යතුරු: J next ayah · K පෙර ayah
- 1
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ يَٰٓأَيُّهَا ٱلنَّبِىُّ لِمَ تُحَرِّمُ مَآ أَحَلَّ ٱللَّهُ لَكَ ۖ تَبْتَغِى مَرْضَاتَ أَزْوَٰجِكَ ۚ وَٱللَّهُ غَفُورٌۭ رَّحِيمٌۭ
අක්ෂර පරිවර්තනය: Yaaa ayyuhan nabiyyu lima tuharrimu maaa ahallal laahu laka tabtaghee mardaata azwaajik; wallaahu ghafoorur raheem
නබියේ! ඔබ ඔබගේ භාර්යයාවන්ගේ තෘප්තිය උදෙසා අල්ලාහ් ඔබට අනුමත කර තබා ඇති (මී පැණි පාවිච්චි කරන්නේ නැතැයි) ඔබ කුමක් නිසා (දිව්රා එය හරාම් යයි) තහනම් කර ගත්තෙහිද? අල්ලාහ් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා දයාබරවන්තයෙකු වශයෙන් සිටින්නේය.
- 2
قَدْ فَرَضَ ٱللَّهُ لَكُمْ تَحِلَّةَ أَيْمَٰنِكُمْ ۚ وَٱللَّهُ مَوْلَىٰكُمْ ۖ وَهُوَ ٱلْعَلِيمُ ٱلْحَكِيمُ
අක්ෂර පරිවර්තනය: Qad faradal laahu lakum tahillata aymaanikum; wallaahu mawlaakum wa huwal'aleemul hakeem
ඔබගේ දිව්රුමට (එය වෙනස් කර ගැනීමට හැකි) වන්දි ගෙවන ක්‍රමයක් නියත වශයෙන්ම අල්ලාහ් ඔබට නියම කර ඇත්තේය. අල්ලාහ්ම ඔබගේ හාම්පුතාය. ඔහු (සියල්ලන්වම) හොඳින් දන්නෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය.
- 3
وَإِذْ أَسَرَّ ٱلنَّبِىُّ إِلَىٰ بَعْضِ أَزْوَٰجِهِۦ حَدِيثًۭا فَلَمَّا نَبَّأَتْ بِهِۦ وَأَظْهَرَهُ ٱللَّهُ عَلَيْهِ عَرَّفَ بَعْضَهُۥ وَأَعْرَضَ عَنۢ بَعْضٍۢ ۖ فَلَمَّا نَبَّأَهَا بِهِۦ قَالَتْ مَنْ أَنۢبَأَكَ هَٰذَا ۖ قَالَ نَبَّأَنِىَ ٱلْعَلِيمُ ٱلْخَبِيرُ
අක්ෂර පරිවර්තනය: Wa iz asarran nabiyyu ilaa ba'di azwaajihee hadeesan falammaa nabba at bihee wa azharahul laahu 'alaihi 'arrafa ba'dahoo wa a'rada 'am ba'din falammaa nabba ahaa bihee qaalat man amba aka haaza qaala nabba aniyal 'aleemul khabeer
(අපගේ) නබිවරයා තමන්ගේ භාර්යයාවන්ගෙන් කෙනෙකු වෙත එක් කාරණාවක් රහසින් පැවසූ අවස්ථාවේදී එම කාන්තාව එය (අනිත් භාර්යයාවකට) දැනුම දුන්නාය. එය අල්ලාහ් ඔහුට එළිදරව් කර දුන්නේය. නබි (එහි) සමහරක් දැය (එම භාර්යයාවට) දැනුම් දී සමහරක් දැය (නොදන්වා) ප්‍රතික්ෂේප කර දැමුවේය. මෙසේ නබි තම භාර්යයාවට දැනුම් දුන් වහාම එම භාර්යයාව “මෙය ඔබට දැනුම් දුන් අය කවරෙක්ද?”යි විමසුවාය. එයට ඔහු “(සියල්ල) හොඳින් දැන සිටින්නාම (එය) මට දැන්වූවේය” යයි පැවසුවේය.
