යතුරු: J next ayah · K පෙර ayah
- 1
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ لِإِيلَٰفِ قُرَيْشٍ
අක්ෂර පරිවර්තනය: Li-ilaafi quraish
කුරයිෂිවරුන්ට (සංචාරය කෙරෙහි) කැමැත්ත ඇති කර-
- 2
إِۦلَٰفِهِمْ رِحْلَةَ ٱلشِّتَآءِ وَٱلصَّيْفِ
අක්ෂර පරිවර්තනය: Elaafihim rihlatash shitaa-i wass saif
ශීත සෘතුව, ග්‍රීෂ්ම සෘතුව තුළ සංචාරයන්ට ඔවුන් කැමති වී අත් කර ගන්නා මෙන් සැලැස්වීම වෙනුවෙන්-
- 3
فَلْيَعْبُدُوا۟ رَبَّ هَٰذَا ٱلْبَيْتِ
අක්ෂර පරිවර්තනය: Fal y'abudu rabba haazal-bait
(කෘතඥ වීම පිණිස කඃබාව වන) මෙම නිවසේ දෙවියන්වම ඔවුන් නැමදිය යුතුය.
- 4
ٱلَّذِىٓ أَطْعَمَهُم مِّن جُوعٍۢ وَءَامَنَهُم مِّنْ خَوْفٍۭ
අක්ෂර පරිවර්තනය: Allazi at'amahum min ju'inw-wa-aamana hum min khawf
ඔහුම (ඔවුන් සීසා ගොවිතැන් නොකරම මෙම වාණිජ සංචාරය මගින්) ඔවුන්ගේ කුස ගින්නට ආහාර ලබා දෙමින් සිටින්නේය. (සංචාරයේ අතරමගදී සිදු වෙමින් තිබුණු මිනී මැරුම්, සොරකම් ආදී දරුණු) බියෙන් ඔවුන්ට ආරක්ෂාව ලබා දුන්නේය.
පරිවර්තන සංස්කරණය: si.naseemismail
ශ්‍රව්‍ය පදය: මිෂාරි රෂීඩ් ඇලෆාසි (128kbps islamic.network CDN හරහා).
පෙළ සහ පරිවර්තන: api.alquran.cloud · Uthmani Arabic.
ayah හි තේරුම අපැහැදිලි නම්, සුදුසුකම් ලත් ගුරුවරයෙකුගෙන් විමසන්න - විශේෂයෙන්ම නීතිමය සහ විශ්වාස කටයුතු සඳහා.