යතුරු: J next ayah · K පෙර ayah
- 1
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ ٱلْحَمْدُ لِلَّهِ فَاطِرِ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ جَاعِلِ ٱلْمَلَٰٓئِكَةِ رُسُلًا أُو۟لِىٓ أَجْنِحَةٍۢ مَّثْنَىٰ وَثُلَٰثَ وَرُبَٰعَ ۚ يَزِيدُ فِى ٱلْخَلْقِ مَا يَشَآءُ ۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌۭ
අක්ෂර පරිවර්තනය: Alhamdu lillaahi faatiris samaawaati wal ardi jaa'ilil malaaa'ikati rusulan uleee ajnihatim masnaa wa sulaasa wa rubaa'; yazeedu fil khalqi maa yashaaa'; innal laaha 'alaa kulli shai'in Qadeer
අහස්ද, භූමියද, උත්පාදනය කර දෙකක්, තුනක්, හතරක් අත් තටු වලින් යුත් මලායිකාවරුන්ව (තමන්ගේ) දූත මෙහෙවර ගෙන යන්නන් වශයෙන්ද, පත් කළ අල්ලාහ්ටම සියලූ ප්‍රශංසා. ඔහු කැමති දැය (තම) නිර්මාණයෙන් (පසුද) වැඩි කරන්නේය. නියත වශයෙන්ම අල්ලාහ් සියල්ල කෙරෙහි ඉතාමත් බලසම්පන්නයෙකි.
- 2
مَّا يَفْتَحِ ٱللَّهُ لِلنَّاسِ مِن رَّحْمَةٍۢ فَلَا مُمْسِكَ لَهَا ۖ وَمَا يُمْسِكْ فَلَا مُرْسِلَ لَهُۥ مِنۢ بَعْدِهِۦ ۚ وَهُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ
අක්ෂර පරිවර්තනය: Maa yaftahil laahu linnaaasi mir rahmatin falaa mumsika lahaa wa maa yumsik falaa mursila lahoo mimb'dih; wa Huwal 'Azeezul Hakeem
අල්ලාහ් (තම) දයාව මිනිසුන්ට විවෘත කර හැරියහොත් එය වළක්වා දැමිය හැකි අය කිසිවෙකුත් නැත. ඔහු (තම දයාව) වළක්වා ගතහොත් ඉන් පසුව එය යැවිය හැකි අයද කිසිවෙකුත් නැත. ඔහු (සියල්ලට) බලසම්පන්නයෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය.
- 3
يَٰٓأَيُّهَا ٱلنَّاسُ ٱذْكُرُوا۟ نِعْمَتَ ٱللَّهِ عَلَيْكُمْ ۚ هَلْ مِنْ خَٰلِقٍ غَيْرُ ٱللَّهِ يَرْزُقُكُم مِّنَ ٱلسَّمَآءِ وَٱلْأَرْضِ ۚ لَآ إِلَٰهَ إِلَّا هُوَ ۖ فَأَنَّىٰ تُؤْفَكُونَ
අක්ෂර පරිවර්තනය: Yaaa ayyuhan naasuzkuroo ni'matal laahi 'alaikum; hal min khaaliqin ghairul laahi yarzuqukum minas samaaa'i wal ard; laaa ilaaha illaa Huwa fa annaa tu'fakoon
මිනිසුනේ! ඔබ කෙරෙහි ඇති අල්ලාහ්ගේ වරප්‍රසාදයන් සිතා බලනු. අහසින්ද, භූමියෙන්ද, ඔබට ආහාර ලබා දෙන්නා අල්ලාහ් හැර වෙනත් උත්පාදකයෙකු සිටින්නේද? ඔහු හැර වෙනත් හිමියෙකු (ඇත්තේම) නැත. එබැවින් (ඔහුව හැර දමා) ඔබ කොහේ නම් දුවන්නෙහුද?
- 4
وَإِن يُكَذِّبُوكَ فَقَدْ كُذِّبَتْ رُسُلٌۭ مِّن قَبْلِكَ ۚ وَإِلَى ٱللَّهِ تُرْجَعُ ٱلْأُمُورُ
අක්ෂර පරිවර්තනය: Wa iny yukazzibooka faqad kuzzibat Rusulum min qablik; wa ilal laahi turja'ul umoor
(නබියේ!) ඔවුන් ඔබව බොරුකාරයා කළහොත් (ඒ වෙනුවෙන් ඔබ කණගාටු නොවනු. මේ අන්දමටම) ඔබට පෙර පැමිණි දූතයින්වද, බොරුකාරයින් බවට පත් කරනු ලැබූහ. අල්ලාහ් වෙතම සියලූ කාරණාවන්ම ගෙන එනු ලැබේ.
- 5
يَٰٓأَيُّهَا ٱلنَّاسُ إِنَّ وَعْدَ ٱللَّهِ حَقٌّۭ ۖ فَلَا تَغُرَّنَّكُمُ ٱلْحَيَوٰةُ ٱلدُّنْيَا ۖ وَلَا يَغُرَّنَّكُم بِٱللَّهِ ٱلْغَرُورُ
අක්ෂර පරිවර්තනය: Yaaa ayyuhan naasu inna wa'dal laahi haqqun falaa taghurrannakumul hayaatud dunyaa; wa laa yaghurran nakum billaahil gharoor
මිනිසුනේ! නියත වශයෙන්ම අල්ලාහ්ගේ පොරොන්දුව සත්‍යය වන්නේය. එබැවින් මෙලොව ජීවිතය (කිසි විටෙකත්) ඔබව රවටා නොදැමිය යුතුය. (ෂෙයිතාන් වන) මායාකාරයාද, අල්ලාහ් ගැන ඔබව රවටා නොදැමිය යුතුය.
- 6
إِنَّ ٱلشَّيْطَٰنَ لَكُمْ عَدُوٌّۭ فَٱتَّخِذُوهُ عَدُوًّا ۚ إِنَّمَا يَدْعُوا۟ حِزْبَهُۥ لِيَكُونُوا۟ مِنْ أَصْحَٰبِ ٱلسَّعِيرِ
අක්ෂර පරිවර්තනය: Innash shaitaana lakum 'aduwwun fattakhizoohu 'aduwwaa; innamaa yad'oo hizbahoo liyakoonoo min ashaabis sa'eer
නියත වශයෙන්ම ෂෙයිතාන් ඔබට සතුරෙකු වශයෙන් සිටින්නේය. එබැවින් ඔහුව ඔබත් සතුරෙකු බවටම ඇර ගනු. ඔහු (තමන්ට අවනත වූ) තම සමූහය ආරාධනා කරන්නේ ඔවුන් නිරාවාසීන් බවට පත් කිරීමටය.
