සියලුම සූරත

සූරතය 75

The Resurrection

سُورَةُ القِيَامَةِ

Al-Qiyaama · මක්කන්

යතුරු: J next ayah · K පෙර ayah

ශ්රව්ය උපකරණ
  1. 1

    بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ لَآ أُقْسِمُ بِيَوْمِ ٱلْقِيَٰمَةِ

    අක්ෂර පරිවර්තනය: Laaa uqsimu bi yawmil qiyaamah

    විනිශ්චය දින මත දිව්රන්නෙමි.

  2. 2

    وَلَآ أُقْسِمُ بِٱلنَّفْسِ ٱللَّوَّامَةِ

    අක්ෂර පරිවර්තනය: Wa laaa uqsimu bin nafsil lawwaamah

    (වැරදි කළ අයට) නින්දා කරනු ලබන (ඔහුගේ) හෘද සාක්ෂිය මතද මා දිව්රන්නෙමි.

  3. 3

    أَيَحْسَبُ ٱلْإِنسَٰنُ أَلَّن نَّجْمَعَ عِظَامَهُۥ

    අක්ෂර පරිවර්තනය: Ayahsabul insaanu al lan najm'a 'izaamah

    (මරණයට පත්ව දිරා පත් වී පස් බවට පත් වූ) ඔහුගේ ඇට කටු අපි එක්කාසු නොකරන්නෙමු යයි මිනිසා අදහස් කරමින් සිටින්නේද?

  4. 4

    بَلَىٰ قَٰدِرِينَ عَلَىٰٓ أَن نُّسَوِّىَ بَنَانَهُۥ

    අක්ෂර පරිවර්තනය: Balaa qaadireena 'alaaa an nusawwiya banaanah

    නොඑසේය. ඔහුගේ ඇඟිළි තුඩු පවා (පෙර තිබූ ආකාරයටම) සකස් කිරීමට අපි බලසම්පන්න වන්නෙමු.

  5. 5

    بَلْ يُرِيدُ ٱلْإِنسَٰنُ لِيَفْجُرَ أَمَامَهُۥ

    අක්ෂර පරිවර්තනය: Bal yureedul insaanu liyafjura amaamah

    එහෙත් මිනිසා දෙවියන් ඉදිරියේම වැරදි කිරීමට අදහස් කර-

  6. 6

    يَسْـَٔلُ أَيَّانَ يَوْمُ ٱلْقِيَٰمَةِ

    අක්ෂර පරිවර්තනය: Yas'alu ayyyaana yawmul qiyaamah

    (සමච්චලයෙන් මෙන්) “විනිශ්චය දිනය කවදා එන්නේද?”යි විමසන්නේය.

  7. 7

    فَإِذَا بَرِقَ ٱلْبَصَرُ

    අක්ෂර පරිවර්තනය: Fa izaa bariqal basar

    එය (පැමිණෙන) අවස්ථාවේදී බැල්ම නිලංකාර වී-

  8. 8

    وَخَسَفَ ٱلْقَمَرُ

    අක්ෂර පරිවර්තනය: We khasafal qamar

    චන්ද්‍රයාගේ ආලෝකය මැකී-

  9. 9

    وَجُمِعَ ٱلشَّمْسُ وَٱلْقَمَرُ

    අක්ෂර පරිවර්තනය: Wa jumi'ash shamusu wal qamar

    (වෙන් වී තිඛෙණ) සූර්යයාද, චන්ද්‍රයාද එක්කාසු වී යනු ඇත.

  10. 10

    يَقُولُ ٱلْإِنسَٰنُ يَوْمَئِذٍ أَيْنَ ٱلْمَفَرُّ

    අක්ෂර පරිවර්තනය: Yaqoolul insaanu yaw ma 'izin aynal mafarr

    එදිනදී (බේරීමට) “කොහේ දුවන්නද?”යි මිනිසා විමසනු ඇත.

  11. 11

    كَلَّا لَا وَزَرَ

    අක්ෂර පරිවර්තනය: Kallaa laa wazar

    “කිසිසේත් කළ නොහැක. බේරීමට තැනක් නැත” (යයි කියනු ලැබේ).

