සියලුම සූරත

සූරතය 70

The Ascending Stairways

سُورَةُ المَعَارِجِ

Al-Ma'aarij · මක්කන්

යතුරු: J next ayah · K පෙර ayah

ශ්රව්ය උපකරණ
  1. 1

    بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ سَأَلَ سَآئِلٌۢ بِعَذَابٍۢ وَاقِعٍۢ

    අක්ෂර පරිවර්තනය: Sa ala saaa'ilum bi'azaa binw-waaqi'

    (නබියේ! ප්‍රතික්ෂේප කරන්නන්ට) හමු විය හැකි දඬුවම ගැන කෙනෙකු (ඔබ වෙතින් එය කවදා එන්නේදැයි සමච්චලයෙන් මෙන්) විමසන්නේය.

  2. 2

    لِّلْكَٰفِرِينَ لَيْسَ لَهُۥ دَافِعٌۭ

    අක්ෂර පරිවර්තනය: Lilkaafireen laisa lahoo daafi'

    ප්‍රතික්ෂේප කරන්නන්ට (එය හමුවන අවස්ථාවේදී) එය වැළැක්විය හැකි අය කිසිවෙකුත් නැත.

  3. 3

    مِّنَ ٱللَّهِ ذِى ٱلْمَعَارِجِ

    අක්ෂර පරිවර්තනය: Minal laahi zil ma'aarij

    උසස් මාර්ගයන්ගෙන් යුත් අල්ලාහ් විසින්-

  4. 4

    تَعْرُجُ ٱلْمَلَٰٓئِكَةُ وَٱلرُّوحُ إِلَيْهِ فِى يَوْمٍۢ كَانَ مِقْدَارُهُۥ خَمْسِينَ أَلْفَ سَنَةٍۢ

    අක්ෂර පරිවර්තනය: Ta'rujul malaaa'ikatu war Roohu ilaihi fee yawmin kaana miqdaaruhoo khamseena alfa sanah

    (එය හමු වන) වසර පණස්දහසකට සමාන එක් දිනකදී මලායිකාවරුන්ද, (ජිබ්රීල් වන පරිශුද්ධ වූ) ආත්මයද ඔහු වෙත නැග ගන්නාහ.

  5. 5

    فَٱصْبِرْ صَبْرًۭا جَمِيلًا

    අක්ෂර පරිවර්තනය: Fasbir ssabran jameelaa

    (නබියේ!) ඔබ අලංකාරවත් ශාන්තියෙන් යුතුව ඉවසා සිටිනු.

  6. 6

    إِنَّهُمْ يَرَوْنَهُۥ بَعِيدًۭا

    අක්ෂර පරිවර්තනය: Inaahum yarawnahoo ba'eedaa

    (එහෙත්) නියත වශයෙන්ම ඔවුන් එය ඉතාමත් ඈතින් යයි අදහස් කරන්නාහ.

  7. 7

    وَنَرَىٰهُ قَرِيبًۭا

    අක්ෂර පරිවර්තනය: Wa naraahu qareebaa

    අපි නම්, එය ඉතාමත් සමීපයෙන්ම දකින්නෙමු.

  8. 8

    يَوْمَ تَكُونُ ٱلسَّمَآءُ كَٱلْمُهْلِ

    අක්ෂර පරිවර්තනය: Yawma takoonus samaaa'u kalmuhl

    එදිනදී අහස අධික ලෙස රත් වූ තඹ මෙන් (රත් පැහැය) බවට පත් වන්නේය.

  9. 9

    وَتَكُونُ ٱلْجِبَالُ كَٱلْعِهْنِ

    අක්ෂර පරිවර්තනය: Wa takoonul jibaalu kal'ihn

    කඳු පුළුන් මෙන් පාවී යනු ඇත.

  10. 10

    وَلَا يَسْـَٔلُ حَمِيمٌ حَمِيمًۭا

    අක්ෂර පරිවර්තනය: Wa laa yas'alu hameemun hameemaa

    (එසේම) එක් මිතුරෙකු තවත් මිතුරෙකුගෙන් සුවදුක් විමසන්නේ නැත.