- 7
ٱلَّذِينَ كَفَرُوا۟ لَهُمْ عَذَابٌۭ شَدِيدٌۭ ۖ وَٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ لَهُم مَّغْفِرَةٌۭ وَأَجْرٌۭ كَبِيرٌ
අක්ෂර පරිවර්තනය: Allazeena kafaroo lahum 'azaabun shadeed; wallazeena aamanoo wa 'amilus saalihaati lahum maghfiratunw wa ajrun kabeer
(ෂෙයිතාන්ව අනුගමනය කර) කවුරුන් ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන්ට දරුණු දඬුවම් ඇත. කවුරුන් විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන්ට සමාවද ඇත. ඉමහත් වූ ඵලවිපාකද ඇත.
- 8
أَفَمَن زُيِّنَ لَهُۥ سُوٓءُ عَمَلِهِۦ فَرَءَاهُ حَسَنًۭا ۖ فَإِنَّ ٱللَّهَ يُضِلُّ مَن يَشَآءُ وَيَهْدِى مَن يَشَآءُ ۖ فَلَا تَذْهَبْ نَفْسُكَ عَلَيْهِمْ حَسَرَٰتٍ ۚ إِنَّ ٱللَّهَ عَلِيمٌۢ بِمَا يَصْنَعُونَ
අක්ෂර පරිවර්තනය: Afaman zuyyina lahoo sooo'u 'amalihee fara aahu hasanaa; fa innal laaha yudillu mai yashaaa'u wa yahdee mai yahaaa'u falaa tazhab nafsuka 'alaihim hasaraat; innal laaha 'aleemun bimaa yasna'oon
කවුරුන් හට ඔහුගේ නපුරු කාරණාවන් අලංකාරවත් කර පෙන්වනු ලැබ, ඔහුද ඒවා අලංකාරවත් ලෙස දකින්නේද ඔහුද, (කවුරුන් නපුරු ක්‍රියාවන් නපුරු දැය වශයෙන්ම දැක, ඒවායෙන් ඈත් වන්නේද ඔහුද, සම වන්නෙහුද? කිසි විටෙකත් එසේ වන්නේ නැත). නියත වශයෙන්ම අල්ලාහ් තමන් කැමති අයව දුර්මාර්ගයෙහි අත්හැර දමන්නේය. තමන් කැමැත්තන්ව ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේය. එබැවින් (නබියේ!) ඔවුන් වෙනුවෙන් ඔබ කණගාටු වී ඔබගේ පණ නසා නොගනු. නියත වශයෙන්ම අල්ලාහ් ඔවුන් කරන දැය හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය.
- 9
وَٱللَّهُ ٱلَّذِىٓ أَرْسَلَ ٱلرِّيَٰحَ فَتُثِيرُ سَحَابًۭا فَسُقْنَٰهُ إِلَىٰ بَلَدٍۢ مَّيِّتٍۢ فَأَحْيَيْنَا بِهِ ٱلْأَرْضَ بَعْدَ مَوْتِهَا ۚ كَذَٰلِكَ ٱلنُّشُورُ
අක්ෂර පරිවර්තනය: Wallaahul lazeee arsalar riyaaha fatuseeru shaaban fasuqnaahu ilaa baladim maiyitin fa ahyaynaa bihil arda ba'da mawtihaa; kazaalikan nushoor
අල්ලාහ්ම සුළං යවන්නේය. ඒවා වලාකූළු (ඒ මේ අත) පදවන්නේය. පසුව අපි ඒවා මැරී (වියළී) ගිය පොළොව මතට ඇතුළු කර, (වැස්ස වැසීමට සලස්වා) එමගින් මැරී ගිය භූමියට පණ දෙන්නෙමු. (මරණයට පත් වූවන් විනිශ්චය දිනදී) පණ ලැබී නැගිටින්නේද මේ ආකාරයටය.
- 10
مَن كَانَ يُرِيدُ ٱلْعِزَّةَ فَلِلَّهِ ٱلْعِزَّةُ جَمِيعًا ۚ إِلَيْهِ يَصْعَدُ ٱلْكَلِمُ ٱلطَّيِّبُ وَٱلْعَمَلُ ٱلصَّٰلِحُ يَرْفَعُهُۥ ۚ وَٱلَّذِينَ يَمْكُرُونَ ٱلسَّيِّـَٔاتِ لَهُمْ عَذَابٌۭ شَدِيدٌۭ ۖ وَمَكْرُ أُو۟لَٰٓئِكَ هُوَ يَبُورُ
අක්ෂර පරිවර්තනය: Man kaana yureedul 'izzata falillaahil 'izzatu jamee'aa; ilaihi yas'adul kalimut taiyibu wal'amalus saalihu yarfa'uh; wallazeena yamkuroonas sayyiaati lahum 'azaabun shadeed; wa makru ulaaa'ika huwa yaboor
කවුරුන් (ශ්‍රේෂ්ඨ වූ) ගෞරවය කැමති වන්නේද, (ඔහු අල්ලාහ්ට අවනත වී කටයුතු කළ යුතුය. මන්දයත්) ගෞරවයන් සියල්ලම අල්ලාහ්ටම අයත් දැයයි. (කලිමා තයියිබ්, සලවාත් වැනි) ශුද්ධ වූ වදන් ඔහුගේ සන්නිධානය වෙත නැගෙන්නේය. දැහැමි ක්‍රියාවන් ඔහුම උඩට ඔසවන්නේය. (නබියේ!) කවුරුන් (ඔබට) විපතක් කිරීමට කුමන්ත්‍රණ කරන්නෝද, ඔවුන්ට දරුණු දඬුවම් ඇත. මොවුන්ගේ කුමන්ත්‍රණ (කිසිම දැයක් ඉතිරි නොවී) විනාශ වී යනු ඇත.
- 11
وَٱللَّهُ خَلَقَكُم مِّن تُرَابٍۢ ثُمَّ مِن نُّطْفَةٍۢ ثُمَّ جَعَلَكُمْ أَزْوَٰجًۭا ۚ وَمَا تَحْمِلُ مِنْ أُنثَىٰ وَلَا تَضَعُ إِلَّا بِعِلْمِهِۦ ۚ وَمَا يُعَمَّرُ مِن مُّعَمَّرٍۢ وَلَا يُنقَصُ مِنْ عُمُرِهِۦٓ إِلَّا فِى كِتَٰبٍ ۚ إِنَّ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٌۭ
අක්ෂර පරිවර්තනය: Wallaahu khalaqakum min turaabin summa min nutfatin summa ja'alakum azwaajaa; wa maa tahmilu min unsaa wa laa tada'u illaa bi'ilmih; wa maa yu'ammaru mim mu'ammarinw wa laa yunqasu min 'umuriheee illaa fee kitaab; inna zaalika 'alal laahi yaseer
අල්ලාහ් ඔබව (ආරම්භයේදී) පස් වලින් උත්පාදනය කළේය. පසුව එක් ඉන්ද්‍රිය බිඳකින්ද, පසුව (පිරිමි ගැහැණු ජෝඩු) ජෝඩු බවට ඔබව පත් කළේය. ඔහු නොදැනුවත්ව යම්කිසි කාන්තාවක් ගැබ් ගන්නේද නැත. ප්‍රසූත කරන්නේද නැත. (ඔහුගේ සටහන්) පුස්තකයේ නොමැතිව, වැඩි කරනු ලබන කිසිවෙකුගේ වයසද වැඩි කරනු ලබන්නේද නැත. ඔහුගේ වයසින් අඩු කරනු ලබන්නේද නැත. නියත වශයෙන්ම මෙය (මේවා සියල්ල දැනගෙන සිටීම) අල්ලාහ්ට ඉතාමත් සුළු දැයකි!
