සියලුම සූරත

සූරතය 61

The Ranks

سُورَةُ الصَّفِّ

As-Saff · මෙඩිනන්

යතුරු: J next ayah · K පෙර ayah

ශ්රව්ය උපකරණ
  1. 1

    بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ سَبَّحَ لِلَّهِ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۖ وَهُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ

    අක්ෂර පරිවර්තනය: Sabbaha lillaahi maa fisamaawaati wa maa fil ardi wa huwal 'Azeezul Hakeem

    අහස්හි ඇති දැයද, භූමියෙහි ඇති දැයද, අල්ලාහ්ව සුවිශුද්ධ කරමින් සිටින්නාහ. ඔහු (සියල්ලන්ටම) බලසම්පන්නයෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය.

  2. 2

    يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لِمَ تَقُولُونَ مَا لَا تَفْعَلُونَ

    අක්ෂර පරිවර්තනය: Yaa ayyuhal lazeena aamanoo lima taqooloona maa laa taf'aloon

    විශ්වාසවන්තයිනි! ඔබ නොකළ කාරණාවන් (කළා යයි හෝ අන් අය කරන මෙන් හෝ) කුමක් නිසා පවසන්නෙහුද?

  3. 3

    كَبُرَ مَقْتًا عِندَ ٱللَّهِ أَن تَقُولُوا۟ مَا لَا تَفْعَلُونَ

    අක්ෂර පරිවර්තනය: Kabura maqtan 'indal laahi an taqooloo maa laa taf'aloon

    ඔබ නොකළ දැය (කළේ යයි) කීම අල්ලාහ්ගේ සන්නිධානයෙහි ඉතාමත් පිළිකුල් සහගත දැයක් වශයෙන් ඇත්තේය.

  4. 4

    إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلَّذِينَ يُقَٰتِلُونَ فِى سَبِيلِهِۦ صَفًّۭا كَأَنَّهُم بُنْيَٰنٌۭ مَّرْصُوصٌۭ

    අක්ෂර පරිවර්තනය: Innal laaha yuhibbul lazeena yuqaatiloona fee sabeelihee saffan kaannahum bunyaanum marsoos

    (විශ්වාසවන්තයිනි!) කවුරුන් ඊයම් උණු කර, අඹන ලද (ශක්තිමත්) බැම්මක් මෙන් බල ඇණියෙහි (හිඳිමින් හා පසු නොබැස) සිටිමින් අල්ලාහ්ගේ මාර්ගයෙහි යුද්ධ කරන්නෝද, ඔවුන්ව නියත වශයෙන්ම අල්ලාහ් ආදරය කරන්නේය.

  5. 5

    وَإِذْ قَالَ مُوسَىٰ لِقَوْمِهِۦ يَٰقَوْمِ لِمَ تُؤْذُونَنِى وَقَد تَّعْلَمُونَ أَنِّى رَسُولُ ٱللَّهِ إِلَيْكُمْ ۖ فَلَمَّا زَاغُوٓا۟ أَزَاغَ ٱللَّهُ قُلُوبَهُمْ ۚ وَٱللَّهُ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلْفَٰسِقِينَ

    අක්ෂර පරිවර්තනය: Wa iz qaala Moosa liqawmihee yaa qawmi lima tu'zoonanee wa qat ta'lamoona annee Rasoolul laahi ilaikum falammaa zaaghooo azaaghal laahu quloobahum; wallaahu laa yahdil qawmal faasiqeen

    මූසා තම ජනතාවට “මගේ ජනතාවෙනි! මාව කුමක් නිසා නම් වේදනා කරන්නෙහුද? ඇත්තෙන්ම මා ඔබ වෙත යවන ලද අල්ලාහ්ගේ දූතයා යන්න නියත වශයෙන්ම ඔබ හොඳින් දන්නෙහු නොවෙද!” යයි පැවසීම (නබියේ! ඔබ) සිතා බලනු මැනව! (ඍජු මාර්ගයෙන්) ඔවුන් ඈත් වූ වහාම, අල්ලාහ්ද ඔවුන්ගේ හෘදයන් (ඍජු මාර්ගයෙන්) ඈත් කර දැමුවේය. පාපයන් කරන ජනතාව අල්ලාහ් ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේ නැත.

