرْضِ أَمْ أَرَادَ بِهِمْ رَبُّهُمْ رَشَدًۭا
අක්ෂර පරිවර්තනය: Wa annaa laa nadreee asharrun ureeda biman fil ardi am araada bihim rabbuhum rashadaa
“භූමියෙහි සිටින අයට (මෙමගින්) විපත් ඇති කරන්නට කැමති වන්නේද, නැතහොත් ඔවුන්ගේ දෙවියන් (මෙමගින්) ඔවුන්ට යහපතක්ම අදහස් කරන්නේද, යන්න නියත වශයෙන්ම අපි නොදැන ගන්නෙමු”.
- 11
وَأَنَّا مِنَّا ٱلصَّٰلِحُونَ وَمِنَّا دُونَ ذَٰلِكَ ۖ كُنَّا طَرَآئِقَ قِدَدًۭا
අක්ෂර පරිවර්තනය: Wa annaa minnas saalihoona wa minnaa doona zaalika kunnaa taraaa'ilqa qidadaa
“නියත වශයෙන්ම අපගෙන් හොඳ අයද සමහරෙක් සිටින්නාහ. එසේ නොවන්නෝද අපගෙන් සමහරෙක් සිටින්නාහ. අපි විවිධ කොටස් වශයෙන් ඛෙදී සිටියෙමු”.
- 12
وَأَنَّا ظَنَنَّآ أَن لَّن نُّعْجِزَ ٱللَّهَ فِى ٱلْأَرْضِ وَلَن نُّعْجِزَهُۥ هَرَبًۭا
අක්ෂර පරිවර්තනය: Wa annaa zanannaaa al lan nu'jizal laaha fil ardi wa lan nu'jizahoo harabaa
“නියත වශයෙන්ම අපි භූමියෙහි අල්ලාහ්ව පරාජය කරන්නට නොහැකිය යන්නද, (භූමියෙන්) දිව ගොස් ඔහුගෙන් බේරෙන්නට නොහැකිය යන්නද ස්ථීර වශයෙන් දැන ගත්තෙමු”.
- 13
وَأَنَّا لَمَّا سَمِعْنَا ٱلْهُدَىٰٓ ءَامَنَّا بِهِۦ ۖ فَمَن يُؤْمِنۢ بِرَبِّهِۦ فَلَا يَخَافُ بَخْسًۭا وَلَا رَهَقًۭا
අක්ෂර පරිවර්තනය: Wa annaa lammaa sami'nal hudaaa aamannaa bihee famany yu'mim bi rabbihee falaa yakhaafu bakhsanw wa laa rahaqaa
“(මෙම කුර්ආනයෙහි ඇති) ඍජු මාර්ගයන් සවන් දුන් අවස්ථාවේදීම, එය අපි විශ්වාස කර ගත්තෙමු. කවුරුන් තම දෙවියන්ව විශ්වාස කරන්නේද, ඔහු පාඩුව ගැනද අසාධාරණය ගැනද බිය වන්නේ නැත”.
- 14
وَأَنَّا مِنَّا ٱلْمُسْلِمُونَ وَمِنَّا ٱلْقَٰسِطُونَ ۖ فَمَنْ أَسْلَمَ فَأُو۟لَٰٓئِكَ تَحَرَّوْا۟ رَشَدًۭا
අක්ෂර පරිවර්තනය: Wa annaa minnal muslimoona wa minnal qaasitoona faman aslama fa ulaaa'ika taharraw rashadaa
“(සම්පූර්ණයෙන්ම ඔහුට අවනත වූ) මුස්ලීම්වරුන් බොහොමයක්ද නියත වශයෙන්ම අපගෙන් සිටින්නාහ. සීමාව ඉක්මවූවන්ද අපගෙන් බොහොමයක් දෙනා සිටින්නාහ. කවුරුන් සම්පූර්ණයෙන්ම අවනත වන්නෝද, ඔවුන්ම ඍජු මාර්ගය තෝරා ගත් අයයි”.
- 15
وَأَمَّا ٱلْقَٰسِطُونَ فَكَانُوا۟ لِجَهَنَّمَ حَطَبًۭا
අක්ෂර පරිවර්තනය: Wa ammal qaasitoona fa kaanoo li jahannama hatabaa
“සීමාව ඉක්මවූවන් නම්, නිරයෙහි ඉන්දන දර කොටන් බවට පත් වූහ” (යයිද පැවසූහ).
- 16
وَأَلَّوِ ٱسْتَقَٰمُوا۟ عَلَى ٱلطَّرِيقَةِ لَأَسْقَيْنَٰهُم مَّآءً غَدَقًۭا
අක්ෂර පරිවර්තනය: Wa alla wis taqaamoo 'alat tareeqati la asqaynaahum maa'an ghadaqaa
(නබියේ! මෙම මක්කාවාසීන් ධර්ම) මාර්ගයෙහි ස්ථීරව සිටියහොත් බාධාවකින් තොරවම ඔවුන්ට වර්ෂාව වසින්නට සලස්වමින් සිටින්නෙමු.