- 12
وَمَا يَسْتَوِى ٱلْبَحْرَانِ هَٰذَا عَذْبٌۭ فُرَاتٌۭ سَآئِغٌۭ شَرَابُهُۥ وَهَٰذَا مِلْحٌ أُجَاجٌۭ ۖ وَمِن كُلٍّۢ تَأْكُلُونَ لَحْمًۭا طَرِيًّۭا وَتَسْتَخْرِجُونَ حِلْيَةًۭ تَلْبَسُونَهَا ۖ وَتَرَى ٱلْفُلْكَ فِيهِ مَوَاخِرَ لِتَبْتَغُوا۟ مِن فَضْلِهِۦ وَلَعَلَّكُمْ تَشْكُرُونَ
අක්ෂර පරිවර්තනය: Wa maa yastawil bahraani haaza 'azbun furaatun saaa'ighun sharaabuhoo wa haazaa milhun ujaaj; wa min kullin taakuloona lahman tariyyanw wa tastakhrijoona hilyatan talbasoonahaa wa taral fulka feehi mawaakhira litabtaghoo min fadlihee wa la'allakm tashkuroon
(ගංඟා හා මුහුද ආදී) ජලාශයන් දෙකම එක සමාන වන්නේ නැත. එකක් බීමට මිහිරි හා රසවත් ජලයයි. අනික ලූණු හා තිත්ත (රසයෙන් පිරි ජලයයි. මෙසේ මේ දෙකේ ඇති වෙනසක් තිබුණද) මේ දෙකෙන්ම රසවත් මාළු අනුභව කරන්නෙහුය. ඔබ ආභරණ වශයෙන් පැළඳිය හැකි (මුතු පබළු ආදී) දැයද (ඒවායෙන්) ගන්නෙහුය. (බොහොමයක් රටවල් වල ඇති) දෙවියන්ගේ වරප්‍රසාදයන් ඔබ සොයා ගැනීම සඳහා (යාත්‍රා කරන විට, ඔබගේ) නැව ජලය දෙබෑ කරගෙන යනු ඔබ දකින්නෙහුය. (මෙයට) ඔබ කෘතඥ වනු මැනව!
- 13
يُولِجُ ٱلَّيْلَ فِى ٱلنَّهَارِ وَيُولِجُ ٱلنَّهَارَ فِى ٱلَّيْلِ وَسَخَّرَ ٱلشَّمْسَ وَٱلْقَمَرَ كُلٌّۭ يَجْرِى لِأَجَلٍۢ مُّسَمًّۭى ۚ ذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمْ لَهُ ٱلْمُلْكُ ۚ وَٱلَّذِينَ تَدْعُونَ مِن دُونِهِۦ مَا يَمْلِكُونَ مِن قِطْمِيرٍ
අක්ෂර පරිවර්තනය: Yoolijul laila fin nahaari wa yoolijun nahaara fil laili wa sakhkharash shamsa wal qamara kulluny yajree li ajalim musammaa; zaalikumul lahuu Rabbukum lahul mulk; wallazeena tad'oona min doonihee maa yamlikoona min qitmeer
ඔහුම රාත්‍රිය දහවලෙහි ඇතුළු වන සේ සලස්වන්නේය. දහවල රාත්‍රියෙහි ඇතුළු වන සේ සලස්වන්නේය. චන්ද්‍රයාද, සූර්යයාද, (තමන් යටතේ) යටහත් කර තබා ඇත්තේය. (මේවා) සෑම එකක්ම (එය, එයට) නියමිත කාල අවකාශයට අනුව ගමන් කරන්නාහ. මොහුම ඔබගේ දෙවියන් වන අල්ලාහ්ය. සියලූ රාජ්‍යයන් ඔහුට අයත්ය! ඔහු හැර කුමක් ඔබ (දෙවියන් යයි) ආරාධනා කරන්නෙහුද, ඒවාට එක් අනු ප්‍රමාණයකින් හෝ බලයක් නැත.
- 14
إِن تَدْعُوهُمْ لَا يَسْمَعُوا۟ دُعَآءَكُمْ وَلَوْ سَمِعُوا۟ مَا ٱسْتَجَابُوا۟ لَكُمْ ۖ وَيَوْمَ ٱلْقِيَٰمَةِ يَكْفُرُونَ بِشِرْكِكُمْ ۚ وَلَا يُنَبِّئُكَ مِثْلُ خَبِيرٍۢ
අක්ෂර පරිවර්තනය: in tad'oohum laa yasma'oo du'aaa'akum wa law sami'oo mas tajaaboo lakum; wa Yawmal Qiyaamati Yakfuroona bishirkikum; wa laa yunabbi'uka mislu khabeer
ඒවාට ඔබ ආරාධනා කළා වුවද, ඔබගේ ආරාධනාව ඒවායේ සවනට වැටෙන්නේ නැත. ඒවා සවන් දුන්නා වුවද, ඔබට පිළිතුරු දෙන්නේ නැත. විනිශ්චය දිනදී නම්, (ඒවා) ඔබ සමානයන් වශයෙන් තැබීමද, ඒවා ප්‍රතික්ෂේප කර දමනු ඇත. සියල්ල දන්නා (දෙවියන්) මෙන් (එම දෙවිවරුන්) කිසිවක් ඔබට දැනුම් දෙන්නේ නැත.
- 15
۞ يَٰٓأَيُّهَا ٱلنَّاسُ أَنتُمُ ٱلْفُقَرَآءُ إِلَى ٱللَّهِ ۖ وَٱللَّهُ هُوَ ٱلْغَنِىُّ ٱلْحَمِيدُ
අක්ෂර පරිවර්තනය: Yaaa ayyunhan naasu antumul fuqaraaa'u ilallaahi wallaahu Huwal Ghaniyyul Hameed
මිනිසුනේ! (සෑම අවස්ථාවකදීම) අල්ලාහ්ගේ උදව් උපකාරය අවශ්‍ය වූවන් ඔබයි! අල්ලාහ් නම්, (කිසි කලකදී ඔබගේ) අවශ්‍යතාවයක් නොමැත්තකු හා ප්‍රශංසාවට හිමි අයෙකු වශයෙන්ම සිටින්නේය.
- 16
إِن يَشَأْ يُذْهِبْكُمْ وَيَأْتِ بِخَلْقٍۢ جَدِيدٍۢ
අක්ෂර පරිවර්තනය: Iny yashaa yuzhibkum wa yaati bikhalqin jadeed
ඔහු කැමති වුවහොත් ඔබව විනාශ කර දමා (වෙනත්) අළුත් උත්පාදනයක් ගෙන එනු ඇත.
