සියලුම සූරත

සූරතය 64

The Mutual Disillusion

سُورَةُ التَّغَابُنِ

At-Taghaabun · මෙඩිනන්

යතුරු: J next ayah · K පෙර ayah

ශ්රව්ය උපකරණ
  1. 1

    بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ يُسَبِّحُ لِلَّهِ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۖ لَهُ ٱلْمُلْكُ وَلَهُ ٱلْحَمْدُ ۖ وَهُوَ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌ

    අක්ෂර පරිවර්තනය: Yusabbihu lillaahi maa fis samaawaati wa maa fil ardi lahul mulku wa lahul hamd, wa Huwa 'alaa kulli shai 'in Qadeer

    අහස්හි ඇති දැයද, භූමියෙහි ඇති දැයද, (සදාකල්) අල්ලාහ්ව සුවිශුද්ධ කරමින්ම සිටින්නාහ. (මේවායේ) රාජ්‍යයද ඔහුටම අයත්ය! තවද සියලූ ප්‍රශංසා ඔහුටම අයත්ය. තවද සියල්ල කෙරෙහි ඔහු බලසම්පන්නයෙකි.

  2. 2

    هُوَ ٱلَّذِى خَلَقَكُمْ فَمِنكُمْ كَافِرٌۭ وَمِنكُم مُّؤْمِنٌۭ ۚ وَٱللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ

    අක්ෂර පරිවර්තනය: Huwal lazee khalaqakum faminkum kaafirunw wa min kum mu'min ; wallaahu bimaa ta'maloona Baseer

    ඔහුම ඔබව උත්පාදනය කළ අයයි. (එසේ තිබියදී ඔහුව) ප්‍රතික්ෂේප කරන්නන්ද ඔබගෙන් ඇත. (ඔහුව) විශ්වාස කරන්නන්ද ඔබගෙන් ඇත. ඔබ කරන දැය අල්ලාහ් අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන්ම සිටින්නේය.

  3. 3

    خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ بِٱلْحَقِّ وَصَوَّرَكُمْ فَأَحْسَنَ صُوَرَكُمْ ۖ وَإِلَيْهِ ٱلْمَصِيرُ

    අක්ෂර පරිවර්තනය: Khalaqas samaawaati wal arda bilhaqqi wa sawwarakum fa ahsana suwarakum wa ilaihil maseer

    නියත කාරණාවක් මතම අහස්ද, භූමියද, ඔහු උත්පාදනය කර ඇත්තේය. ඔහුම ඔබව නිර්මාණය කර, ඔබගේ හැඩරුව ඉතාමත් අලංකාරවත් අන්දමටද පත් කළේය. ඔහු වෙතම (ඔබ සියල්ලන්ම) යායුතුව ඇත්තේය.

  4. 4

    يَعْلَمُ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَيَعْلَمُ مَا تُسِرُّونَ وَمَا تُعْلِنُونَ ۚ وَٱللَّهُ عَلِيمٌۢ بِذَاتِ ٱلصُّدُورِ

    අක්ෂර පරිවර්තනය: Ya'lamu maa fis samaawaati wal ardi wa ya'lamu maa tusirroona wa maa tu'linoon; wallaahu 'Aleemum bizaatis sudoor

    අහස්හි ඇති දැයද, භූමියෙහි ඇති දැයද, ඔහු හොඳින් දන්නේය. ඔබ සඟවන දැයද, ඔබ එළිදරව් කරන දැයද, ඔහු හොඳින් දන්නේය. (මෙපමණක්ද? ඔබගේ) සිත්හි ඇති දැයද අල්ලාහ් හොඳින් දන්නේය.

