සියලුම සූරත

සූරතය 50

The Letter "Qaf"

سُورَةُ قٓ

Qaaf · මක්කන්

යතුරු: J next ayah · K පෙර ayah

ශ්රව්ය උපකරණ
  1. 1

    بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ قٓ ۚ وَٱلْقُرْءَانِ ٱلْمَجِيدِ

    අක්ෂර පරිවර්තනය: Qaaaf; wal Qur aanil Majeed

    කාෆ්. (නබියේ!) ගෞරවයෙන් පිරි මෙම කුර්ආනය මත සත්තකින්ම!

  2. 2

    بَلْ عَجِبُوٓا۟ أَن جَآءَهُم مُّنذِرٌۭ مِّنْهُمْ فَقَالَ ٱلْكَٰفِرُونَ هَٰذَا شَىْءٌ عَجِيبٌ

    අක්ෂර පරිවර්තනය: Bal 'ajibooo an jaa'ahum munzirum minhum faqaalal kaafiroona haazaa shai'un 'ajeeb

    (ඔබ අප විසින් යවන ලද දූතයෙකි). එහෙත් ඔවුන්ගෙන්ම ඔවුන්ට බියගන්වා අනතුරු අඟවන කෙනෙකු පැමිණීම ගැන ඔවුන් පුදුම වන්නාහ. තවද මෙම ප්‍රතික්ෂේප කරන්නන් මෙය ඉතාමත් පුදුමාකාර කාරණාවක් යයිද පවසන්නාහ.

  3. 3

    أَءِذَا مِتْنَا وَكُنَّا تُرَابًۭا ۖ ذَٰلِكَ رَجْعٌۢ بَعِيدٌۭ

    අක්ෂර පරිවර්තනය: 'A-izaa mitnaa wa kunnaa turaaban zaalika raj'um ba'eed

    (තවද “මෙම දූතයා පවසන අන්දමට) අපි මැරී (දිරා ගොස්) පස් බවට පත් වීමෙන් පසුව, (පණ දී නැගිට්ටවනු ලබන්නෙමුද)? මෙසේ නැවත පැමිණීම ඉතාමත් (ඈත) එපිටය. (නැවත නැගිටවනු ලබන්නේම නැත” යයිද පවසන්නාහ).

  4. 4

    قَدْ عَلِمْنَا مَا تَنقُصُ ٱلْأَرْضُ مِنْهُمْ ۖ وَعِندَنَا كِتَٰبٌ حَفِيظٌۢ

    අක්ෂර පරිවර්තනය: Qad 'alimnaa maa tanqu-sul-ardu minhum wa 'indanaa Kitaabun Hafeez

    (මරණයට පත් වූ පසු) ඔවුන්ගේ සිරුර පස් (කා දමා) විනාශ වී යනු නියත වශයෙන්ම අපි දනිමු. (එහෙත් අපි කැමති වේලාවන්හි මරණයට පත් ඔවුන්ට, පණ දී නැගිටුවා හරින්නෙමු). තවද (ඔවුන් කළ නපුර සටහන් කර) ආරක්ෂා කර තබා ඇති පුස්තකය අප වෙත ඇත්තේය. (එහි සෑම දැයක්ම ලියා තබා ඇත්තේය).

  5. 5

    بَلْ كَذَّبُوا۟ بِٱلْحَقِّ لَمَّا جَآءَهُمْ فَهُمْ فِىٓ أَمْرٍۢ مَّرِيجٍ

    අක්ෂර පරිවර්තනය: Bal kazzaboo bilhaqqi lammaa jaaa'ahum fahum feee amrim mareej

    මෙසේ තිබියදී ඔවුන් වෙත පැමිණි සත්‍යය වූ (ධර්මය) ඔවුන් බොරු කර, ඉමහත් ආරවුලකට ලක් කළහ.