- 17
وَمَا ذَٰلِكَ عَلَى ٱللَّهِ بِعَزِيزٍۢ
අක්ෂර පරිවර්තනය: Wa maa zaalika 'alal laahi bi'azeez
මෙය අල්ලාහ්ට එතරම් කාර්යයක් නොව.
- 18
وَلَا تَزِرُ وَازِرَةٌۭ وِزْرَ أُخْرَىٰ ۚ وَإِن تَدْعُ مُثْقَلَةٌ إِلَىٰ حِمْلِهَا لَا يُحْمَلْ مِنْهُ شَىْءٌۭ وَلَوْ كَانَ ذَا قُرْبَىٰٓ ۗ إِنَّمَا تُنذِرُ ٱلَّذِينَ يَخْشَوْنَ رَبَّهُم بِٱلْغَيْبِ وَأَقَامُوا۟ ٱلصَّلَوٰةَ ۚ وَمَن تَزَكَّىٰ فَإِنَّمَا يَتَزَكَّىٰ لِنَفْسِهِۦ ۚ وَإِلَى ٱللَّهِ ٱلْمَصِيرُ
අක්ෂර පරිවර්තනය: Wa laa taziru waaziratun wizra ukhraa; wa in tad'u musqalatun ilaa himlihaa laa yuhmal minhu shai'unw wa law kaana zaa qurbaa; innamaa tunzirul lazeena yakhshawna Rabbahum bilghaibi wa aqaamus Sallah; wa man tazakkaa fa innamaa yatazakkaa linafsih; wa ilal laahil maseer
(පරලොවදී) කෙනෙකුගේ (පාපයන්ගේ) බර, වෙනත් කෙනෙකු උසුලන්නේම නැත. විශාල බරක් උසුලන්නා එයින් එක් කොටසක් හෝ උසුලන මෙන් (වෙනත් කෙනෙකුට) ආරාධනා කළා වුවද, ඔහු (මොහුගේ) ඥාතියෙක් වූවා වුවද, එයින් සුළු දැයක් හෝ ඔහු උසුලන්නේ නැත. (නබියේ!) ඔබ බිය ගන්වා අනතුරු අඟවන්නේ කවුරුන් (තමන්ගේ දෑසින්) නොදැක තිබියදී තමන්ගේ දෙවියන්ට බිය වී කටයුතු කර, සලාතයද නොකඩවා සලාත් කරන්නෝද ඔවුන්ටය. කවුරුන් පරිශුද්ධව සිටින්නේද, ඔහු තමන්ගේ හොඳටම පරිශුද්ධව සිටින්නේය. අල්ලාහ් වෙතම (සියල්ල) යා යුතුව ඇත්තේය.
- 19
وَمَا يَسْتَوِى ٱلْأَعْمَىٰ وَٱلْبَصِيرُ
අක්ෂර පරිවර්තනය: Wa maa tastawil a'maa wal baseer
අන්ධයාද ඇස් පෙණෙන්නාද සමාන වන්නේ නැත.
- 20
وَلَا ٱلظُّلُمَٰتُ وَلَا ٱلنُّورُ
අක්ෂර පරිවර්තනය: Wa laz zulumaatu wa lannoon
(එසේම) අන්ධකාරයද ආලෝකයද (සම වන්නේ නැත).
- 21
وَلَا ٱلظِّلُّ وَلَا ٱلْحَرُورُ
අක්ෂර පරිවර්තනය: Wa laz zillu wa lal haroor
සෙවනද, අව්වද (සම වන්නේ නැත).
- 22
وَمَا يَسْتَوِى ٱلْأَحْيَآءُ وَلَا ٱلْأَمْوَٰتُ ۚ إِنَّ ٱللَّهَ يُسْمِعُ مَن يَشَآءُ ۖ وَمَآ أَنتَ بِمُسْمِعٍۢ مَّن فِى ٱلْقُبُورِ
අක්ෂර පරිවර්තනය: Wa maa yastawil ahyaaa'u wa lal amwaat; innal laaha yusmi'u mai yashaaa'u wa maaa anta bimusi'im man fil quboor
පණ ඇත්තාද, මරණයට පත් වූවාද සමාන වන්නේ නැත. නියත වශයෙන්ම අල්ලාහ් තමන් කැමති අයව සවන් දෙන්නට සලස්වන්නේය. (නබියේ!) සොහොන් වල සිටින අයට සවන් දෙන සේ සැලැස්වීමට ඔබට නොහැකිය.
- 23
إِنْ أَنتَ إِلَّا نَذِيرٌ
අක්ෂර පරිවර්තනය: In anta illaa nazeer
ඔබ බිය ගන්වා අනතුරු අඟවන්නෙකු මිස, (ඒ අකාරයටම කරන මෙන් ඔවුන්ව බල කරන්නට හැකි කෙනෙකු) නොව.
- 24
إِنَّآ أَرْسَلْنَٰكَ بِٱلْحَقِّ بَشِيرًۭا وَنَذِيرًۭا ۚ وَإِن مِّنْ أُمَّةٍ إِلَّا خَلَا فِيهَا نَذِيرٌۭ
අක්ෂර පරිවර්තනය: Innaa arsalnaak bil haqqi basheeranw wa nazeeraa; wa im min ummatin illaa khalaa feehaa nazeer
(නබියේ!) නියත වශයෙන්ම අපි ඔබව සත්‍යය මගින් ශුභාරංචි පවසන්නෙකු වශයෙන්ද, බිය ගන්වා අනතුරු අඟවන්නෙකු වශයෙන්ද යවා ඇත්තෙමු. බිය ගන්වා අනතුරු අඟවන (අපගේ) දූතයා නොපැමිණි කිසිම සමූහයක් (භූමියෙහි) සිටියේ නැත.
- 25
وَإِن يُكَذِّبُوكَ فَقَدْ كَذَّبَ ٱلَّذِينَ مِن قَبْلِهِمْ جَآءَتْهُمْ رُسُلُهُم بِٱلْبَيِّنَٰتِ وَبِٱلزُّبُرِ وَبِٱلْكِتَٰبِ ٱلْمُنِيرِ
අක්ෂර පරිවර්තනය: Wa inyukazzibooka faqad kazzabal lazeena min qablihim jaaa'at hum Rusuluhum bilbaiyinaati wa biz Zuburi wa bil Kitaabil Muneer
(නබියේ!) ඔවුන් ඔබව බොරුකාරයා කළහොත් (ඒ වෙනුවෙන් ඔබ කණගාටු නොවනු. මේ අන්දමටම) ඔවුන්ට පෙර විසූ අයද (තමන් වෙත පැමිණි අපගේ දූතයින්ව) බොරුකාරයින් කළහ. ඔවුන්ගේ දූතයින් පැහැදිලි දැයද (පැහැදිලි සාධකයන්ද) සූබුර් (නමැති) ආලෝකමත් ධර්මයන්ද ඔවුන් වෙත ගෙනැවිත් තිබුණි.
