සියලුම සූරත

සූරතය 67

The Sovereignty

سُورَةُ المُلۡكِ

Al-Mulk · මක්කන්

යතුරු: J next ayah · K පෙර ayah

ශ්රව්ය උපකරණ
  1. 1

    بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ تَبَٰرَكَ ٱلَّذِى بِيَدِهِ ٱلْمُلْكُ وَهُوَ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌ

    අක්ෂර පරිවර්තනය: Tabaarakal lazee biyadihil mulku wa huwa 'alaa kulli shai-in qadeer

    (මිනිසුනේ! අහස් හා භූමිය ආදියෙහි) රාජ්‍යය කවුරුන් අත ඇත්තේද, ඔහු ඉතාමත් භාග්‍යයෙන් යුත්තෙකි. ඔහු සියලූ දැය කෙරෙහිද බලසම්පන්නයෙකි.

  2. 2

    ٱلَّذِى خَلَقَ ٱلْمَوْتَ وَٱلْحَيَوٰةَ لِيَبْلُوَكُمْ أَيُّكُمْ أَحْسَنُ عَمَلًۭا ۚ وَهُوَ ٱلْعَزِيزُ ٱلْغَفُورُ

    අක්ෂර පරිවර්තනය: Allazee khalaqal mawta walhayaata liyabluwakum ayyukum ahsanu 'amalaa; wa huwal 'azeezul ghafoor

    ඔබගෙන් කවුරුන් ක්‍රියාවන්ගෙන් ඉතාමත් අලංකාරවත් කෙනෙකු යන්නෙහි ඔබව පිරික්සනු පිණිසම ඔහු ජීවිතයද මරණයද උත්පාදනය කර ඇත්තේය. ඔහු (සියල්ලන්ටම) බලසම්පන්නයෙකි. ඉතාමත් සමාවෙන් යුත්තයෙකි.

  3. 3

    ٱلَّذِى خَلَقَ سَبْعَ سَمَٰوَٰتٍۢ طِبَاقًۭا ۖ مَّا تَرَىٰ فِى خَلْقِ ٱلرَّحْمَٰنِ مِن تَفَٰوُتٍۢ ۖ فَٱرْجِعِ ٱلْبَصَرَ هَلْ تَرَىٰ مِن فُطُورٍۢ

    අක්ෂර පරිවර්තනය: Allazee khalaqa sab'a samaawaatin tibaaqam maa taraa fee khalqir rahmaani min tafaawutin farji'il basara hal taraa min futoor

    ඔහුම අහස් හතම එක පිට එකක් වශයෙන් නිර්මාණය කර ඇත්තේය. (මිනිසාණෙනි!) රහ්මාන්ගේ උත්පාදනයන්හි ඔබ කිසියම් අඩුපාඩුකමක් නොදකින්නෙහිය. නැවතත් (එය අවධානය කර) බලනු. (එහි) කිසියම් භේදයක් ඔබ දකින්නෙහිද?

  4. 4

    ثُمَّ ٱرْجِعِ ٱلْبَصَرَ كَرَّتَيْنِ يَنقَلِبْ إِلَيْكَ ٱلْبَصَرُ خَاسِئًۭا وَهُوَ حَسِيرٌۭ

    අක්ෂර පරිවර්තනය: Summar ji'il basara karrataini yanqalib ilaikal basaru khaasi'anw wa huwa haseer

    (නැවත) නැවතත් දෙවරක් බලනු! (මෙසේ ඔබ කෙතරම් වාර ගණනක් හාර හාරා බැලූවද, කිසිම අඩුපාඩුවක් දකින්නේ නැත). ඔබගේ බැල්මම දුබලව ව්‍යාකූල වී (ඔබ වෙත) ආපසු හැරෙනු ඇත.

  5. 5

    وَلَقَدْ زَيَّنَّا ٱلسَّمَآءَ ٱلدُّنْيَا بِمَصَٰبِيحَ وَجَعَلْنَٰهَا رُجُومًۭا لِّلشَّيَٰطِينِ ۖ وَأَعْتَدْنَا لَهُمْ عَذَابَ ٱلسَّعِيرِ

    අක්ෂර පරිවර්තනය: Wa laqad zaiyannas samaaa'ad dunyaa bimasaa beeha wa ja'alnaahaa rujoomal lish shayaateeni wa a'tadnaa lahum 'azaabas sa'eer

    නියත වශයෙන්ම අපි පහතින්ම ඇති අහස පහන් (තාරකා) මගින් (භූමියෙහි සිටින්නන්ට) අලංකාරවත් කර තැබුවෙමු. තවද ඒවා ෂෙයිතාන්වරුන්ට දමා ගසනු ලබන ගල් වශයෙන්ද පත් කළෙමු. තවද ඔවුන්ට නිරා දඬුවමද, අපි පිළියෙල කර තබා ඇත්තෙමු.