  6. 6

    أَفَلَمْ يَنظُرُوٓا۟ إِلَى ٱلسَّمَآءِ فَوْقَهُمْ كَيْفَ بَنَيْنَٰهَا وَزَيَّنَّٰهَا وَمَا لَهَا مِن فُرُوجٍۢ

    අක්ෂර පරිවර්තනය: Afalam yanzurooo ilas samaaa'i fawqahum kaifa banainaahaa wa zaiyannaahaa wa maa lahaa min furooj

    තමන්ට ඉහළින් ඇති අහස ඔවුන් අවධානය කර බැලූවේ නැද්ද? අපි එය කෙසේ නම් (ස්ථීරවත්ව) නිර්මාණය කර, එය (තාරකා මගින්) අලංකාරවත් කර තබා ඇත්තෙමු. එහි කිසිම පිපිරීමක් හෝ නැත. (බිඳීමක්, කැඩීමක්ද නැත!)

  7. 7

    وَٱلْأَرْضَ مَدَدْنَٰهَا وَأَلْقَيْنَا فِيهَا رَوَٰسِىَ وَأَنۢبَتْنَا فِيهَا مِن كُلِّ زَوْجٍۭ بَهِيجٍۢ

    අක්ෂර පරිවර්තනය: Wal arda madadnaahaa wa alqainaa feehaa rawaasiya wa ambatnaa feehaa min kulli zawjim baheej

    තවද අපිම භූමිය පුළුල් කර, එහි ස්ථීර වූ කඳුද නිර්මාණය කර අලංකාරවත් පැළෑටි, ගස් කොළන් සියල්ල (පිරිමි, ගැහැනු මගින් වූ) ජෝඩු ජෝඩු වශයෙන් එහි වැඩෙන්නට සැලැස්සුවෙමු.

  8. 8

    تَبْصِرَةًۭ وَذِكْرَىٰ لِكُلِّ عَبْدٍۢ مُّنِيبٍۢ

    අක්ෂර පරිවර්තනය: Tabsiratanw wa zikraa likulli 'abdim muneeb

    (මෙය අප) දෙසට හැරී සිටින සියලූ වහලූන්ටම හොඳ ඔවදනක් වශයෙන්ද, එක් ඥානාලෝකයක් වශයෙන්ද (ඇත්තේය).

  9. 9

    وَنَزَّلْنَا مِنَ ٱلسَّمَآءِ مَآءًۭ مُّبَٰرَكًۭا فَأَنۢبَتْنَا بِهِۦ جَنَّٰتٍۢ وَحَبَّ ٱلْحَصِيدِ

    අක්ෂර පරිවර්තනය: Wa nazzalnaa minas samaaa'i maaa'am mubaarakan fa ambatnaa bihee jannaatinw wa habbal haseed

    වලාකුළෙන් ඉතාමත් භාග්‍යයෙන් පිරි වර්ෂාව, අපි වැසීමට සලස්වා එමගින් බොහොමයක් උයන් වතුද, (ගොවියන්) කපා (පාගා) ගන්නා ධාන්‍ය බීජයන්ද පැළවෙන්නට සලස්වන්නෙමු.

  10. 10

    وَٱلنَّخْلَ بَاسِقَٰتٍۢ لَّهَا طَلْعٌۭ نَّضِيدٌۭ

    අක්ෂර පරිවර්තනය: Wannakhla baasiqaatil laha tal'un nadeed

    එක පිට එක (පලතුරු වලින්) පිරි වලූවලින් යුත් උසට වැඩෙන ඉඳි ගස්ද (පැළවෙන්නට සලස්වා)-

  11. 11

    رِّزْقًۭا لِّلْعِبَادِ ۖ وَأَحْيَيْنَا بِهِۦ بَلْدَةًۭ مَّيْتًۭا ۚ كَذَٰلِكَ ٱلْخُرُوجُ

    අක්ෂර පරිවර්තනය: Rizqal lil'ibaad, wa ahyainaa bihee baldatam maitaa; kazaalikal khurooj

    (එය අපගේ) වහලූන්ට ආහාර බවට පත් කර, එමගින් මැරී ගිය භූමිය අපි පණ ගන්වන්නෙමු. මෙසේම (මරණයට පත් වූවන්ව සොහොන්වලින්) ඉකුත් කිරීමද වන්නේය.