  11. 11

    يُبَصَّرُونَهُمْ ۚ يَوَدُّ ٱلْمُجْرِمُ لَوْ يَفْتَدِى مِنْ عَذَابِ يَوْمِئِذٍۭ بِبَنِيهِ

    අක්ෂර පරිවර්තනය: Yubassaroonahum; ya waddul mujrimu law yaftadee min 'azaabi yawma'izim bibaneeh

    (ඔවුන්) කෙනෙකු තවත් කෙනෙකුව මුණ ගැහෙන්නට සිදු වුනා වුවද (කම් නැත!) වැරදිකරුවන් එදිනයේ දඬුවමට වන්දි වශයෙන් තමන්ගේ දරුවන්වද-

  12. 12

    وَصَٰحِبَتِهِۦ وَأَخِيهِ

    අක්ෂර පරිවර්තනය: Wa saahibatihee wa akheeh

    තමන්ගේ භාර්යයාවන්වද, තමන්ගේ සහෝදරයාවද-

  13. 13

    وَفَصِيلَتِهِ ٱلَّتِى تُـْٔوِيهِ

    අක්ෂර පරිවර්තනය: Wa faseelathil latee tu'weeh

    තමන් ආධාර උපකාර කරමින් සිටි තමන්ගේ ඥාතීන්වද-

  14. 14

    وَمَن فِى ٱلْأَرْضِ جَمِيعًۭا ثُمَّ يُنجِيهِ

    අක්ෂර පරිවර්තනය: Wa man fil ardi jamee'an summa yunjeeh

    තවද භූමියෙහි ඇති සියල්ලම දී හෝ බේරෙන්නට කැමති වනු ඇත.

  15. 15

    كَلَّآ ۖ إِنَّهَا لَظَىٰ

    අක්ෂර පරිවර්තනය: Kallaa innahaa lazaa

    (එහෙත් එය) සිදු වන්නට හැකි දැයක් නොව. (මන්දයත්) නියත වශයෙන්ම එය (වටකර ගත හැකි) නිරයෙහි ගින්න-

  16. 16

    نَزَّاعَةًۭ لِّلشَّوَىٰ

    අක්ෂර පරිවර්තනය: Nazzaa'atal lishshawaa

    එය, හම පුළුස්සා (මොලය උණු කරමින් දිය කර) දමනු ඇත.

  17. 17

    تَدْعُوا۟ مَنْ أَدْبَرَ وَتَوَلَّىٰ

    අක්ෂර පරිවර්තනය: Tad'oo man adbara wa tawallaa

    එය, පිටුපස හරවා ප්‍රතික්ෂේප කළ අය (සියල්ලන්)ව ආරාධනා කරන්නේය.

  18. 18

    وَجَمَعَ فَأَوْعَىٰٓ

    අක්ෂර පරිවර්තනය: W jama'a fa aw'aa

    (වස්තුව) එක්කාසු කර (වියදම් නොකර) ආරක්ෂා කර තැබූ අයවද (තමන් වෙත ආරාධනා කරන්නේය).

  19. 19

    ۞ إِنَّ ٱلْإِنسَٰنَ خُلِقَ هَلُوعًا

    අක්ෂර පරිවර්තනය: Innal insaana khuliqa haloo'aa

    ඇත්තෙන්ම මිනිසා කළබලකාරයෙකු වශයෙන්ම උත්පාදනය කරනු ලැබ ඇත්තේය.

  20. 20

    إِذَا مَسَّهُ ٱلشَّرُّ جَزُوعًۭا

    අක්ෂර පරිවර්තනය: Izaa massahush sharru jazoo'aa

    මන්දයත් ඔහුව එක් විපතක් අත් වුවහොත් (තිගැස්සී) වෙව්ලන්නේය.

  21. 21

    وَإِذَا مَسَّهُ ٱلْخَيْرُ مَنُوعًا

    අක්ෂර පරිවර්තනය: Wa izaa massahul khairu manoo'aa

    ඔහුව යම්කිසි හොඳක් ළඟා වුවහොත් නම්, එය (අන් අයට ඛෙදා නොදී) වළක්වා ගන්නේය.