- 17
لِّنَفْتِنَهُمْ فِيهِ ۚ وَمَن يُعْرِضْ عَن ذِكْرِ رَبِّهِۦ يَسْلُكْهُ عَذَابًۭا صَعَدًۭا
අක්ෂර පරිවර්තනය: Linaftinahum feeh; wa many yu'rid 'an zikri rabbihee yasluk hu 'azaaban sa'adaa
(මෙහිදී) ඔවුන්ව අපි පිරික්සන්නෙමු. එබැවින් කවුරුන් තම දෙවියන්ව මතක් කිරීමම ප්‍රතික්ෂේප කරන්නේද, ඔහුව දරුණු දඬුවමෙහි ඔහු ඇතුළු කර දමන්නේය.
- 18
وَأَنَّ ٱلْمَسَٰجِدَ لِلَّهِ فَلَا تَدْعُوا۟ مَعَ ٱللَّهِ أَحَدًۭا
අක්ෂර පරිවර්තනය: Wa annal masaajida lillaahi falaa tad'oo ma'al laahi ahadaa
නියත වශයෙන්ම මස්ජිදයන් සියල්ල අල්ලාහ්ගේ (නැමදුම) වෙනුවෙන්ම ඇත්තේය. එබැවින් (ඒවායෙහි) අල්ලාහ් සමග වෙනත් කිසිවෙකු (නැමදීමට නාමය පවසා) ආරාධනා නොකරනු.
- 19
وَأَنَّهُۥ لَمَّا قَامَ عَبْدُ ٱللَّهِ يَدْعُوهُ كَادُوا۟ يَكُونُونَ عَلَيْهِ لِبَدًۭا
අක්ෂර පරිවර්තනය: Wa annahoo lammaa qaama 'adul laahi yad'oohu kaadoo yakoonoona 'alaihi libadaa
නියත වශයෙන්ම අල්ලාහ්ගේ වහලා (වන අපගේ දූතයා), සලාතය සඳහා සිටගෙන ඔහුව ආරාධනා කරන විට, (මෙය දකින ජනතාව පුදුමයට පත් වී) සමූහ සමුහයන් වශයෙන් පැමිණ ඔහුව වට කර ගන්නාහ.
- 20
قُلْ إِنَّمَآ أَدْعُوا۟ رَبِّى وَلَآ أُشْرِكُ بِهِۦٓ أَحَدًۭا
අක්ෂර පරිවර්තනය: Qul innamaaa ad'oo rabbee wa laaa ushriku biheee ahadaa
(ඔවුන්ට නබියේ!) ඔබ මෙසේ පවසනු: “මා ප්‍රාර්ථනා කර, ආරාධනා කරන්නේ, මගේ දෙවියන්වයි! ඔහුට කිසිවෙකුත් මා සමාන නොකරමි”.
- 21
قُلْ إِنِّى لَآ أَمْلِكُ لَكُمْ ضَرًّۭا وَلَا رَشَدًۭا
අක්ෂර පරිවර්තනය: Qul innee laaa amliku lakum darranw wa laa rashadaa
“ඔබට හොඳක් හෝ නරකක් හෝ කිරීමට නියත වශයෙන්ම මා පොඩියක් හෝ ශක්තියක් නොමැත්තෙකි” යයිද පවසනු මැනව!
- 22
قُلْ إِنِّى لَن يُجِيرَنِى مِنَ ٱللَّهِ أَحَدٌۭ وَلَنْ أَجِدَ مِن دُونِهِۦ مُلْتَحَدًا
අක්ෂර පරිවර්තනය: Qul innee lany yujeeranee minal laahi ahad, wa lan ajida min doonihee multahadaa
“නියත වශයෙන්ම අල්ලාහ්ගෙන් කිසිවෙකුත් මාව බේරා ගැනීම නොකරන්නේය. ඔහු හැර පිළිසරණක් ඇති ස්ථානයක් මා දකින්නේ නැත.
- 23
إِلَّا بَلَٰغًۭا مِّنَ ٱللَّهِ وَرِسَٰلَٰتِهِۦ ۚ وَمَن يَعْصِ ٱللَّهَ وَرَسُولَهُۥ فَإِنَّ لَهُۥ نَارَ جَهَنَّمَ خَٰلِدِينَ فِيهَآ أَبَدًا
අක්ෂර පරිවර්තනය: Illaa balaagham minal laahi wa risaalaatih; wa many ya'sil laaha wa rasoolahoo fa inna lahoo naara jahannama khaalideena feehaaa abadaa
එහෙත් අල්ලාහ්ගේ සන්නිධානයෙන් (මා හට ලැබුණු) ඔහුගේ දූත මෙහෙවරේ පුවත් ගෙනහැර දැක්වීම මිස, (මා හට වෙන මගක් නැත). එබැවින් කවුරුන් අල්ලාහ්ටද, ඔහුගේ දූතයාටද, වෙනස්කම් කරන්නේද, ඔහුට නියත වශයෙන්ම නිරා ගින්නම (ඵලවිපාක වශයෙන්) ඇත්තේය. එහි ඔවුන් සදාකල්ම රැඳී සිටින්නාහ” යයි (නබියේ!) ඔබ පවසනු.
