සියලුම සූරත

සූරතය 99

The Earthquake

سُورَةُ الزَّلۡزَلَةِ

Az-Zalzala · මෙඩිනන්

යතුරු: J next ayah · K පෙර ayah

ශ්රව්ය උපකරණ
  1. 1

    بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ إِذَا زُلْزِلَتِ ٱلْأَرْضُ زِلْزَالَهَا

    අක්ෂර පරිවර්තනය: Izaa zul zilatil ardu zil zaalaha

    බලවත් භූමි කම්පාව ඇති වී-

  2. 2

    وَأَخْرَجَتِ ٱلْأَرْضُ أَثْقَالَهَا

    අක්ෂර පරිවර්තනය: Wa akh rajatil ardu athqaalaha

    භූමිය, තමන් උසුළාගෙන සිටින දැය (සියල්ල පිටතට) වීසි කර දමන අවස්ථාවේදී-

  3. 3

    وَقَالَ ٱلْإِنسَٰنُ مَا لَهَا

    අක්ෂර පරිවර්තනය: Wa qaalal insaanu ma laha

    මිනිසා (තිගැස්සී) මෙයට කුමක් නම් සිදු වී ඇත්ද? (කුමක් නිසා මෙසේ වෙව්ලන්නේද?)’යි විමසනු ඇත.

  4. 4

    يَوْمَئِذٍۢ تُحَدِّثُ أَخْبَارَهَا

    අක්ෂර පරිවර්තනය: Yawmaa izin tuhad dithu akhbaaraha

    එදිනදී එය තම කාරණාවන් (සියල්ල) දැනුම් දෙනු ඇත.

  5. 5

    بِأَنَّ رَبَّكَ أَوْحَىٰ لَهَا

    අක්ෂර පරිවර්තනය: Bi-anna rabbaka awhaa laha

    මන්දයත් (මෙසේම) ඔබගේ දෙවියන් වහී මගින් තමන්ට නියෝග කළේය (යයි කියනු ඇත).

  6. 6

    يَوْمَئِذٍۢ يَصْدُرُ ٱلنَّاسُ أَشْتَاتًۭا لِّيُرَوْا۟ أَعْمَٰلَهُمْ

    අක්ෂර පරිවර්තනය: Yawma iziy yas durun naasu ash tatal liyuraw a'maalahum

    එදිනදී මිනිසුන් (හොඳ හෝ නරක හෝ) තමන්ගේ විපත් දකිනු පිණිස (විවිධ කොටස් වශයෙන් ඛෙදී) සමූහ සමූහයන් වශයෙන් (විනිශ්චය සඳහා) පැමිණෙනු ඇත.

  7. 7

    فَمَن يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًۭا يَرَهُۥ

    අක්ෂර පරිවර්තනය: Famaiy ya'mal mithqala zarratin khai raiy-yarah

    එබැවින් කවුරුන් එක් අනු ප්‍රමාණයක් හෝ පිනක් කර තිබුණේ නම්, ඔහු (එහිදී) එය දැක ගන්නේය.

  8. 8

    وَمَن يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍۢ شَرًّۭا يَرَهُۥ

    අක්ෂර පරිවර්තනය: Wa maiy-y'amal mithqala zarratin sharraiy-yarah

    (එසේම) කවුරුන් එක් අනු ප්‍රමාණයක් හෝ පාපයක් කර තිබුනේද එයද ඔහු (එහිදී) දැක ගන්නේය.

පරිවර්තන සංස්කරණය: si.naseemismail

ශ්‍රව්‍ය පදය: මිෂාරි රෂීඩ් ඇලෆාසි (128kbps islamic.network CDN හරහා).

පෙළ සහ පරිවර්තන: api.alquran.cloud · Uthmani Arabic.

ayah හි තේරුම අපැහැදිලි නම්, සුදුසුකම් ලත් ගුරුවරයෙකුගෙන් විමසන්න - විශේෂයෙන්ම නීතිමය සහ විශ්වාස කටයුතු සඳහා.

The Earthquake — Islam Word