- 4
إِن تَتُوبَآ إِلَى ٱللَّهِ فَقَدْ صَغَتْ قُلُوبُكُمَا ۖ وَإِن تَظَٰهَرَا عَلَيْهِ فَإِنَّ ٱللَّهَ هُوَ مَوْلَىٰهُ وَجِبْرِيلُ وَصَٰلِحُ ٱلْمُؤْمِنِينَ ۖ وَٱلْمَلَٰٓئِكَةُ بَعْدَ ذَٰلِكَ ظَهِيرٌ
අක්ෂර පරිවර්තනය: In tatoobaaa ilal laahi faqad saghat quloobukumaa wa in tazaaharaa 'alihi fa innal laaha huwa mawlaahu wa jibreelu wa saalihul mu'mineen; walma laaa'ikatu ba'dazaalika zaheer
(ඕ නබිවරයාගේ එම භාර්යයාවන් දෙදෙනා!) ඔබ දෙදෙනාම (ඔබගේ වැරදි ගැන) අල්ලාහ් දෙසට පසුතැවිලි වී ආරක්ෂා වුවහොත් (එය ඔබට අගනේය. මන්දයත්) ඔබ දෙදෙනාගේ හෘදයන් (ඍජු මාර්ගයෙන්) ඇල වී ගියේය. එබැවින් ඔබ දෙදෙනාම ඔහුට විරුද්ධව ඒකරාශී වුවහොත් නියත වශයෙන්ම අල්ලාහ්ද, ජිබ්රීල්ද, විශ්වාසවන්ත-යින්ගෙන් වූ හොඳ වහලූන්ද, ඔහුට උදව්කරුවන් වශයෙන් සිටිනු ඇත. තවද ඉන්පසුව (ඔහුට වෙනත්) මලායිකාවරුන්ද උදව්කරුවන් වශයෙන් සිටිනු ඇත.
- 5
عَسَىٰ رَبُّهُۥٓ إِن طَلَّقَكُنَّ أَن يُبْدِلَهُۥٓ أَزْوَٰجًا خَيْرًۭا مِّنكُنَّ مُسْلِمَٰتٍۢ مُّؤْمِنَٰتٍۢ قَٰنِتَٰتٍۢ تَٰٓئِبَٰتٍ عَٰبِدَٰتٍۢ سَٰٓئِحَٰتٍۢ ثَيِّبَٰتٍۢ وَأَبْكَارًۭا
අක්ෂර පරිවර්තනය: 'Asaa rabbuhooo in tallaqakunna anyyubdilahooo azwaajan khairam mnkunna muslimaatim mu'minaatin qaanitaatin taaa'ibaatin 'aabidaatin saaa'ihaatin saiyibaatinw wa abkaaraa
(අපගේ නබිවරයා වන) ඔහු ඔබව තලාක් පවසා (ඈත්) වුවහොත් (ඔබ වෙනුවට) ඔබටත් වඩා උසස් අය වන -වැන්දඹුවන් හෝ කන්‍යාවන් හෝ- මුස්ලිම්වරුන් වන විශ්වාසය තැබූ, (දෙවියන්ට) බිය වී (අවනත වී) කටයුතු කරන, පාපයන්ගෙන් ඈත් වූ, (දෙවියන්ව) නමදින, උපවාසයේ යෙදෙන කාන්තාවන්ව ඔහුගේ දෙවියන් ඔහුට භාර්යයාවන් බවට පත් කර තැබිය හැකිය. (මෙබැවින් අපගේ නබිවරයාට කිසිම පාඩුවක් නැත. ඔබටම පාඩුවක් වන්නේය).