- 26
ثُمَّ أَخَذْتُ ٱلَّذِينَ كَفَرُوا۟ ۖ فَكَيْفَ كَانَ نَكِيرِ
අක්ෂර පරිවර්තනය: Summa akhaztul lazeena kafaroo fakaifa kaana nakeer
පසුව ප්‍රතික්ෂේප කළ ඔවුන්ව මා අල්ලා ගත්තෙමු. (මගේ) දඬුවමේ කෘරත්වය කෙසේ නම් තිබුනේද (යන්න ඔබ අවධානය කර බැලූවෙහිද?)
- 27
أَلَمْ تَرَ أَنَّ ٱللَّهَ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءًۭ فَأَخْرَجْنَا بِهِۦ ثَمَرَٰتٍۢ مُّخْتَلِفًا أَلْوَٰنُهَا ۚ وَمِنَ ٱلْجِبَالِ جُدَدٌۢ بِيضٌۭ وَحُمْرٌۭ مُّخْتَلِفٌ أَلْوَٰنُهَا وَغَرَابِيبُ سُودٌۭ
අක්ෂර පරිවර්තනය: Alam tara annal laaha anzala minas samaaa'i maaa'an fa akhrajnaa bihee samaraatim mukhtalifan alwaanuhaa; wa minal jibaali judadum beedunw wa humrum mukhtalifun alwaanuhaa wa gharaabeebu sood
(නබියේ!) නියත වශයෙන්ම අල්ලාහ්ම අහසින් වැස්ස පහළ කර තබන්නේය යන්න ඔබ අවධානය කර බැලූවේ නැද්ද? පසුවද, (අල්ලාහ් වන) අපිම එමගින් විවිධ (රසයන්ගෙන්) හා වර්ණයන්ගෙන් යුත් ගෙඩි, පලතුරු ආදිය ඉකුත් කරන්නෙමු. කඳුවල විවිධ වර්ණයන්ගෙන් යුත්, සුදුද, රතුද, තද කළුද තට්ටු තට්ටු වශයෙන් (නිර්මාණය කර ඇත්තෙමු).
- 28
وَمِنَ ٱلنَّاسِ وَٱلدَّوَآبِّ وَٱلْأَنْعَٰمِ مُخْتَلِفٌ أَلْوَٰنُهُۥ كَذَٰلِكَ ۗ إِنَّمَا يَخْشَى ٱللَّهَ مِنْ عِبَادِهِ ٱلْعُلَمَٰٓؤُا۟ ۗ إِنَّ ٱللَّهَ عَزِيزٌ غَفُورٌ
අක්ෂර පරිවර්තනය: Wa minan naasi wadda waaabbi wal an'aami mukhtalifun alwaanuhoo kazalik; innamaa yakhshal laaha min 'ibaadihil 'ulamaaa'; innal laaha 'Azeezun Ghafoor
මිනිසුන්ගෙන්ද, ජීවීන්ගෙන්ද, (එළු, ගව, ඔටුවන් වැනි) සතුන්ගෙන්ද මේ අන්දමටම විවිධ වර්ණයන් ඇත්තේය. නියත වශයෙන්ම අල්ලාහ්ගේ වහලූන්ගෙන් ඔහුට බිය වන්නේ, (බුද්ධිමත්) විද්වතුන්ය. නියත වශයෙන්ම අල්ලාහ් (සියල්ලන්ටම) බලසම්පන්නයෙකු හා ක්ෂමා කරන්නෙකු වශයෙන් සිටින්නේය.
- 29
إِنَّ ٱلَّذِينَ يَتْلُونَ كِتَٰبَ ٱللَّهِ وَأَقَامُوا۟ ٱلصَّلَوٰةَ وَأَنفَقُوا۟ مِمَّا رَزَقْنَٰهُمْ سِرًّۭا وَعَلَانِيَةًۭ يَرْجُونَ تِجَٰرَةًۭ لَّن تَبُورَ
අක්ෂර පරිවර්තනය: Innal lazeena yatloona Kitabbal laahi wa aqaamus Salaata wa anfaqoo mimmaa razaqnaahum sirranw wa 'alaa niyatany yarjoona tijaaratal lan taboor
කවුරුන් අල්ලාහ්ගේ ධර්මය සමුදීරණය කර, සලාතයද නොකඩවා ඉටු කර, අපි ඔවුන්ට ලබා දුන් දැය රහසින්ද, ප්‍රසිද්ධියේද දානමාන කරමින් සිටින්නෝද, ඔවුන්ට නියත වශයෙන්ම කිසිදාක පාඩුවක් නොමැති (ලාභදායී) ව්‍යාපාරයක්ම බලාපොරොත්තු විය හැකිය.
- 30
لِيُوَفِّيَهُمْ أُجُورَهُمْ وَيَزِيدَهُم مِّن فَضْلِهِۦٓ ۚ إِنَّهُۥ غَفُورٌۭ شَكُورٌۭ
අක්ෂර පරිවර්තනය: Liyuwaffiyahum ujoorahum wa yazeedahum min fadlih; innahoo Ghafoorun Shakoor
(අල්ලාහ්) ඔවුන්ට, ඔවුන්ගේ ඵලවිපාක පූරණ වශයෙන් ලබා දී, තමන්ගේ දයාවෙන් නැවතත් අධික වශයෙන්ම ලබා දෙන්නේය. නියත වශයෙන්ම ඔහු ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා කෙළෙහිගුණ දන්නෙකු වශයෙන්ම සිටින්නේය.
- 31
وَٱلَّذِىٓ أَوْحَيْنَآ إِلَيْكَ مِنَ ٱلْكِتَٰبِ هُوَ ٱلْحَقُّ مُصَدِّقًۭا لِّمَا بَيْنَ يَدَيْهِ ۗ إِنَّ ٱللَّهَ بِعِبَادِهِۦ لَخَبِيرٌۢ بَصِيرٌۭ
අක්ෂර පරිවර්තනය: Wallaeee awhainaaa ilaika minal Kitaabi huwal haqqu musaddiqal limaa baina yadayh; innal laaha bi'ibaadihee la khabeerum Baseer
(නබියේ!) අපි ඔබට කුමන ධර්මයක් වහී මගින් ලබා දී ඇත්තෙමුද, එය සත්‍යය එකක් වශයෙන්ද, (ධර්මයන්ගෙන්) තමන්ට පෙර තිබූ දැය සත්‍යය කර තබන්නක් වශයෙන්ද ඇත්තේය. නියත වශයෙන්ම අල්ලාහ් තම වහලූන්ව හොඳින් දන්නෙකු වශයෙන්ද, අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන්ද, සිටින්නේය.