  12. 12

    كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍۢ وَأَصْحَٰبُ ٱلرَّسِّ وَثَمُودُ

    අක්ෂර පරිවර්තනය: Kazzabat qablahum qawmu Noohinw wa Ashaabur Rassi wa Samood

    (මේ සියල්ල) මොවුන්ට පෙර සිටි නූහුගේ ජනයාද, රස්සු (නමැති අගල්)වාසීන්ද, සමූද් (නමැති ජනයාද) බොරු කළහ.

  13. 13

    وَعَادٌۭ وَفِرْعَوْنُ وَإِخْوَٰنُ لُوطٍۢ

    අක්ෂර පරිවර්තනය: Wa 'Aadunw wa Fir'awnu wikhwaanu loot

    ආද් (නමැති ජනයා)ද, ෆිර්අව්න් ද, ලුත්ගේ සහෝදරයින්ද (බොරු කළහ).

  14. 14

    وَأَصْحَٰبُ ٱلْأَيْكَةِ وَقَوْمُ تُبَّعٍۢ ۚ كُلٌّۭ كَذَّبَ ٱلرُّسُلَ فَحَقَّ وَعِيدِ

    අක්ෂර පරිවර්තනය: Wa Ashaabul Aykati wa qawmu Tubba'; kullun kazzabar Rusula fahaqqa wa'eed

    තවද (මද්යන්) වතු වාසීන්ද, (යෙමන් දේශයට අයත් රාජ වංශයේ අය වන) තුබ්බඋ නමැති ජනයාද, ආදී මොවුන් සියල්ලන්ම (අපගේ) දූතයින්ව බොරුකාරයන් කළහ. එබැවින් (ඔවුන්ව විනාශ කර දමන්නෙමු යයි කළින් අපි දැනුම් දී තිබුනු අපගේ දඬුවම ගැන) බියගන්වා අනතුරු ඇඟවීම සත්‍යය වී ගියේය.

  15. 15

    أَفَعَيِينَا بِٱلْخَلْقِ ٱلْأَوَّلِ ۚ بَلْ هُمْ فِى لَبْسٍۢ مِّنْ خَلْقٍۢ جَدِيدٍۢ

    අක්ෂර පරිවර්තනය: Afa'a yeenaa bilkhalqil awwal; bal hum fee labsim min khalqin jadeed

    (උත්පාදනයන් සියල්ල) පළමු වරට උත්පාදනය කිරීමේදී අපි ආයාසයට පත් වූවෙමුද, (මොවුන්ව නැවත වරක් උත්පාදනය කිරීම අමාරුකමක් යයි පැවසීමට)? නැත. අළුතින් (පළමු වරට මොවුන්ව) උත්පාදනය කළේ කවුරුන්ද යන්නෙහිද මොවුන් සැකයෙන් යුතුව සිටින්නාහ.

  16. 16

    وَلَقَدْ خَلَقْنَا ٱلْإِنسَٰنَ وَنَعْلَمُ مَا تُوَسْوِسُ بِهِۦ نَفْسُهُۥ ۖ وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنْ حَبْلِ ٱلْوَرِيدِ

    අක්ෂර පරිවර්තනය: Wa laqad khalaqnal insaana wa na'lamu maa tuwaswisu bihee nafsuhoo wa Nahnu aqrabu ilaihi min hablil wareed

    නියත වශයෙන්ම අපිම මිනිසාව (පළමු වරටද) උත්පාදනය කළෙමු. ඔහුගේ මනසෙහි ඇති වන සිතුවිල්ලද, අපි හොඳින් දනිමු. පිටි ඛෙල්ලේ ඇති පණ නහරයට වඩා අපි ඔහුට ඉතාමත් සමීපයෙන්ම සිටින්නෙමු.