- 6
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ قُوٓا۟ أَنفُسَكُمْ وَأَهْلِيكُمْ نَارًۭا وَقُودُهَا ٱلنَّاسُ وَٱلْحِجَارَةُ عَلَيْهَا مَلَٰٓئِكَةٌ غِلَاظٌۭ شِدَادٌۭ لَّا يَعْصُونَ ٱللَّهَ مَآ أَمَرَهُمْ وَيَفْعَلُونَ مَا يُؤْمَرُونَ
අක්ෂර පරිවර්තනය: Yaaa ayyuhal lazeena samanoo qooo anfusakum wa ahleekum naaranw waqoodu han naasu wal hijaaratu 'alaihaa malaaa'ikatun ghilaazun shidaadul laa ya'soonal laaha maa amarahum wa yaf'aloona maa yu'maroon
විශ්වාසවන්තයිනි! ඔබ, ඔබවද, ඔබගේ පවුලේ උදවියද, මිනිසුන්ද, ගල්ද ඉන්දන බවට පත් කළ හැකි නිරා ගින්ණෙන් ආරක්ෂා කර ගනු. එහි දැඩි හැකියාවන්ගෙන් පිරි ශක්තිසම්පන්නයන් වන මලායිකාවරුන්ව පත් කරනු ලැබ ඇත්තේය. අල්ලාහ් ඔවුන්ට නියෝග කර ඇති දැයෙන් (පොඩියක් හෝ) වෙනසක් නොකරනු ලබන්නාහ. ඔවුන්ට (දඬුවම් කරන මෙන්) තමන්ට දෙනු ලැබූ නියෝගයන්ම ඉටු කරමින් සිටින්නාහ.
- 7
يَٰٓأَيُّهَا ٱلَّذِينَ كَفَرُوا۟ لَا تَعْتَذِرُوا۟ ٱلْيَوْمَ ۖ إِنَّمَا تُجْزَوْنَ مَا كُنتُمْ تَعْمَلُونَ
අක්ෂර පරිවර්තනය: Yaaa ayyuhal lazeena kafaroo la ta'tazinul yawma innamaa tujzawna maa kuntum ta'maloon
(එදිනදී ප්‍රතික්ෂේප කරන්නන්ට) “ප්‍රතික්ෂේප කරන්නෙනි! අද දින ඔබ (පුහු) ප්‍රශංසා නොකියනු. ඔබට දෙනු ලබන ඵලවිපාක නම්, ඔබ කරන දැයටයි. (ඔබ නොකළ දැයට නොව” යයි කියනු ලැබේ).
- 8
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ تُوبُوٓا۟ إِلَى ٱللَّهِ تَوْبَةًۭ نَّصُوحًا عَسَىٰ رَبُّكُمْ أَن يُكَفِّرَ عَنكُمْ سَيِّـَٔاتِكُمْ وَيُدْخِلَكُمْ جَنَّٰتٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ يَوْمَ لَا يُخْزِى ٱللَّهُ ٱلنَّبِىَّ وَٱلَّذِينَ ءَامَنُوا۟ مَعَهُۥ ۖ نُورُهُمْ يَسْعَىٰ بَيْنَ أَيْدِيهِمْ وَبِأَيْمَٰنِهِمْ يَقُولُونَ رَبَّنَآ أَتْمِمْ لَنَا نُورَنَا وَٱغْفِرْ لَنَآ ۖ إِنَّكَ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌۭ
අක්ෂර පරිවර්තනය: Yaaa ayyuhal lazeena aammano toobooo ilal laahi tawbatan nasoohan 'asaa rabbukum any-yukaffira 'ankum sayyi aatikum wa yudkhilakum jannaatin tajree min tahtihal anhaaru yawma laa yukhzil laahun nabiyya wallazeena aamanoo ma'ahoo nooruhum yas'aa baina aydeehim wa bi aymaanihim yaqooloona rabbanaaa atmim lanaa nooranaa waghfir lana innaka 'alaa kulli shai'in qadeer
විශ්වාසවන්තයිනි! ඔබ කළවම් නොවුන මනසින් යුතුව (පාපයන්ගෙන් ඈත් වී) අල්ලාහ් දෙසට හැරෙනු. ඔබගේ දෙවියන් නම්, ඔබගේ පාපයන් ඔබගෙන් ඈත් කර, (ක්ෂමා කර) ස්වර්ගයන්හිද ඔබව ඇතුළු කර හරින්නේය. ඒවායෙහි දිය දහරා සදාකල් ගලා බසිමින්ම ඇත්තේය. (තමන්ගේ නබිවද, ඔහු සමග විශ්වාසය තැබූවන්වද, එදිනදී අල්ලාහ් අවමන් කරන්නේ නැත. (එදිනදී) මොවුන්ගේ ආලෝකය මොවුන්ගේ ඉදිරියෙන්ද, මොවුන්ගේ දකුණු පැත්තෙන්ද, ඇතුළු වී දිවෙමින්ම ඇත්තේය. තවද ඔවුන් “අපගේ දෙවියනේ! අපට අපගේ ආලෝකය (නොනිවී) ඔබ පරිපූරණය කර තබනු. අපගේ වැරදිවලටද ඔබ ක්ෂමා කර දයාව පහළ කරනු මැනව! නියත වශයෙන්ම ඔබ සියලූ දැය කෙරෙහි බලසම්පන්නයෙකි” යයි ප්‍රාර්ථනා කරමින් සිටින්නාහ.