  12. 12

    إِلَىٰ رَبِّكَ يَوْمَئِذٍ ٱلْمُسْتَقَرُّ

    අක්ෂර පරිවර්තනය: Ilaa rabbika yawma 'izinil mustaqarr

    (නබියේ!) එදිනදී ඔබගේ දෙවියන් වෙතම (සියල්ලන්ම) නැගී සිටිය යුතු වන්නේය.

  13. 13

    يُنَبَّؤُا۟ ٱلْإِنسَٰنُ يَوْمَئِذٍۭ بِمَا قَدَّمَ وَأَخَّرَ

    අක්ෂර පරිවර්තනය: Yunabba 'ul insaanu yawma 'izim bimaa qaddama wa akhkhar

    මිනිසා කළින් (ඉටු කර), යැවූ දැයද (ලොවෙහි) අත්හැර දමා පැමිණි දැයද, ගැන එදිනදී ඔහුට දැනුම් දෙනු ලැබේ.

  14. 14

    بَلِ ٱلْإِنسَٰنُ عَلَىٰ نَفْسِهِۦ بَصِيرَةٌۭ

    අක්ෂර පරිවර්තනය: Balil insaanu 'alaa nafsihee baseerah

    කිමෙක්ද? මිනිසාම තමන්ට විරුද්ධව සාක්ෂි වශයෙන් සිටිනු ඇත.

  15. 15

    وَلَوْ أَلْقَىٰ مَعَاذِيرَهُۥ

    අක්ෂර පරිවර්තනය: Wa law alqaa ma'aazeerah

    එබැවින් ඔහු (තම වැරදිවලට) කොපමණ නිදහසට කරුණු ඉදිරිපත් කළා වුවද, (එය බාර ගනු නොලැබේ).

  16. 16

    لَا تُحَرِّكْ بِهِۦ لِسَانَكَ لِتَعْجَلَ بِهِۦٓ

    අක්ෂර පරිවර්තනය: Laa tuharrik bihee lisaa naka lita'jala bih

    (නබියේ! ජිබ්රීල් වහී මගින් සමුදීරණය කර පෙන්වනු ලබන ආයාවන් වැරදී යාවිදෝ යයි බිය වී ඔහු සමුදීරණය කර අවසන් වීමට පෙර) ඔබ ඉක්මන් වී එය සමුදීරණය කිරීමට ඔබගේ දිව නොසොළවනු.

  17. 17

    إِنَّ عَلَيْنَا جَمْعَهُۥ وَقُرْءَانَهُۥ

    අක්ෂර පරිවර්තනය: Inna 'alainaa jam'ahoo wa qur aanah

    මන්දයත් එය එක්කාසු කර, (ඔබ) සමුදීරණය කරන ලෙසට සැලැස්වීම නියත වශයෙන් අප කෙරෙහි ඇති අනිවාර්යය යුතුකමක් වන්නේය.

  18. 18

    فَإِذَا قَرَأْنَٰهُ فَٱتَّبِعْ قُرْءَانَهُۥ

    අක්ෂර පරිවර්තනය: Fa izaa qaraanaahu fattabi' qur aanah

    එබැවින් (ජිබ්රීල් මගින්) එය අපි (ඔබට) සමුදීරණය කර පෙන්වුවහොත්, (ඔහු සමුදීරණය කර අවසන් වූ පසු) ඒ ආකාරයටම එය ඔබ අනුගමනය කර, සමුදීරණය කරනු.

  19. 19

    ثُمَّ إِنَّ عَلَيْنَا بَيَانَهُۥ

    අක්ෂර පරිවර්තනය: Summa inna 'alainaa bayaanah

    පසුව එය විවරණය කර පැවසීමද අප කෙරෙහි ඇති අනිවාර්යය යුතුකමක් වන්නේය.

