සියලුම සූරත

සූරතය 32

The Prostration

سُورَةُ السَّجۡدَةِ

As-Sajda · මක්කන්

යතුරු: J next ayah · K පෙර ayah

ශ්රව්ය උපකරණ
  1. 1

    بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ الٓمٓ

    අක්ෂර පරිවර්තනය: Alif-Laaam-Meeem

    අලිෆ්. ලාම්. මීම්.

  2. 2

    تَنزِيلُ ٱلْكِتَٰبِ لَا رَيْبَ فِيهِ مِن رَّبِّ ٱلْعَٰلَمِينَ

    අක්ෂර පරිවර්තනය: Tanzeelul Kitaabi 'laaraiba feehi mir rabbil 'aalameen

    (නබියේ! ඔබ කෙරෙහි) පහළ කරන ලද මෙම ධර්මය ලෝකවාසීන්ගේ දෙවියන් වෙතින්ම පැමිණියේය යන්නෙහි කිසිම සැකයක් නැත.

  3. 3

    أَمْ يَقُولُونَ ٱفْتَرَىٰهُ ۚ بَلْ هُوَ ٱلْحَقُّ مِن رَّبِّكَ لِتُنذِرَ قَوْمًۭا مَّآ أَتَىٰهُم مِّن نَّذِيرٍۢ مِّن قَبْلِكَ لَعَلَّهُمْ يَهْتَدُونَ

    අක්ෂර පරිවර්තනය: Am yaqooloonaf taraahu bal huwal haqqu mir rabbika litunzira qawma maaa ataahum min nazeerim min qablika la'allahum yahtadoon

    (අපගේ නබි) “මෙය (තමන් විසින්ම) මනක්කල්පිත කර ගත්තේය” යයි (ඔබ ගැන) ඔවුන් පවසන්නෙහුද? එසේ නොව! මෙය ඔබගේ දෙවියන්, (ඔබට) පහළ කරන ලද සත්‍ය (ධර්මය) වන්නේය. ඔබ පෙර (මේ දක්වා) කිසිම දූතයෙකු නොපැමිණි (මෙම අරාබි) ජනතාව ඍජු මාර්ගයෙහි යවනු පිණිස, ඔබ ඔවුන්ට බිය ගන්වා අනතුරු ඇඟවීම සඳහාම (මෙම ධර්මය පහළ කරනු ලැබ ඇත්තේය).

  4. 4

    ٱللَّهُ ٱلَّذِى خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ وَمَا بَيْنَهُمَا فِى سِتَّةِ أَيَّامٍۢ ثُمَّ ٱسْتَوَىٰ عَلَى ٱلْعَرْشِ ۖ مَا لَكُم مِّن دُونِهِۦ مِن وَلِىٍّۢ وَلَا شَفِيعٍ ۚ أَفَلَا تَتَذَكَّرُونَ

    අක්ෂර පරිවර්තනය: Allaahul lazee khalaqas samaawaati wal arda wa maa bainahumaa fee sittati ayyaam;Thummas tawaa 'alal 'arsh; maa lakum min doonihee minw-wwaliyyinw-wala shafee'; afala tatazakkaroon

    අල්ලාහ්ම අහස්ද, භූමියද, මේවා අතර ඇති දැයද දින හයකින් උත්පාදනය කර, අර්ෂ් මත තම රාජධානිය ස්ථාපිත කළේය. (ඔබව) බේරා ගන්නට හෝ නැතහොත් (ඔබට) මැදිහත් වී කතා කරන්නට හෝ ඔහු හැර, (වෙන කිසිවෙකුත්) ඔබට නැත. (මෙය) ඔබ සිතා බැලිය යුතු නොවේද?