  17. 17

    إِذْ يَتَلَقَّى ٱلْمُتَلَقِّيَانِ عَنِ ٱلْيَمِينِ وَعَنِ ٱلشِّمَالِ قَعِيدٌۭ

    අක්ෂර පරිවර්තනය: 'Iz yatalaqqal mutalaqqi yaani 'anil yameeni wa 'anish shimaali qa'eed

    දකුණු පැත්තේ කෙනෙකුද, වම් පැත්තේ කෙනෙකුද වශයෙන් දෙදෙනෙකු සිටිමින් (ඔහුගේ වැඩ කටයුතු) සටහන් කරමින් සිටින්නාහ.

  18. 18

    مَّا يَلْفِظُ مِن قَوْلٍ إِلَّا لَدَيْهِ رَقِيبٌ عَتِيدٌۭ

    අක්ෂර පරිවර්තනය: Maa yalfizu min qawlin illaa ladaihi raqeebun 'ateed

    (මිනිසා) කුමක් පැවසුවා වුවද, (එය ලිවීමට) බලාපොරො-ත්තුවෙන් සිටින කෙනෙකු, ඔහු වෙත නැත්තේ නොවේ. (ඔහුගේ මුවින් පිටවෙන සෑම වචනයක්ම එවෙලෙ එවෙලේම සටහන් කරනු ලබන්නේය).

  19. 19

    وَجَآءَتْ سَكْرَةُ ٱلْمَوْتِ بِٱلْحَقِّ ۖ ذَٰلِكَ مَا كُنتَ مِنْهُ تَحِيدُ

    අක්ෂර පරිවර්තනය: Wa jaaa'at kullu nafsim ma'ahaa saaa'iqunw wa shaheed

    ඇත්තෙන්ම මරණ මංචකයේ වේදනාව පැමිණෙන මොහොතේදී (ඔහුට) “ඔබ බේරී යාමට අදහස් කළේ මෙයයි” (යයි කියනු ලැබේ).

  20. 20

    وَنُفِخَ فِى ٱلصُّورِ ۚ ذَٰلِكَ يَوْمُ ٱلْوَعِيدِ

    අක්ෂර පරිවර්තනය: Wa nufikha fis Soor; zaalika yawmul wa'eed

    කුමන කලකදී හොරණෑව පිඹිනු ලබන්නේද, (එවිට ඔහුට “ඔබට) බියගන්වා අනතුරු අඟවමින් තිබුණු (විනිශ්චය) දිනය මෙයයි” (යයි කියනු ලැබේ).

  21. 21

    وَجَآءَتْ كُلُّ نَفْسٍۢ مَّعَهَا سَآئِقٌۭ وَشَهِيدٌۭ

    අක්ෂර පරිවර්තනය: Wa jaaa'at kullu nafsim ma'ahaa saaa'iqunw wa shaheed

    (එදිනදී) සාක්ෂි ඇතිවද, (තමන්ව) තල්ලූ කරගෙන පැමිණෙන්නා සමගද, සෑම ආත්මයක්ම එනු ඇත.

  22. 22

    لَّقَدْ كُنتَ فِى غَفْلَةٍۢ مِّنْ هَٰذَا فَكَشَفْنَا عَنكَ غِطَآءَكَ فَبَصَرُكَ ٱلْيَوْمَ حَدِيدٌۭ

    අක්ෂර පරිවර්තනය: Laqad kunta fee ghaf latim min haazaa fakashafnaa 'anka ghitaaa'aka fabasarukal yawma hadeed

    (ඔහුට) “නියත වශයෙන්ම ඔබ මේ ගැන නොසැලකිලිමත්ව සිටියෙහිය. ඔබගේ (බැල්ම වසාගෙන සිටි) තිරය ඔබගෙන් අපි පහ කළෙමු. අද දින ඔබගේ බැල්ම ඉතාමත් තියුණුව ඇත්තේය. (එබැවින් ඔබ ප්‍රතික්ෂේප කරමින් සිටි මෙය, ඔබගේ ඇස් ඇර බලනු” යයි කියනු ලැබේ).