  22. 22

    إِلَّا ٱلْمُصَلِّينَ

    අක්ෂර පරිවර්තනය: Illal musalleen

    එහෙත් සලාත් කරන්නන්ව හැර.

  23. 23

    ٱلَّذِينَ هُمْ عَلَىٰ صَلَاتِهِمْ دَآئِمُونَ

    අක්ෂර පරිවර්තනය: Allazeena hum 'alaa Salaatihim daaa'imoon

    ඔවුන් තමන්ගේ සලාතයන් නොකඩවා සලාත් කරමින් සිටින්නාහ.

  24. 24

    وَٱلَّذِينَ فِىٓ أَمْوَٰلِهِمْ حَقٌّۭ مَّعْلُومٌۭ

    අක්ෂර පරිවර්තනය: Wallazeena feee amwaalihim haqqum ma'loom

    ඔවුන්ගේ වස්තුවෙන් (දුප්පතුන්ට) නියමිත පංගුවක් ඇත.

  25. 25

    لِّلسَّآئِلِ وَٱلْمَحْرُومِ

    අක්ෂර පරිවර්තනය: Lissaaa 'ili walmahroom

    ඉල්ලන්නන්ටද, (ලැජ්ජාවෙන්) නොඉල්ලන්නන්ටද (ඇත).

  26. 26

    وَٱلَّذِينَ يُصَدِّقُونَ بِيَوْمِ ٱلدِّينِ

    අක්ෂර පරිවර්තනය: Wallazeena yusaddiqoona bi yawmid Deen

    ඵලවිපාක දෙන දිනයද ඔවුන් සත්‍යය කර තබන්නාහ.

  27. 27

    وَٱلَّذِينَ هُم مِّنْ عَذَابِ رَبِّهِم مُّشْفِقُونَ

    අක්ෂර පරිවර්තනය: Wallazeena hum min 'azaabi Rabbihim mushfiqoon

    (මෙසේ තිබියදී) ඔවුන් තමන්ගේ දෙවියන්ගේ දඬුවමට බිය වෙමින්ම සිටින්නාහ.

  28. 28

    إِنَّ عَذَابَ رَبِّهِمْ غَيْرُ مَأْمُونٍۢ

    අක්ෂර පරිවර්තනය: Inna 'azaaba Rabbihim ghairu maamoon

    (මන්දයත්) නියත වශයෙන්ම තම දෙවියන්ගේ දඬුවම බිය නොවී සිටිය හැකි දැයක් නොව (යන්න ඔවුන් හොඳින් දන්නාහ).

  29. 29

    وَٱلَّذِينَ هُمْ لِفُرُوجِهِمْ حَٰفِظُونَ

    අක්ෂර පරිවර්තනය: Wallazeena hum lifuroo jihim haafizoon

    ඔවුන් තමන්ගේ රහස් ස්ථානයන්ද (පරිශුද්ධව) ආරක්ෂා කර ගන්නාහ.

  30. 30

    إِلَّا عَلَىٰٓ أَزْوَٰجِهِمْ أَوْ مَا مَلَكَتْ أَيْمَٰنُهُمْ فَإِنَّهُمْ غَيْرُ مَلُومِينَ

    අක්ෂර පරිවර්තනය: Illaa 'alaaa azwaajihim aw maa malakat aymaanuhum fainnahum ghairu maloomeen

    එහෙත් තමන්ගේ භාර්යයාවන් වෙතද, තමන්ගේ දකුණත් හිමි කර ගත් අය වෙතද, හැර. නියත වශයෙන්ම ඔවුන් (මොවුන් සමග සම්බන්ධකම් පැවැත්වීම ගැන) අවමානයට ලක් කරනු නොලබන්නාහ.

  31. 31

    فَمَنِ ٱبْتَغَىٰ وَرَآءَ ذَٰلِكَ فَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْعَادُونَ

    අක්ෂර පරිවර්තනය: Famanib taghaa waraaa'a zaalika fa ulaaa'ika humul 'aadoon

    එය හැර (අන් කිසිවක්) කවුරුන් හෝ කැමති වුවහොත් එවැන්නන් සීමාව ඉක්මවූවන් වන්නාහ.