- 32
ثُمَّ أَوْرَثْنَا ٱلْكِتَٰبَ ٱلَّذِينَ ٱصْطَفَيْنَا مِنْ عِبَادِنَا ۖ فَمِنْهُمْ ظَالِمٌۭ لِّنَفْسِهِۦ وَمِنْهُم مُّقْتَصِدٌۭ وَمِنْهُمْ سَابِقٌۢ بِٱلْخَيْرَٰتِ بِإِذْنِ ٱللَّهِ ۚ ذَٰلِكَ هُوَ ٱلْفَضْلُ ٱلْكَبِيرُ
අක්ෂර පරිවර්තනය: Summa awrasnal Kitaaballazeenas tafainaa min 'ibaadinaa faminhum zaalimul linafsihee wa minhum muqtasid, wa minhum saabiqum bilkhairaati bi iznil laah; zaalika huwal fadlul kabeer
පසුව අපගේ වහලූන්ගෙන් අපි තෝරා ගත් අයව එම ධර්මයන්ට හිමි අය බවට පත් කළෙමු. එහෙත් ඔවුන්ගෙන් සමහරෙක් (එයට වෙනස්කම් කර), තමන්ට තමන්ම හානියක් කර ගත්හ. ඔවුන්ගෙන් (වෙනත්) සමහරෙක් මධ්‍යස්ථ මාර්ගයෙහි ගමන් ගත්හ. ඔවුන්ගෙන් (තවත්) සමහරෙක් නම්, අල්ලාහ්ගේ නියෝගයන්ට අනුව දැහැමි කාරණාවන්හි ඉදිරියෙන්ම සිටින්නාහ. එයම අති විශාල භාග්‍යයක් වන්නේය.
- 33
جَنَّٰتُ عَدْنٍۢ يَدْخُلُونَهَا يُحَلَّوْنَ فِيهَا مِنْ أَسَاوِرَ مِن ذَهَبٍۢ وَلُؤْلُؤًۭا ۖ وَلِبَاسُهُمْ فِيهَا حَرِيرٌۭ
අක්ෂර පරිවර්තනය: jannaatu 'adniny yad khuloonahaa yuhallawna feeha min asaawira min zahabinw wa lu'lu'anw wa libaa suhum feehaa hareer
ඔවුන් ස්ථීර වූ ස්වර්ගයන්ට යන්නාහ. මුතු ඔබ්බන ලද රත්‍රන් වළලූ, එහිදී ඔවුන්ට (පරිත්‍යාග වශයෙන්) පළඳවනු ලබන්නාහ. එහි ඔවුන්ගේ ඇඳුම් සියල්ල (මෘදු) සේදයෙන්ම වන්නේය.
- 34
وَقَالُوا۟ ٱلْحَمْدُ لِلَّهِ ٱلَّذِىٓ أَذْهَبَ عَنَّا ٱلْحَزَنَ ۖ إِنَّ رَبَّنَا لَغَفُورٌۭ شَكُورٌ
අක්ෂර පරිවර්තනය: Wa qaalul hamdu lillaahil lazeee azhaba 'annal hazan; inna Rabbanaa la Ghafoorun Shakoor
තවද ඔවුන් අපගෙන් (සියලූ) දුක් වේදනාවන් පහ කළ අල්ලාහ්ටම සියලූ ප්‍රශංසා අයත් වන්නේය. නියත වශයෙන්ම අපගේ දෙවියන් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා කෙළෙහිගුණ දන්නෙකු වශයෙන්ම සිටින්නේය” යයි (ප්‍රශංසා කර) පවසන්නාහ.
- 35
ٱلَّذِىٓ أَحَلَّنَا دَارَ ٱلْمُقَامَةِ مِن فَضْلِهِۦ لَا يَمَسُّنَا فِيهَا نَصَبٌۭ وَلَا يَمَسُّنَا فِيهَا لُغُوبٌۭ
අක්ෂර පරිවර්තනය: Allazeee ahallanaa daaral muqaamati min fadlihee laa yamassunaa feehaa nasabunw wa laa yamassunaa feehaa lughoob
“ඔහුම තමන්ගේ දයාවෙන් (ඉතාමත් උසස්) වාසස්ථානයක අපව රැෙඳව්වේය. එහි කිසිම කරදරයක් අපව ස්පර්ශ කරන්නේ නැත. එහි අපට කිසිම ආයාසයක්ද ඇති වන්නේ නැත” (යයිද දික්ර් කරන්නාහ).
- 36
وَٱلَّذِينَ كَفَرُوا۟ لَهُمْ نَارُ جَهَنَّمَ لَا يُقْضَىٰ عَلَيْهِمْ فَيَمُوتُوا۟ وَلَا يُخَفَّفُ عَنْهُم مِّنْ عَذَابِهَا ۚ كَذَٰلِكَ نَجْزِى كُلَّ كَفُورٍۢ
අක්ෂර පරිවර්තනය: Wallazeena kafaroo lahum naaru Jahannama laa yuqdaa 'alaihim fa yamootoo wa laa yukhaffafu 'anhum min 'azaabihaa; kazaalika najzee kulla kafoor
කවුරුන් (අපගේ ආයාවන්) ප්‍රතික්ෂේප කර හැරියෝද, ඔවුන්ට නිරා ගින්නම ලැඛෙනු ඇත. ඔවුන් මරණයට පත් වන අන්දමට (එහි) ඔවුන්ගේ කාරණාව අවසන් කර දමනු ලබන්නේ නැත. (දඬුවම විඳිමින් සිටිනු පිණිස, නොමැරී පණ පිටින්ම සිටින්නාහ). තවද එම දඬුවමෙන් ඔවුන්ට (පොඩියක් හෝ) අඩු කරනු ලබන්නේද නැත. මේ අන්දමටම සියලූ ප්‍රතික්ෂේප කරන්නන්ටද අපි ඵලවිපාක දෙන්නෙමු.
- 37
وَهُمْ يَصْطَرِخُونَ فِيهَا رَبَّنَآ أَخْرِجْنَا نَعْمَلْ صَٰلِحًا غَيْرَ ٱلَّذِى كُنَّا نَعْمَلُ ۚ أَوَلَمْ نُعَمِّرْكُم مَّا يَتَذَكَّرُ فِيهِ مَن تَذَكَّرَ وَجَآءَكُمُ ٱلنَّذِيرُ ۖ فَذُوقُوا۟ فَمَا لِلظَّٰلِمِينَ مِن نَّصِيرٍ
අක්ෂර පරිවර්තනය: Wa hum yastarikhoona feehaa Rabbanaa akhrijnaa na'mal saalihan ghairal lazee kunnaa na'mal; awa lamnu 'ammirkum maa yatazak karu feehi man tazakkara wa jaaa'akumun nazeeru fazooqoo famaa lizzaalimeena min naseer
එහි ඔවුන් ඉමහත් සේ ශබ්ද නගා “අපගේ දෙවියනේ! (මෙයින්) අපව පිටමං කර හරිනු. අපි කරමින් තිබූ (නපුරු) දැය නොවන දැහැමි දැයම (මින් පසු) කරන්නෙමු” යයි පවසන්නාහ. (එයට දෙවියන් ඔවුන්ට) “හොඳ වැටහීමක් ලබා ගත හැකි අය, හොඳ වැටහීමක් ලබා ගන්නට ප්‍රමාණවත් දිර්ඝ කාලයක් දක්වා අපි ඔබව එහි (පණ පිටින්) අත්හැර දමා තිබුනේ නැද්ද? තවද (මෙම ධර්මය ගැන) ඔබට බිය ගන්වා අනතුරු අඟවන්නෙකු නිතැතින්ම ඔබ වෙත පැමිණියේය. (ඔහුව ඔබම ප්‍රතික්ෂේප කර හැරියෙහුය). එබැවින් (නිරයේ දඬුවම) ඔබ විඳිමින් සිටිනු. (ඔබ වැනි) අපරාධකරුවන්ට උදව් කරන්නන් කිසිවෙකුත් නැත” (යයි පවසනු ඇත).