  23. 23

    وَقَالَ قَرِينُهُۥ هَٰذَا مَا لَدَىَّ عَتِيدٌ

    අක්ෂර පරිවර්තනය: Wa qaala qareenuhoo haazaa maa ladaiya 'ateed

    (සාක්ෂි කීමට) ඔහු සමග පැමිණි අය, “මෙන්න! (ඔහුගේ සටහන් පොත. ඔහුගේ වැඩ කටයුතු වල සටහන්) මා ළඟ පිළියෙල කර ඇත්තේය” යයි පවසනු ඇත.

  24. 24

    أَلْقِيَا فِى جَهَنَّمَ كُلَّ كَفَّارٍ عَنِيدٍۢ

    අක්ෂර පරිවර්තනය: Alqiyaa fee Jahannama kulla kaffaarin 'aneed

    (එවෙලේම ආරක්ෂකයින් දෙදෙනාට) “ඔබ දෙදෙනාම ප්‍රතික්ෂේප කරමින් සිටි (ෂෙයිතාන් ආදී) සෑම අපරාධකාරයෙකුවම නිරයෙහි තල්ලූ කර දමනු” (යයි කියනු ලැබේ).

  25. 25

    مَّنَّاعٍۢ لِّلْخَيْرِ مُعْتَدٍۢ مُّرِيبٍ

    අක්ෂර පරිවර්තනය: Mannaa'il lilkhayri mu'tadim mureeb

    “(ඔහු) දැහැමි කාරණාවන් වළක්වාගෙන (මෙදින) සැක කරගෙන (අපරාධ කිරීමෙහි) සීමාව ඉක්වමින්ද සිටියේය.

  26. 26

    ٱلَّذِى جَعَلَ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَ فَأَلْقِيَاهُ فِى ٱلْعَذَابِ ٱلشَّدِيدِ

    අක්ෂර පරිවර්තනය: Allazee ja'ala ma'al laahi ilaahan aakhara fa alqiyaahu fil'azaabish shadeed

    “ඔහු අල්ලාහ් සමග වෙනත් දෙවි කෙනෙකුව ඇති කළේය. එබැවින් ඔබ දෙදෙනාම මොහුව දරුණු දඬුවමෙහි ඇද දමනු” (යයිද කියනු ලැබේ).

  27. 27

    ۞ قَالَ قَرِينُهُۥ رَبَّنَا مَآ أَطْغَيْتُهُۥ وَلَٰكِن كَانَ فِى ضَلَٰلٍۭ بَعِيدٍۢ

    අක්ෂර පරිවර්තනය: Qaala qareenuhoo Rabbanaa maaa atghaituhoo wa laakin kaana fee dalaahim ba'eed

    (ඒ අවස්ථාවේදී) ඔහුගේ (කිසිදා වෙන් නොවන) යහළුවා (වශයෙන් සිටි ෂෙයිතාන් දෙවියන්ට) “අපගේ දෙවියනේ! මා මොහුව (බල කර) මාර්ගය වැරද යැවුවේ නැත. නමුත් ඔහුම (තමන් විසින්ම) ඉතාමත් ඈත එපිට දුර්මාර්ගයෙහි ගියේය” යයි පවසනු ඇත.

  28. 28

    قَالَ لَا تَخْتَصِمُوا۟ لَدَىَّ وَقَدْ قَدَّمْتُ إِلَيْكُم بِٱلْوَعِيدِ

    අක්ෂර පරිවර්තනය: Qaala laa takhtasimoo ladaayya wa qad qaddamtu ilaikum bilwa'eed

    (එබැවින් දෙවියන් ඔවුන්ට) “මා ඉදිරියේ ඔබ තර්ක කරමින් නොසිටිනු. දැනටමත් (මේ ගැන) ඔබට බියගන්වා අනතුරු අඟවා තිබුනෙමි.