  5. 5

    أَلَمْ يَأْتِكُمْ نَبَؤُا۟ ٱلَّذِينَ كَفَرُوا۟ مِن قَبْلُ فَذَاقُوا۟ وَبَالَ أَمْرِهِمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌۭ

    අක්ෂර පරිවර්තනය: Alam yaatikum naba'ul lazeena kafaroo min qablu fazaaqoo wabaala amrihim wa lahum 'azaabun aleem

    (මිනිසුනේ! ඔබට) පෙර සිටි ප්‍රතික්ෂේප කළ අයගේ පුවත් ඔබට ලැබුනේ නැද්ද? ඔවුන් තමන්ගේ ක්‍රියාවන්හි නපුරු ඵලවිපාක (මෙලොවදී) වින්ඳාහ. තවද (පරලොවදීද) ඔවුන්ට වේදනා ගෙන දෙන දඬුවම් ඇත.

  6. 6

    ذَٰلِكَ بِأَنَّهُۥ كَانَت تَّأْتِيهِمْ رُسُلُهُم بِٱلْبَيِّنَٰتِ فَقَالُوٓا۟ أَبَشَرٌۭ يَهْدُونَنَا فَكَفَرُوا۟ وَتَوَلَّوا۟ ۚ وَّٱسْتَغْنَى ٱللَّهُ ۚ وَٱللَّهُ غَنِىٌّ حَمِيدٌۭ

    අක්ෂර පරිවර්තනය: Zaalika bi annahoo kaanat taateehim Rusuluhum bilbaiyinaati faqaaloo a basharuny yahdoonanaa fakafaroo wa tawallaw; wastaghnal laah; wallaahu ghaniyyun hameed

    මෙහි හේතුව නම්, නියත වශයෙන්ම පැහැදිලි ප්‍රාතිහාර්යයන් සමග ඔවුන් වෙනුවෙන් (යවන ලද අපගේ) දූතයින් ඔවුන් වෙත පැමිණෙමින්ම සිටියහ. එහෙත් ඔවුන් නම්, “(අප මෙන්) මිනිසුන්ද, අපට ඍජු මාර්ගය පෙන්වන්නන්?” යයි පවසා (ඔවුන්ව), ඔවුන් ප්‍රතික්ෂේප කර දැමූහ. අල්ලාහ්ද (ඔවුන්ව) ගණනයකට ගත්තේ නැත. අල්ලාහ් (ඔවුන්ගෙන්) අවශ්‍යතාවයක් නොවන්නෙකු වශයෙන් හා ප්‍රශංසාවෙන් යුත්තෙකු වශයෙන්ද සිටින්නේය.

  7. 7

    زَعَمَ ٱلَّذِينَ كَفَرُوٓا۟ أَن لَّن يُبْعَثُوا۟ ۚ قُلْ بَلَىٰ وَرَبِّى لَتُبْعَثُنَّ ثُمَّ لَتُنَبَّؤُنَّ بِمَا عَمِلْتُمْ ۚ وَذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٌۭ

    අක්ෂර පරිවර්තනය: Za'amal lazeena kafarooo al-lany yub'asoo; qul balaa wa rabbee latub'asunna summa latunabba'unna bimaa 'amiltum; wa zaalika 'alal laahi yaseer

    (මරණයෙන් පසු නියත වශයෙන්ම පණ දී) නැගිට්ටවනු නොලබන්නෙමු යයි ප්‍රතික්ෂේප කරන්නන් ස්ථීර වශයෙන් අදහස් කරමින් සිටින්නාහ. (නබියේ!) ඔබ මෙසේ පවසනු: “නොඑසේය! මගේ දෙවියන් මත සත්තකින්ම! ඇත්තෙන්ම ඔබ නැගිට්ටවනු ලබන්නෙහුය. ඔබ කරමින් සිටි දැය ගැන පසුව ඔබ නියත වශයෙන්ම දැනුවත් කරනු ලබන්නෙහුය. මෙය (මෙසේ කිරීම) අල්ලාහ්ට ඉතාමත් පහසු දැයකි”.