  5. 5

    يُدَبِّرُ ٱلْأَمْرَ مِنَ ٱلسَّمَآءِ إِلَى ٱلْأَرْضِ ثُمَّ يَعْرُجُ إِلَيْهِ فِى يَوْمٍۢ كَانَ مِقْدَارُهُۥٓ أَلْفَ سَنَةٍۢ مِّمَّا تَعُدُّونَ

    අක්ෂර පරිවර්තනය: Yudabbirul amra minas samaaa'i ilal ardi Thumma ya'ruju ilai Thumma ya'ruju ilaihi fee yawmin kaana miqdaaruhoooo alfa sanatim mimmaa ta'uddoon

    අහසේ සිට භූමිය දක්වා ඇති සෑම කාරණාවක්ම ඔහුම පිළිවෙලකට කරන්නේය. (සෑම දැයකම අවසානයද) ඔබ අදහස් කරන (ඔබගේ) ගණනයට අනුව වසර දහසකට සම වන එක් දිනකදී ඔහු වෙතම යනු ඇත.

  6. 6

    ذَٰلِكَ عَٰلِمُ ٱلْغَيْبِ وَٱلشَّهَٰدَةِ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ

    අක්ෂර පරිවර්තනය: Zaalika 'aalimul ghaybi wa shahaadatil 'azeezur raheem

    ඔහුම (අහස් හා භූමියෙහි ඇති) රහස්ද, නොරහස්ද, හොඳින් දන්නේය. (තවද සියල්ලට) බලසම්පන්නයෙකු හා කරුණාවන්තයෙකු වශයෙන් සිටින්නේය.

  7. 7

    ٱلَّذِىٓ أَحْسَنَ كُلَّ شَىْءٍ خَلَقَهُۥ ۖ وَبَدَأَ خَلْقَ ٱلْإِنسَٰنِ مِن طِينٍۢ

    අක්ෂර පරිවර්තනය: Allazee ahsana kulla shai in khalaqa; wa bada a khalqal insaani min teen

    ඔහු උත්පාදනය කළ සෑම වස්තුවක්ම (එහි හැඩයද) ඉතාමත් අලංකාරවත් ලෙස නිර්මාණය කළේ ඔහුය. ඔහුම ආරම්භයේදී මිනිසා කිරිමැටියෙන්ම උත්පාදනය කළේය.

  8. 8

    ثُمَّ جَعَلَ نَسْلَهُۥ مِن سُلَٰلَةٍۢ مِّن مَّآءٍۢ مَّهِينٍۢ

    අක්ෂර පරිවර්තනය: Thumma ja'ala naslahoo min sulaalatim mim maaa'immaheen

    පසුව එක් අල්ප බිඳක් වන (ඉන්ද්‍රිය) සාරයෙන් ඔහුගේ පරම්පරාවේ දරුවන්ව (නිර්මාණය කර) ඇති කළේය.

  9. 9

    ثُمَّ سَوَّىٰهُ وَنَفَخَ فِيهِ مِن رُّوحِهِۦ ۖ وَجَعَلَ لَكُمُ ٱلسَّمْعَ وَٱلْأَبْصَٰرَ وَٱلْأَفْـِٔدَةَ ۚ قَلِيلًۭا مَّا تَشْكُرُونَ

    අක්ෂර පරිවර්තනය: Thumma sawwaahu wa nafakha feehi mir roohihih; wa ja'ala lakumus sam'a wal-absaara wal-af'idah; taqaleelam maa tashkuroon

    පසුව එය රූපයක් වශයෙන් අඹා, තමන්ගේ රූහ් වෙතින් එහි පිඹ (මිනිසාව ඇති) කළේය. ඔබට කණ්, ඇස්, හෘදයන් ආදී දැයද ඔහුම නිර්මාණය කළේය. (මෙසේ තිබියදී) ඔබ කෘතඥ වීම ඉතාමත් අල්පයකි.

  10. 10

    وَقَالُوٓا۟ أَءِذَا ضَلَلْنَا فِى ٱلْأَرْضِ أَءِنَّا لَفِى خَلْقٍۢ جَدِيدٍۭ ۚ بَلْ هُم بِلِقَآءِ رَبِّهِمْ كَٰفِرُونَ

    අක්ෂර පරිවර්තනය: Wa qaalooo 'a-izaa dalalnaa fil ardi 'a-innaa lafee khalqin jadeed; bal hum biliqaaa'i rabbihim kaafirroon

    “(අපි මරණයට පත් වී) භූමියෙහි විනාශ වී ගිය පසු ඇත්තෙන්ම අපි අළුත් උත්පාදනයන් වශයෙන් නිර්මාණය කරනු ලබන්නෙමුද?”යි ඔවුන් කියන්නාහ. (එසේ) නොව, ඔවුන් තමන්ගේ දෙවියන්ව හමු වීමද ප්‍රතික්ෂේප කරන්නාහ.