  29. 29

    مَا يُبَدَّلُ ٱلْقَوْلُ لَدَىَّ وَمَآ أَنَا۠ بِظَلَّٰمٍۢ لِّلْعَبِيدِ

    අක්ෂර පරිවර්තනය: Maa yubaddalul qawlu ladaiya wa maaa ana bizal laamil lil'abeed

    (මගේ) නියෝගයන් මා ඉදිරියේ වෙනස් කරනු ලබන්නේ නැත. මා මගේ වහලූන්ට (කිසි විටෙකත්) අපරාධ කරන්නෙකු නොව” යයිද පවසනු ඇත.

  30. 30

    يَوْمَ نَقُولُ لِجَهَنَّمَ هَلِ ٱمْتَلَأْتِ وَتَقُولُ هَلْ مِن مَّزِيدٍۢ

    අක්ෂර පරිවර්තනය: Yawma naqoolu li'jahannama halim talaati wa taqoolu hal mim mazeed

    (තවද) එදිනදී නිරයට “ඔබගේ බඩ පිරී ගියේද?” යයි අපි විමසන්නෙමු. එයට එය “තවත් අධික වශයෙන් මොකුත් ඇත්තේද?”යි විමසනු ඇත.

  31. 31

    وَأُزْلِفَتِ ٱلْجَنَّةُ لِلْمُتَّقِينَ غَيْرَ بَعِيدٍ

    අක්ෂර පරිවර්තනය: Wa uzlifatil jannatu lil muttaqeena ghaira ba'eed

    (එදිනදී) භය භක්තිකයින්ට-ඈතින් නොව- ඉතාමත් සමීපයෙන්ම ස්වර්ගය ගෙන එනු ලැබ “මෙයයි ඔබට පොරොන්දු වන ලද්දේ.

  32. 32

    هَٰذَا مَا تُوعَدُونَ لِكُلِّ أَوَّابٍ حَفِيظٍۢ

    අක්ෂර පරිවර්තනය: Haaza maa too'adoona likulli awwaabin hafeez

    (සෑමවිටම දෙවියන්) දෙසටම හැරී සිටිමින් (දෙවියන්ගේ නියෝගයන්ට) අනුකූලව කටයුතු කළ සියල්ලන්ටම මෙය ලැඛෙනු ඇත” යයිද

  33. 33

    مَّنْ خَشِىَ ٱلرَّحْمَٰنَ بِٱلْغَيْبِ وَجَآءَ بِقَلْبٍۢ مُّنِيبٍ

    අක්ෂර පරිවර්තනය: Man khashiyar Rahmaana bilghaibi wa jaaa'a biqalbim muneeb

    කවුරුන් රහසින්ද රහ්මාන්ට බිය වී කටයුතු කර, (රහ්මාන් දෙසටම) සම්පූර්ණයෙන්ම හැරුණු මනසින් යුතුව පැමිණෙන්නෝද,

  34. 34

    ٱدْخُلُوهَا بِسَلَٰمٍۢ ۖ ذَٰلِكَ يَوْمُ ٱلْخُلُودِ

    අක්ෂර පරිවර්තනය: Udkhuloohaa bisalaamin zaalika yawmul khulood

    (ඔවුන්ට) “ශාන්තිය හා සමාදානයෙන් යුතුවද, ඔබ මෙහි ඇතුළු වනු. මෙය සදාජීවන දිනය වන්නේය” යයිද (කියනු ලැබේ).

  35. 35

    لَهُم مَّا يَشَآءُونَ فِيهَا وَلَدَيْنَا مَزِيدٌۭ

    අක්ෂර පරිවර්තනය: Lahum maa yashaaa'oona feehaa wa ladainaa mazeed

    ඔවුන් කැමති සියල්ල එහි ඔවුන්ට ලැඛෙනු ඇත. තවද අපගේ සන්නිධානයෙන්ද (ඔවුන් නොඉල්ලු දැයද තවත්) අධික වශයෙන් දෙනු ලැබේ.