- 9
يَٰٓأَيُّهَا ٱلنَّبِىُّ جَٰهِدِ ٱلْكُفَّارَ وَٱلْمُنَٰفِقِينَ وَٱغْلُظْ عَلَيْهِمْ ۚ وَمَأْوَىٰهُمْ جَهَنَّمُ ۖ وَبِئْسَ ٱلْمَصِيرُ
අක්ෂර පරිවර්තනය: yaaa ayyuuhan nabiyyu jaahidil kuffaara walmunaa-fiqeena waghluz 'alaihim; wa maawaahum jahannamu wa bi'sal maseer
නබියේ! (මෙම) ප්‍රතික්ෂේප කරන්නන් සමග (කඩුව මගින්ද මෙම) වංචනිකයින් සමග (විවාදය මගින්ද) යුද්ධ කරනු. ඔවුන්ගේ කාරණාවෙහි ඔබ (සැලකිල්ලක් නොදක්වා) දැඩි ලෙසම සිටිනු. ඔවුන් රැෙඳන ස්ථානය නිරයයි. එය ඉතාමත් නපුරු එක්රැස් වන ස්ථානයයි!
- 10
ضَرَبَ ٱللَّهُ مَثَلًۭا لِّلَّذِينَ كَفَرُوا۟ ٱمْرَأَتَ نُوحٍۢ وَٱمْرَأَتَ لُوطٍۢ ۖ كَانَتَا تَحْتَ عَبْدَيْنِ مِنْ عِبَادِنَا صَٰلِحَيْنِ فَخَانَتَاهُمَا فَلَمْ يُغْنِيَا عَنْهُمَا مِنَ ٱللَّهِ شَيْـًۭٔا وَقِيلَ ٱدْخُلَا ٱلنَّارَ مَعَ ٱلدَّٰخِلِينَ
අක්ෂර පරිවර්තනය: Darabal laahu masalal lillazeena kafarum ra ata Noobinw wamra ata Loot, kaanataa tahta 'abdaini min 'ibaadinaa saalihaini fakhaanataahumaa falam yughniyaa 'anhumaa minal laahi shai anw-wa qeelad khulan naara ma'ad Daakhileen
ප්‍රතික්ෂේප කරන්නන්ට නූහු (නබි)ගේ භාර්යයාවද, ලුත් (නබි)ගේ භාර්යයාවද, අල්ලාහ් උදාහරණයක් වශයෙන් තබා ඇත්තේය. එම ස්ත්‍රීන් දෙදෙනාම අපගේ හොඳ වහලූන්ගේ භාර්යයාවන් වශයෙන්ම සිටියහ. එහෙත් මෙම ස්ත්‍රීන් දෙදෙනාම තම ස්වාමිපුරුෂයින්ට ද්‍රෝහිකම් කළහ. එබැවින් මොවුන් දෙදෙනාම (නබිවරුන්ගේ භාර්යයාවන් වශයෙන් සිටියද), අල්ලාහ්ගේ දඬුවමෙන් කිසිවක් වළක්වා ගත නොහැකි විය. (මොවුන් ද්‍රෝහිකම් කළ හේතුවෙන් මොවුන්ට) “නිරයෙහි ඇතුළු වන්නන් සමග ඔබ දෙදෙනාම ඇතුළු වනු” යයි කියනු ලැබේ.