  6. 6

    وَإِذْ قَالَ عِيسَى ٱبْنُ مَرْيَمَ يَٰبَنِىٓ إِسْرَٰٓءِيلَ إِنِّى رَسُولُ ٱللَّهِ إِلَيْكُم مُّصَدِّقًۭا لِّمَا بَيْنَ يَدَىَّ مِنَ ٱلتَّوْرَىٰةِ وَمُبَشِّرًۢا بِرَسُولٍۢ يَأْتِى مِنۢ بَعْدِى ٱسْمُهُۥٓ أَحْمَدُ ۖ فَلَمَّا جَآءَهُم بِٱلْبَيِّنَٰتِ قَالُوا۟ هَٰذَا سِحْرٌۭ مُّبِينٌۭ

    අක්ෂර පරිවර්තනය: Wa iz qaala 'Eesab-nu-Mayama yaa Banee Israaa'eela innee Rasoolul laahi ilaikum musaddiqal limaa baina yadayya minat Tawraati wa mubashshiram bi Rasooliny yaatee mim ba'dis muhooo Ahmad; falammaa jaaa'ahum bil baiyinaati qaaloo haazaa sihrum mubeen

    මර්යම්ගේ පුත් ඊසා (ඉස්රායීල පරම්පරාවේ දරුවන්ට) “ඉස්රායීල පරම්පරාවේ දරුවනි! ඇත්තෙන්ම මා ඔබ වෙත යවන ලද අල්ලාහ්ගේ එක් දූතයෙකි. මා මගෙන් පෙර තිබූ තව්රාතයද සත්‍යය කරන්නෙමි. මගෙන් පසු අහ්මද් නමැති නමින් යුත් එක් දූතයෙකු පැමිණීම ගැනද මා (ඔබට) ශුභාරංචි පවසන්නෙමි” යයි පැවසීම (නබියේ! ඔබ ඔවුන්ට) මතක් කර දෙනු. (ඔහු දැනුම් දුන් අන්දමට එම දූතයා) පැහැදිලි ප්‍රාතිහාර්යයන් සමග ඔවුන් වෙත පැමිණි අවස්ථාවේදී (ඔහුව විශ්වාස නොකර) මෙය පැහැදිලි සූනියමක් යයි ඔවුන් පැවසූහ.

  7. 7

    وَمَنْ أَظْلَمُ مِمَّنِ ٱفْتَرَىٰ عَلَى ٱللَّهِ ٱلْكَذِبَ وَهُوَ يُدْعَىٰٓ إِلَى ٱلْإِسْلَٰمِ ۚ وَٱللَّهُ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلظَّٰلِمِينَ

    අක්ෂර පරිවර්තනය: Wa man azlamu mimma nif taraa 'alal laahil kaziba wa huwa yad'aaa ilal Islaam; wallaahu laa yahdil qawmaz zaalimeen

    (ඉබ්රාහිම් නබිගේ) ඉස්ලාමය දෙසට ආරාධනා කරනු ලබන විට, (එය ප්‍රතික්ෂේප කර) අල්ලාහ් මත මනක්කල්පිතව බොරු ගොතා කියන්නාට වඩා අපරාධකාරයා කවරෙක්ද? (මෙවැනි) අපරාධකාර ජනයාව අල්ලාහ් ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේ නැත.

  8. 8

    يُرِيدُونَ لِيُطْفِـُٔوا۟ نُورَ ٱللَّهِ بِأَفْوَٰهِهِمْ وَٱللَّهُ مُتِمُّ نُورِهِۦ وَلَوْ كَرِهَ ٱلْكَٰفِرُونَ

    අක්ෂර පරිවර්තනය: Yureedoona liyutfi'oo nooral laahi bi afwaahimim wallaahu mutimmu noorihee wa law karihal kaafiroon

    අල්ලාහ්ගේ ආලෝකය තම කටින් (පිඹ) නිවා දැමිය හැකි යයි මොවුන් අදහස් කරන්නාහ. මෙම ප්‍රතික්ෂේප කරන්නන් පිළිකුල් කළා වුවද, අල්ලාහ් තමන්ගේ ආලෝකය (ලොව පුරා ආලෝකය විහිදුවන මෙන්) පූරණය කර ඇත්තේය.