- 38
إِنَّ ٱللَّهَ عَٰلِمُ غَيْبِ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۚ إِنَّهُۥ عَلِيمٌۢ بِذَاتِ ٱلصُّدُورِ
අක්ෂර පරිවර්තනය: Innal laaha 'aalimu ghaibis samaawaati wal ard; innahoo 'aleemum bizaatis sudoor
නියත වශයෙන්ම අල්ලාහ් අහස්හිද, භූමියෙහිද සඟවා ඇති දැය හොඳින් දන්නෙකි. නියත වශයෙන්ම ඔහු හෘදයන්හි ඇති දැයද හොඳින් දන්නෙකි.
- 39
هُوَ ٱلَّذِى جَعَلَكُمْ خَلَٰٓئِفَ فِى ٱلْأَرْضِ ۚ فَمَن كَفَرَ فَعَلَيْهِ كُفْرُهُۥ ۖ وَلَا يَزِيدُ ٱلْكَٰفِرِينَ كُفْرُهُمْ عِندَ رَبِّهِمْ إِلَّا مَقْتًۭا ۖ وَلَا يَزِيدُ ٱلْكَٰفِرِينَ كُفْرُهُمْ إِلَّا خَسَارًۭا
අක්ෂර පරිවර්තනය: Huwal lazee ja'alakum khalaaa'ifa fil ard; faman kafara fa'alaihi kufruhoo; wa laa yazeedul kaafireena kufruhum 'inda Rabbihim illaa maqtanw wa la yazeedul kaafireena kufruhum illaa khasaaraa
ඔහුම මෙලොවෙහි ඔබව නියෝජිතයින් බවට නිර්මාණය කළේය. එබැවින් (ඔබගෙන්) කවුරුන් ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන්ගේ ප්‍රතික්ෂේපයේ විනාශය ඔවුන් කෙරෙහිම පවරනු ලැබේ. ප්‍රතික්ෂෙප කරන්නන්ට ඔවුන්ගේ ප්‍රතික්ෂේපය ඔවුන්ගේ දෙවියන් වෙත කෝපය මිස, (වෙන කිසිවක්) වැඩි කරන්නේ නැත. ප්‍රතික්ෂේප කරන්නන්ට ඔවුන්ගේ ප්‍රතික්ෂේපය පාඩුවක් මිස, (වෙන කිසිවක්) වැඩි කර හරින්නේද නැත.
- 40
قُلْ أَرَءَيْتُمْ شُرَكَآءَكُمُ ٱلَّذِينَ تَدْعُونَ مِن دُونِ ٱللَّهِ أَرُونِى مَاذَا خَلَقُوا۟ مِنَ ٱلْأَرْضِ أَمْ لَهُمْ شِرْكٌۭ فِى ٱلسَّمَٰوَٰتِ أَمْ ءَاتَيْنَٰهُمْ كِتَٰبًۭا فَهُمْ عَلَىٰ بَيِّنَتٍۢ مِّنْهُ ۚ بَلْ إِن يَعِدُ ٱلظَّٰلِمُونَ بَعْضُهُم بَعْضًا إِلَّا غُرُورًا
අක්ෂර පරිවර්තනය: Qul ara'aytum shurakaaa'a kumul lazeena tad'oona min doonil laah; aroonee maazaa khalaqoo minal ardi am lahum shirkun fis samaawaati am aatainaahum Kitaaban fahum 'alaa baiyinatim minh; bal iny ya'iiduz zaalimoona ba 'duhum ba'dan illaa ghurooraa
නබියේ!) ඔබ මෙසේ පවසනු: “අල්ලාහ් හැර ඔබ ආරාධනා කරන ඔබගේ දෙවිවරුන්ව ඔබ අවධානය කර බැලූවෙහුද? ඒවා භූමියෙහි කුමක් නම් උත්පාදනය කර ඇත්තේද යන්න ඔබ මා හට පෙන්වනු. නැතහොත් අහස් උත්පාදනය කිරීමෙහි ඔවුන්ට හවුලක් ඇත්තේද? නැතහොත් (ඒවා දෙවිවරුන් යයි පැවසීමට) මොවුන්ට පැහැදිලි වූ (සාධකයන් වශයෙන්) තිබිය හැකි යම්කිසි ධර්මයක් අපි ඔවුන්ට ලබා දී ඇත්තෙමුද? (මේ කිසිවක්) නැත. (මෙම දෙවිවරුන් බේරා ගනීවි යයි) මෙම අපරාධකාරයින් ඔවුන්ගෙන් කෙනෙකු අනිත් කෙනාට දෙන පොරොන්දු සියල්ල පුහු රැවටීම මිස, වෙන කිසිවක් නැත.
- 41
۞ إِنَّ ٱللَّهَ يُمْسِكُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ أَن تَزُولَا ۚ وَلَئِن زَالَتَآ إِنْ أَمْسَكَهُمَا مِنْ أَحَدٍۢ مِّنۢ بَعْدِهِۦٓ ۚ إِنَّهُۥ كَانَ حَلِيمًا غَفُورًۭا
අක්ෂර පරිවර්තනය: Innal laaha yumsikus samaawaati wal arda an tazoolaaa; wa la'in zaalataaa in amsa kahumaa min ahadim mim ba'dih; innahoo kaana Haleeman Ghafooraa
අහස් හා භූමිය යන මේ දෙකම (තම සීමාවෙන්) ඈත් නොවන සේ වළක්වාගෙන සිටින්නා නියත වශයෙන්ම අල්ලාහ්ය. (තම සීමාවෙන්) ඒ දෙකම ඇල වීමට ඉදිරිපත් වුවද, ඒවා ඇල නොවන සේ වළක්වා ගන්නා ඔහු මිස, වෙන කිසිවෙකු නැත. නියත වශයෙන්ම ඔහු ඉවසිලිවන්තයෙකු හා ක්ෂමා කරන්නෙකු වශයෙන්ම සිටින්නේය.