- 11
وَضَرَبَ ٱللَّهُ مَثَلًۭا لِّلَّذِينَ ءَامَنُوا۟ ٱمْرَأَتَ فِرْعَوْنَ إِذْ قَالَتْ رَبِّ ٱبْنِ لِى عِندَكَ بَيْتًۭا فِى ٱلْجَنَّةِ وَنَجِّنِى مِن فِرْعَوْنَ وَعَمَلِهِۦ وَنَجِّنِى مِنَ ٱلْقَوْمِ ٱلظَّٰلِمِينَ
අක්ෂර පරිවර්තනය: Wa darabal laahu masa lal-lillazeena aamanumra ata Fir'awn; iz qaalat rabbibni lee 'indaka baitan fil jannati wa najjinee min Fir'awna wa 'amalihii wa najjinee minal qawmiz zaalimeen
විශ්වාසය තැබූවන්ට (කාන්තාවන් දෙදෙනෙකුව) උදාහරණයන් වශයෙන් දක්වන්නේය. (පළමුව): ෆිර්අව්න්ගේ භාර්යයාව (ආසියාය). ඇය (ෆිර්අව්න්ගේ අපරාධයන් විඳින්නට නොහැකිව තම දෙවියන්ට) “මගේ දෙවියනේ! ඔබ සන්නිධානයේ ඇති ස්වර්ගය මා හට නිවසක් තනා ෆිර්අව්න්ගෙන්ද, ඔහුගේ ක්‍රියාවන්ගෙන්ද, මාව බේරා ගනු (මැනව!) තවද අපරාධකාර ජනයාගෙන්ද ඔබ මාව බේරා ගනු මැනව!” යයි ප්‍රාර්ථනා කරමින්ම සිටියාය.
- 12
وَمَرْيَمَ ٱبْنَتَ عِمْرَٰنَ ٱلَّتِىٓ أَحْصَنَتْ فَرْجَهَا فَنَفَخْنَا فِيهِ مِن رُّوحِنَا وَصَدَّقَتْ بِكَلِمَٰتِ رَبِّهَا وَكُتُبِهِۦ وَكَانَتْ مِنَ ٱلْقَٰنِتِينَ
අක්ෂර පරිවර්තනය: Wa Maryamab nata 'Imraanal lateee ahsanat farjahaa fanafakhnaa feehi mir roobinaa wa saddaqat bikali maati Rabbihaa wa Kutubihee wakaanat minal qaaniteen
(දෙවනුව): ඉම්රාන්ගේ දියණිය වන මර්යම්ය. ඇය තමන්ගේ පතිවත ආරක්ෂා කර ගත්තාය. එබැවින් එහි (මර්යම් වන ඇයගේ ගර්භයෙහි) අපගේ ආත්මයන්ගෙන් (එක් ප්‍රාණයක්) පිම්ඹෙමු. ඇය තම දෙවියන්ගේ ආයාවන්ද ධර්මයන්ද සත්‍යය කර තැබූ අතර (දෙවියන්ට) සම්පූර්ණයෙන්ම අවනත වූවන්ගෙන් කෙනෙකු වශයෙන්ම සිටියාය.
පරිවර්තන සංස්කරණය: si.naseemismail
ශ්‍රව්‍ය පදය: මිෂාරි රෂීඩ් ඇලෆාසි (128kbps islamic.network CDN හරහා).
පෙළ සහ පරිවර්තන: api.alquran.cloud · Uthmani Arabic.
ayah හි තේරුම අපැහැදිලි නම්, සුදුසුකම් ලත් ගුරුවරයෙකුගෙන් විමසන්න - විශේෂයෙන්ම නීතිමය සහ විශ්වාස කටයුතු සඳහා.