  11. 11

    ۞ قُلْ يَتَوَفَّىٰكُم مَّلَكُ ٱلْمَوْتِ ٱلَّذِى وُكِّلَ بِكُمْ ثُمَّ إِلَىٰ رَبِّكُمْ تُرْجَعُونَ

    අක්ෂර පරිවර්තනය: Qul yatawaffaakum malakul mawtil lazee wukkila bikum Thumma ilaa rabbikum turja'oon

    එබැවින් (නබියේ!) ඔබ මෙසේ පවසනු: “ඔබ කෙරෙහි ඔබගේ දෙවියන් විසින් පවරනු ලැබ ඇති මලක්කල් මව්ත් (නමැති මලායිකාවරයා)ම ඔබගේ පණ අත්පත් කරන්නේය. පසුව (නැවතත් පණ දෙනු ලැබ), ඔබගේ දෙවියන් වෙතම ඔබව ගෙන එනු ලබන්නෙහුය”

  12. 12

    وَلَوْ تَرَىٰٓ إِذِ ٱلْمُجْرِمُونَ نَاكِسُوا۟ رُءُوسِهِمْ عِندَ رَبِّهِمْ رَبَّنَآ أَبْصَرْنَا وَسَمِعْنَا فَٱرْجِعْنَا نَعْمَلْ صَٰلِحًا إِنَّا مُوقِنُونَ

    අක්ෂර පරිවර්තනය: Wa law taraaa izil mujrimoona naakisoo ru'oosihim 'inda rabbihim rabbanaaa absarnaa wa sami'naa farji'naa na'mal saalihan innaa mooqinoon

    (නබියේ! විනිශ්චය සඳහා) මෙම වැරදිකරුවන් තමන්ගේ දෙවියන් ඉදිරියේ (නවතා තබන අවස්ථාවේදී) ඔවුන් හිස නැමූ අය වශයෙන් “අපගේ දෙවියනේ! අපගේ ඇස්ද, කණ්ද, විවෘත විය. (අපි සියල්ල බලාද, අසාද දැන ගත්තෙමු. පෙර තිබූ ලෝකයට වරක්) ආපසු යවනු. අපි දැහැමි ක්‍රියාවන්ම කරන්නෙමු. නියත වශයෙන්ම අපි (මෙම විනිශ්චය දිනය) ස්ථීර වශයෙන් විශ්වාස කරන්නෙමු” යනුවෙන් (ප්‍රාර්ථනා කිරීම) ඔබ දකින්නේ නම්, (ඒ අවස්ථාවේදී ඔවුන්ගේ තත්වය කෙතරම් දීනවූ තත්වයකට වැටී ඇත්දැයි දැක ගන්නෙහිය).

  13. 13

    وَلَوْ شِئْنَا لَءَاتَيْنَا كُلَّ نَفْسٍ هُدَىٰهَا وَلَٰكِنْ حَقَّ ٱلْقَوْلُ مِنِّى لَأَمْلَأَنَّ جَهَنَّمَ مِنَ ٱلْجِنَّةِ وَٱلنَّاسِ أَجْمَعِينَ

    අක්ෂර පරිවර්තනය: Wa law shi'naa la-aatainaa kulla nafsin hudaahaa wa laakin haqqal qawlu minnee la amla'anna jahannama minal jinnati wannaasi ajma'een

    අපි කැමති වී තිබුණේ නම්, (මොවුන්ගෙන් වූ) සෑම මිනිසෙකුටම ඔහු ඍජු මාර්ගයෙහි යා හැකි බුද්ධිය දී ඇත්තෙමු. එහෙත් “ජින්වරුන්ගෙන්ද, මිනිසුන්ගෙන්ද (වූ පාපතරයින්) සියල්ලන් මගින් නියත වශයෙන්ම මා නිරය පුරවන්නෙමි” යන මගේ පොරොන්දුව (මීට පෙරම) ඇති වන්නට තිබුණි.