- 24
حَتَّىٰٓ إِذَا رَأَوْا۟ مَا يُوعَدُونَ فَسَيَعْلَمُونَ مَنْ أَضْعَفُ نَاصِرًۭا وَأَقَلُّ عَدَدًۭا
අක්ෂර පරිවර්තනය: Hattaaa izaa ra aw maa yoo'adoona fasaya'lamoona man ad'afu naasiranw wa aqallu 'adadaa
ඔවුන්ට බියගන්වනු ලැබූ දඬුවමම ඔවුන් (දෑසින්) දකින අවස්ථාවේදී කවුරුන්ගේ උදව්කරුවන් ඉතාමත් ඛෙලහීනයන් යන්නද, (කවුරුන්ගේ උදව්කරුවන්) ඉතාමත් ගණනයෙන් සුළු ප්‍රමාණයක් යන්නද, සැකයෙන් තොරව දැන ගන්නාහ.
- 25
قُلْ إِنْ أَدْرِىٓ أَقَرِيبٌۭ مَّا تُوعَدُونَ أَمْ يَجْعَلُ لَهُۥ رَبِّىٓ أَمَدًا
අක්ෂර පරිවර්තනය: Qul in adreee a qareebum maa too'adoona am yaj'alu lahoo rabbeee amadaa
(නබියේ!) ඔබ මෙසේ පවසනු: ඔබට පොරොන්දු දෙන ලද (දඬුවම) සමීපයෙහි ඇත්තේද, නැතහොත් මගේ දෙවියන් එයටත් නියමිත කාල අවකාශයක් ඇති කර ඇත්තේද යන්න මා දන්නේ නැත.
- 26
عَٰلِمُ ٱلْغَيْبِ فَلَا يُظْهِرُ عَلَىٰ غَيْبِهِۦٓ أَحَدًا
අක්ෂර පරිවර්තනය: 'Aalimul ghaibi falaa yuzhiru alaa ghaibiheee ahadaa
“ඔහුම (මෙවැනි) රහස් හොඳින් දන්නෙකි. ඔහුගේ රහස් ඔහු කිසිවෙකුටත් එළිදරව් කරන්නේද නැත”.
- 27
إِلَّا مَنِ ٱرْتَضَىٰ مِن رَّسُولٍۢ فَإِنَّهُۥ يَسْلُكُ مِنۢ بَيْنِ يَدَيْهِ وَمِنْ خَلْفِهِۦ رَصَدًۭا
අක්ෂර පරිවර්තනය: Illaa manir tadaa mir rasoolin fa innahoo yasluku mim baini yadihi wa min khalfihee rasadaa
“එහෙත් (තමන්ගේ) තෝරා ගත් දූතයාට හැර. (එය ඔහුට, ඔහු දැනුම් දීමට ඉඩ ඇත. එය ඔහු, ඔහුට දැනුම් දුන් අවස්ථාවේදී) නියත වශයෙන්ම ඔහු ඔහුට ඉදිරියෙන්ද, පසුපසින්ද (මලායිකාවරයෙකු) ආරක්ෂකයෙකු වශයෙන් යවන්නේය.
- 28
لِّيَعْلَمَ أَن قَدْ أَبْلَغُوا۟ رِسَٰلَٰتِ رَبِّهِمْ وَأَحَاطَ بِمَا لَدَيْهِمْ وَأَحْصَىٰ كُلَّ شَىْءٍ عَدَدًۢا
අක්ෂර පරිවර්තනය: Liya'lama an qad ablaghoo risaalaati rabbihim wa ahaata bima ladihim wa ahsaa kulla shai'in 'adadaa
(එම දූතයින්) තම දෙවියන්ගේ දූත මෙහෙවරේ පුවත් ඇත්තෙන්ම ගෙනහැර දැක්වූහ යන්න, තමන් දැන ගැනීම සඳහා (එසේ ආරක්ෂකයෙකු යවන්නේය). ඔවුන් වෙත ඇති දැය ඔහු (තම ඥානයෙන්) වටකර දැනගෙන සිටින අතර, සෑම වස්තුවකම ගණනයද පූරණව දන්නෙකු වශයෙන් සිටින්නේය.
පරිවර්තන සංස්කරණය: si.naseemismail
ශ්‍රව්‍ය පදය: මිෂාරි රෂීඩ් ඇලෆාසි (128kbps islamic.network CDN හරහා).
පෙළ සහ පරිවර්තන: api.alquran.cloud · Uthmani Arabic.
ayah හි තේරුම අපැහැදිලි නම්, සුදුසුකම් ලත් ගුරුවරයෙකුගෙන් විමසන්න - විශේෂයෙන්ම නීතිමය සහ විශ්වාස කටයුතු සඳහා.