  6. 6

    وَلِلَّذِينَ كَفَرُوا۟ بِرَبِّهِمْ عَذَابُ جَهَنَّمَ ۖ وَبِئْسَ ٱلْمَصِيرُ

    අක්ෂර පරිවර්තනය: Wa lillazeena kafaroo bi rabbihim 'azaabu jahannama wa bi'sal maseer

    (මොවුන් හැර) තවත් කවුරුන් තමන්ගේ දෙවියන්ව ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන්ට නිරා දඬුවම ඇත්තේය. එය ඉතාමත් නපුරු වාසස්ථානයයි.

  7. 7

    إِذَآ أُلْقُوا۟ فِيهَا سَمِعُوا۟ لَهَا شَهِيقًۭا وَهِىَ تَفُورُ

    අක්ෂර පරිවර්තනය: Izaaa ulqoo feehaa sami'oo lahaa shaheeqanw wa hiya tafoor

    එහි ඔවුන්ව (ඔසවා) වීසි කරනු ලබන විට, (බූරුවන්ගේ විශාල ශබ්දයක් මෙන්) එහි උතුරණ ශබ්දය ඇසෙනු ඇති අතර එය ගොරවමින් සිටිනු ඇත.

  8. 8

    تَكَادُ تَمَيَّزُ مِنَ ٱلْغَيْظِ ۖ كُلَّمَآ أُلْقِىَ فِيهَا فَوْجٌۭ سَأَلَهُمْ خَزَنَتُهَآ أَلَمْ يَأْتِكُمْ نَذِيرٌۭ

    අක්ෂර පරිවර්තනය: Takaadu tamayyazu minal ghaizi kullamaaa uliqya feehaa fawjun sa alahum khazanatuhaaa alam yaatikum nazeer

    කෝපයෙන් පුපුරා යන්නාක් මෙන් එහි එක් සමූහයක්ව පුළුස්සනු ලබන සෑම විටම, එහි මුරකරුවා ඔවුන්ට “(මෙම දඬුවම ගැන) බියගන්වා අනතුරු අඟවන්නා ඔබ වෙත පැමිණියේ නැද්ද?”යි විමසනු ඇත.

  9. 9

    قَالُوا۟ بَلَىٰ قَدْ جَآءَنَا نَذِيرٌۭ فَكَذَّبْنَا وَقُلْنَا مَا نَزَّلَ ٱللَّهُ مِن شَىْءٍ إِنْ أَنتُمْ إِلَّا فِى ضَلَٰلٍۢ كَبِيرٍۢ

    අක්ෂර පරිවර්තනය: Qaaloo balaa qad jaaa'anaa nazeerun fakazzabnaa wa qulnaa maa nazzalal laahu min shai in in antum illaa fee dalaalin kabeer

    එයට ඔවුන් “ඇත්තය. බියගන්වා අනතුරු අඟවන්නා නියත වශයෙන්ම අප වෙත පැමිණියේය. එහෙත් අපි (ඔහුව) බොරුකාරයා බවට පත් කර, ‘අල්ලාහ් (ඔබ වෙත) කිසිම දැයක් පහළ කර තැබුවේම නැත. ඔබ ඉමහත් දුර්මාර්ගයෙහි මිස, සිටියේ නැත’ යයි (ඔහුට) අපි කීවෙමු” යයි පවසනු ඇත.