  36. 36

    وَكَمْ أَهْلَكْنَا قَبْلَهُم مِّن قَرْنٍ هُمْ أَشَدُّ مِنْهُم بَطْشًۭا فَنَقَّبُوا۟ فِى ٱلْبِلَٰدِ هَلْ مِن مَّحِيصٍ

    අක්ෂර පරිවර්තනය: Wa kam ahlaknaa qablahum min qarnin hum ashaddu minhum batshan fanaqqaboo fil bilaad, hal mim mahees

    මොවුන්ටත් වඩා ඉතාමත් ශක්තිවන්තයින් වශයෙන් සිටි කොපමණදෝ සමුහයන්ව මොවුන්ට පෙර අපි විනාශ කර ඇත්තෙමු. ඔවුන් (බේරෙන්නට ආරක්ෂක ස්ථානයක්) රට පුරා සොයා ඇවිද්දාහ. (එහෙත්) ඔවුන්ට රක්ෂණස්ථානයක් තිබුනේද? (නැත. විනාශ වී ගියහ).

  37. 37

    إِنَّ فِى ذَٰلِكَ لَذِكْرَىٰ لِمَن كَانَ لَهُۥ قَلْبٌ أَوْ أَلْقَى ٱلسَّمْعَ وَهُوَ شَهِيدٌۭ

    අක්ෂර පරිවර්තනය: Inna fee zaalika lazikraa liman kaana lahoo qalbun aw alqas sam'a wa huwa shaheed

    තවුරුන් හට (පරිශුද්ධ වූ) හෘදය තිබී, ස්ථීර වූ මනසින් යුතුව සවන් දෙන්නේද, ඔහුට නියත වශයෙන්ම මෙහි (හොඳ) පාඩමක් ඇත්තේය.

  38. 38

    وَلَقَدْ خَلَقْنَا ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ وَمَا بَيْنَهُمَا فِى سِتَّةِ أَيَّامٍۢ وَمَا مَسَّنَا مِن لُّغُوبٍۢ

    අක්ෂර පරිවර්තනය: Wa laqad khalaqnas samaawaati wal arda wa maa bainahumaa fee sittati ayyaamin wa maa massanaa mil lughoob

    නියත වශයෙන්ම අපිම අහස්ද, භූමියද, එයට මධ්‍යයෙහි ඇති දැයද දින හයකින් උත්පාදනය කළෙමු. (එබැවින්) අපට කිසිම මහන්සියක් හෝ (කම්මැලිකමක් හෝ) ඇති වුවේ නැත.

  39. 39

    فَٱصْبِرْ عَلَىٰ مَا يَقُولُونَ وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ قَبْلَ طُلُوعِ ٱلشَّمْسِ وَقَبْلَ ٱلْغُرُوبِ

    අක්ෂර පරිවර්තනය: Fasbir 'alaa maa yaqooloona wa sabbih bihamdi Rabbika qabla tuloo'ish shamsi wa qablal ghuroob

    (නබියේ!) ඔවුන් (ඔබට ෙදාස්) නැගීම ගැන (දුක් නොවනු). ඔබ (ඉවසිලිමත්ව) විඳ දරාගෙන සිටිනු. තවද සූර්ය උදාවට පෙරද, (එය) අස්ථමයට පෙරද, ඔබගේ දෙවියන්ට ප්‍රශංසා කර, සුවිශුද්ධ කරමින් සිටිනු මැනව!

  40. 40

    وَمِنَ ٱلَّيْلِ فَسَبِّحْهُ وَأَدْبَٰرَ ٱلسُّجُودِ

    අක්ෂර පරිවර්තනය: Wa minal laili fasabbih hu wa adbaaras sujood

    රාත්‍රියෙහි එක් කොටසකද, (සෑම වතාවකදීම) සුජූද් කර (සලාත්) කිරීමෙන් අනතුරුවද ඔහුව සුවිශුද්ධ කරමින් සිටිනු මැනව!