  8. 8

    فَـَٔامِنُوا۟ بِٱللَّهِ وَرَسُولِهِۦ وَٱلنُّورِ ٱلَّذِىٓ أَنزَلْنَا ۚ وَٱللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌۭ

    අක්ෂර පරිවර්තනය: Fa-aaminoo billaahi wa rasoolihee wannooril lazeee anzalnaa; wallaahu bima ta'maloona khabeer

    එබැවින් ඔබ අල්ලාහ්වද, ඔහුගේ දූතයාවද, අපි පහළ කරන ලද (මෙම ධර්මය වන) ආලෝකයද, විශ්වාස කරනු. අල්ලාහ් ඔබ කරන දැය හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය.

  9. 9

    يَوْمَ يَجْمَعُكُمْ لِيَوْمِ ٱلْجَمْعِ ۖ ذَٰلِكَ يَوْمُ ٱلتَّغَابُنِ ۗ وَمَن يُؤْمِنۢ بِٱللَّهِ وَيَعْمَلْ صَٰلِحًۭا يُكَفِّرْ عَنْهُ سَيِّـَٔاتِهِۦ وَيُدْخِلْهُ جَنَّٰتٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ خَٰلِدِينَ فِيهَآ أَبَدًۭا ۚ ذَٰلِكَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ

    අක්ෂර පරිවර්තනය: Ywma yajma'ukum li yawmil jam'i zaalika yawmut taghaabun; wa many-yumim billaahi wa ya'mal saalihany yukaffir 'anhu sayyi aatihee wa yudkhilhu jannaatin tajree min tahtihal anhaaru khaalideena feehaaa abadaa; zaalikal fawzul 'azeem

    ඒකරාශී කරන (විනිශ්චය) දිනය වෙනුවෙන් ඔබව ඒකරාශී කරන දිනදී (එහි ඵලවිපාක ඔබ දැන ගන්නෙහුය). එයයි (පින්, පව්) එළිදරව් වන දිනය. කවුරුන් අල්ලාහ්ව විශ්වාස කර, දැහැමි ක්‍රියාවන් කරන්නේද, ඔහුගේ පාපයන් ඔහුගෙන් ඈත් කර, සදාකල් දියදහරා ගලමින් ඇති ස්වර්ගයන්හිද ඔහුව (අල්ලාහ් වන) ඔහු ඇතුළු කරන්නේය. සදාකල්ම ඒවායෙහි ඔවුන් රැඳී සිටින්නාහ. මෙය අති විශාල භාග්‍යයකි.

  10. 10

    وَٱلَّذِينَ كَفَرُوا۟ وَكَذَّبُوا۟ بِـَٔايَٰتِنَآ أُو۟لَٰٓئِكَ أَصْحَٰبُ ٱلنَّارِ خَٰلِدِينَ فِيهَا ۖ وَبِئْسَ ٱلْمَصِيرُ

    අක්ෂර පරිවර්තනය: Wallazeena kafaroo wa kazzaboo bi aayaaatinaaa ulaaa'ika ashaabun naari khaalideena feehaa bi'sal maseer

    කවුරුන් ප්‍රතික්ෂේප කර, අපගේ ආයාවන් බොරු කරන්නෝද, ඔවුන් නිරාවාසීන්ය. එහි සදාකල් ඔවුන් රැඳී සිටින්නාහ. එය ඉතාමත් නපුරු එක්රැස්වන ස්ථානයයි.