  20. 20

    كَلَّا بَلْ تُحِبُّونَ ٱلْعَاجِلَةَ

    අක්ෂර පරිවර්තනය: Kallaa bal tuhibboonal 'aajilah

    එහෙත් (මිනිසුනේ!) ඔබ (සෑම දැයකම) ඉක්මන් වීමටම කැමති වන්නෙහුය. (එබැවින්ම මෙලොව කැමති වී)-

  21. 21

    وَتَذَرُونَ ٱلْءَاخِرَةَ

    අක්ෂර පරිවර්තනය: Wa tazaroonal Aakhirah

    පරලොව ඔබ අත්හැර දමන්නෙහුය.

  22. 22

    وُجُوهٌۭ يَوْمَئِذٍۢ نَّاضِرَةٌ

    අක්ෂර පරිවර්තනය: Wujoohuny yawma 'izin naadirah

    එදිනදී සමහරෙකු (ගේ) මුහුණු ඉතාමත් සන්තෝෂයෙන් පිරි ඒවා බවට (පත් වී)

  23. 23

    إِلَىٰ رَبِّهَا نَاظِرَةٌۭ

    අක්ෂර පරිවර්තනය: Ilaa rabbihaa naazirah

    තමන්ගේ දෙවියන් දෙස බලන්නන් වශයෙන්ම (දීප්තිමත්ව) තිඛෙණු ඇත.

  24. 24

    وَوُجُوهٌۭ يَوْمَئِذٍۭ بَاسِرَةٌۭ

    අක්ෂර පරිවර්තනය: Wa wujoohuny yawma 'izim baasirah

    වෙනත් සමහරෙකු(ගේ) මුහුණු නම්, එදිනදී (ශෝකයෙන්) මැළ වී ගිය ඒවා වශයෙන් තිඛෙණු ඇත.

  25. 25

    تَظُنُّ أَن يُفْعَلَ بِهَا فَاقِرَةٌۭ

    අක්ෂර පරිවර්තනය: Tazunnu any yuf'ala bihaa faaqirah

    (පාපයන්හි බරෙහි හේතුවෙන්) තමන්ගේ තුනටිය කැඩී යාවිදෝ යයි සිතා (බියට) පත් වී සිටිනු ඇත.

  26. 26

    كَلَّآ إِذَا بَلَغَتِ ٱلتَّرَاقِىَ

    අක්ෂර පරිවර්තනය: Kallaaa izaa balaghatit taraaqee

    (කවුරුන් හෝ රෝගාතුර වී ඔහුගේ) පණ උගුරු දණ්ඞ අත් කර ගතහොත්-

  27. 27

    وَقِيلَ مَنْ ۜ رَاقٍۢ

    අක්ෂර පරිවර්තනය: Wa qeela man raaq

    (ඔහු සමීපයෙහි සිටින්නන්, ඔහුව සුවපත් කිරීමට) මතුරන්නේ කවරෙක්ද? (කොහේ නම් සිටින්නෙහිද?) යයි විමසන්නාහ.

  28. 28

    وَظَنَّ أَنَّهُ ٱلْفِرَاقُ

    අක්ෂර පරිවර්තනය: Wa zanna annahul firaaq

    එහෙත් ඔහු නම්, නියත වශයෙන්ම මෙයයි (තමන්ගේ) වෙන්වීම යන්න (ස්ථීරව) දැන ගන්නේය.

  29. 29

    وَٱلْتَفَّتِ ٱلسَّاقُ بِٱلسَّاقِ

    අක්ෂර පරිවර්තනය: Waltaffatis saaqu bissaaq

    (ඔහුගේ) කකුලේ (මස්පිඩු, අනිත්) කකුලේ මස්පිඩු සමග ගෙතෙනු ඇත.

  30. 30

    إِلَىٰ رَبِّكَ يَوْمَئِذٍ ٱلْمَسَاقُ

    අක්ෂර පරිවර්තනය: Ilaa rabbika yawma'izinil masaaq

    එදිනදී ඔහුගේ (කාරණාව අවසන් වී) ඔබ දෙවියන් දෙසට දක්කාගෙන යනු ලබන්නේය.

  31. 31

    فَلَا صَدَّقَ وَلَا صَلَّىٰ

    අක්ෂර පරිවර්තනය: Falaa saddaqa wa laa sallaa

    (ඔහු නම්, අල්ලාහ්ගේ ආයාවන්) සත්‍යය කළේද නැත. සලාත් කළේද නැත.

