සියලුම සූරත

සූරතය 63

The Hypocrites

سُورَةُ المُنَافِقُونَ

Al-Munaafiqoon · මෙඩිනන්

යතුරු: J next ayah · K පෙර ayah

ශ්රව්ය උපකරණ
  1. 1

    بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ إِذَا جَآءَكَ ٱلْمُنَٰفِقُونَ قَالُوا۟ نَشْهَدُ إِنَّكَ لَرَسُولُ ٱللَّهِ ۗ وَٱللَّهُ يَعْلَمُ إِنَّكَ لَرَسُولُهُۥ وَٱللَّهُ يَشْهَدُ إِنَّ ٱلْمُنَٰفِقِينَ لَكَٰذِبُونَ

    අක්ෂර පරිවර්තනය: Izaa jaaa'akal munaafiqoona qaaloo nashhadu innaka la rasoolul laah; wallaahu ya'lamu innaka la rasooluhoo wallaahu yashhadu innal munaafiqeena lakaaziboon

    (නබියේ! ඇතුළතින් එකක් තබා ගනිමින් පිටතින් තවත් දැයක් කතා කරන) වංචනිකයින් ඔබ වෙත පැමිණ, “නියත වශයෙන්ම ඔබ අල්ලාහ්ගේ දූතයා යයි අපි සාක්ෂි දරන්නෙමු” යනුවෙන් පවසන්නාහ. නියත වශයෙන්ම ඔබ ඔහුගේ දූතයාය යන්න අල්ලාහ් හොඳින් දන්නේය. එහෙත් මෙම වංචනිකයින් නියත වශයෙන්ම බොරුවම පවසන්නාහ යයි අල්ලාහ් සාක්ෂි දරන්නේය.

  2. 2

    ٱتَّخَذُوٓا۟ أَيْمَٰنَهُمْ جُنَّةًۭ فَصَدُّوا۟ عَن سَبِيلِ ٱللَّهِ ۚ إِنَّهُمْ سَآءَ مَا كَانُوا۟ يَعْمَلُونَ

    අක්ෂර පරිවර්තනය: Ittakhazoo aymaanahum junnatan fasaddoo 'an sabeelil laah; innahum saaa'a maa kaanoo ya'maloon

    (තවද) මොවුන් තමන්ගේ (බොරු) දිව්රුම් පළිහක් වශයෙන් තබාගෙන අල්ලාහ්ගේ මාර්ගයෙන් (ජනයාව) වළක්වා ගනිමින් සිටින්නාහ. නියත වශයෙන්ම මොවුන් කරමින් සිටි කාරණාව ඉතාමත් නපුරුය.

  3. 3

    ذَٰلِكَ بِأَنَّهُمْ ءَامَنُوا۟ ثُمَّ كَفَرُوا۟ فَطُبِعَ عَلَىٰ قُلُوبِهِمْ فَهُمْ لَا يَفْقَهُونَ

    අක්ෂර පරිවර්තනය: Zaalika bi annahum aamanoo summa kafaroo fatubi'a 'alaa quloobihim fahum laa yafqahoon

    (මෙයට අයත්) හේතුව නම්, මොවුන් විශ්වාස කළ පසු (එය) ප්‍රතික්ෂේප කිරීමය. එබැවින් ඔවුන්ගේ හෘදයන්හි මුද්‍රා කර දමන ලදී. (කිසිවක්) ඔවුන් වටහා ගන්නේ නැත.

  4. 4

    ۞ وَإِذَا رَأَيْتَهُمْ تُعْجِبُكَ أَجْسَامُهُمْ ۖ وَإِن يَقُولُوا۟ تَسْمَعْ لِقَوْلِهِمْ ۖ كَأَنَّهُمْ خُشُبٌۭ مُّسَنَّدَةٌۭ ۖ يَحْسَبُونَ كُلَّ صَيْحَةٍ عَلَيْهِمْ ۚ هُمُ ٱلْعَدُوُّ فَٱحْذَرْهُمْ ۚ قَٰتَلَهُمُ ٱللَّهُ ۖ أَنَّىٰ يُؤْفَكُونَ

    අක්ෂර පරිවර්තනය: Wa izaa ra aytahum tu'jibuka ajsaamuhum wa iny yaqooloo tasma' liqawlihim kaannahum khushubum musannadah; yahsaboona kulla saihatin 'alaihim; humul 'aduwwu fahzarhum; qaatalahumul laahu annaa yu'fakoon