  10. 10

    وَقَالُوا۟ لَوْ كُنَّا نَسْمَعُ أَوْ نَعْقِلُ مَا كُنَّا فِىٓ أَصْحَٰبِ ٱلسَّعِيرِ

    අක්ෂර පරිවර්තනය: Wa qaaloo law kunnaa nasma'u awna'qilu maa kunnaa feee as haabis sa'eer

    තවද “(ඔහුගේ වදනට) අපි සවන් දී (ඒවා) අපි සිතා (ඒ අනුව කටයුතු කර) තිබුනේ නම්, අපි නිරාවාසීන්ගෙන් වූ අය බවට පත් වී නැත්තෙමු” යයි පවසා-

  11. 11

    فَٱعْتَرَفُوا۟ بِذَنۢبِهِمْ فَسُحْقًۭا لِّأَصْحَٰبِ ٱلسَّعِيرِ

    අක්ෂර පරිවර්තනය: Fa'tarafoo bizambihim fasuhqal li as haabis sa'eer

    ඔවුන් තමන්ගේ පාපය බාර ගනු ඇත. එබැවින් මෙම නිරාවාසීන්ට විනාශයයි!

  12. 12

    إِنَّ ٱلَّذِينَ يَخْشَوْنَ رَبَّهُم بِٱلْغَيْبِ لَهُم مَّغْفِرَةٌۭ وَأَجْرٌۭ كَبِيرٌۭ

    අක්ෂර පරිවර්තනය: Innal lazeena yakhshawna rabbahum bilghaibi lahum maghfiratunw wa ajrun kabeer

    නියත වශයෙන්ම කවුරුන් සැඟවී සිටියදී වුවද, තම දෙවියන්ට බිය වන්නෝද, ඔවුන්ට සමාව ඇත. ඉමහත් ඵලවිපාකද ඇත.

  13. 13

    وَأَسِرُّوا۟ قَوْلَكُمْ أَوِ ٱجْهَرُوا۟ بِهِۦٓ ۖ إِنَّهُۥ عَلِيمٌۢ بِذَاتِ ٱلصُّدُورِ

    අක්ෂර පරිවර්තනය: Wa asirroo qawlakum awijharoo bihee innahoo 'aleemum bizaatis sudoor

    (මිනිසුනේ!) ඔබ, ඔබගේ වදන් රහසින් පවසනු. නැතහොත් ප්‍රසිද්ධියේ පවසනු. (කුමන අන්දමකට පැවසුවා වුවද, දෙවියන් එය හොඳින් දැන ගන්නේය. මන්දයත්) නියත වශයෙන්ම ඔහු (මිනිසුන්ගේ) හෘදයන්හි ඇති දැයද, හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය.

  14. 14

    أَلَا يَعْلَمُ مَنْ خَلَقَ وَهُوَ ٱللَّطِيفُ ٱلْخَبِيرُ

    අක්ෂර පරිවර්තනය: Alaa ya'lamu man khalaq wa huwal lateeful khabeer

    (සියල්ලම) උත්පාදනය කළ අය, (හෘදයන්හි ඇති දැය) දැන නොගන්නෙහිද? ඔහු නම්, ඇතුළත දයාබරවන්තයෙකු වශයෙන්ද, (සියල්ල ඉතාමත්) ගැඹුරින් දැන ගත හැකි අයෙකු වශයෙන්ද සිටින්නේය.

  15. 15

    هُوَ ٱلَّذِى جَعَلَ لَكُمُ ٱلْأَرْضَ ذَلُولًۭا فَٱمْشُوا۟ فِى مَنَاكِبِهَا وَكُلُوا۟ مِن رِّزْقِهِۦ ۖ وَإِلَيْهِ ٱلنُّشُورُ

    අක්ෂර පරිවර්තනය: Huwal lazee ja'ala lakumul arda zaloolan famshoo fee manaakibihaa wa kuloo mir rizqihee wa ilaihin nushoor

    ඔහුම ඔබට භූමිය (ඔබ වාසය කිරීමට) සැප පහසු අන්දමට පත් කර තැබුවේය. එබැවින් එහි විවිධ දිසාවන්ට ගොස් ඔහු (ඔබට) ලබා දී ඇති දැය අනුභව කරමින් සිටිනු. (පරලොවදී) ඔහු වෙතම (සියල්ලන්ම) නැගිට යා යුතුව ඇත්තේය.