  11. 11

    مَآ أَصَابَ مِن مُّصِيبَةٍ إِلَّا بِإِذْنِ ٱللَّهِ ۗ وَمَن يُؤْمِنۢ بِٱللَّهِ يَهْدِ قَلْبَهُۥ ۚ وَٱللَّهُ بِكُلِّ شَىْءٍ عَلِيمٌۭ

    අක්ෂර පරිවර්තනය: Maaa asaaba mim musee batin illaa bi-iznil laah; wa many yu'mim billaahi yahdi qalbah; wallaahu bikulli shai;in Aleem

    අල්ලාහ්ගේ අනුමැතියෙන් තොර කිසිම විපතක් (කිසිවෙකු වෙත) පැමිණ සේන්දු වන්නේ නැත. එබැවින් කවුරුන් අල්ලාහ්ව විශ්වාස කරන්නේද, ඔහුගේ හෘදය (විඳ දරා ගැනීම, ඉවසීම යන) ඍජු මාර්ගයෙහි යාමට ඔහු සලස්වන්නේය. අල්ලාහ් සියල්ල දන්නෙකු වශයෙන් සිටින්නේය.

  12. 12

    وَأَطِيعُوا۟ ٱللَّهَ وَأَطِيعُوا۟ ٱلرَّسُولَ ۚ فَإِن تَوَلَّيْتُمْ فَإِنَّمَا عَلَىٰ رَسُولِنَا ٱلْبَلَٰغُ ٱلْمُبِينُ

    අක්ෂර පරිවර්තනය: Wa atee'ul laaha wa atee'ur Rasool; fa in tawallaitum fa innamaa 'alaa Rasoolinal balaaghul mubeen

    අල්ලාහ්ට අවනත වී කටයුතු කරනු. (ඔහුගේ) දූතයාටද අවනත වී කටයුතු කරනු. ඔබ ප්‍රතික්ෂේප කළහොත් (එය ඔබටම පාඩුවකි). මන්දයත් අපගේ දූතයා කෙරෙහි වූ යුතුකම නම්, ඔහු (තමන්ගේ දූත මෙහෙවර) ප්‍රසිද්ධියේ ගෙනහැර දැක්වීමයි.

  13. 13

    ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَ ۚ وَعَلَى ٱللَّهِ فَلْيَتَوَكَّلِ ٱلْمُؤْمِنُونَ

    අක්ෂර පරිවර්තනය: Allaahu laaa ilaaha illaa Hoo; wa 'alal laahi falyata wakkalil mu'minoon

    අල්ලාහ් හැර, වෙන කිසිම දෙවියෙක් (ඇත්තේම) නැත. එබැවින් විශ්වාසවන්තයින් අල්ලාහ් මත විශ්වාසය තබනු.

  14. 14

    يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِنَّ مِنْ أَزْوَٰجِكُمْ وَأَوْلَٰدِكُمْ عَدُوًّۭا لَّكُمْ فَٱحْذَرُوهُمْ ۚ وَإِن تَعْفُوا۟ وَتَصْفَحُوا۟ وَتَغْفِرُوا۟ فَإِنَّ ٱللَّهَ غَفُورٌۭ رَّحِيمٌ

    අක්ෂර පරිවර්තනය: Yaaa ayyuhal lazeena aamanooo inna min azwaaji kum wa awlaadikum 'aduwwal lakum fahzaroohum; wa in ta'foo wa tasfahoo wa taghfiroo fa innal laaha ghafoorur Raheem

    විශ්වාසවන්තයිනි! ඔබගේ භාර්යයාවන්-ගෙන්ද, ඔබගේ දරුවන්ගෙන්ද, නියත වශයෙන්ම ඔබට සතුරන්ද ඇත්තාහ. එබැවින් ඔවුන් ගැන ඔබ ප්‍රවේසමෙන් සිටිනු. ඔවුන්ව (ඔවුන්ගේ වැරදි) ඔබ විඳ දරාගෙන ප්‍රතික්ෂේප කර, සමාව දෙමින් සිටියහොත් නියත වශයෙන්ම අල්ලාහ්ද ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා දයාබරවන්තයෙකු වශයෙන් සිටින්නේය. (ඔබගේ වැරදිවලටද ඒ අන්දමටම ක්ෂමා කර හරිනු ඇත).