    (නබියේ!) ඔවුන්ව ඔබ බැලූවහොත් ඔවුන්ගේ ශරීර හැඩරුව ඔබව පුදුමයට පත් කරනු ඇත. ඔවුන් කතා කළහොත් ඔවුන්ගේ වදනම ඔබ අසන මෙන් පත් වනු ඇත. (එතරම් වාචාල ලෙස ඔබට කතා කිරීමට පවා ඉඩ නොදී කතා කරන්නාහ. නමුත් ඔබගේ හොඳ ඔවදනට සවන් නොදෙන) බිම හෙළන ලද ගස් කොටන් මෙන් ඔවුන් සිටිනු ඇත. (ඔවුන් සවන් දෙන) කිසිම ශබ්දයක් තමන්ට විරුද්ධව (කරනු ලබන්නේය) යයිම අදහස් කරන්නාහ. (නබියේ!) මොවුන්ම (ඔබගේ දරුණු) සතුරන්ය. එබැවින් මොවුන් ගැන ඔබ ප්‍රවේසමෙන් සිටිනු. අල්ලාහ් ඔවුන්ව විනාශ කර දමන්නේය. (සත්‍යයෙන් පිට) ඔවුන් කොහේ නම් යන්නෙහුද?

  5. 5

    وَإِذَا قِيلَ لَهُمْ تَعَالَوْا۟ يَسْتَغْفِرْ لَكُمْ رَسُولُ ٱللَّهِ لَوَّوْا۟ رُءُوسَهُمْ وَرَأَيْتَهُمْ يَصُدُّونَ وَهُم مُّسْتَكْبِرُونَ

    අක්ෂර පරිවර්තනය: Wa izaa qeela lahum ta'aalaw yastaghfir lakum rasoolul laahi lawwaw ru'oo sahum wa ra aytahum yasuddoona wa hum mustakbiroon

    ඔවුන්ට “පැමිණෙනු. අල්ලාහ්ගේ දූතයා ඔබගේ වැරදිවලට සමාව දෙන මෙන් (අල්ලාහ් වෙතින්) ඉල්ලා සිටිනු ඇත” යයි කියනු ලැබුවහොත් ඔවුන් තමන්ගේ හිස් හරවා උඞඟූ වී (ඔබව නොදුටු අය මෙන්) ආපසු හැරී යනු ඔබ දකින්නෙහිය.

  6. 6

    سَوَآءٌ عَلَيْهِمْ أَسْتَغْفَرْتَ لَهُمْ أَمْ لَمْ تَسْتَغْفِرْ لَهُمْ لَن يَغْفِرَ ٱللَّهُ لَهُمْ ۚ إِنَّ ٱللَّهَ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلْفَٰسِقِينَ

    අක්ෂර පරිවර්තනය: Sawaaa'un 'alaihim as taghfarta lahum am lam tastaghfir lahum lany yaghfiral laahu lahum; innal laaha laa yahdil qawmal faasiqeen

    (නබියේ!) ඔබ ඔවුන්ගේ වැරදිවලට සමාව ඇයදීමද, නැතහොත් ඔවුන්ගේ වැරදිවලට ඔබ සමාව නොඉල්ලා සිටීමද ඔවුන්ට එක සමානය. අල්ලාහ් ඔවුන්ට සමාව දෙන්නේම නැත. නියත වශයෙන්ම අල්ලාහ් පාපයන් කරන (මෙවැනි) ජනයාව ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේ නැත.

  7. 7

    هُمُ ٱلَّذِينَ يَقُولُونَ لَا تُنفِقُوا۟ عَلَىٰ مَنْ عِندَ رَسُولِ ٱللَّهِ حَتَّىٰ يَنفَضُّوا۟ ۗ وَلِلَّهِ خَزَآئِنُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَلَٰكِنَّ ٱلْمُنَٰفِقِينَ لَا يَفْقَهُونَ

    අක්ෂර පරිවර්තනය: Humul lazeena yaqooloona laa tunfiqoo 'alaa man inda Rasoolil laahi hatta yanfaddoo; wa lillaahi khazaaa' inus samaawaati wal ardi wa laakinnal munaafiqeena la yafqahoon

    මොවුන් (අනිත් ජනයාට) “අල්ලාහ්ගේ දූතයා සමග සිටින්නන් (ඔහුගෙන් ඈත් වී) විසිරී යනතුරු ඔවුන්ට ඔබ කිසිම දානමානයක් නොකරනු” යයි පවසන්නාහ. (නබියේ! ඔබ මෙසේ පවසනු): “අහස් හා භූමියෙහි ඇති නිධානයන් (සියල්ල) අල්ලාහ්ට අයිති දැයයි. එහෙත් මෙම වංචනිකයින් (මෙය) වටහා ගන්නේ නැත”.

