යතුරු: J next ayah · K පෙර ayah
- 1
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ أَلْهَىٰكُمُ ٱلتَّكَاثُرُ
අක්ෂර පරිවර්තනය: Al haaku mut takathur
(වස්තුව) අධික කර ගැනීමේ තන්හාව (අල්ලාහ්ගෙන් ඈත්ව) ඔබව සැහැල්ලූ වූ වෙනතකට කර දැමුවේය.
- 2
حَتَّىٰ زُرْتُمُ ٱلْمَقَابِرَ
අක්ෂර පරිවර්තනය: Hatta zurtumul-maqaabir
ඔබ සොහොන් වල (කබ්රු) හමු වන තුරු
- 3
كَلَّا سَوْفَ تَعْلَمُونَ
අක්ෂර පරිවර්තනය: Kalla sawfa ta'lamoon
(එය කිමෙක්ද යන්න පසුව) ඔබ හොඳින් දැන ගන්නෙහුය.
- 4
ثُمَّ كَلَّا سَوْفَ تَعْلَمُونَ
අක්ෂර පරිවර්තනය: Thumma kalla sawfa ta'lamoon
(එහි ඵල ප්‍රයෝජනයද) පසුව ඔබ හොඳින් දැන ගන්නෙහුය.
- 5
كَلَّا لَوْ تَعْلَمُونَ عِلْمَ ٱلْيَقِينِ
අක්ෂර පරිවර්තනය: Kalla law ta'lamoona 'ilmal yaqeen
දැන ගනු! (එහි ඵල ප්‍රයෝජන) සැකයෙන් තොර ඔබ දැන ගන්නෙහු නම්-
- 6
لَتَرَوُنَّ ٱلْجَحِيمَ
අක්ෂර පරිවර්තනය: Latara-wun nal jaheem
නියත වශයෙන්ම නිරයම ඔබ, (ඔබගේ ඇස් ඉදිරියේ) දැක ගන්නෙහුය!
- 7
ثُمَّ لَتَرَوُنَّهَا عَيْنَ ٱلْيَقِينِ
අක්ෂර පරිවර්තනය: Thumma latara wunnaha 'ainal yaqeen
එය ඔබ, (ඔබගේ දෑසින්) දැක ගැනීම සත්‍යය යනු නියතයි.
- 8
ثُمَّ لَتُسْـَٔلُنَّ يَوْمَئِذٍ عَنِ ٱلنَّعِيمِ
අක්ෂර පරිවර්තනය: Thumma latus alunna yauma-izin 'anin na'eem
පසුව (ඔබට දෙවියන් ලබා දුන්) වරප්‍රසාදය (ඔබ කුමන මාර්ගයක වියදම් කළෙහුද යන්න) ගැනද එදිනදී නියත වශයෙන්ම ඔබ විමසනු ලබන්නෙහුය.
පරිවර්තන සංස්කරණය: si.naseemismail
ශ්‍රව්‍ය පදය: මිෂාරි රෂීඩ් ඇලෆාසි (128kbps islamic.network CDN හරහා).
පෙළ සහ පරිවර්තන: api.alquran.cloud · Uthmani Arabic.
ayah හි තේරුම අපැහැදිලි නම්, සුදුසුකම් ලත් ගුරුවරයෙකුගෙන් විමසන්න - විශේෂයෙන්ම නීතිමය සහ විශ්වාස කටයුතු සඳහා.