  14. 14

    فَذُوقُوا۟ بِمَا نَسِيتُمْ لِقَآءَ يَوْمِكُمْ هَٰذَآ إِنَّا نَسِينَٰكُمْ ۖ وَذُوقُوا۟ عَذَابَ ٱلْخُلْدِ بِمَا كُنتُمْ تَعْمَلُونَ

    අක්ෂර පරිවර්තනය: Fazooqoo bimaa naseetum liqaaa'a yawminkum haaza innaa naseenaakum wa zooqoo 'azaabal khuldi bimaa kuntum ta'maloon

    “එබැවින් (අපව) හමු වන ඔබගේ මෙම දිනය ඔබ අමතක කර දැමීමේ ඵලවිපාක ඔබ විඳ බලනු. (මේ දිනය ඔබ අමතක කළ අන්දමටම අද) අපිද ඔබව අමතක කර දැමුවෙමු. ඔබ කරමින් තිබූ (නපුරු) ක්‍රියාවන්හි හේතුවෙන් සදාකල් ස්ථීර වූ දඬුවම විඳිමින් සිටිනු” (යයිද කියනු ලැබේ).

  15. 15

    إِنَّمَا يُؤْمِنُ بِـَٔايَٰتِنَا ٱلَّذِينَ إِذَا ذُكِّرُوا۟ بِهَا خَرُّوا۟ سُجَّدًۭا وَسَبَّحُوا۟ بِحَمْدِ رَبِّهِمْ وَهُمْ لَا يَسْتَكْبِرُونَ ۩

    අක්ෂර පරිවර්තනය: Innamaa yu'minu bi aayaatinal lazeena izaa zukkiroo bihaa kharroo sujjadanw wa sabbahoo bihamdi rabbihim wa hum laa yastakbiroon

    අපගේ ආයාවන් මතක් කර දෙනු ලැබුවහොත් කවුරුන් (භූමියෙහි) වැටී නළල බිම තබා සුජූද් කර, තමන්ගේ දෙවියන්ව ප්‍රශංසා කර සුවිශුද්ධ කරන්නෝද, ඔවුන්ම අපගේ ආයාවන් ඇත්තෙන්ම විශ්වාස කළ අයයි. ඔවුන් උඞඟූ වී ආඩම්බර බස් ෙදාඩන්නේද නැත.

  16. 16

    تَتَجَافَىٰ جُنُوبُهُمْ عَنِ ٱلْمَضَاجِعِ يَدْعُونَ رَبَّهُمْ خَوْفًۭا وَطَمَعًۭا وَمِمَّا رَزَقْنَٰهُمْ يُنفِقُونَ

    අක්ෂර පරිවර්තනය: Tatajaafaa junoobuhum 'anil madaaji'i yad'oona rabbahum khawfanw wa tama'anw wa mimmaa razaqnaahum yunfiqoon

    ඔවුන් (රාත්‍රියේ) නිදි යහනාවෙන් නැගිට තමන්ගේ දෑත් ඔසවා (මෑත් වී) තමන්ගේ දෙවියන් වෙත විශ්වාසය තබා බිය වී (ඔහුගෙන්) ප්‍රාර්ථනා කරන්නාහ. අපි ඔවුන්ට ලබා දුන් දැයෙන් ඔවුන් (දානමාන වශයෙන්) වියදම් කරන්නාහ.

  17. 17

    فَلَا تَعْلَمُ نَفْسٌۭ مَّآ أُخْفِىَ لَهُم مِّن قُرَّةِ أَعْيُنٍۢ جَزَآءًۢ بِمَا كَانُوا۟ يَعْمَلُونَ

    අක්ෂර පරිවර්තනය: Falaa ta'lamu nafsum maaa ukhfiya lahum min qurrati a'yunin jazaaa'am bimaa kaanoo ya'maloon

    ඔවුන් කළ (දැහැමි) කාරණාවන්ට ඵලවිපාක වශයෙන් ඔවුන් වෙනුවෙන් (පිළියෙල කර) සඟවා තබන ලද ඇස් පිනා යා හැකි (පරිත්‍යාග) කිසිවෙකුටත් දැන ගත නොහැක. (එතරම් උසස් පරිත්‍යාගයන් ඔවුන් වෙනුවෙන් පිළියෙල කරනු ලැබ ඇත්තේය).