  16. 16

    ءَأَمِنتُم مَّن فِى ٱلسَّمَآءِ أَن يَخْسِفَ بِكُمُ ٱلْأَرْضَ فَإِذَا هِىَ تَمُورُ

    අක්ෂර පරිවර්තනය: 'A-amintum man fissamaaa'i aiyakhsifa bi kumul arda fa izaa hiya tamoor

    අහස්හි සිටින අය, ඔබව භූමියෙහි සිර කර නොදමනු ඇතැයි ඔබ බිය නොවී සිටින්නෙහුද? ඒ අවස්ථාවේදී භූමිය තිගැස්සී වෙව්ළමින් (කම්පා වී) යනු ඇත.

  17. 17

    أَمْ أَمِنتُم مَّن فِى ٱلسَّمَآءِ أَن يُرْسِلَ عَلَيْكُمْ حَاصِبًۭا ۖ فَسَتَعْلَمُونَ كَيْفَ نَذِيرِ

    අක්ෂර පරිවර්තනය: Am amintum man fissamaaa'i ai yursila 'alaikum haasiban fasata'lamoona kaifa nazeer

    නැතහොත් අහසෙහි සිටින අය, ඔබ කෙරෙහි ගල් වරුසාවක් වසින්නට නොසලස්වනු ඇතැයි ඔබ බිය නොවී සිටින්නෙහුද? එසේ නම්, අනතුරු (අඟවන ලද දඬුවම) කෙසේ තිඛෙණු ඇත්දැයි යන්න නියත වශයෙන්ම ඔබ දැන ගන්නෙහුය.

  18. 18

    وَلَقَدْ كَذَّبَ ٱلَّذِينَ مِن قَبْلِهِمْ فَكَيْفَ كَانَ نَكِيرِ

    අක්ෂර පරිවර්තනය: Wa laqad kazzabal lazeena min qablihim fakaifa kaana nakeer

    මොවුන්ට පෙර සිටියවුන්ද, (මොවුන් මෙන්ම අපගේ ආයාවන්) බොරු කර, (ප්‍රතික්ෂේප) කරමින් සිටියහ. නමුත් මගේ (පළි ගැනීමේ) දරුණුකම කෙසේ තිබුනේද?

  19. 19

    أَوَلَمْ يَرَوْا۟ إِلَى ٱلطَّيْرِ فَوْقَهُمْ صَٰٓفَّٰتٍۢ وَيَقْبِضْنَ ۚ مَا يُمْسِكُهُنَّ إِلَّا ٱلرَّحْمَٰنُ ۚ إِنَّهُۥ بِكُلِّ شَىْءٍۭ بَصِيرٌ

    අක්ෂර පරිවර්තනය: Awalam yaraw ilat tairi fawqahum saaaffaatinw wa yaqbidn; maa yumsikuhunna illaar rahmaan; innahoo bikulli shai im baseer

    අත්තටු විහිදමින්ද, හකුළා ගනිමින්ද, මොවුන්ට ඉහළින් (අහසෙහි කණ්ඩායම් කණ්ඩායම් වශයෙන් පියාඹන) පක්ෂීන්ව මොවුන් අවධානය කළේ නැද්ද? රහ්මාන් හැර, (වෙන කිසිවෙකුත්) ඒවා (අහසෙහි ඔසවා) අල්ලාගෙන සිටියේ නැත! නියත වශයෙන්ම ඔහු සියල්ල අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන් සිටින්නේය.

  20. 20

    أَمَّنْ هَٰذَا ٱلَّذِى هُوَ جُندٌۭ لَّكُمْ يَنصُرُكُم مِّن دُونِ ٱلرَّحْمَٰنِ ۚ إِنِ ٱلْكَٰفِرُونَ إِلَّا فِى غُرُورٍ

    අක්ෂර පරිවර්තනය: Amman haazal lazee huwa jundul lakum yansurukum min doonir rahmaan; inilkaafiroona illaa fee ghuroor

    ඔබට උදව් කළ හැකි මෙම සේනාවන් රහ්මාන් මිස, අන් කවරෙක්ද? මෙම ප්‍රතික්ෂේප කරන්නන් පුහු මෝහණයෙන් මිස, වෙන කිසිවක් නැත.