  15. 15

    إِنَّمَآ أَمْوَٰلُكُمْ وَأَوْلَٰدُكُمْ فِتْنَةٌۭ ۚ وَٱللَّهُ عِندَهُۥٓ أَجْرٌ عَظِيمٌۭ

    අක්ෂර පරිවර්තනය: Innamaa amwaalukum wa awlaadukum fitnah; wallaahu 'indahooo ajrun 'azeem

    ඔබගේ වස්තූන්ද, ඔබගේ දරුවන්ද, (ඔබට) එක් පිරික්සුමකි. (මෙම පිරික්සුමෙහි ඔබ ජයග්‍රහණය කළහොත් ඔබට) අල්ලාහ්ගේ සන්නිධානයෙහි ඉමහත් වූ ඵලවිපාක ඇත්තේය.

  16. 16

    فَٱتَّقُوا۟ ٱللَّهَ مَا ٱسْتَطَعْتُمْ وَٱسْمَعُوا۟ وَأَطِيعُوا۟ وَأَنفِقُوا۟ خَيْرًۭا لِّأَنفُسِكُمْ ۗ وَمَن يُوقَ شُحَّ نَفْسِهِۦ فَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْمُفْلِحُونَ

    අක්ෂර පරිවර්තනය: Fattaqul laaha mastat'tum wasma'oo wa atee'oo waanfiqoo khairal li anfusikum; wa many-yooqa shuha nafsihee fa-ulaaa'ika humul muflihoon

    එබැවින් ඔබ විසින් හැකි පමණින් අල්ලාහ්ට බිය වී (ඔහුට) සවන් දී අවනත වී කටයුතු කර, දානමානද කරනු. (මෙය) ඔබටම ඉතාමත් අගනේය. කවුරුන් මසුරුකමෙන් තමන්ව බේරා ගත්තෝද, එවැන්නන් නියත වශයෙන්ම ජයග්‍රාහකයින්ය.

  17. 17

    إِن تُقْرِضُوا۟ ٱللَّهَ قَرْضًا حَسَنًۭا يُضَٰعِفْهُ لَكُمْ وَيَغْفِرْ لَكُمْ ۚ وَٱللَّهُ شَكُورٌ حَلِيمٌ

    අක්ෂර පරිවර්තනය: In tuqridul laaha qardan hasanany yudd'ifhu lakum wa yaghfir lakum; wallaahu Shakoorun Haleem

    ඔබ අල්ලාහ් වෙනුවෙන් ණය, අලංකාරවත් ණය වශයෙන් ලබා දුන්නහොත් එය, ඔහු ඔබට දෙගුණයක් කර තබන අතර ඔබට (ඔබගේ වැරදිවලට)ද සමාවද දෙන්නේය. අල්ලාහ් (අල්ප) ස්තූතියද බාර ගන්නෙකු වශයෙන් හා ඉතාමත් විඳ දරා ගන්නෙකු වශයෙන්ද සිටින්නේය.

  18. 18

    عَٰلِمُ ٱلْغَيْبِ وَٱلشَّهَٰدَةِ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ

    අක්ෂර පරිවර්තනය: 'Aalimul-Ghaibi wash-shahaadatil 'Azeezul Hakeem

    (ඔහු) ගුප්ත දැයද, එළිදරව් දැයද හොඳින් දන්නෙකි. (සියල්ලන්ටම) බලසම්පන්නයෙකු හා ඥානවන්තයෙකි!

පරිවර්තන සංස්කරණය: si.naseemismail

ශ්‍රව්‍ය පදය: මිෂාරි රෂීඩ් ඇලෆාසි (128kbps islamic.network CDN හරහා).

පෙළ සහ පරිවර්තන: api.alquran.cloud · Uthmani Arabic.

ayah හි තේරුම අපැහැදිලි නම්, සුදුසුකම් ලත් ගුරුවරයෙකුගෙන් විමසන්න - විශේෂයෙන්ම නීතිමය සහ විශ්වාස කටයුතු සඳහා.