  9. 9

    هُوَ ٱلَّذِىٓ أَرْسَلَ رَسُولَهُۥ بِٱلْهُدَىٰ وَدِينِ ٱلْحَقِّ لِيُظْهِرَهُۥ عَلَى ٱلدِّينِ كُلِّهِۦ وَلَوْ كَرِهَ ٱلْمُشْرِكُونَ

    අක්ෂර පරිවර්තනය: Huwal lazee arsala Rasoolahoo bilhudaa wa deenil haqqi liyuzhirahoo 'alad deeni kullihee wa law karihal mushrikoon

    සමානයන් තබා නමදින්නන් පිළිකුල් කළා වුවද, අන් සියලූ ධර්මයන් ජයග්‍රහණය කරනු පිණිස, ඔහුම තමන්ගේ දූතයාව ඍජු මාර්ගය මගින්ද, සත්‍යය ධර්මය මගින්ද, යැව්වේය.

  10. 10

    يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ هَلْ أَدُلُّكُمْ عَلَىٰ تِجَٰرَةٍۢ تُنجِيكُم مِّنْ عَذَابٍ أَلِيمٍۢ

    අක්ෂර පරිවර්තනය: Yaaa ayyuhal lazeena aammano hal adullukum 'alaa tijaaratin tunjeekum min 'azaabin aleem

    විශ්වාසවන්තයිනි! එක් ව්‍යාපාරයක් ගැන මා ඔබට දැනුම් දෙන්නද? (එය) වේදනා ගෙන දෙන දඬුවමෙන් ඔබව බේරා ගනු ඇත.

  11. 11

    تُؤْمِنُونَ بِٱللَّهِ وَرَسُولِهِۦ وَتُجَٰهِدُونَ فِى سَبِيلِ ٱللَّهِ بِأَمْوَٰلِكُمْ وَأَنفُسِكُمْ ۚ ذَٰلِكُمْ خَيْرٌۭ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُونَ

    අක්ෂර පරිවර්තනය: Tu'minoona billaahi wa Rasoolihee wa tujaahidoona fee sabeelil laahi bi amwaalikum wa anfusikum; zaalikum khairul lakum in kuntum ta'lamoon

    (එනම්): අල්ලාහ්වද, ඔහුගේ (මෙම) දූතයාවද, විශ්වාස කර, ඔබගේ වස්තූන්ද, ඔබගේ පණද පරිත්‍යාග කර, අල්ලාහ්ගේ මාර්ගයෙහි යුද්ධ කරනු. ඔබ බුද්ධිමතුන් නම්, මෙයම ඔබට ඉතාමත් උසස් දැයක් වශයෙන් ඇත්තේය (යන්න දැනගන්නෙහුය).

  12. 12

    يَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ وَيُدْخِلْكُمْ جَنَّٰتٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ وَمَسَٰكِنَ طَيِّبَةًۭ فِى جَنَّٰتِ عَدْنٍۢ ۚ ذَٰلِكَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ

    අක්ෂර පරිවර්තනය: Yaghfir lakum zunoobakum wa yudkhilkum Jannaatin tajree min tahtihal anhaaru wa masaakina taiyibatan fee Jannaati 'Ad; zaalikal fawzul 'Azeem

    (එසේ කළහොත්) ඔහු ඔබගේ පාපයන්ගෙන් ඔබට සමාව දී දිය දහරා සැමදා ගලා බසිමින් ඇති ස්වර්ගයන්හිද ඔබව ඇතුළු කරනු ඇත. තවද ස්ථීර වූ ස්වර්ගයන්හි ඇති ශුද්ධ වූ වාසස්ථානද, (ඔබට) ඇත. මෙය ඉමහත් භාග්‍යයක් වන්නේය.