  21. 21

    أَمَّنْ هَٰذَا ٱلَّذِى يَرْزُقُكُمْ إِنْ أَمْسَكَ رِزْقَهُۥ ۚ بَل لَّجُّوا۟ فِى عُتُوٍّۢ وَنُفُورٍ

    අක්ෂර පරිවර්තනය: Amman haazal lazee yarzuqukum in amsaka rizqah; bal lajjoo fee 'utuwwinw wa nufoor

    (ඔබට ලබා දෙන) තමන්ගේ ආහාරය ඔහු වළක්වා ගතහොත් ඔබට ආහාර ලබා දෙන්නේ කවරෙක්ද? (මෙයද මොවුන් අවධානය කරන්නේ නැත). තවද මොවුන් දුර්මාර්ගයෙහිද, (සත්‍යය) පිළිකුල් කිරීමෙහිම ගැලී සිටින්නාහ.

  22. 22

    أَفَمَن يَمْشِى مُكِبًّا عَلَىٰ وَجْهِهِۦٓ أَهْدَىٰٓ أَمَّن يَمْشِى سَوِيًّا عَلَىٰ صِرَٰطٍۢ مُّسْتَقِيمٍۢ

    අක්ෂර පරිවර්තනය: Afamai yamshee mukibban 'alaa wajhihee ahdaaa ammany yamshee sawiyyan 'alaa siratim mustaqeem

    කිමෙක්ද! මුණින් අතට වැටී යන්නා ඉතාමත් ඍජු මාර්ගයෙහි සිටින්නෙහිද? නැතහොත් ඍජු මාර්ගයෙහි නියමිත අන්දමට ගමන් කරන්නෙකුද?

  23. 23

    قُلْ هُوَ ٱلَّذِىٓ أَنشَأَكُمْ وَجَعَلَ لَكُمُ ٱلسَّمْعَ وَٱلْأَبْصَٰرَ وَٱلْأَفْـِٔدَةَ ۖ قَلِيلًۭا مَّا تَشْكُرُونَ

    අක්ෂර පරිවර්තනය: Qul huwal lazee ansha akum wa ja'ala lakumus sam'a wal absaara wal af'idata qaleelam maa tashkuroon

    (නබියේ!) ඔබ මෙසේ පවසනු: ඔහුම ඔබව උත්පාදනය කර, ඔබට කණ්ද, ඇස්ද, හෘදයන්ද, දුන්නෙකි. (එසේ තිබියදී ඔහුට) ඔබ කෘතඥ වීම ඉතාමත් අල්පයකි.

  24. 24

    قُلْ هُوَ ٱلَّذِى ذَرَأَكُمْ فِى ٱلْأَرْضِ وَإِلَيْهِ تُحْشَرُونَ

    අක්ෂර පරිවර්තනය: Qul huwal lazee zara akum fil ardi wa ilaihi tuhsharoon

    (නබියේ!) ඔබ මෙසේ පවසනු: ඔහුම ඔබව භූමියෙහි (විවිධ ප්‍රදේශයන්හි) විසුරුවා හැර ඇත්තේය. (පරලොවදී) ඔහු වෙතම ඔබ ඒකරාශී කරනු ලබන්නෙහුය.

  25. 25

    وَيَقُولُونَ مَتَىٰ هَٰذَا ٱلْوَعْدُ إِن كُنتُمْ صَٰدِقِينَ

    අක්ෂර පරිවර්තනය: Wa yaqooloona mataa haazal wa'du in kuntum saadiqeen

    (මෙසේ තිබියදී ඔවුන් විශ්වාසවන්තයින්ට) “ඔබ සත්‍යවන්තයින් වශයෙන් සිටින්නෙහු නම්, (පරලොව ගැන වූ) මෙම පොරොන්දුව කවදා (එන්නේද?)”යි විමසන්නාහ.

  26. 26

    قُلْ إِنَّمَا ٱلْعِلْمُ عِندَ ٱللَّهِ وَإِنَّمَآ أَنَا۠ نَذِيرٌۭ مُّبِينٌۭ

    අක්ෂර පරිවර්තනය: Qul innamal 'ilmu 'indallaahi wa innamaaa ana nazeerum mubeen

    එයට (නබියේ!) ඔබ මෙසේ පවසනු: ‘(එය කවදා එන්නේද යන) ඥානය අල්ලාහ්ගේ සන්නිධානයෙහිම ඇත්තේය. ඇත්තෙන්ම මා (ඒ ගැන) පැහැදිලි ලෙස බියගන්වා අනතුරු අඟවන්නෙකි’.