  32. 32

    وَٱلَّذِينَ هُمْ لِأَمَٰنَٰتِهِمْ وَعَهْدِهِمْ رَٰعُونَ

    අක්ෂර පරිවර්තනය: Wallazeena hum li amaa naatihim wa 'ahdihim raa'oon

    තවත් කවුරුන් තමන් වෙත (විශ්වාස කර බාර දෙනු ලැබ) තිඛෙන විශ්වාසහරිත වස්තූන්ද, (තමන් කළ) පොරොන්දුද, ඒ අනුවම අනුගමනය කර (ඉතාමත් විශ්වාසවන්තව කටයුතු) කරන්නෝද, ඔවුන්ද-

  33. 33

    وَٱلَّذِينَ هُم بِشَهَٰدَٰتِهِمْ قَآئِمُونَ

    අක්ෂර පරිවර්තනය: Wallazeena hum bishahaadaatihim qaaa'imoon

    තවත් කවුරුන් තමන්ගේ සාක්ෂි දීමෙහිද (වැරැද්දක් නොවී) ස්ථීරවත්ව සිටින්නෝද, ඔවුන්ද-

  34. 34

    وَٱلَّذِينَ هُمْ عَلَىٰ صَلَاتِهِمْ يُحَافِظُونَ

    අක්ෂර පරිවර්තනය: Wallazeena hum 'alaa salaatihim yuhaafizoon

    කවුරුන් තමන්ගේ සලාතයන්ද අවධානයෙන් (යුතුව නොකඩවා) නියමිත අන්දමට නමදිමින් සිටින්නෝද, ඔවුන්ද-

  35. 35

    أُو۟لَٰٓئِكَ فِى جَنَّٰتٍۢ مُّكْرَمُونَ

    අක්ෂර පරිවර්තනය: Ulaaa'ika fee jannaatim mukramoon

    ආදී මෙවැන්නන්ම ස්වර්ගයන්හි ඉතාමත් ගෞරව කරනු ලබන්නාහ.

  36. 36

    فَمَالِ ٱلَّذِينَ كَفَرُوا۟ قِبَلَكَ مُهْطِعِينَ

    අක්ෂර පරිවර්තනය: Famaa lil lazeena kafaroo qibalaka muhti'een

    (නබියේ!) මෙම ප්‍රතික්ෂේප කරන්නන්ට කුමක් නම් සිදු වී ඇත්ද? (ඔවුන්) ඔබ ඉදිරියට දිව එන්නාහ.

  37. 37

    عَنِ ٱلْيَمِينِ وَعَنِ ٱلشِّمَالِ عِزِينَ

    අක්ෂර පරිවර්තනය: 'Anil yameeni wa 'anish shimaali 'izeen

    දකුණු පැත්තේ සිටද, වම් පැත්තේ සිටද, සමූහ සමුහයන් වශයෙන් (දිව එන්නාහ).

  38. 38

    أَيَطْمَعُ كُلُّ ٱمْرِئٍۢ مِّنْهُمْ أَن يُدْخَلَ جَنَّةَ نَعِيمٍۢ

    අක්ෂර පරිවර්තනය: Ayatma'u kullum ri'im minhum anyyudkhala jannata Na'eem

    ඔවුන්ගෙන් සෑම කෙනෙකුම සුවය දෙන ස්වර්ගයෙහි ඇතුළු විය හැකි යයි ආශා කරන්නෙහුද?

  39. 39

    كَلَّآ ۖ إِنَّا خَلَقْنَٰهُم مِّمَّا يَعْلَمُونَ

    අක්ෂර පරිවර්තනය: Kallaaa innaa khalaq nahum mimmaa ya'lamoon

    එය සිදු විය හැකි දැයක් නොව. ඔවුන් දැන ගත් එක් (අල්ප) වස්තුවකින්ම නියත වශයෙන්ම අපි ඔවුන්ව උත්පාදනය කරන්නෙමු.