  32. 32

    وَلَٰكِن كَذَّبَ وَتَوَلَّىٰ

    අක්ෂර පරිවර්තනය: Wa laakin kazzaba wa tawalla

    එහෙත් (ඔහු ඒවා) බොරු කර තබා (සලාත්ද නොකර) ඈත් වී සිටියේය.

  33. 33

    ثُمَّ ذَهَبَ إِلَىٰٓ أَهْلِهِۦ يَتَمَطَّىٰٓ

    අක්ෂර පරිවර්තනය: Summa zahaba ilaaa ahlihee yatamatta

    පසුව උඞඟූ වී තම පවුලේ උදවිය සමග (තම නිවසට) ගියේය.

  34. 34

    أَوْلَىٰ لَكَ فَأَوْلَىٰ

    අක්ෂර පරිවර්තනය: Awlaa laka fa awlaa

    (මිනිසාණෙනි!) ඔබට විනාශයයි! පසුවත් විනාශයයි!

  35. 35

    ثُمَّ أَوْلَىٰ لَكَ فَأَوْلَىٰٓ

    අක්ෂර පරිවර්තනය: Summa awlaa laka fa awla

    ඔබට විනාශය මත විනාශයයි!

  36. 36

    أَيَحْسَبُ ٱلْإِنسَٰنُ أَن يُتْرَكَ سُدًى

    අක්ෂර පරිවර්තනය: Ayahsabul insaanu anyytraka sudaa

    (කිසිම) ප්‍රශ්නයක් නොඅසා අත්හැර දමන්නෙමු යයි මිනිසා අදහස් කළෙහිද?

  37. 37

    أَلَمْ يَكُ نُطْفَةًۭ مِّن مَّنِىٍّۢ يُمْنَىٰ

    අක්ෂර පරිවර්තනය: Alam yaku nutfatam mim maniyyiny yumnaa

    ඔහු (ගර්භයෙහි) ඇතුළු කරන ලද එක් ඉන්ද්‍රිය බිඳක් වශයෙන් තිබුනේ නැද්ද?

  38. 38

    ثُمَّ كَانَ عَلَقَةًۭ فَخَلَقَ فَسَوَّىٰ

    අක්ෂර පරිවර්තනය: Summa kaana 'alaqata fakhalaq fasawwaa

    පසුව (එය) ලේ කැටියක් බවට පත් කර (පසුව එය) නිර්මාණය කර පූරණ මිනිසෙකු බවට (දෙවියන්) පත් කර තැබුවේය.

  39. 39

    فَجَعَلَ مِنْهُ ٱلزَّوْجَيْنِ ٱلذَّكَرَ وَٱلْأُنثَىٰٓ

    අක්ෂර පරිවර්තනය: Faja'ala minhuz zawjayniz zakara wal unsaa

    පිරිමි, ගැහැනු ජෝඩුද එයින් උත්පාදනය කරන්නේය.

  40. 40

    أَلَيْسَ ذَٰلِكَ بِقَٰدِرٍ عَلَىٰٓ أَن يُحْۦِىَ ٱلْمَوْتَىٰ

    අක්ෂර පරිවර්තනය: Alaisa zaalika biqaadirin 'alaaa any yuhyiyal mawtaa

    (මේ සියල්ල කළ) ඔහු, මරණයට පත් වූවන්ව පණ දීමට බලසම්පන්නයෙකු නොවෙද?

පරිවර්තන සංස්කරණය: si.naseemismail

ශ්‍රව්‍ය පදය: මිෂාරි රෂීඩ් ඇලෆාසි (128kbps islamic.network CDN හරහා).

පෙළ සහ පරිවර්තන: api.alquran.cloud · Uthmani Arabic.

ayah හි තේරුම අපැහැදිලි නම්, සුදුසුකම් ලත් ගුරුවරයෙකුගෙන් විමසන්න - විශේෂයෙන්ම නීතිමය සහ විශ්වාස කටයුතු සඳහා.