- 42
وَأَقْسَمُوا۟ بِٱللَّهِ جَهْدَ أَيْمَٰنِهِمْ لَئِن جَآءَهُمْ نَذِيرٌۭ لَّيَكُونُنَّ أَهْدَىٰ مِنْ إِحْدَى ٱلْأُمَمِ ۖ فَلَمَّا جَآءَهُمْ نَذِيرٌۭ مَّا زَادَهُمْ إِلَّا نُفُورًا
අක්ෂර පරිවර්තනය: Wa aqsamoo billaahi jahda aymaanihim la'in jaaa'ahum nazeerul layakoonunna ahdaa min ihdal umami falam maa jaaa'ahum nazeerum maa zaadahum illaa nufooraa
තමන් වෙත බිය ගන්වා අනතුරු අඟවන්නෙකු කවුරුන් හෝ පැමිණෙන්නේ නම්, නියත වශයෙන්ම තමන් අන් සියලූම සමුහයන්ට වඩා ඍජු මාර්ගයෙහි යන්නෙමු යයි (අරාබිවරුන් වන) ඔවුන් අල්ලාහ් කෙරෙහි ඉතාමත් ස්ථීර වූ දිවරුම් කළහ. එහෙත් ඔවුන් වෙත බිය ගන්වා අනතුරු අඟවන්නෙකු පැමිණි අවස්ථාවේදී ඔවුන්ට එය පිළිකුල මිස, වෙන කිසිවක්) වැඩි කර හැරියේ නැත.
- 43
ٱسْتِكْبَارًۭا فِى ٱلْأَرْضِ وَمَكْرَ ٱلسَّيِّئِ ۚ وَلَا يَحِيقُ ٱلْمَكْرُ ٱلسَّيِّئُ إِلَّا بِأَهْلِهِۦ ۚ فَهَلْ يَنظُرُونَ إِلَّا سُنَّتَ ٱلْأَوَّلِينَ ۚ فَلَن تَجِدَ لِسُنَّتِ ٱللَّهِ تَبْدِيلًۭا ۖ وَلَن تَجِدَ لِسُنَّتِ ٱللَّهِ تَحْوِيلًا
අක්ෂර පරිවර්තනය: Istakbaaran fil ardi wa makras sayyi'; wa laa yaheequl makrus sayyi'u illaa bi ahlih; fahal yanzuroona illaa sunnatal awwaleen; falan tajida lisunnatil laahi tabdeelanw wa lan tajida lisunnatil laahi tahweela
(තවද ඔවුන්) උඞඟූ වී භූමියෙහි නපුරු කාරණාවන් කිරීමටද කුමන්ත්‍රණ කළහ. නපුරු කුමන්ත්‍රණ, එම නපුරු කුමන්ත්‍රණකරුවන් මිස, (වෙන කිසිවෙකුත්) වට කර ගන්නේ නැත. (විනාශ වී ගිය) පෙර ඉකුත්ව ගිය අයගේ මාර්ගය මිස, (වෙන කිසිම මාර්ගයක යාමට) මොවුන් බලාපොරොත්තු වන්නෙහුද? අල්ලාහ් ඇති කළ මාර්ගයෙහි යම්කිසි වෙනස්කමක් ඔබ නොදකින්නෙහුය. (එසේම) අල්ලාහ් ඇති කළ මාර්ගයෙහි යම්කිසි භේදයක්ද ඔබ නොදකින්නෙහුය.
- 44
أَوَلَمْ يَسِيرُوا۟ فِى ٱلْأَرْضِ فَيَنظُرُوا۟ كَيْفَ كَانَ عَٰقِبَةُ ٱلَّذِينَ مِن قَبْلِهِمْ وَكَانُوٓا۟ أَشَدَّ مِنْهُمْ قُوَّةًۭ ۚ وَمَا كَانَ ٱللَّهُ لِيُعْجِزَهُۥ مِن شَىْءٍۢ فِى ٱلسَّمَٰوَٰتِ وَلَا فِى ٱلْأَرْضِ ۚ إِنَّهُۥ كَانَ عَلِيمًۭا قَدِيرًۭا
අක්ෂර පරිවර්තනය: Awalam yaseeroo fil ardi fa yanzuroo kaifa kaana 'aaqibatul lazeena min qblihim wa kaanoo ashadda minhum quwwah; wa maa kaanal laahu liyu'jizahoo min shai'in fis samaawaati wa laa fil ard; innahoo kaana 'Aleeman Qadeeraa
භූමියෙහි මොවුන් සංචාරය කර, මොවුන්ට වඩා ඉතාමත් ශක්තිවන්තයින් වශයෙන් සිටි මොවුන්ට පෙර සිටියවුන්ගේ අවසානය කෙසේ වූයේද යන්න දැක්කේ නැද්ද? (පෙර සිටිය අය කොපමණදෝ ශක්තිවන්තයින් වශයෙන් සිටියද, අල්ලාහ්ගේ දඬුවමෙන් බේරීමට නොහැකි විය. මන්දයත්) අහස්හි හෝ භූමියෙහි හෝ ඇති කිසිවක් අල්ලාහ්ව පරාජය කිරීමට නොහැක. නියත වශයෙන්ම අල්ලාහ් (සියල්ල) හොඳින් දන්නෙකු හා ඉතාමත් බලසම්පන්නයෙකු වශයෙන් සිටින්නේය.
- 45
وَلَوْ يُؤَاخِذُ ٱللَّهُ ٱلنَّاسَ بِمَا كَسَبُوا۟ مَا تَرَكَ عَلَىٰ ظَهْرِهَا مِن دَآبَّةٍۢ وَلَٰكِن يُؤَخِّرُهُمْ إِلَىٰٓ أَجَلٍۢ مُّسَمًّۭى ۖ فَإِذَا جَآءَ أَجَلُهُمْ فَإِنَّ ٱللَّهَ كَانَ بِعِبَادِهِۦ بَصِيرًۢا
අක්ෂර පරිවර්තනය: Wa law yu'aakhizul laahun naasa bima kasaboo maa taraka 'alaa zahrihaa min daaabbatinw wa laakiny yu'akhkhiruhum ilaaa ajalim musamman fa izaa jaaa'a ajaluhum fa innal laaha kaana bi'ibaadihee Baseeraa
මිනිසුන්ව, ඔවුන් සොයා ගත් (නපුරු) දැය වෙනුවෙන් (එවෙලෙ එවෙලේම) අල්ලාහ් දඬුවම් කරන්නේ නම්, භූමියෙහි කිසිම (මිනිස්) ආත්මයක් හෝ අත්හැර දමන්නේ නැත. එහෙත් ඔවුන්ට නියමිත කරන ලද කාල අවකාශය දක්වාම අත්හැර දමා ඇත්තේය. ඔවුන්ගේ කාල අවකාශය පැමිණෙන විට, (එවෙලේම ඔවුන්ව අල්ලා ගන්නේය). නියත වශයෙන්ම අල්ලාහ් තම වහලූන්ව අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන්ම සිටින්නේය.
පරිවර්තන සංස්කරණය: si.naseemismail
ශ්‍රව්‍ය පදය: මිෂාරි රෂීඩ් ඇලෆාසි (128kbps islamic.network CDN හරහා).
පෙළ සහ පරිවර්තන: api.alquran.cloud · Uthmani Arabic.
ayah හි තේරුම අපැහැදිලි නම්, සුදුසුකම් ලත් ගුරුවරයෙකුගෙන් විමසන්න - විශේෂයෙන්ම නීතිමය සහ විශ්වාස කටයුතු සඳහා.