සියලුම සූරත

සූරතය 100

The Courser

سُورَةُ العَادِيَاتِ

Al-Aadiyaat · මක්කන්

යතුරු: J next ayah · K පෙර ayah

ශ්රව්ය උපකරණ
  1. 1

    بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ وَٱلْعَٰدِيَٰتِ ضَبْحًۭا

    අක්ෂර පරිවර්තනය: Wal'aadi yaati dabha

    හුස්ම හිර වෙන තරමට අධික වේගයෙන් දුවන අශ්වයින් මතද-

  2. 2

    فَٱلْمُورِيَٰتِ قَدْحًۭا

    අක්ෂර පරිවර්තනය: Fal moori yaati qadha

    (දුවන වේගයෙන්ම කුර ගැටෙන්නට සලස්වා) ගිනි පුපුරු වීසි වන්නට සලස්වන දැය මතද-

  3. 3

    فَٱلْمُغِيرَٰتِ صُبْحًۭا

    අක්ෂර පරිවර්තනය: Fal mugheeraati subha

    තවද උදේ පාන්දර (සතුරන් කෙරෙහි) පැන දුවන දැය මතද-

  4. 4

    فَأَثَرْنَ بِهِۦ نَقْعًۭا

    අක්ෂර පරිවර්තනය: Fa atharna bihee naq'a

    (එසේ වේගයෙන් දුවන විට, වලාකුළු මෙන්) එමගින් දූවිලි අවුස්සා දමන දැය මතද-

  5. 5

    فَوَسَطْنَ بِهِۦ جَمْعًا

    අක්ෂර පරිවර්තනය: Fawa satna bihee jam'a

    පසුව (සතුරන්ගේ සේනාව) මධ්‍යයෙහි ඒ හේතුවෙන් අතුළු වන දැය මතද සත්තකින්ම!

  6. 6

    إِنَّ ٱلْإِنسَٰنَ لِرَبِّهِۦ لَكَنُودٌۭ

    අක්ෂර පරිවර්තනය: Innal-insana lirabbihee lakanood

    නියත වශයෙන්ම මිනිසා තම දෙවියන්ට කෙළෙහිගුණ නොදක්වන්නෙකු වශයෙන් සිටින්නේය.

  7. 7

    وَإِنَّهُۥ عَلَىٰ ذَٰلِكَ لَشَهِيدٌۭ

    අක්ෂර පරිවර්තනය: Wa innahu 'alaa zaalika la shaheed

    නියත වශයෙන්ම ඔහුම මෙයට සාක්ෂි වශයෙන්ද සිටින්නේය.

  8. 8

    وَإِنَّهُۥ لِحُبِّ ٱلْخَيْرِ لَشَدِيدٌ

    අක්ෂර පරිවර්තනය: Wa innahu lihubbil khairi la shadeed

    නියත වශයෙන්ම ඔහු ඉතාමත් දැඩි වශයෙන්ම වස්තුවට ආදරය කරන්නේය.

  9. 9

    ۞ أَفَلَا يَعْلَمُ إِذَا بُعْثِرَ مَا فِى ٱلْقُبُورِ

    අක්ෂර පරිවර්තනය: Afala ya'lamu iza b'uthira ma filquboor

    සොහොන් (කබ්රු) වල ඇති දැය පිටතට වීසි කරනු ලැබ,

  10. 10

    وَحُصِّلَ مَا فِى ٱلصُّدُورِ

    අක්ෂර පරිවර්තනය: Wa hussila maa fis sudoor

    සිත්හි ඇති දැය එළිදරව් කරනු ලබන අවස්ථාවේදී-

  11. 11

    إِنَّ رَبَّهُم بِهِمْ يَوْمَئِذٍۢ لَّخَبِيرٌۢ

    අක්ෂර පරිවර්තනය: Inna rabbahum bihim yauma 'izil la khabeer

    නියත වශයෙන්ම (මිනිසුන් වන) ඔවුන්ගේ දෙවියන් (නපුරු අය කවරෙක්ද? හොඳ අය කවරෙක්ද?යි) ඔවුන්ව එදිනදී හොඳින් දැන ගන්නේය යනුවෙන් ඔහු දැන ගත්තේ නැද්ද?

පරිවර්තන සංස්කරණය: si.naseemismail

ශ්‍රව්‍ය පදය: මිෂාරි රෂීඩ් ඇලෆාසි (128kbps islamic.network CDN හරහා).

පෙළ සහ පරිවර්තන: api.alquran.cloud · Uthmani Arabic.

ayah හි තේරුම අපැහැදිලි නම්, සුදුසුකම් ලත් ගුරුවරයෙකුගෙන් විමසන්න - විශේෂයෙන්ම නීතිමය සහ විශ්වාස කටයුතු සඳහා.