  41. 41

    وَٱسْتَمِعْ يَوْمَ يُنَادِ ٱلْمُنَادِ مِن مَّكَانٍۢ قَرِيبٍۢ

    අක්ෂර පරිවර්තනය: Wastami' yawma yunaa dil munaadi mim makaanin qareeb

    (සොහොන් වලට) සමීපයෙහි (සිටිමින් “මරණයට පත් වූවෙනි! නැගිටිනු!” යයි) ආරාධනා කරන්නන් ආරාධනා කරන දිනයයි.

  42. 42

    يَوْمَ يَسْمَعُونَ ٱلصَّيْحَةَ بِٱلْحَقِّ ۚ ذَٰلِكَ يَوْمُ ٱلْخُرُوجِ

    අක්ෂර පරිවර්තනය: Yawma yasmaoonas sai hata bilhaqq zaalika yawmul khurooj

    (මලායිකාවරුන් ඔවුන්ව එළවා දමන) අති විශාල ශබ්දය ඇත්තෙන්ම ඔවුන්ට ඇසෙන දිනයයි. එය (මරණයට පත් වූවන් සොහොන්වලින්) ඉකුත් වන දිනයයි. (නබියේ! මේ ගැන) ඔබ සවන් දෙනු (මැනව!)

  43. 43

    إِنَّا نَحْنُ نُحْىِۦ وَنُمِيتُ وَإِلَيْنَا ٱلْمَصِيرُ

    අක්ෂර පරිවර්තනය: Innaa Nahnu nuhyee wa numeetu wa ilainal maseer

    නියත වශයෙන්ම අපිම පණ දෙන්නෙමු. මරණයටද පත් කරන්නෙමු. අප වෙතම (සියල්ලන්ම) පැමිණිය යුතුව ඇත්තේය.

  44. 44

    يَوْمَ تَشَقَّقُ ٱلْأَرْضُ عَنْهُمْ سِرَاعًۭا ۚ ذَٰلِكَ حَشْرٌ عَلَيْنَا يَسِيرٌۭ

    අක්ෂර පරිවර්තනය: Yawma tashaqqaqul ardu 'anhum siraa'aa; zaalika hashrun 'alainaa yaseer

    (මරණයට පත් වූවන්ව වසාගෙන සිටින) භූමිය ඉතාමත් තීව්‍ර වශයෙන් (පුපුරා) ඔවුන්ගෙන් ඈත් වන දිනයද (අවධානයෙන් තබා ගනු). එය (විනිශ්චය සඳහා සියල්ලන්වම) ඒකරාශී කරන දිනයයි. (මෙසේ ඒකරාශී කිරීම) අපට ඉතාමත් පහසු දැයකි.

  45. 45

    نَّحْنُ أَعْلَمُ بِمَا يَقُولُونَ ۖ وَمَآ أَنتَ عَلَيْهِم بِجَبَّارٍۢ ۖ فَذَكِّرْ بِٱلْقُرْءَانِ مَن يَخَافُ وَعِيدِ

    අක්ෂර පරිවර්තනය: Nahnu a'lamu bimaa yaqooloona wa maaa anta 'alihim bijabbaarin fazakkir bil quraani many yakhaafu wa'eed

    (නබියේ! ඔබ ගැන) ඔවුන් පවසන දැය අපි හොඳින් දනිමු. ඔබ ඔවුන්ව බල කළ හැකි කෙනෙකු නොව. (අපගේ) දඬුවමට බිය වන්නන්ට මෙම කුර්ආනය මගින් ඔබ හොඳ ඔවදන් දෙනු මැනව!

පරිවර්තන සංස්කරණය: si.naseemismail

ශ්‍රව්‍ය පදය: මිෂාරි රෂීඩ් ඇලෆාසි (128kbps islamic.network CDN හරහා).

පෙළ සහ පරිවර්තන: api.alquran.cloud · Uthmani Arabic.

ayah හි තේරුම අපැහැදිලි නම්, සුදුසුකම් ලත් ගුරුවරයෙකුගෙන් විමසන්න - විශේෂයෙන්ම නීතිමය සහ විශ්වාස කටයුතු සඳහා.