  40. 40

    فَلَآ أُقْسِمُ بِرَبِّ ٱلْمَشَٰرِقِ وَٱلْمَغَٰرِبِ إِنَّا لَقَٰدِرُونَ

    අක්ෂර පරිවර්තනය: Falaaa uqsimu bi Rabbil mashaariqi wal maghaaribi innaa laqaadiroon

    නැගෙනහිර දිසාවේ හා බටහිර දිසාවේ දෙවියන් මත සත්තකින්ම! නියත වශයෙන්ම අපි (අපගේ කැමැත්තට අනුව කරන්නට) බලසම්පන්න වෙමු.

  41. 41

    عَلَىٰٓ أَن نُّبَدِّلَ خَيْرًۭا مِّنْهُمْ وَمَا نَحْنُ بِمَسْبُوقِينَ

    අක්ෂර පරිවර්තනය: 'Alaaa an nubaddila khairam minhum wa maa Nahnu bimasbooqeen

    (මොවුන්ව පහ කර) මොවුන්ට වඩා උසස් අය මාරු කර හැරීමටද (බලසම්පන්න වෙමු). (මෙහිදී) කිසිවෙකුටත් අපව පරාජය කළ නොහැක.

  42. 42

    فَذَرْهُمْ يَخُوضُوا۟ وَيَلْعَبُوا۟ حَتَّىٰ يُلَٰقُوا۟ يَوْمَهُمُ ٱلَّذِى يُوعَدُونَ

    අක්ෂර පරිවර්තනය: Fazarhum yakhoodoo wa yal'aboo hattaa yulaaqoo yaw mahumul lazee yoo'adoon

    එබැවින් (නබියේ!) ඔවුන්ට පොරොන්දු දෙන ලද දිනය ඔවුන්ට හමු වන තුරු ඔවුන් සෙල්ලම් කරමින් (පුහු කාරණාවන්හි) ගැලී සිටින්නටම ඔබ ඔවුන්ව අත්හැර දමනු.

  43. 43

    يَوْمَ يَخْرُجُونَ مِنَ ٱلْأَجْدَاثِ سِرَاعًۭا كَأَنَّهُمْ إِلَىٰ نُصُبٍۢ يُوفِضُونَ

    අක්ෂර පරිවර්තනය: Yawma yakhrujoona minal ajdaasi siraa'an ka anna hum ilaa nusubiny yoofidoon

    (නබියේ! ඔවුන්ට එක් දිනයක් ගැන ඔබ මතක් කර දෙනු. පිළිරූ වන්ඳනා කරන්නන් තමන්ගේ උත්සව දිනයන්හි පූජාව සඳහා සිටුවන ලද) කොඩි දෙසට වේගයෙන් දිව යන්නාක් මෙන්ම සොහොන් වලින් පිට වී (මහ්ෂර් නමැති පිටියට) ඉතාමත් තීව්‍රව යන්නාහ.

  44. 44

    خَٰشِعَةً أَبْصَٰرُهُمْ تَرْهَقُهُمْ ذِلَّةٌۭ ۚ ذَٰلِكَ ٱلْيَوْمُ ٱلَّذِى كَانُوا۟ يُوعَدُونَ

    අක්ෂර පරිවර්තනය: Khaashi'atan absaaruhum tarhaquhum zillah; zaalikal yawmul lazee kaanoo yoo'adoon

    ඔවුන්ගේ බැල්ම පහත හෙළමින් තිඛෙණු ඇත. අවමානයද ඔවුන්ව වටකර ගනු ඇත. (නබියේ!) මෙම දිනයම ඔවුන්ට පොරොන්දු වන ලද දිනය වන්නේය.

පරිවර්තන සංස්කරණය: si.naseemismail

ශ්‍රව්‍ය පදය: මිෂාරි රෂීඩ් ඇලෆාසි (128kbps islamic.network CDN හරහා).

පෙළ සහ පරිවර්තන: api.alquran.cloud · Uthmani Arabic.

ayah හි තේරුම අපැහැදිලි නම්, සුදුසුකම් ලත් ගුරුවරයෙකුගෙන් විමසන්න - විශේෂයෙන්ම නීතිමය සහ විශ්වාස කටයුතු සඳහා.

The Ascending Stairways — Islam Word