  18. 18

    أَفَمَن كَانَ مُؤْمِنًۭا كَمَن كَانَ فَاسِقًۭا ۚ لَّا يَسْتَوُۥنَ

    අක්ෂර පරිවර්තනය: Afaman kaana mu'minan kaman kaana faasiqaa; laa yasta woon

    විශ්වාසය තැබූ අය (දෙවියන්ට) වෙනස්කම් කරන්නෙකු මෙන් වන්නෙහිද? දෙදෙනාම සම නොවන්නාහ.

  19. 19

    أَمَّا ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ فَلَهُمْ جَنَّٰتُ ٱلْمَأْوَىٰ نُزُلًۢا بِمَا كَانُوا۟ يَعْمَلُونَ

    අක්ෂර පරිවර්තනය: Ammal lazeena aamanoo wa 'amilus saalihaati falahum jannaatul maawa nuzulam bimaa kaanoo ya'maloon

    කවුරුන් විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන් කරන (දැහැමි) කාරණාවන්හි හේතුවෙන් ස්වර්ගයන් වාසස්ථානයන් බවට පත් කර, (එහි) අමුත්තන් මෙන් සංග්‍රහ කරනු ලබන්නාහ.

  20. 20

    وَأَمَّا ٱلَّذِينَ فَسَقُوا۟ فَمَأْوَىٰهُمُ ٱلنَّارُ ۖ كُلَّمَآ أَرَادُوٓا۟ أَن يَخْرُجُوا۟ مِنْهَآ أُعِيدُوا۟ فِيهَا وَقِيلَ لَهُمْ ذُوقُوا۟ عَذَابَ ٱلنَّارِ ٱلَّذِى كُنتُم بِهِۦ تُكَذِّبُونَ

    අක්ෂර පරිවර්තනය: Wa ammal lazeena fasaqoo famaawaahumn Naaru kullamaaa araadooo any yakhrujoo minhaaa u'eedoo feehaa wa qeela lahum zooqoo 'zaaaban Naaril lazee kuntum bihee tukazziboon

    කවුරුන් පාපයන් කරන්නෝද, ඔවුන් රැඳී සිටින ස්ථානය (නිරා) ගින්නය. එයින් ඔවුන් පිටමං වීමට උත්සාහ කරන සෑම විටම, ඒ තුළට ඇද දමනු ලැබ “ඔබ බොරු කරමින් සිටි මෙම (නිරා) ගින්නෙහි දඬුවම විඳ බලනු” යයි ඔවුන්ට කියනු ලැබේ.

  21. 21

    وَلَنُذِيقَنَّهُم مِّنَ ٱلْعَذَابِ ٱلْأَدْنَىٰ دُونَ ٱلْعَذَابِ ٱلْأَكْبَرِ لَعَلَّهُمْ يَرْجِعُونَ

    අක්ෂර පරිවර්තනය: Wa lanuzeeqan nahum minal 'azaabil ladnaa doonal 'azaabil akbari la'allahum yarji'oon

    ඔවුන් (පාපයන්ගෙන්) ඈත් වනු පිණිස, ඉමහත් වූ දඬුවම (පරලොවදී ඔවුන්) අත් කර ගැනීමට පෙරම (මෙලොවදී) දඬුවමක් ඔවුන් විඳින ලෙසට සලස්වන්නෙමු.

  22. 22

    وَمَنْ أَظْلَمُ مِمَّن ذُكِّرَ بِـَٔايَٰتِ رَبِّهِۦ ثُمَّ أَعْرَضَ عَنْهَآ ۚ إِنَّا مِنَ ٱلْمُجْرِمِينَ مُنتَقِمُونَ

    අක්ෂර පරිවර්තනය: Wa man azlamu mimman zukkira bi aayaati rabbihee summa a'rada 'anhaa; innaa minal mujrimeena muntaqimmon

    තම දෙවියන්ගේ ආයාවන් මතක් කරනු ලැබීමෙන් පසුද ඒවා ප්‍රතික්ෂේප කර දමන්නන්ට වඩා අපරාධකරුවන් කවරෙක්ද? නියත වශයෙන්ම අපි මෙවැනි වැරදිකරුවන් වෙතින් අනිවාර්යයෙන්ම පළි ගන්නෙමු.