  27. 27

    فَلَمَّا رَأَوْهُ زُلْفَةًۭ سِيٓـَٔتْ وُجُوهُ ٱلَّذِينَ كَفَرُوا۟ وَقِيلَ هَٰذَا ٱلَّذِى كُنتُم بِهِۦ تَدَّعُونَ

    අක්ෂර පරිවර්තනය: Falaammaa ra-awhu zulfatan seee'at wujoohul lazeena kafaroo wa qeela haazal lazee kuntum bihee tadda'oon

    (ඔබ බියගැන්වූ) දඬුවම (මොවුන්) දෙසට එනු ඔවුන් දුටුවහොත් එම ප්‍රතික්ෂේප කරන්නන්ගේ මුහුණු කළු වී යනු ඇත. (තවද ඔවුන්ට) “ඔබ (කවදා එන්නේද? කවදා එන්නේද? යි) විමසමින් සිටි දැය මෙයයි” යයි කියනු ලැබේ.

  28. 28

    قُلْ أَرَءَيْتُمْ إِنْ أَهْلَكَنِىَ ٱللَّهُ وَمَن مَّعِىَ أَوْ رَحِمَنَا فَمَن يُجِيرُ ٱلْكَٰفِرِينَ مِنْ عَذَابٍ أَلِيمٍۢ

    අක්ෂර පරිවර්තනය: Qul ara'aytum in ahlaka niyal laahu wa mam ma'iya aw rahimanaa famai-yujeerul kaafireena min 'azaabin aleem

    (නබියේ!) ඔබ මෙසේ පවසනු: “මා සමග සිටින්නන්වද, (ඔබ කැමති වන අන්දමට) අල්ලාහ් විනාශ කර දැමුවද, නැතහොත් ඔහු අපට වරප්‍රසාදයන් පහළ කළා වුවද, (එය අපගේ කාරණාවයි). එහෙත් වේදනා ගෙන දෙන දඬුවමෙන් ප්‍රතික්ෂේප කරන්නන්ව බේරා ගන්නා කවරෙක්ද යන්න ඔබ (අවධානය කර) බැලූවෙහුද?”

  29. 29

    قُلْ هُوَ ٱلرَّحْمَٰنُ ءَامَنَّا بِهِۦ وَعَلَيْهِ تَوَكَّلْنَا ۖ فَسَتَعْلَمُونَ مَنْ هُوَ فِى ضَلَٰلٍۢ مُّبِينٍۢ

    අක්ෂර පරිවර්තනය: Qul huwar rahmaanu aamannaa bihee wa 'alaihi tawakkalnaa fasata'lamoona man huwa fee dalaalim mubeen

    (නබියේ!) ඔබ මෙසේ පවසනු: “ඔහුය රහ්මාන්. ඔහුවම අපි විශ්වාස කරන්නෙමු. ඔහු වෙතම අපි විශ්වාසය තබා ඇත්තෙමු. එබැවින් පැහැදිලි දුර්මාර්ගයෙහි සිටින්නන් කවුරුන්ද යන්න ඉතා ඉක්මනින් ඔබ දැන ගන්නෙහුය”.

  30. 30

    قُلْ أَرَءَيْتُمْ إِنْ أَصْبَحَ مَآؤُكُمْ غَوْرًۭا فَمَن يَأْتِيكُم بِمَآءٍۢ مَّعِينٍۭ

    අක්ෂර පරිවර්තනය: Qul ara'aytum in asbaha maaa'ukum ghawran famai yaateekum bimaaa'im ma'een

    (නැවතත් නබියේ!) ඔබ මෙසේ පවසනු: “ඔබගේ ජලය (හදිසියේම එක් දවසකදී) උදෙන්ම භූමියෙහි සිඳී ගියහොත්, පසුව ජලයෙහි (වෙනත්) උල්පතක් ඔබට ගෙන එන්නා කවුරුන්දැයි අවධානය කළෙහුද?”

පරිවර්තන සංස්කරණය: si.naseemismail

ශ්‍රව්‍ය පදය: මිෂාරි රෂීඩ් ඇලෆාසි (128kbps islamic.network CDN හරහා).

පෙළ සහ පරිවර්තන: api.alquran.cloud · Uthmani Arabic.

ayah හි තේරුම අපැහැදිලි නම්, සුදුසුකම් ලත් ගුරුවරයෙකුගෙන් විමසන්න - විශේෂයෙන්ම නීතිමය සහ විශ්වාස කටයුතු සඳහා.