සියලුම සූරත

සූරතය 1

The Opener

سُورَةُ ٱلْفَاتِحَةِ

Al-Faatiha · මක්කන්

මෙම සූරතයේ, පළමු පදයට බාස්මලා ඇතුළත් වේ; ගෝලීය පද අංක සහ ශ්‍රව්‍ය ගැලපීම සම්මත මුෂාෆ් සුචිගත කිරීම.

යතුරු: J next ayah · K පෙර ayah

ශ්රව්ය උපකරණ
  1. 1

    بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

    අක්ෂර පරිවර්තනය: Bismillaahir Rahmaanir Raheem

    අසීමිත දයාව හා අසමසම අනුකම්පාවෙන් යුතු අල්ලාහ්ගේ නාමයෙන්

  2. 2

    ٱلْحَمْدُ لِلَّهِ رَبِّ ٱلْعَٰلَمِينَ

    අක්ෂර පරිවර්තනය: Alhamdu lillaahi Rabbil 'aalameen

    සියලූම ප්‍රශංසා අල්ලාහ්ටය (ඔහු) සකල ලෝකයම නිර්මාණය කර, සංවර්ධනය කර, සංරක්ෂණය කර, පරිපෝෂණය කර, පරිපාලනය කරන්නාවූද

  3. 3

    ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

    අක්ෂර පරිවර්තනය: Ar-Rahmaanir-Raheem

    අපරිමිත අනුකම්පාවද, අසමසම දයාවද

  4. 4

    مَٰلِكِ يَوْمِ ٱلدِّينِ

    අක්ෂර පරිවර්තනය: Maaliki Yawmid-Deen

    විනිශ්චය දින අධිපති(ද වන්නේය)

  5. 5

    إِيَّاكَ نَعْبُدُ وَإِيَّاكَ نَسْتَعِينُ

    අක්ෂර පරිවර්තනය: Iyyaaka na'budu wa lyyaaka nasta'een

    (අනුකම්පාවද දයාවද පිරි අප දෙවියනේ) ඔබවම අප නමදින්නෙමු. ඔබගෙන්ම අප පිහිට පතන්නෙමු.

  6. 6

    ٱهْدِنَا ٱلصِّرَٰطَ ٱلْمُسْتَقِيمَ

    අක්ෂර පරිවර්තනය: Ihdinas-Siraatal-Mustaqeem

    ඔබ අපට ඍජු මාර්ගය පෙන්වා දෙනු මැනව

  7. 7

    صِرَٰطَ ٱلَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيْرِ ٱلْمَغْضُوبِ عَلَيْهِمْ وَلَا ٱلضَّآلِّينَ

    අක්ෂර පරිවර්තනය: Siraatal-lazeena an'amta 'alaihim ghayril-maghdoobi 'alaihim wa lad-daaalleen

    ඔබගේ අනුකම්පාව හා දයාව කා හට පහළ කළේද, ඔවුන්ගේ මාර්ගයෙහි (යාමට සලස්වනු මැනව) (එය ඔබගේ) කෝපයට පාත්‍ර වූ මාර්ගයෙහිද නොව, අයහමග වූවන්ගේ මාර්ගයෙහිද නොව.

පරිවර්තන සංස්කරණය: si.naseemismail

ශ්‍රව්‍ය පදය: මිෂාරි රෂීඩ් ඇලෆාසි (128kbps islamic.network CDN හරහා).

පෙළ සහ පරිවර්තන: api.alquran.cloud · Uthmani Arabic.

ayah හි තේරුම අපැහැදිලි නම්, සුදුසුකම් ලත් ගුරුවරයෙකුගෙන් විමසන්න - විශේෂයෙන්ම නීතිමය සහ විශ්වාස කටයුතු සඳහා.