  23. 23

    وَلَقَدْ ءَاتَيْنَا مُوسَى ٱلْكِتَٰبَ فَلَا تَكُن فِى مِرْيَةٍۢ مِّن لِّقَآئِهِۦ ۖ وَجَعَلْنَٰهُ هُدًۭى لِّبَنِىٓ إِسْرَٰٓءِيلَ

    අක්ෂර පරිවර්තනය: Wa laqad aayainaa Moosal Kitaaba falaa takun fee miryatim mil liqaaa'ihee wa ja'alnaahu hudal li Baneee Israaa'eel

    නියත වශයෙන්ම අපි මූසාටද එක් ධර්මයක් දී තිබුණෙමු. එබැවින් (නබියේ!) ඔහු එය ලබා ගැනීම ගැන ඔබ සැක නොසිතනු. අපි (මූසාට ලබා දුන්) එය, ඉස්රායීල පරම්පරාවේ දරුවන්ට එක් මාර්ගෝපදේශයක් බවට පත් කළෙමු.

  24. 24

    وَجَعَلْنَا مِنْهُمْ أَئِمَّةًۭ يَهْدُونَ بِأَمْرِنَا لَمَّا صَبَرُوا۟ ۖ وَكَانُوا۟ بِـَٔايَٰتِنَا يُوقِنُونَ

    අක්ෂර පරිවර්තනය: Wa ja'alnaa minhum a'immatany yahdoona bi amrinaa lammaa sabaroo wa kaanoo bi aayaatinaa yooqinoon

    (අපගේ නියෝගයන්) ඉවසිලිමත්ව විඳ දරාගෙන අපගේ ආයාවන් ස්ථීරව විශ්වාස කළ ඔවුන්ගෙන් සමහරෙකුව අපගේ නියෝගයන්ට අනුව මාර්ගය පෙන්වන ප්‍රධානීන් වශයෙන් අපි පත් කළෙමු.

  25. 25

    إِنَّ رَبَّكَ هُوَ يَفْصِلُ بَيْنَهُمْ يَوْمَ ٱلْقِيَٰمَةِ فِيمَا كَانُوا۟ فِيهِ يَخْتَلِفُونَ

    අක්ෂර පරිවර්තනය: Inna rabbaka huwa yafsilu bainahum yawmal qiyaamati feemaa kaanoo feehi yakhtalifoon

    (නබියේ! ඔවුන්ගෙන් පසු මාර්ගෝපදේශකයන් වශයෙන් පත් වූ අය තමන් තුළ තර්ක කරමින් විවිධ කොටස් වශයෙන් ඛෙදී ගියහ). මොවුන් කුමන කාරණාවක තර්ක කරමින් සිටින්නෝද, ඒ ගැන විනිශ්චය දිනදී ඔබගේ දෙවියන් නියත වශයෙන්ම ඔවුන් අතරේ තීන්දුවක් දෙනු ඇත.

  26. 26

    أَوَلَمْ يَهْدِ لَهُمْ كَمْ أَهْلَكْنَا مِن قَبْلِهِم مِّنَ ٱلْقُرُونِ يَمْشُونَ فِى مَسَٰكِنِهِمْ ۚ إِنَّ فِى ذَٰلِكَ لَءَايَٰتٍ ۖ أَفَلَا يَسْمَعُونَ

    අක්ෂර පරිවර්තනය: Awalam yahdi lahum kam ahlaknaa min qablihim minal qurooni yamshoona fee zaalika la aayaatin afalaa yasma'oon

    මොවුන්ට පෙර කොපමණදෝ සමූහයන්ව අපි විනාශ කර ඇත්තෙමු. ඔවුන් වාසය කළ ස්ථානයන් කෙරෙහිම මොවුන් යාම් ඊම් කරමින් සිටියද, මොවුන්ට ඍජු මාර්ගය නොපෙණුනිද? නියත වශයෙන්ම මෙහි සාධකයන් (බොහොමයක්) ඇත. (මෙයටවත්) ඔවුන් සවන් දෙන්නේ නැද්ද?