  13. 13

    وَأُخْرَىٰ تُحِبُّونَهَا ۖ نَصْرٌۭ مِّنَ ٱللَّهِ وَفَتْحٌۭ قَرِيبٌۭ ۗ وَبَشِّرِ ٱلْمُؤْمِنِينَ

    අක්ෂර පරිවර්තනය: Wa ukhraa tuhibboonahaa nasrum minal laahi wa fat hun qaree; wa bashshiril mu 'mineen

    තවද ඔබ කැමති වන දැයද ඇත. (ඒවා) අල්ලාහ්ගේ උදව්වද, ළඟදී (ලැබිය හැකි මක්කාවේ) ජයග්‍රහණයද වන්නේය. එබැවින් (නබියේ! මෙමගින්) ඔබ විශ්වාසවන්තයින්ට ශුභාරංචි දෙනු මැනව!

  14. 14

    يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ كُونُوٓا۟ أَنصَارَ ٱللَّهِ كَمَا قَالَ عِيسَى ٱبْنُ مَرْيَمَ لِلْحَوَارِيِّۦنَ مَنْ أَنصَارِىٓ إِلَى ٱللَّهِ ۖ قَالَ ٱلْحَوَارِيُّونَ نَحْنُ أَنصَارُ ٱللَّهِ ۖ فَـَٔامَنَت طَّآئِفَةٌۭ مِّنۢ بَنِىٓ إِسْرَٰٓءِيلَ وَكَفَرَت طَّآئِفَةٌۭ ۖ فَأَيَّدْنَا ٱلَّذِينَ ءَامَنُوا۟ عَلَىٰ عَدُوِّهِمْ فَأَصْبَحُوا۟ ظَٰهِرِينَ

    අක්ෂර පරිවර්තනය: Yaaa ayyuhal lazeena aamaanoo koonooo ansaaral laahi kamaa qaala 'Eesab-nu-Maryama lil Hawaariyyeena man ansaareee ilal laah; qaalal Hawaariyyoona nahnu ansaa rul laahi fa aamanat taaa'ifatum mim Bannee Israaa'eela wa kafarat taaa'ifatun fa ayyadnal lazeena aammanoo 'alaa 'aduwwihim fa asbahoo zaahireen

    විශ්වාසවන්තයිනි! ඔබ අල්ලාහ්ට උදව් කරන්නන් බවට පත් වනු. මර්යම්ගේ පුත් ඊසා (තමන්ගේ) ගෝලයින්ට “අල්ලාහ් වෙනුවෙන් මට උදව් කරන්නා කවරෙක්ද?”යි විමසූ අවස්ථාවේදී “අපි අල්ලාහ් වෙනුවෙන් උදව් කරන්නෙමු” යයි එම ගෝලයින් පැවසූ අන්දමටම (විශ්වාසවන්තයිනි! ඔබත් අල්ලාහ්ට උදව් කරන්නන් බවට පත් වනු). එහෙත් ඉස්රායීල පරම්පරාවේ දරුවන්ගෙන් එක් (කුඩා) සමූහයක්ම (ඔහුව) විශ්වාස කළහ. අනිත් (විශාල) සමූහයක් (ඔහුව) ප්‍රතික්ෂේප කළහ. එබැවින් විශ්වාස කළ ඔවුන්ට ඔවුන්ගේ සතුරන් කෙරෙහි (ජයග්‍රහණය කිරීමට) අපිම උදව් කළෙමු. එබැවින් ඔවුන් ජයග්‍රහණය කළහ.

පරිවර්තන සංස්කරණය: si.naseemismail

ශ්‍රව්‍ය පදය: මිෂාරි රෂීඩ් ඇලෆාසි (128kbps islamic.network CDN හරහා).

පෙළ සහ පරිවර්තන: api.alquran.cloud · Uthmani Arabic.

ayah හි තේරුම අපැහැදිලි නම්, සුදුසුකම් ලත් ගුරුවරයෙකුගෙන් විමසන්න - විශේෂයෙන්ම නීතිමය සහ විශ්වාස කටයුතු සඳහා.