  8. 8

    يَقُولُونَ لَئِن رَّجَعْنَآ إِلَى ٱلْمَدِينَةِ لَيُخْرِجَنَّ ٱلْأَعَزُّ مِنْهَا ٱلْأَذَلَّ ۚ وَلِلَّهِ ٱلْعِزَّةُ وَلِرَسُولِهِۦ وَلِلْمُؤْمِنِينَ وَلَٰكِنَّ ٱلْمُنَٰفِقِينَ لَا يَعْلَمُونَ

    අක්ෂර පරිවර්තනය: Yaqooloona la'ir raja'naaa ilal madeenati la yukhrijanal a'azzu minhal azall; wa lillaahil 'izzatu wa li Rasoolihee wa lilmu'mineena wa laakinnal munaafiqeena laa ya'lamoon

    තවද “අපි මදීනාවට ආපසු පැමිණියහොත් ගෞරවණීය අයයි. (විශ්වාසය තැබූ මෙම) දීනවූ අයව එයින් නියත වශයෙන්ම පිටමං කරනු ලබන්නාහ” යයි ඔවුන් පවසන්නාහ. (නබියේ! ඔබ මෙසේ පවසනු): “සියලූ ගෞරවයන් අල්ලාහ්ටද, ඔහුගේ දූතයාටද, විශ්වාසවන්තයින්ටද අයත් දැයයි”. එහෙත් මෙම වංචනිකයින් (එය) දැන ගන්නේ නැත.

  9. 9

    يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تُلْهِكُمْ أَمْوَٰلُكُمْ وَلَآ أَوْلَٰدُكُمْ عَن ذِكْرِ ٱللَّهِ ۚ وَمَن يَفْعَلْ ذَٰلِكَ فَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْخَٰسِرُونَ

    අක්ෂර පරිවර්තනය: Yaaa ayyuhal lazeena aamanoo la tulhikum amwaalukum wa laa awlaadukum 'anzikril laah; wa mai-yaf'al zaalika fa-ulaaa'ika humul khaasiroon

    විශ්වාසවන්තයිනි! ඔබගේ වස්තූන්ද, ඔබගේ දරුවන්ද, අල්ලාහ්ගේ මතකයෙන් ඔබව ඈතට හරවා දැමීම නොකළ යුතුය. කවුරුන් හෝ මෙසේ කළහොත් එවැන්නන් නියත වශයෙන්ම පරාජිතයින්ය.

  10. 10

    وَأَنفِقُوا۟ مِن مَّا رَزَقْنَٰكُم مِّن قَبْلِ أَن يَأْتِىَ أَحَدَكُمُ ٱلْمَوْتُ فَيَقُولَ رَبِّ لَوْلَآ أَخَّرْتَنِىٓ إِلَىٰٓ أَجَلٍۢ قَرِيبٍۢ فَأَصَّدَّقَ وَأَكُن مِّنَ ٱلصَّٰلِحِينَ

    අක්ෂර පරිවර්තනය: Wa anifqoo mim maa razaqnaakum min qabli any-yaatiya ahadakumul mawtu fa yaqoola rabbi law laaa akhkhartaneee ilaaa ajalin qareebin fa assaddaqa wa akum minassaaliheen

    ඔබගෙන් කවුරුන්ට හෝ මරණය ළඟා වීමට මත්තෙන්ම අපි ඔබට ලබා දුන් දැයෙන් දානමාන කරනු. (එසේ නොකළ අය මරණයට පත් වන අවස්ථාවේදී) “මගේ දෙවියනේ! එක් සුළු කාලයකට මාව අත්හැර තැබිය යුතු නොවේද? (එසේ අත්හැර තැබුවහොත්) මා දානමානද කරන්නෙමි. (පින් ඇති දැය කර) හොඳ අය බවටද පත් වන්නෙමි” යයි පවසනු ඇත.

  11. 11

    وَلَن يُؤَخِّرَ ٱللَّهُ نَفْسًا إِذَا جَآءَ أَجَلُهَا ۚ وَٱللَّهُ خَبِيرٌۢ بِمَا تَعْمَلُونَ

    අක්ෂර පරිවර්තනය: Wa lany yu 'akhkhiral laahu nafsan izaa jaaa'a ajaluhaa; wallaahu khabeerum bimaa ta'maloon

    එහෙත් කිසිම ආත්මයකට එයට අයත් නියමිත කාලය පැමිණෙන විට, (එය) අල්ලාහ් ප්‍රමාද කරන්නේද නැත. තවද ඔබ කරන දැය අල්ලාහ් හොඳින් දැනගෙනම සිටින්නේය.

පරිවර්තන සංස්කරණය: si.naseemismail

ශ්‍රව්‍ය පදය: මිෂාරි රෂීඩ් ඇලෆාසි (128kbps islamic.network CDN හරහා).

පෙළ සහ පරිවර්තන: api.alquran.cloud · Uthmani Arabic.

ayah හි තේරුම අපැහැදිලි නම්, සුදුසුකම් ලත් ගුරුවරයෙකුගෙන් විමසන්න - විශේෂයෙන්ම නීතිමය සහ විශ්වාස කටයුතු සඳහා.

The Hypocrites — Islam Word