  27. 27

    أَوَلَمْ يَرَوْا۟ أَنَّا نَسُوقُ ٱلْمَآءَ إِلَى ٱلْأَرْضِ ٱلْجُرُزِ فَنُخْرِجُ بِهِۦ زَرْعًۭا تَأْكُلُ مِنْهُ أَنْعَٰمُهُمْ وَأَنفُسُهُمْ ۖ أَفَلَا يُبْصِرُونَ

    අක්ෂර පරිවර්තනය: Awalam yaraw annaa nasooqul maaa'a ilal lardil juruzi fanukhriju bihee zar'an taakulu minhu an'aamuhum wa anfusuhum afalaa yubsiroon

    නියත වශයෙන්ම අපිම වියළී ගිය භූමිය දෙසට (වැසි) වලාකුළු පදවා ගොස් (වසින්නට සලස්වා) එමගින් මොවුන්ද, මොවුන්ගේ (එළු, ගව, ඔටුවන් වැනි) සතුන්ද ආහාරයට ගත හැකි භෝගද (තණ, ගස් කොලන් ආදිය)ද ඉකුත් කරන්නෙමු යන්න ඔවුන් අවධානය කළේ නැද්ද? (මෙය පවා) ඔවුන් අවධානය කර බැලිය යුතු නොවේද?

  28. 28

    وَيَقُولُونَ مَتَىٰ هَٰذَا ٱلْفَتْحُ إِن كُنتُمْ صَٰدِقِينَ

    අක්ෂර පරිවර්තනය: Wa yaqooloona mataa haazal fat hu in kuntum saadiqeen

    “(පොරොන්දු දෙන ලද තීන්දු දෙන) එම ජයග්‍රාහී (දින) කවදා එන්නේද? ඔබ ඇත්ත කියන්නන් වශයෙන් සිටින්නෙහු නම්, (එය පැමිණෙන කාලය පවසනු)” යයි ඔවුන් විමසන්නාහ.

  29. 29

    قُلْ يَوْمَ ٱلْفَتْحِ لَا يَنفَعُ ٱلَّذِينَ كَفَرُوٓا۟ إِيمَٰنُهُمْ وَلَا هُمْ يُنظَرُونَ

    අක්ෂර පරිවර්තනය: Qul yawmal fat hi laa yanfa'ul lazeena kafarooo eemaanuhum wa laa hum yunzaroon

    (එයට) ඔබ මෙසේ පවසනු: එම ජයග්‍රාහී දිනයේ කාලය තුළ (එම) ප්‍රතික්ෂේප කරන්නන් විශ්වාසය තැබීමෙන් ඔවුන්ට කිසි ප්‍රයෝජනයක් අත් කර දෙන්නේ නැත.

  30. 30

    فَأَعْرِضْ عَنْهُمْ وَٱنتَظِرْ إِنَّهُم مُّنتَظِرُونَ

    අක්ෂර පරිවර්තනය: Fa a'rid 'anhum wantazir innahum muntazirron

    (දඬුවම ප්‍රමාද කිරීමට) ඔවුන්ට අවකාශයක්ද දෙනු නොලබන්නාහ”. එබැවින් ඔබ ඔවුන්ව ප්‍රතික්ෂේප කර, (එදින) බලාපොරොත්තුවෙන් සිටිනු. නියත වශයෙන්ම ඔවුන්ද බලාපොරොත්තුවෙන් සිටින්නන්ය.

පරිවර්තන සංස්කරණය: si.naseemismail

ශ්‍රව්‍ය පදය: මිෂාරි රෂීඩ් ඇලෆාසි (128kbps islamic.network CDN හරහා).

පෙළ සහ පරිවර්තන: api.alquran.cloud · Uthmani Arabic.

ayah හි තේරුම අපැහැදිලි නම්, සුදුසුකම් ලත් ගුරුවරයෙකුගෙන් විමසන්න - විශේෂයෙන්ම නීතිමය සහ විශ්වාස කටයුතු සඳහා.